Watch Trailer

Fruitvale Station (2013) | තබන සෑම පියවරක්ම මරණයට අත වැනීමකි. [සිංහල උපසිරසි සමඟ]

සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. මේ දෙන්න යන්නේ සම්මාන බොහොමයක් හිමිකරගත්තු, සත්‍ය කතාවක් වටා ගෙතුණු චිත්‍රපටියක්. 2013 සන්ඩන්ස් චිත්‍රපටි උලලේදී ජූරියේ විශේෂිත සම්මානය හිමිකරගනු ලබනවා, ඒවගේම ඇමරිකාවේ නාට්‍යමය චිත්‍රපටිවලින් ප්‍රේක්ෂකයින්ගේ කැමතිම චිත්‍රපටිය විදිහට සම්මාන හිමිකරගනු ලබනවා. ඒ වගේම A…

Fruitvale Station (2013)

සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. මේ දෙන්න යන්නේ සම්මාන බොහොමයක් හිමිකරගත්තු, සත්‍ය කතාවක් වටා ගෙතුණු චිත්‍රපටියක්. 2013 සන්ඩන්ස් චිත්‍රපටි උලලේදී ජූරියේ විශේෂිත සම්මානය හිමිකරගනු ලබනවා, ඒවගේම ඇමරිකාවේ නාට්‍යමය චිත්‍රපටිවලින් ප්‍රේක්ෂකයින්ගේ කැමතිම චිත්‍රපටිය විදිහට සම්මාන හිමිකරගනු ලබනවා. ඒ වගේම AACTA සම්මාන උලලේදී හොඳම අන්තර්ජාතික සහායක නිළිය සම්මානයද, අප්‍රිකානු-ඇමරිකා විචාරක සංගමයේ සම්මාන උලලේදී හොඳම ස්වාධීන චිත්‍රපටියද, ඇමරිකානු චිත්‍රපටි මණ්ඩලයේදී අවුරුද්දේ හොඳම චිත්‍රපටි දහය අතට පැමිණීමද, ඔස්ටින් චිත්‍රපටි විචාරක සංගමයේ සම්මාන උලලේදී හොඳම පළමුවන චිත්‍රපටිය, Boston Online චිත්‍රපටි විචාරක සම්මාන උලලේදී හොඳම නව චිත්‍රපටි නිෂ්පාදනයද, Carmel කලාත්මක සහ චිත්‍රපට සම්මාන උලලේදී පළමු චිත්‍රපටියේ හොඳම නිළියටද, Dallas-Fort Worth චිත්‍රපටි විචාරාත්මක සම්මාන උලලේදී Russell Smith සම්මානයටද, Deauville ඇමරිකානු චිත්‍රපටි උලලේදී තවත් සම්මාන දෙකක්ද, සහ මේ ආකාරයේ සම්මාන විසි දෙක්ක මේ වන විට දිනාගෙන තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය තවත් සම්මාන 17කට නාමයෝජනා වෙලා තිබෙනවා. ඒවගේම තවත් සම්මාන 15ක් ලැබෙන්නත් තියෙනවා.

ඒවගේම මේ චිත්‍රපටිය 2013 වර්ෂයේ හොඳම චිත්‍රපටි දහය තුළට ඇතුළත් වෙනු ලබනවා කියලා මාධ්‍ය විසින් ප්‍රකාශයට පත්කරලත් තියෙනවා. ඒ ලොස් ඇන්ජලීස් ටයිම්ස් විසින් තුන්වෙනි ස්ථානයත්, යූඑස් වීක්ලි විසින් තුන්වන ස්ථානයත්, ඕවන් ග්ලිඩ්මන්ට්- එන්ටර්ටෙයිනිමන්ට් වීක්ලි විසින් හතර වෙනි ස්ථානයත් සහ පස්වෙනි ස්ථානයත්, චිකාගෝ ට්‍රිබූන් විසින් පස්වෙනි ස්ථානයත්, නිව්යෝර්ක් ඩෙයිලි නිවුස් වෙතින් ස්ථානයත්, ද වොෂින්ග්ටන් පෝස්ට් විසින් නමවෙනි ස්ථානයත්, සැන් ජෝස් මර්කරි නිවුස් විසින් නමවෙනි ස්ථානයත්, ඈන් තොම්ප්සන් විසින් නමවෙනි ස්ථානයත් ලබාදීලා තියෙනවා.

චිත්‍රපටිය ප්‍රදර්ශනය කරපු පළවෙනි දවසේ රාත්‍රිය වෙනකොට ඩොලර් එක්ලක්ෂ විසිඅටදාහක ආදායමක් ලැබිලා තියෙනවා. මුල් සතිය අවසන් වෙද්දි එක චිත්‍රපටි ශාලාවකින් ඩොලර් පනස් තුන්දාස් අටසීයක අගයක් අරගෙන සිනමා ශාලා හතකින් ඩොලර් තුන්ලක්ෂ හැත්තෑ හත්දහස් තුන්සීයක් හම්බකරලා තියෙනවා. මේක තමයි ප්‍රදර්ශනය කරනු ලබපු පළවෙනි සතියේ වැඩිම ආදායමක් උපයමු තුන්වෙනි චිත්‍රපටිය. හැබැයි ඒ සීමිත වකවානුවක් වෙනුවෙන් ප්‍රදර්ශනය කරපුවාගෙන් හරිනේ. මේ වෙද්දි ලෝකයෙන්ම ඩොලර් මිලියන දාසය හමාරකට ආසන්න ප්‍රමාණයක් හොයලා තියෙනවා.

මේ චිත්‍රපටිය ගැන කියන්න දේවල් තියෙනවා ඇත්තටම ගොඩක්. ඒත් හැමදෙයක්ම කියන්න බෑනේ. ඒක නිසා තව පොඩ්ඩක් කියවලාම කතාව පැත්තට හැරෙන්නම්. ඇමරිකානු චිත්‍රපටියක් වෙන මේ සිතුවම අධ්‍යක්ෂණය කරල තියෙන්නේ රයන් කූග්ලර් විසින්. ඒවගේම මේක එයාගේ කුළුදුල් චිත්‍රපටිය. මේ කතාව සත්‍ය කතාවක් මත පදනම් උණ එකක් කියලා මම කලින් කිව්වනේ. ඔව්, ඔස්කා ග්‍රෑන්ට් කියන තරුණයාව BART පොලිසියේ නිලධාරියෙක් වන Johannes Mehserle විසින් කැලිෆෝනියාවේ ඔක්ලන්ඩ් වල තියෙන ෆෘට්වේල් කියන දුම්රියපළේදී ඝාතනය කිරීමට ලක්වුණා. ඒක තමයි මේකට පාදක වෙන කතාව.

කතාව කියනවනම්, ඔස්කාර් කියන්නේ ගංජා විකුණන කෙනෙක්. එයාට හරියට එක රස්සාවක් කරගෙන ඉන්න බෑ. විවාහ වෙලා ඉන්නේ. මෙයාට දුවෙක් ඉන්නවා. බිරිඳනම් රස්සාවක් කරනවා. ඉතින් මෙයා යම් හොරකමකට හිරේට යනවා. එතනදී ඔස්කාර්ගේ අම්මා එනවා මෙයාව බලන්න. නමුත් එතන ඉන්න කෙනෙක් ඔස්කාර්ගේ අම්මට යම් දෙයක් කියපු හන්දා ඔස්කාර් ඒ මනුස්සයාට බයිනවා, හිරෙන් පිටතදී හම්බවෙමු කියලා අභියෝගයක් කරනවා. ඒවගේම එයා හිරෙන් ආවට පස්සේ ඔස්කාර්ගේ අම්මගෙ උපන් දිනේ ලබනවා. උපන් දිනේ තියෙන්නේ අලුත් අවුරුද්ද වෙන්න කලින් දවසේ. ඒක නිසා ඔස්කාර්ගේ අම්මගේ රෑ තියෙන උපන් දින සාදය පවත්වලා, ඔස්කාර්ගේ දුවව එයාගේ බිරිඳගේ අක්කගෙ ගෙදර නවත්තලා මේ දෙන්නා කෝච්චියෙන් නගරයෙන් පිටට යන්න හදනවා එයාලගේ යාළුවොත් එක්ක. ඒ අලුත් අවුරුද්ද සමරන්න. ඉතින් ඔය යන අතරතුර යම් සිදුවීමක් වෙනවා. ඒවගේම ඔස්කාර් හිරෙන් ආපු ගමං සේරම එයාගේ නරක පුරුදු අතෑරලා හොඳ මනුස්සයෙක් වෙන්න උත්සාහ කරනවා.

ඒත් කොච්චර හොඳ වෙන්න හැදුවත් අන්තිමේදී මරණයට අතවැනීමක්, තියන අඩියක් අඩියක් පාසා වෙන්නේ මරණයට අත වැනීමක්.

බලන්න ආරාධනා කරනවා චිත්‍රපටි හැමෝටම. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු. ජයවේවා!

Fruitvale Station (2013) on IMDb

 

 

550 MB කොපිය මෙතනින් බාගන්න

21b47f9c618e071c51d7dbe2a11e4c07e02276f

700 MB කොපිය මෙතනින් බාගන්න

f305a83903bf1fef38988c52288f60bd2766049e

1.3 GB කොපිය මෙතනින් බාගන්න

626296504d89a8fbc4d0436e93bf322976142d4c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,393 downloadsDownload Fruitvale-Station-2013.zip140 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,393 downloadsDownload Subtitles140 KB

51 comments

  1. ganidu

    තැන්ක්ස් වේවා!

    1. Xකොලුවා

      elazzzzzzzzzzzzz

  2. yasomal

    bohoma thuthi!

  3. vee

    maxxa saho

  4. mihin ලංකා

    නියම ෆිල්ම් එකක් නේ මචෝ අනිවා බලනවා

  5. udara

    supiri film akak jaya!

  6. quik

    thanks

  7. was

    මේක බාගෙන හිටියේ දැන් බලන්නම ඕනේ බොහොම පින්

  8. bandula

    kina hoda film akak deelane banna one heta thx

  9. tharanga

    බොහොම තුති මචෝ

  10. ccnp

    Thanks

  11. ranga

    thank u so much

  12. geeth

    niyamayi macho

  13. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ade කිනා මේකනම් සිරා ෆිල්ම් එකක් ආ..
    හැදෙන්න ට්‍රයි කරන මිනිස්සුන්ට හැදෙන්න නොදෙන ෆිල්ම් නම් ආයේ කියලා වැඩක් නැ..
    අපිටත් ඒ වගේමනේ...
    මෙන්න බෑවා...
    පිස්සු හැදෙයි..
    ජය,,

  14. Hasitha prasad

    මේ තියෙන්නේ සුපර් භාණ්ඩයක් දීලා බාන්න දැම්ම ඕන්

  15. zumo man

    elazz thnxzzz

  16. jack

    පට්ටයි සහෝ. ස්තුතියි සබ් එකට

  17. හර්ෂ ලහිරු

    කොල්ලා අලුත් අවුරුද්දට සෙට් එකක්ම ලැස්තිකරගෙන ඉදලා වගේ
    බොහොම ස්තුතියි කිනා :D :D ජය

  18. ගයාන් රූකාන්ත

    ඔන්න ගත්තා සහෝ ජය වේවා!

  19. “චූටී මල්ලි”

    පස්ටයි වගෙ මේක
    එල චලි
    සබට තුති
    ඔබට ජය..........

  20. dinidu madushanka

    elazzzzzzzzzzz bro jaya wewa

  21. dev

    bohoma stuti saho......... .

  22. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  23. Sanjaya

    Thanks Saho.....

  24. Gayan

    Thanks...

  25. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ මේ වගේ මුවි එකකට සබ් දිපු එකට​.....මමත් මේ චිත්‍රපටය බොහෝම ආසාවෙන් බලන්න හිටියේ.ඉදිරියටත් සබ් දෙමු.ජය​! :P :P :P

  26. ශාන් විමුක්ති [විමා]

    අම්මටහුඩු
    මුගේ ලග නැමිල්ල යකෝ
    ආසාවේ බෑ
    සබට බොහොම තුති කිනෝ

  27. mudiya / මුදියා

    එල කිනා එල.
    සම්මානත් පෝලිමක් හම්බ වෙලා තියෙන්නෙ.
    උදේ ආපු ගමන් බාන්න දැම්ම.
    ජයවේවා.බොහෝ..............................................................................................ම ස්තූතියි...!

  28. නලින්

    එළ ස්තුතියි කිනා

    ජය වේවා!

  29. priyan

    ජයවේවා ...

  30. indika

    thnq

  31. nalaka

    thanks...kina..

  32. තරිඳූ පෙරේරා

    fatta fatta....thavath maru bandayak vageee.....thankss thankss sahooo

  33. ගමයා

    Thank you...

  34. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. පට්ටම එකක් වගේ. මෙන්න බානවා. ජය෴෴ :P :P

  35. Saman Prasad ( Black Cobra )

    thanks Kino....

  36. udaya kumara

    elama thama. jaya wewa

  37. M THILINA

    Thank U

  38. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි කතාවක් වගේ බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  39. Download Manager

    Thanx bro

  40. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  41. sohan

    නියම ෆිල්ම් එකක්

  42. ප්‍රසාද්

    ස්තුතියි මචන්..

  43. lakmal

    නියම ෆිල්ම් එකක් මචං.... එළ.............!!!

  44. අභියා

    බොහොම ස්තූතියි කිනා ,,,,,,පස්ට ඇ ,,

  45. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  46. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  47. Naween

    නියමයි සහෝ.විස්තරේ කියෙවුවම බලන්න හිතුනා.
    කොහොමත් උපසිරැසි දීලත් තියෙද්දි නොබලා කොහොමෙයි ඉතිං :-)
    උපසිරැසියට බොහොම සතූතියි සහෝ...!

  48. R.S. Samantha

    thank you macho...
    mewwane film.
    ela ela
    jaya wewa...!!!

  49. Supun shanika

    ස්තූතියි සහෝ

  50. nilantha

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.