පරුදි වේම්බූර් ග්‍රාමයේ උප පොලිස් පරීක්ෂක විදිහට කටයුතු කරන නිලධාරියෙක්. සුපුරුදු විදිහම පොලිස් ස්ථානයේ සියලුම නිලධාරින් එදිනෙදා කටයුතු කරගෙන යමින් හිටියා. ඒත් මේ දවසේ පොලිස් ස්ථානයට ලැබුණ ඇමතුමක් නිසා හැමෝවම විමතියට පත් වුණා. නිර්නාමිකව ලැබුණ ඒ ඇමතුමෙන් අදාල පුද්ගලයා කැලයක තිබී සොයාගත් මළ සිරුරක්…

පරුදි වේම්බූර් ග්‍රාමයේ උප පොලිස් පරීක්ෂක විදිහට කටයුතු කරන නිලධාරියෙක්. සුපුරුදු විදිහම පොලිස් ස්ථානයේ සියලුම නිලධාරින් එදිනෙදා කටයුතු කරගෙන යමින් හිටියා. ඒත් මේ දවසේ පොලිස් ස්ථානයට ලැබුණ ඇමතුමක් නිසා හැමෝවම විමතියට පත් වුණා. නිර්නාමිකව ලැබුණ ඒ ඇමතුමෙන් අදාල පුද්ගලයා කැලයක තිබී සොයාගත් මළ සිරුරක් ගැන දැනුවත් කලා. ස්ථානය බාර පරීක්ෂකවරයා (ඉන්ස්පැක්ටර්) ඒ අවස්ථාවේදි කාර්යාලයෙන් බැහැරව සිටිය නිසා පරුදි එම ඇමතුමෙන් කී කැලෑව අසලට යනවා. වැඩි දුරක් නොයාම ඒ මළ සිරුර හමුවෙනවා. ඒ වන විටත් මුළු සිරුරම විනාශ වෙමින් තිබුණා. පරුදි එම ප්‍රදේශයට වෙනත් කටයුත්තකට පැමිණ සිටිය DSP වරයාට දන්වා ඔහුව එම ස්ථානයට ගෙන්වා ගන්නවා. DSP හමු වී කතා කර සමුදී නැවත හැරී එන විට මළ සිරුරෙහි හිස අතුරුදන්ව තිබුණා. සිද්ද වුණේ මොකක්ද කියලා හිතා ගන්නත් කලින් ඒ අසලින්ම යම් පුද්ගලයෙක් දිව යන ශබ්දයක් ඇහුන නිසාවෙන් පරුදි ඒ පස්සෙන් හඹා යනවා. දිගින් දිගටම ලුහුබැඳගෙන ගියත් එම පුද්ගලයා හසු වුණේ නැහැ. පොලිස් ස්ථානයේ අනෙක් නිලධාරීන් ද යොදවා දිගටම හිසත්, පුද්ගලයාත් හොයමින් සිටියා. රාත්‍රි වෙනකල්ම කිසිම පුද්ගලයෙක් හොයාගන්න බැරි වුනා. පරුදිට ඉන්ස්පැක්ටර්ගෙන් වගේම DSP ගෙන් බැනුම් අහන්න සිද්ද වුණා. වැඩේ අත් නොහැරිය පරුදි දිගටම නැති වූ හිස සොයමින් හිටියා. එලිවෙන කල්ම හෙව්වත් ටෝච් එකක්(විදුලි පන්දමක්) ඇරෙන්න ඔළුව හෝ වෙන කිසිම දෙයක් ලැබුණෙ නැහැ. ඔළුව නැතිව ආව පරුදිගෙ පොලිස් තොප්පිය ගැලවෙන්නයි යන්නෙ. මේ අතරෙදි අහම්බෙන් පරුදිගෙ ලඟ තිබුණ ටෝච් එක පොලිස් ස්ථානයේ සුළු වැඩ කරන සේවකයා ඒක මොකක්ද කියලා හඳුනා ගත්තා. ඒ ටෝච් එක අසල්වාසී ගමට අයත් එකක් බවත් මේ ටෝච් පාවිච්චි කරන්නෙ දඩයමේ යනකොට කියලත් කිව්වා. පරුදි ඒ ගමට ගිහින් මේ ගැන සෝදිසි කරන්න ඕනැය කියලා හිතා ගත්තා. ඒ ගමේ ඒ වනවිටත් කල් දමමින් තිබුණ උත්සවයක් සමරන්නට කටයුතු කරමින් හිටියා. උත්සවයෙදි දේවාරූඪ වුණ පුද්ගලයෙක් පරුදිට, තමන් හොයාගෙන ආව දේ ලැබෙයි කියලා අනාවැකියක් කියනවා. පරුදිත් මොකක්ද කියන්නෙ කියලා හිතාගන්න බැරිව ඉන්නවා. වැඩි වෙලාවක් යන්න වුණේ නැහැ උත්සවයේ තවත් පැත්තකින් කාලගෝට්ටියක් වෙන්න ගත්තා. මොකද එතැනින් තවත් මළ සිරුරක් මතු වුණා. ඔළුවක් හොයාගෙන ගිය පරුදිය තවත් මිනියක්ම හම්බ වෙනවා. මේ විදිහට මිනිස්සු මරලා හංගන්නෙ, සයිකෝ කිලර් කෙනෙක්ද, නැත්නම් සීරියල් කිලර් කෙනෙක්ද? කලෑවෙ මළමිනියේ ඔළුව අරගෙන ගිය එකට මොකක්ද හේතුව? රස්සාව ගහලා යන්න ඉන්න පරුදි මේ ප්‍රශ්න වලට විසඳුම හොයාගන්නෙ කොහොමද කියලා බලලම දැනගන්න.
විමල් මුල් කාලයේදී Gilli (2006), Kireedam (2007), Kuruvi (2008) ආදි චිත්‍රපට වල සුළු චරිත වලට රංගනයෙන් දායක වුණා. පසුව Pasanga (2009) චිත්‍රපටයෙන් නළුවෙක් ලෙස සිනමාවට ඇතුළු වුණා වගේම එහි රංගනය වෙනුවෙන් Vijay Award හොඳම නවක නළු සම්මානය හිමිකර ගනු ලැබුවා. Kalavani (2010) Kalakalappu (2012), Kedi Billa Killadi Ranga (2013), Moondru Per Moondru Kadal (2013) වැනි චිත්‍රපට වලටද විමල් විසින් දායක වුණා. කොහොම වුණත් පහුගිය වසර කීපය විමල්ට සාර්ථකත්වයක් අත් කර දුන්නෙ නැහැ. Kalavani 2 (2019), Mannar Vagaiyara (2018), Kanni Rasi (2022) වැනි මෑත කාලීන චිත්‍රපට විමල්ට දරුණු අසාර්ථකත්වයක් අත් කර දුන්නා. කොහොම වුණත් විමල් මේ සැරේ ආවේ චිත්‍රපටියකින් නම් නෙවෙයි. මේ චිත්‍රපටයේ විමල් ඉතාමත් සාන්තව හැම ප්‍රශ්නයකටම මුහුණ දෙන, ඉවසිලිවන්ත පොලිස් පරීක්ෂකවරයෙකුගේ චරිතයක් ඉදිරිපත් කරනු ලබනවා. දිගට හරහට ගමේ උත්සව කතා සම්බන්ධව නිර්මාණය වුණ චිත්‍රපටිවල රඟපෑව විමල්‍ට, විලංගු විමල් ගත්ත හොඳ තීරණයක් විදිහට හැම පැත්තකින්ම මේ කතා මාලාවට ධනාත්මක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මෙහි දැනට IMDb අගය 8.4ක්.(මනාප 495කින්) ඒ වගේම විචාරකයින් 3/5 කට වඩා වැඩි අගය කිරීමක් ලබා දී තිබෙනවා. ඒ අතරින් Indiaglitz 3.5/5ක්, Cinema Express 3/5ක්, Ottplay.com 3.5/5ක්, Galatta 3/5ක් විදිහටත් අගය කිරීම් ලබා දීලා තියෙනවා. ගමේ සැනකෙළි කතා වලට විතරක් සීමා වෙලා හිටිය විමල්ට මේක හොඳ හැරවුම් ලක්ෂ්‍යක්. වසරේ හොඳම වෙබ් සීරීස් එක විදිහට විලංගු සම්මාන ලබයි කියලා දැනටමත් අනාවැකි පළ කරනවා. මේක පැය 4ක චිත්‍රපටියක් කිව්වොත් වඩාත් නිවරදියි. මොකද කිසිම කම්මැලි කමක් නැතිව පැය හතරම එක පෙළට කතා බලාගෙන යන්න පුළුවන්.
මෙහි රචනය හා අධ්‍යක්ෂණය ප්‍රසාන්ත් පාන්ඩියරාජ් කියන අධ්‍යක්ෂකවරයාගේ. මීට කලින් Bruce Lee (2017) චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේද ප්‍රසාන්ත් විසින්. බෲස් ලී චිත්‍රපටයේ අධ්‍යක්ෂක මේ කතා මාලාව අධ්‍යක්ෂණය කලා කියන එක නම් විශ්වාස කරන්න අමාරුයි. මොකද බෲස් ලී කොමඩි කියන නමෙන් බලන්නම බැරි තරමට චිත්‍රපටය නිර්මාණය කරලා තිබුණා. කොහොම වුණත් ප්‍රසාන්ත් විලංගු, ග්‍රාමීය ගැටළු ආදිය පිළිබඳ හොඳ අධ්‍යනයක් කරලා මේ කතා මාලාව නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මේක හොඳ අපරාධ ගවේෂණයකින් තනා තිබෙනවා. පොලිසියක් ඇතුලෙ වෙන්නෙ මොනවද, එදිනෙදා රාජකාරි පටිපාටිය කොහොමද, ප්‍රශ්න කිරීම් ආදී පොලිස් ස්ථානයක සිද්ද වෙන කටයුතු පිළිබඳ හොඳ අත්දැකීමක් මේ කතා මාලාවෙන් එකතු කරගන්න පුළුවන්. දුෂ්කර ප්‍රදේශයක සැඟවිලා තියෙන, ලෝකයාට වසන් කළ ඝාතන තවමත් හෙළි නොවී තියෙන්නට පුළුවන්. දැනට ලෝකයේ වැඩියෙන්ම මනුෂ්‍ය ඝාතන කල ලුවිස් ග්‍රැවිටෝගේ එම ඝාතන පවා තහවුරු කරගත් ප්‍රමාණයට වඩා වැඩියි කියලයි කියන්නෙ. අපරාධ සම්බන්ධ චිත්‍රපටි බලන්න කැමති අයට මේක අලුත්ම අත්දැකීමක් වෙනවා අනිවාර්යයෙන්ම.
මේ චිත්‍රපටයේ වඩාත් ආකර්ෂණය හිමි කරගන්න චරිතයක් තමයි බාලසරවනන් ඉදිරිපත් කරන කරුප්පු කියන චරිතය. කටපුරා තියෙන කුණුහරුප කිසි පැකිළීමක් නැතිව මේ කරුප්පු කියන චරිතය අතෑරලා දනවා. බීප් නාදයක් හෝ යොදා නොගෙන අමු අමුවේම ප්‍රේක්ෂකයින්ට ඒ වචන වල ආශ්වාදය ලබාගන්න ඉඩ දීලා තියෙනවා. ට්විට්ටර් වැනි මාධ්‍යවල ප්‍රේක්ෂකයින් බාලසරවනන්ගේ කරුප්පුගේ චරිතය අගය කර, පැසසුම් එක් කර තිබුණා. බොහෝවිට විලංගු බාලසරවනන්ගේ වෘත්තිය ජීවිතය වෙනත් මඟකට හරවන්න ඉඩ තිබෙනවා.
Maanagaram (2017), Ratsasan (2018), Jigarthanda (2014), Maragadha Naanayam (2017) යනාදී චිත්‍රපටවලට රංගනයෙන් දායක වූ සම්මානලාභී හාස්‍ය නළු මුනිෂ්කාන්ත් ද මෙහි චරිත නිරූපණය කරනවා. තමන් හාස්‍ය නළුවෙක් විතරක්ම නෙවෙයි කියලා හොඳින්ම ඒත්තු ගන්වපු චිත්‍රපටියක් තමයි රාට්චසන්. මේ අය හැරෙන්න ඉනියා, ආර්. එන්. ආර්. මනෝහර්, රෙෂ්මා පසුපුලේටි යන අයද රංගනයෙන් දායක වනවා. රෙෂ්මා මෑතකදී නිකුත් වුණ 3:33 (2021) චිත්‍රපටයේද දකින්න ලැබුණා.
මේ වෙබ් සීරීස් එකට මුලින්ම ඔෂධ ධනංජය අයියයි, මමයි දෙන්නම එකතුවෙලා උපසිරැසි නිර්මාණය කරන්න තීරණය කරලා තිබුණේ. ඒත් ඔෂධ අයියට තිබුණ වැඩ එක්ක සීරීස් එකෙන් අයින් වෙනවා. කොහොම වුණත් ඔෂධ අයියා ලයින් නැතිව තිබුණ කොටසකට ලයින් ගහලා උදවු කරා. මේ සීරීස් එක නැතිව වෙනත් සීරීස් එකක් ගහන්න හදද්දි මේකට හරවලා ගත්තෙත් එයාම තමයි. එහෙම නැති වුණා නම් මේ තරම් හොඳ සීරීස් එකක් මඟ ඇරෙන්න ඉඩ තිබුණා. ඒ ඔක්කොටම ඔෂධ අයියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. සබ් එකක් දැම්ම ගමන් දුවලා ඇවිත් කමෙන්ට් කරන අයවත් මතක් කරලා වෙනදා වගේම කමෙන්ට් එකකින් අදහස් දක්වන හැමෝටම ස්තූතිය පුදකරනවා.
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,443 downloadsDownload VLNU-S01-Complete-Season.zip144 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
24 comments
Kantha_DLA
BeMax
Thnx mcn. Mcn blindspot s05 denna gannako plz
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kushan
Sub akta thanks
Anonymous
අඩේහ් නියමයි බන්
මේ ටිකේ බලන්න එකක් නැතුව හිටියේ
දිගටම මේ වගේ මිනි සීරීස් දෙමුBuddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
දෙන්නටම තෑන්ක්ස් හොදේ...Anonymous
Thanks for sub
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Laka
Can I know any link as download site not work
Anonymous
download link ekak pls...
Naveen Mbr
1tamilmv එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
Anonymous
Thanks Bro..
Naveen Mbr
1tamilmv එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Hasitha
සිංහල උපසිරසිවලට ස්තුතියි
Anonymous
Can You upload Sinhala subtitles for the tamil movie 'Oyee' plz
Anonymous
Patta
Nilush Angana
Sub ekata thanx
Anonymous
Mchn tamilmv ekethyna 2.1GB 720 p webdl copyata sub wadada
Naveen Mbr
ඒක නම් දන්නෙ නැහැ. GB 1යි ගාණක් වුණත් Episode ටික 720p ගහලා තියෙන්නෙ. කොපියෙ ප්‍රශ්නයක් නැහැ කියලා හිතන්නෙ. Tamilblaster එකේත් මේකම තමයි තියෙන්නෙ.
Anonymous
thanks bro sub ekata
Malith samarawickrama
Thanks bro sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Disara aminda
Sinhala subtitle thibbata video eka ganne kohimda plz mekata reply karnnako
Advertisement

… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!