Watch Trailer

Hotel Rwanda (2004) with Sinhala Subtitles | මනුෂ්‍යත්වය වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

Schindler’s List චිත්‍රපටයේ අප්‍රිකානු ආදර්ශය යනුවෙන් බුහුමන් ලැබූ සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච සම්මාන 12 දිනාගත් හා ඔස්කාර් සම්මාන 3ක් ඇතුළු තවත් සම්මාන 31කට නිර්දේශ වීම් ලැබූ, IMDB හොඳම චිත්‍රපට 250 අතර 115 වැනි ස්ථානයේ රැඳෙන බොහොමත්ම මානුෂික කතා තේමාවක් රැගත් චිත්‍රපටයක් සිංහල උපසිරැසි එක්කම දෙන්…

Schindler’s List චිත්‍රපටයේ අප්‍රිකානු ආදර්ශය යනුවෙන් බුහුමන් ලැබූ සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච සම්මාන 12 දිනාගත් හා ඔස්කාර් සම්මාන 3ක් ඇතුළු තවත් සම්මාන 31කට නිර්දේශ වීම් ලැබූ, IMDB හොඳම චිත්‍රපට 250 අතර 115 වැනි ස්ථානයේ රැඳෙන බොහොමත්ම මානුෂික කතා තේමාවක් රැගත් චිත්‍රපටයක් සිංහල උපසිරැසි එක්කම දෙන්න හිතුවා.

1994 දී රුවන්ඩාවේ හුටූ හා ටුට්සි ගෝත්‍ර අතර ඇතිවූ ජන සංහාරයේ දී මියගිය සංඛ්‍යාව මිලියනයකට අධිකයි. රුවන්ඩාවෙ යටත් විජිත පාලකයින් වන බෙල්ජියම රට හැරගියාට පසු ඇතිවන තත්ව විසින් හා බල ලෝභයට ඇති කෑදර කම නිසා ඇතිවූ මෙම ජන සංහාරයේදී බෙල්ජියම් හෝටලයක කළමණාකරුවෙක් වන පෝල් රුසෙසබැගීනා විසින් ගෝත්‍ර දෙකේම සරණාගතයින් 1268 දෙනෙක් ගේ ජීවිත බේරා දීමට මැදිහත් වූ සත්‍ය කතාව තමයි චිත්‍රපටයේ මූලික තේමාව වන්නේ. ඒ සඳහා තම ජීවිතයද නොසලකා ඔහු තම හැකි උපරිමය යොදනවා.

තමුන් ජීවත් වන කාලයේදී දාහකට නෙවෙයි අඩුම ගානේ එක මනුෂ්‍ය ජීවිතයකටවත් සරණක් වුනොත් සතුටින් මැරෙන්න පුලුවන් බව තමා මේ චිත්‍රපටයෙන් මට දැනුනු එකම දේ. ඔයාලත් බාගෙන බලන්න. කමෙන්ට් කරලා යන්නත් අමතක කරන්න එපා. මේ චිත්‍රපටයටම Tharindu Chat සොහොයුරා ලිපියක් එවීම ගැන ඔහුටත් මාගේ ස්තූතිය හිමි වෙනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

89 comments

  1. වාසල

    Tharindu Chat සහෝ එවූ ලිපියයි මේ....

    මෙච්චර කල් ෆිල්ම් එකක් බාගෙන කොමෙන්ටුවක් දාලා ගියාට ඉස්සෙල්ලාම ලිපියක් ලියන පලවෙනි වතාව. මේ ෆිල්ම් එක කවුරුහරි දෙයි කියලා බලන් හිටියට ඒක වුනේ නැති හින්දා දෙන්න හිතුවා. පුදුමයි IMDB එකේ 8.3 වගේ ඉතා ඉහල අගයක් අරන් තියෙන පට්ටම බයිස්කෝප් එකක් මෙච්චර කල් බයිස්කෝප් එකට කවුරුවත් දැම්මේ නැති එක.

    කතාව ගැන කියනවනන් මේක 1994දි ඇතිවෙච්ච් රුවන්ඩා සිවිල් යුද්දයේ සත‍ය සිද්දියක් ඇසුරෙන් නිර්මාණය වෙච්ච ෆිල්ම් එකක්. රටේ පාලන බලය තියෙන හුටු සහ සුලුතරය වන ටුට්සි ගෝත්‍ර දෙක අතර වාර්ගික යුද්දයක් ඇතිවෙනවා. මේකෙදි හුටු ජාතික හෝටල් කලමනාකරුවෙක් වන Paul Rusesabagina (Don Cheadle) වටා තමා කතාව ගොඩනැගෙන්නේ. ‍යුද්දයේදි ඇතිවන ටුට්සි සංහාරයේදි පණ බේරාගන්න හුටු ජාතික පෝල්ගේ හෝටලයට ටුට්සි සරණාගතයන් එන්න පටන් ගන්නවා. පෝල් ජාතිබේද අමතක කරලා තමන් සතුව තියෙන සල්ලි වලින් පවා හුටු හමුදාවට අල්ලස් දීලා මිනිස්සුන් මරණයෙන් බේරාගෙන හෝටලයේ රදවා ගන්නවා. එක්සත් ජාතීන්ගේ සාම සාදක හමුදාව රුවන්ඩාවේ තත්ත්වය පාලනය කරන්න එනකන්. මෙතනින් එහාට වෙන්නෙ මොනවද? පෝල්ට තමන්ගේ පණත් බේරාගෙන අනිත් මිනුස්සුත් බේරාගන්න පුලුවන් වෙයිද? කතාව අන්තිමට ඛෙදාන්තයක් වේවිද? දැනගන්න ෆිල්ම් එක බාගෙනම බලන්න.

    මේක IMDB Top 250 ඇතුලත 115 වැනි ස්ථානය හිමි කරගෙන තියෙනවා. ජාතිබේද අමතක කරලා මනුශයත්වය ගැන හොද පාඩමක් ඉගෙන ගන්න පුලුවන් ඉතාම හැගීම්බර ච්ත්‍රපටියක්. හැමෝම රසවිදලා කොමෙන්ටුවකුත් දාගෙනම යයි කියලා හිතනවා.

  2. චින්තක

    ada mama dewaniya onna mamath banawa....
    hoda history ekak thiyanawa wage oyagolloth ba ganna.....

  3. චන්දන

    Ithama honda film ekak. Thank you Sinhala sub walata.

  4. gwsk-Diyathalawa

    sinhala sub ekka films denawata thanks very much..Jayaweewa..

  5. chamila

    balamu...... :)

  6. Akalanka Yapa

    ඇඩෙන ෆිල්ම් එකක් වගේ පේන්නේ...
    බාලම බලමු..
    සිංහල සබ් වලට දහස් වාරයක් තුති..
    ජය වේවා රොයිලි සහෝ!

  7. බණ්ඩාර

    දෙන්නාටම ගොඩක් ස්තූතියි. නියම කතාවක් :)

  8. rK

    Ela kiri sanvedinam ela

  9. විකියා

    සුපිරි සහෝ....මේක මම බලලා තියේ 2 පාරක්.අනිවා 3 වෙනි පාරත් සබ් එක්ක බලනවා...සංවේදීම කතාවක් හදවතට කතා කරන....සියලු දෙනාම බලන්න ඒ වගේම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා...මොකද දැන් වෙනදා වගේ කමෙන්ට් කරන්නේ නෑ කට්ටිය බා ගෙන යනවා විතරයි...පොඩි මොහොතක් කැප කරලා වෙච්ච මහන්සිය අගය කරන්න අමතක කරන්නෙපා....

    ජය වේවා....!

  10. Thusi

    පට්ටම movie එකක් කියල වැඩක් නෑ!

  11. වා.මු. නිලන්ත පියසිරි

    මමත් මේක බලලා තියෙනවා. දැන් ඉතිං සිංහල උප සිරැසි ත් එක්කත් බලන්න එපෑයැ නේද? ඇත්තටම දැන් මෙච්චර මහන්සියෙන් කරන දේවල් වලට ප්‍රතිචාර දක්වනවා මඳි. මෙහෙමවත් දිරි ගැන්වූයේ නැතිනම්, සිංහල උප සිරැසි නැතිවම යාවී. උප සිරැසි වලට රොයිලි සොයුරට පිං. තව තවත් උප සිරැසි දමන්න දිරිය ශක්තිය ලැබේවා.

  12. kalana

    meke MB adu torrent ekak nadda?

  13. gwsk-Diyathalawa

    meke download speed eka godak adui. seeds nehe..mokak hari karanna berida saho..

  14. සුජා

    ඇත්තටම බයිස්කෝප් සිoහලෙන් වෙබ් අඩවියට බොහොම ස්තුතියි අපට මේ වගේ චිත්‍රපටි බලන්න අවස්ථාව ලබා දෙනවට.

    ඒ වගේම සිoහල උපසිරැසි ලබා දෙනවටත් බොහොම පිo.

  15. Dinuka

    Thanx machooo hemadama wage baiscope team ekata...thawa thawath shakthiya dayriya lebewa....

  16. ruchiranga

    mennna banawooo..balalama hoda naraka kiyannaam...godak sthuthi

  17. Asitha

    thnx sahoo...............!!

  18. rohan

    hugaak aasayi me wage katha walata. thanks a lot. jiwath wenna one jiwitha denna misak jiwitha ganna neme.thanks saho

  19. AL1717

    Movie Eka Nam Hodai Wage

    Onna henam Tharidu Athulu Hemotama Thanks Karana Gaman Onna Mamath Banawa..

    Jaya WEwaaaaaaaaa....!!

  20. chamath

    ela saho onna math banna damma ela

  21. සුදු මහත්තයා

    මමත් මේක බා ගන්නවා.

    ගොඩක් ස්තූතියි මේ වගේ හොඳ ෆිල්ම් එකකට සිංහල උපසිරසි දාපු එකට. හැමදාම දෙන්නකෝ මෙන්න මේ වගේ ෆිල්ම්

  22. අමල් ප්‍රසාද් සමරවීර

    හරිම වටිනව රොයිලි, මේ වගේ ෆිල්ම් වලට සබ් දාලම දෙන එක.. මමත් බලල තියෙනව. නමුත් සබ් එක්ක ආයෙත් බලනව. අවංකවම ඇඩෙනව මේකට.

  23. NuwanHunter

    බාලම බලමු හොදද කියලා. සිංහල සබ් දාලා දුන්නටත් ෆිල්ම් එකටත් Tnx

  24. දුකා

    මේන නම් හැම දෙනාම බැලිය යුතුම වර්ගයේ ෆිල්ම් එක්.

  25. Anonymous

    mama kemathi nam action ewata
    eth mechchara mahansi wela sub demmahama kohomada nobala inne'
    mama banawa

  26. Kavi

    මේක නම් ගොඩාක් සංවේදී ච්ත්‍රපටියක්... මමත් දැනට අවුරුදු කීපයකට කලින් මේක බැලවා...

  27. shiwantha

    niyamai.
    thanx machan :)

  28. sameera s. rajapaksha

    බොහෝම ස්තුතියි රොයිලි සහෝ...
    මේ වගේ කතාවක් සිංහල උප සිරැසි ත් එක්ක බලද්දි තමයි උපරිම වින්දනයක් ලබන්න පුලුවන්.මොකද මුලු කතාවෙම හරය සමහර වෙලාවට එක වචනෙක තියෙන්න පුලුවන්.
    ඉතින් ගොඩක් මහන්සියෙන් අපිට මේවගේ චිත්‍රපටි දෙනවට ආයෙමත් ස්තුතියි.... :)

  29. ruchcha

    maxxa maxxa.
    sathya siddi esuren thawa thawath film denna puluwan nam hondai kiyala hithenawa. puhu sobanayath, winodayata kiyala moda joke itharak aramunu karagaththa samahara athaathwika pissu wikaara film balanawata wada mewain minissunta jeewithe gena wedi yamak hithannath, yathaarthaya gena sithuwillak ethi karaganna puluwwan. ELAMA KIRI!!!!!!!!!!

  30. Supun

    Enakam angili gana gana hitiye....
    Bohoma isthuthi sahodarawaru dennatama..........

  31. Anonymous

    thanx machan.........

  32. Akalanka Yapa

    මම මේ ෆිල්ම් එක බලලා ඉවර උන ගමන් ලියන්නේ සිරාවටම පට්ට ෆිල්ම් එක. කවුරුත් බාගෙන බලන්න.. සිංහල උපසිරැසිත් ඉතාම අනර්ඝයි!
    කමෙන්ට් දැමීමනම් හරිම මදි කියලා තමයි මටනම් හිතෙන්නේ, අමාරුවෙන් සිංහල උපසිරැසි දාලා මේ වගේ ෆිල්ම් ඔයාලට දෙනඑකට අගය කිරීමක් වශයෙන් කමෙන්ට් එකක් දාලා යන්න කියලා ඉල්ලනවා!
    ජය වේවා!

  33. PIssu Anon

    Thanks
    Elakiri

  34. Pasindu

    මේක නම් අනිවා බැලිය යුතු film එකක්

  35. Thara

    Maxxa film thanx bro

  36. Anonymous

    Maxxa film eka hamotama jaya wewa

  37. Bandula Withanage

    විශිෂ්ඨ චිත්‍රපටි සිංහල උප සිරසි සමග ලබාදීම පිළිබඳව මගේ ස්තූතිය හා ප්‍රණාමය.
    මේවට කාලේ යොදවන්නේ වෙන වැඩ නැතුවට නෙමෙයිනේ නේද?

  38. ishara

    thanx machan………

  39. අ‍මිර

    ගොඩක් ස්තූතියි...........111111111

  40. Nirmal

    maxxa movie ekak wage!!
    Danma baanna one......
    Tnx Royli ayya for da sinhala subs!!
    n Tharindu chat for ur review itz good!!

  41. dinuu

    me deela tyenne sinhala sub ekka patta film ekak.denna tawat denna mewage maxxa ewa,
    jaya wewa.biascope api samada oba samagai.

  42. Tharindu Chat

    කට්ටිය සින්හල එක්ක නියමෙට ෆිල්ම් එක රසවිදී කියලා හිතනවා...:D

    බොහොම ස්තූතියි රොයිලි සහෝ සබ් එකට සහ මගේ ලිපිය ගැන කිව්වට... :D

    ජයවේවා!!!

  43. Hemal

    පළමු ලිපියට මගෙන් සුභ පැතුම් . . . ඔන්න බාන්න දැම්මා . . . ස්තුතියි !!

  44. Jagath Arandara

    මේවගේ චිත්‍රපටි දෙනවට ස්තුතියි

  45. Ravinrosh

    එල ෆිල්ම් එක ..
    තැන්කූ රොයිලි සිංහල සබ් එක්කම දුන්නට ..

  46. chanaka chana

    මාත් ගන්නවා යාලු.. කතාව බලලා තවත් විස්තර කියන්නමි.. ඇත්තටම ඔයාලා ෙගාඩක් ෙලාකු ෙදයක් කරන්ෙන් එකට ෙගාඩක් පින්.. කියන්න තිෙයන්ෙන්.. හිතන පතන විදියට හැමෙදම සිදුෙවන්න කියලා හදවතින්ම පතනවා යාලු.. ස්තුතියි..

  47. sandaru

    thanks sahoooooooooooooo.bohomaisthuthi.uthsahya na niyamai

  48. madusanka

    ස්තූතියි..........

  49. සාගර

    බොහොමත්ම පින් සි0හල සබ් වලට.ස්තුතියි සහෝදරයා

  50. වා.මු. නිලන්ත පියසිරි

    Download ප්‍රමාණය 600 ඉක්මවා යනකොට ඇයි ප්‍රතිචාර 49 ක් විතරක්.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.