නත්තල..ජාති,ආගම් බේදයක් නැතුව හැමෝම ආදරේ කරන ආදරණීය නත්තල. ඉතින් මේ නත්තල තේමා කරගෙන නිර්මාණය උන මේ අවුරුද්දෙ මගෙ අන්තිම උපසිරැසියත් බයිස්කෝප්වාසි හැමදෙනාටම අරන් ආවා ඔන්න.නත්තල ගැන කාටවත් අටුවා ටිකා කියන්න අවශ්‍ය නෑනෙ.ජේසු බිලිදාගෙ උපත මූලික කරගෙන සමරන නත්තල් උත්සවයට ඒ වගේම කෑම බීමවලට,සැරසිලි වලට,න…
නත්තල..ජාති,ආගම් බේදයක් නැතුව හැමෝම ආදරේ කරන ආදරණීය නත්තල. ඉතින් මේ නත්තල තේමා කරගෙන නිර්මාණය උන මේ අවුරුද්දෙ මගෙ අන්තිම උපසිරැසියත් බයිස්කෝප්වාසි හැමදෙනාටම අරන් ආවා ඔන්න.නත්තල ගැන කාටවත් අටුවා ටිකා කියන්න අවශ්‍ය නෑනෙ.ජේසු බිලිදාගෙ උපත මූලික කරගෙන සමරන නත්තල් උත්සවයට ඒ වගේම කෑම බීමවලට,සැරසිලි වලට,නත්තල් සීයට කවුද අකමැති?ඉතින් මේ නත්තලට පිස්සු වැටුන පවුලක් තමයි මේ කතාවට මුල් වෙන්නෙ.පවුලක් කිව්වට මේ පවුලෙ තාත්තට තමයි ලොකුම නත්තල් පිස්සුව තියෙන්නෙ.(එයා අගෝස්තු වෙද්දි නත්තල් සැරසිලි කරලත් ඉවරයි)ඉතින් මේ පවුලේ දුව නිකී පොඩි කාලෙ ඉදලම තාත්තගෙ නත්තලට තියෙන ආසාව,පිස්සුව හින්දා ගොඩක් අපහසුතාවට පත්වෙනවා. ඉතින් නිකී අවුරුදු 16දි කොලේජ් එකේ ගිම්හාන කදවුරකට යනවා,එයාට ටේනර් කියලා පිරිමි ළමයෙක් ආදරේ කරනවා.ඒත් මේ ටේනර්ට නත්තල පෙන්නන්න බෑ,මොකද එයාගෙ අම්මා එයාවයි තාත්තවයි අතෑරලා යන්නෙ නත්තල් දවසෙ.ඉතින් එයා නත්තල් දවසෙ රෑ කෑමකට එනව නිකීලගෙ ගෙදරට. ඒත් නිකී එයාගෙ පවුලෙ අයව ටේනර්ට අදුන්නලා දෙන්න කැමති නෑ.එයා ඒ වෙනුවට නලුවන්ව කුලියට ගන්නවා.නත්තලට කැමති අය අරන් බලන්නකො මේක. කතාව බලලම තීරණය කරන්න හොදයිද නැද්ද කියලා.
කොහොම උනත් මේ ෆිල්ම් එකේ පසුබිම ගැන වැඩි විස්තරයක් කරන්න නෑ.ලොකු සමාගමකින් නෙමෙයි නිශ්පාදනය කරලා තියෙන්නේ. Unites states Motion picture company තමයි සමාගම. IMDB අගය 6.1 ක් තියෙනවා.අධ්‍යක්ශනය කරලා තියෙන්නෙ David Jackson Willis. Tamara Douglas-Morris තමයි සංගීතය සපයලා තියෙන්නෙ. Comedy ගණයට අයත් මේකෙ ධාවන කාලය පැයයි විනාඩි 40ක්. 2018 දෙසැම්බර් හතර තමයි නිකුත් වෙලා තියෙන්නෙ. Juliette Angelo, Javier Bolanos, Regan Burns, Beth Littleford, London Fuller, Eve Brenner ආදී නලු නිලියන් තමයි ප්‍රධාන චරිත වෙන්නෙ.
ඉතින් ඔය ටික තමයි මේ චිත්‍රපටයෙ විස්තර. 2018 වසරත් නොදැනීම ගෙවිලා ගියා. (ෆිල්ම් TV series එක්ක) 2019 වසරේ මීටත් වඩා හොද උපසිරැසි සමග හමුවෙමු එහෙනම්.ලබන වසරේ ටෙලි කතා මාලාවකට උපසිරැසි කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. හරි ඉතින් ඔයාලා හැමෝටම ලබන්නාවූ නත්තල සුභම සුභ නත්තලක් වේවායි පතනවා,ඒ වගේම ලබන්නාවූ 2019 නව වසර තව තවත් සුපිරි ෆිල්ම්, TV series බලන්න පුලුවන් වෙන සියලු ප්‍රාර්ථනා ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා !!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
3,562 downloadsDownload Ill-Be-Next-Door-for-Christmas-2018.zip69 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුභාෂණ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුභාෂණ බණ්ඩාර
Subtitles
16 comments
gihan perera
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට......!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මධුභාෂණ සහෝ.
ජයෙන් ජය.ashan1234
mokada dawas 2 k ma mokuth film nathi wune
kavinuweerakkody
ස්තූතියි අයියේ...
Kulanjana Maduranga
subata thanks saho...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AsithaDilruwan
ela saho thanks
jagath55
Thanks
Sajithlakshan
thanks ........................
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!yasindumax
Ft
නුවන්
The Raid 2. Movie එකේ සබ් එක නෙවෙයිනෙ බං මේ. ඒකෙ සබ් එක දියංකො. ලිංක් එක පේස්ට් වෙන්නෙ නෑ මෙතන්ට.
Hasitha Hansaka
Hari sub ek nemene bn
Advertisement

ස්තුතියි සහෝ....සුභ නත්තලක් වෙිවා....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....