Watch Trailer

Iratta (2023) Sinhala Subtitles | නිවුන් සොහොයුරු ජීවන අන්දරය [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසින් ට සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං අරගෙන ආවෙ 2023 පෙබරවාරි 3 වන දින තිරගත වූ මලයාලම් සිනාමාපටයක උපසිරැසිය රැගෙනයි. මේ මගේ තුන්වෙනි මලයාලම් උපසිරැසිකරණය. Rohit M. G. Krishnan විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු Mystery Thriller ගණයට අයත් Iratta මලයාලම් සිනමාපටයට තමා අද මං උපසිරැසිය අරගෙන ආ…

 

බයිස්කෝප්වාසින් ට සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං අරගෙන ආවෙ 2023 පෙබරවාරි 3 වන දින තිරගත වූ මලයාලම් සිනාමාපටයක උපසිරැසිය රැගෙනයි. මේ මගේ තුන්වෙනි මලයාලම් උපසිරැසිකරණය.

Rohit M. G. Krishnan විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු Mystery Thriller ගණයට අයත් Iratta මලයාලම් සිනමාපටයට තමා අද මං උපසිරැසිය අරගෙන ආවෙ. සාමාන්‍යෙන් මං මලයාලම්, තෙලිගු, කන්නඩ වගේ සිනමාපට වල උපසිරැසි වල යම් සහය සදහා දමිල හඩ කවපු වීඩියෝ පිටපතත් යොදගන්නවා. මොකද දමිල හඩ කවපු දෙබස් මලයාලම් දෙබස් ව්ලට ආසන්නව සමාන හිංදා. නමුත් මේ සිනමාපටයට එහෙම දමිල හඩකවපු පිටපතක් හමුවූයේ නෑ. ඒ නිසා මේක තනිකරම අහ අහා කරපු වැඩක්. ඉංග්‍රීසි උපසිරැසි තිබුනට ඒකෙන් මලයාලම් දෙබස් වල නියම අර්ථය නිරූපනය වෙන්නේ නෑ. ඇත්තටම ඉංග්‍රීසි උපසිරැසි පිටපතක් අවශ්‍ය වෙන්නේ මේ විඩීයෝ එකේ උපසිරැසි වල නියමම ටයිම් ලයින් එකට දෙබස් ටිකට දාගන්න එක විතරයි. අනිවාර්‍යෙන්ම මොකක් හරි භාෂාවක දැනුම යම් වශයෙන් හරි තියෙන්න ඕනෙ. මේ කියන දේ ඉන්දියන් උපසිරැසි කරන අය හොදටම දන්නවා ඇති.

මේ චිත්‍රපටයත් පොලීසියට සම්බන්ධ කතාවක්. 2021 දි තිරගත වුන Nayattu සිනමාපටය මතක ඇතිනේ. සාමාන්‍යෙන් දන්නවානෙ මලයාලම් ෆිල්ම් ව්ලයි අනිත් ඉන්දියන් භාෂා වල ෆිල්ම් ව්ලයි තත්වේ. මලයාලම් ෆිල්ම්වල අතිශෝක්තිය කියන දේ නෑ. සරල සහ සැබෑ තත්වයන් මේ සිනමපට වල නිරූපණය වෙන්නේ.

මේ සිනමාපටයට රංගනයෙන් දායක වෙන්නේ Joju George, Anjali, Arya Salim, Srikant Murali යන අයයි. Joju George ගේ ෆිල්ම් බලපු අය දන්නවා ඇතිනේ එයාගෙ රංගන හැකියාව. ඒ වගේම මේ සිනමාපටයට හොද විචාරක පැසසුම් ලැබුනා.

මං පෙර සදහන් කලා වගේ මේක Mystery Thriller ගණයට අයත් ෆිල්ම් එකක්. ඒ හිංදා මේකෙ කතාව මං කියනවට වඩා මේ කතාව ඔයාලම රස විදලා අදහස් දක්වන එක හොදයි කියලා හිතනවා. කෙටියෙන්ම කිව්වොත් මේකෙ කියන්නේ විනෝද් සහ ප්‍රමෝද් යන සම නිවුන් සහෝදරයින්ගේ ජීවිත කතාව ගැන. එයාලගෙ ජීවිතේ ගෙවෙන්නෙ කොහොම ද එයාලට එන දුක් කම්කටොලු මොනාද? එයාලගෙ ඉරණම් මොන වගේද? ඒ ගැන දැණගන්නම් අනිවාර්‍යෙන්ම මේ සිනමාපටය නරඹන්න කියලා මං ඔයාලගෙං ඉල්ලනවා.

තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරනයි!

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.

10,464 downloadsDownload Iratta-2023.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,464 downloadsDownload Subtitles45 KB

27 comments

  1. Anonymous

    .මලයාලම් දෙන එකනම් නියමයි
    දිගටම මලයාලම් දෙමු සහෝ
    ජය වේවා

  2. Naveen Mbr

    බොහොම ස්තූතියි අයියේ!

    1. Ravindu_Heshan

      ❤️❤️❤️

  3. nuwa

    Attack on the titan සිංහල sub ඕනි
    Thank you

  4. THARIDU16

    THANKS MACHIIIIIIII

  5. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ..........

    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

  6. Anonymous

    සබට බොහොම තුති මචෝ

  7. ගීත්

    සුපිරි ෆිලුමක් බොහොම ස්තුතියි
    වැඩි වැඩියෙන් මලයාලම් දෙන්ට සිත් පහල වේවා

  8. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  9. Anonymous

    Patta

  10. Samith

    Thanks brother

  11. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  12. Naveen

    උපසිරසියට තුති

  13. Anonymous

    අන්තිම ටික නම් පට්ට
    ස්ටෝරිය මීට වඩා විස්තර කරා නම් කස්ටිය බලාවි
    එනිවේ තැන්ක්ස් මචෝ

  14. Kushan

    Sub akta thanks

  15. Bimsara Yashan(ඔලිව)

    ෆිල්ම් එක නම් සුපිරී වගේ. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ජයවේවා!

  16. dulan

    ස්තුතියි !

  17. bunny

    Thanks buddy

  18. Anonymous

    thanks for sub

  19. Lahiru

    Christopher 2023 Malayalam Film ekatath sub dennko
    Mekatath thanks

  20. මිනුල

    තැන්ක්ස් සහෝ

  21. dylan

    Thanks brother

  22. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  23. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  24. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Anonymous

    ,thank you brother ❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.