ඔන්න එහෙනම් මෙදා පාර මං අරගෙන ආවේ හැමෝම වගේ ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය ෆිලුමක් අරගෙන. ඒවගේම තව දෙයක් කියන්න තියෙනවා. ඔව්, මේක මගේ 150 වෙනි උපසිරසි ගැන්වීම. ඉතින් ෆිල්ම් එක ගැන කියන්න කලින් මෙච්චර දුරක් හරි ආපු එක ගැන පොඩ්ඩක් කියල හිටියනම් හොඳයි කියල හිතනවා. මගේ පම්පෝරිය කියවන්න අකමැති කෙනෙක් ඉන්න…

ඔන්න එහෙනම් මෙදා පාර මං අරගෙන ආවේ හැමෝම වගේ ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය ෆිලුමක් අරගෙන. ඒවගේම තව දෙයක් කියන්න තියෙනවා. ඔව්, මේක මගේ 150 වෙනි උපසිරසි ගැන්වීම. ඉතින් ෆිල්ම් එක ගැන කියන්න කලින් මෙච්චර දුරක් හරි ආපු එක ගැන පොඩ්ඩක් කියල හිටියනම් හොඳයි කියල හිතනවා. මගේ පම්පෝරිය කියවන්න අකමැති කෙනෙක් ඉන්නවනම් කෙලින්ම ෆිලුම ගැන තියෙන කොටසට ගියා කියල මගේ කිසිම තරහක් නෑ.
ඉතින් ඇත්තටම මගේ මුල්ම උපසිරැසිය අන්තර්ජාලයේ පළවුණේ 2013 වසරේ මැයි 31 වෙනිදා . ඒ කියන්නේ වසර 10කට ආසන්න කාලයක් මං වෙබ් අඩවිය සමග සම්බන්ධ වෙලා ඉඳල තියෙනවා, මේ ගෙවෙන්නේ 9 වෙනි අවුරුද්ද. (ඒ ගැන පොඩි ආඩම්බරෙකුත් නැතුවම නෙමෙයි) ඉතින් ආසාවට පටන්ගත්තු වැඩේ මෙච්චර දුරකට හරි දිගටම කරගෙන එන්න ලැබුණු එක ගැන සතුටුයි. ආරම්භයේ සිටම සැරෙන් සැරේ යම් යම් ගැටළු මතුවුණත්, කොහොමහරි නොකඩවා වැඩේ කරගෙන එන්න ලැබුනේ අපේ උපසිරැසියක් අරගෙන අදහස් දක්වලා යන ඔබ සියලු දෙනා නිසාමයි. සුභපැතුම් සහ බැනවැදීම් අතරින් ඉතා සතුටින් ආපු ගමනක් තමයි මේක. මින් ඉදිරියටනම් කොහොම වෙයිද කියල කියන්න අමාරුයි මගේ රැකියාව නිසා. හැකි තරමින් මගේ දායකත්වය ඉදිරියටත් ලබාදෙන්න මං උපරිම උත්සාහයක යෙදෙනවා. ඉතින් කොහොමහරි මගේ අවසන් උපසිරැසිය නිකුත්කලේ 2021 ඔක්තෝම්බර් 11 වෙනිදානේ, ඒ කියන්නේ මීට මාස 9කට කලින්. කොහොමහරි ඉවසල ඉවසල කඩයිම කරා ළඟාවෙන්න හැකිවුනා. ඉතින් මේ අවුරුදු 9 තුල මට සෑහෙන යාළුවො ප්‍රමාණයක් අඳුරගන්න හැකිවුනා. ඒ හැමෝම මෙතන සඳහන් කරන්න යන්නේ නැත්තේ එක්කෙනෙක්ගේ හරි නමක් මගහැරුනොත් හොඳ නැති නිසයි. වෙන කියන්න දෙයක්නම් නැහැ ඉතින්,

එහෙනම් අපි කෙලින්ම ෆිල්ම් එක පැත්තට හැරෙමු. තිරගත උණු මුල් සතියේ සුපිරි වීර නොවන චිත්‍රපටයකට ලැබුණු වැඩිම ආදායම් වාර්තාවට හිමිකම් කියන්න මේ චිත්‍රපටයට හැකිවුනා. ඒ ඇමරිකානු ඩොලර් 143 ක ආදායමක් ලබාගනිමින්. වසංගතයෙන් පසුව වැඩිම ආදායමක් ලබාගත්තු චිත්‍රපට ලයිස්තුවේ තුන්වෙනි ස්ථානය ලබාගත්තේ Spider Man No Way Home සහ Multiverse Of Madnesss යන චිත්‍රපට දෙකට පමණක් දෙවෙනි වෙමින්. දැනට සම්පුර්ණ බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 839ක් දක්වා ලැබෙන්න තරම් චිත්‍රපට හොඳ මට්ටමක තිබෙනවා. කොහොම නමුත් IMDB අගය 6.0 ක් වගේ තමයි මෙයට ලැබිලා තියෙන්නේ. ඉතින් මං හිතනවා ඒ ගැන වැඩිය නොහිතා ෆිල්ම් එක රසවිඳින්න පුළුවන් කියල.
එහෙනම් ස්ටෝරි ලයින් එක පැත්තට යමුකෝ. ඉතින් මේ දවස්වල හැම චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්ම කරනවා වගේ මේ ෆිල්ම් ඒකත් මුල්ම චිත්‍රපට තුනට සම්බන්ධ කරලයි හදල තියෙන්නේ. මීට කලින් නිකුත් වුනු ජුරාසින් පාර්ක් සහ ජුරාසින් වර්ල්ඩ් ෆිල්ම් දෙක හැමෝම බලලා ඇති කියල හිතනවා. නොබලපු කෙනෙක්නම් අඩුමගානේ අන්තිම ෆිල්ම් දෙකවත් බලන්න කියල මං ඉල්ලා සිටිනවා. නරඹලා තිබුනත් කතාව අමතකයි වගේනම් මං පොඩි මතක් කිරීමක් කරගෙනම යන්නම්.
බලමු අයටනම් මතක ඇති පලවෙනි චිත්‍රපටය අවසානයේ බ්ලූ සහ ටී-රෙක්ස් එකතුවෙලා ඉන්ඩෝමිනස් රෙක්ස් ව පරාජය කරලා මෝසසොරස් විසින් පාර්ක් එකේ කලපුව ඇතුලට ඇදගෙන ගියපු විදිහ. ඉන් පසුව ඉස්ලා නුබ්ලාර් දිවයින ඩයිනසෝර්ලත් සමග තනිවුනා. නමුත් මෙතෙක් කලක් අක්‍රියව තිබුණු ගිණි කන්ද සක්‍රිය විම මගින් සියලුම ජීවීන්ගේ පැවැත්ම තර්ජනයකට ලක්වුනා. මෙතැනදී තමයි අපිට ඩොක්ටර් ඉයන්ව බලාගන්න ලැබෙන්නේ, එයානම් කියන්නේ ඩයිනසෝර්ලා එතනදීම විනාශ වී යන්න ඉඩදෙන්න කියලයි. කොහොම නමුත් ක්ලෙයාර් සහ ඕවන් එකතුවෙලා මෙයාලව බේරාගන්න මෙහෙයුමක් දියත් කලත් ඔවුන්ව රවට්ටලා කුලී හේවායන් විසින් ඩයිනසෝර්ලා ටික පැහැරගන්නවා. ඉතින් අවසානයේ මේ හැමෝම එකතුවෙන්නේ ලොක්වුඩ් මන්දිරයටයි. එතැනදී අපිට පෙන්නනවා ලොක්වුඩ් ගේ මියගිය දියණියගේ ජාන ක්ලෝන කරලා මේසී නමුත් තමන්ගේ දියණිය හා සර්ව සමාන දරුවෙක් නිර්මාණය කර ඇති බව. කොහොමහරි අවසානයේදී මේසී ගත්තු තීරණය නිසා ඩයිනසෝර්ලා සේරම සාමාන්‍ය ලෝකයට මුදාහැරෙනවා.
මේ මම කිවුවේ කතාව බොහොම කෙටිකරලයි. තවත් තොරතුරු අවශ්‍යනම් Youtube එකේ සෙවුමක් කරලා බලන්න පුළුවන්. ඉතින් මේ තුන්වෙනි කොටස පටන්ගන්නේ එතැන් සිටයි. ඒ නිසා මේ ෆිල්ම් එක ගැන මම මොකුත්ම කියන්න යන්නේ නෑ.
ඉතින් මං කලින් මතක් කළා වගේ, අපිට මේ චිත්‍රපටයෙත් තවත් පැරණි චරිත දෙකක් නැවත දැකගන්න ලැබෙනවා, ඒ ඩොක්ටර් ග්‍රාන්ට් සහ ඩොක්ටර් ඇලී. ඇත්තටම ඔවුන් දෙදෙනා සහ ඩොක්ටර් ඉයන්ව හරිම අපූරුවට කතාවට සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් ඒ වගේම අලුතින් ඩයිනසෝර්ලා විශාල ප්‍රමාණයක් හඳුන්වලා දීලා තියෙනවා. හැමෝම නැතත් කිහිපදෙනෙක්ව මං පහලින් සඳහන් කරගෙන යන්නම. මේ ෆිල්ම් එකේදී අපිට හම්බෙන භයානකම කෙනා තමයි ලෝකයේ ජීවත්වෙන විශාලම මාංශ භක්ෂකයා ලෙස සැලකෙන ගිගැනොටෝසෝරස්. ඔන්න එහෙනම් පහලින් බලාගන්න අපිට දකින්න ලැබෙන ජීවින් , සමහර අය දෙවෙනි කොටසිනුත් දකින්න ලැබුනා මතකයේ හැටියට.

(1) ඩ්රෙඩ්නෝටස්

(2) කොට්සකොආට්ලස්

(3) ඕවිරැප්ටර්

(4) ලිස්ට්‍රෝසෝරස්

(5) නසුටෝසිරැප්ටොප්ස්

(6) මෝරෝස් ඉන්ට්‍රෙපිඩස්

(7) ඉගුවැන්නොඩෝන්

(8) ඇට්‍රෝසිරැප්ටර්

(9) පයිරෝරැප්ටර්

(10) තෙරිසිනෝසෝරස්

(11) ගිගැනොටෝසෝරස්
ඉතින් තවත් එකී මෙකී නොකී ඩයිනසෝර් වර්ග විශාල ප්‍රමාණයක් ඉන්නවා. සේරම මෙතන පෙන්නන්න බැරි නිසා විශේසම අයව විතරයි දැම්මේ. ඉතින් මීටත් වඩා මට කියන්න දේකුත් නැති නිසා ලිපිය මෙතනින් නවත්තන්නම්.
හැබැයි විශේෂයෙන්ම කියන්න දෙයක් තියෙනවා, මේක HC කොපියක් , ඒ නිසා හදිසි අය විතරක් අරගෙන බැලුවට කමක් නෑ. ඒවගේම සඳහනක් තියෙනවා මේකේ Extended Editon එකකුත් නිකුත් වෙනවා කියල. ඒ ගැනනම් හරියටම කියන්න බැරි නිසා අඩුම Bluray එකවත් බලන්න ඉතින්. එහෙනම් මට මේ ෆිලුම බාරදුන්නු විමා අයියට විශේෂ ස්තුතිය පුදකරන ගමන් මං මෙතනින් නවතිනවා.
ඒවගේම ඔයාලගේ අදහසුත් කියාගෙනම යන්න, මොකද කොච්චර අඩුපාඩු බැලුවත් තව ඕනේ තරම් තියෙන්න පුළුවන් නිසා. ඒ වගේම ලිපියෙත් වැරදි තියෙනවනම් පෙන්නගෙන යන්න. හදිසියෙන් කරපු නිසා නොගැලපීම් තියෙන්නත් පුළුවන් . ඒ හැමදේටම මම සමාව ඉල්ලනවා. හමුවෙන හැම වැරැද්දක්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න, නැවත හදලා අප්ලෝඩ් කරන්නම්.
ආයෙත් දවසක හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි
HC-WEBRip / WEB / EXTENDED BR පිටපත් සඳහා වලංගු වේ.
74,935 downloadsDownload Jurassic.World_.3.Dominion-2022-Updated.zip176 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
- #2022
- #Bryce Dallas Howard
- #Chris Pratt
- #Colin Trevorrow
- #Derek Connolly
- #DeWanda Wise
- #Editor's Pick
- #Emily Carmichael
- #Jeff Goldblum
- #Jurassic Park
- #Jurassic World
- #Laura Dern
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sam Neill
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #You Decide
- #රඛිත රණතුංග
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
135 comments
Anonymous
supun sathsara
congratulations bro keep up your work and thanks for the subtitles
shamal
web eka awith tiyanneee
Sanjeewa2010
Pattaaaaaaaaaaaa
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
150 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ජයVikum
150ට 300 වතාවක් ස්තුතියි මල්ලි..දිගටම සබ් ගේමු..කඩයිම වෙනුවෙන් සුභ පැතුම්
සංජන චමෝද්
150 වන
උපසිරැසිකරණයට
සුභ පැතුම්
අයියෙ. 🤗ශසිත් සඳරුවන්
150 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුබපැතුම් මචෝ... හැම කඩඉමකටම කිවුවත් වගේ සියලු කටයුතු සාර්ථක වේවා! තව තවත් සබ් දෙන්න හැකියාව ලැබේවා...ජය!
Bimsara Yashan(ඔලිව)
150 වෙනි උපසිරැසි ගැන්වීමට සුබපැතුම් සහෝ. ඔයාගෙ සබ් ගැන නම් කියන්න දෙයක් නෑ සුපිරියටම, පැහැදිලිවම සබ් හදන කෙනෙක්. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු ඉහලින්ම සාර්ථකත වේවා කියා පාර්ථනා කරනවා. ජයවේවා!
Gamage
Best of Luck
Kushan
Sub akta thanks
Pasindu Madumal
150 වෙනි සබට උණුසුම් සුබ පැතුම් සහෝ
තව ඉස්සරහට යමු, ජය වේවා ❤️V.P
150 වන උපසිරසියට සුබපැතුම් සහෝ
Sujith
සුභ් පැතුම් සහෝ....
Kantha_DLA
150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Us
Umbrella academy sub ekath danna puluwanda
එල්. සී. දමැල්
150වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම්! :)
ජුරාසික් වර්ල්ඩ් කියන්නෙ ඉතින් පුංචි කාලෙ ඉඳං ඇති වුණ බැඳීමක් තියෙන චිත්‍රපටයක් නොවැ. ආසම චිත්‍රපට මාලවක් තමයි.
දිගටම උපරිසරකරණයේ නිරත වන්නටත් අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ජය ✌විමා
සුභපැතුම් මලේ! :)
සබ් එකටත්, මෙතෙක් කල සේවයටත් ස්තුතියි!ශලිනි මල්ෂා
Thanks ane... අපි වගේ හදිසිකාරයින්ට මෙහෙම දෙනවට පිං..
යුරාන් ධනුක (දනුවා)
නියමයි සහෝ.... 150 වෙනි උපසිරසියට සුබ පැතුම්.
ඉක්මනටම 200ත් ගහමු.
ජයවේවා !!!ⲔⲦⲊ
150 වෙනි sub එකට congratulation brother
Sub එක දානකන් බලන් හිටියෙ
Thanks
Malshan
Congratulations brother ❤️ keep it up
Hashan
Thnx for the sub bro❤️
Senuth Hansana
hamboo sub eka daanakan maga balagena hitiye bro . thank you
Neo
Congrats brother
Keep it upහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම 150 වෙනි සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
malith madhushan
150 වෙනි උපසිරසට මගෙන් සුබපැතුම් සහෝ. මීළඟ කඩයිමත් ඉක්මනටම ගහන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා, විදෙස් ගතව හිටියත් බොහොම ඉක්මනට සබ් ඒක ගෙනාවට ස්තුතියි සහෝ, ජයවේවා
sangeeth samarasinghe
Balapu aulma Jurassic movie aka. Aththatama movie aka wenaasa karagena. Sub Akata nm godak thanks
madushan
ow ban
sahangayantha
thanks a lot saho sub ekata
kavinda
thanks sub ekata film eka kalin download kala sub nathiwa baluwe ne
Sohan Jayasooriya
150 වෙනි කඩඉමට හදවතින්ම සුබ පතනව මචෝ.. එනකම් බලා ඉදපු එකක් තමා.. තව ටිකක් හොද කොපියක් ආවමම බලනවා.. තව තවත් සබ් කරන්න කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය වේවා එහෙනම්..
vidura novodya
තෑන්ස් සබ් එකට, ඔබට ජය ✌
Hasitha
150 වන උපසිරසියට උනුසුම් සුබපැතුම් සහෝ ..!!
Anonymous
Thank u
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Shehan
150 වැනි උපසිරැසියට ලගා වුනු එක ලොකු ජයක් සබ් එකට තෑන්ක්ස්. තවත් සුබ් අපි වෙනුවෙන් කරන්න කියල විශ් කරනව සහෝදරයා. තව පුංචි දෙයක් කියන්න තියෙනව මට. පඩි කමට කියනව නෙමෙයි ඩයිනෝසෝරයන්ගේ විශාලතම මාංශබක්ශකයා තමයි ස්පයිනෝසෝරස් ඇගෙප්ටිකස් කියන්නේ. ගිගැන්ටෝසෝරස්ට හිමි දෙවැනි තැන. ඒ කිව්වෙ ගිගැන්ටෝසෝරස් තමයි දෙවැනියට විශාලතම මාංශබක්ෂකයා. ස්පයිනෝසෝරස් ඉන්නව jurassic park 3 movie එකේ. මතකද T-Rex ව මරනව. එයා තමයි විශාලතම මාංශබක්ෂකයා.. Thank you bro
Rakitha Poornima Ranathunga
ස්තූතියි සහෝ නිවැරදි කිරීමට. මං මෙතන කිවුවෙ අපිට හමුවෙන, කියල.. නමුත් මගෙ වචන ගැලපීම වැරදියි එතන...
මේ චිත්‍රපටයේදී අපිට හමුවන .. කියල කිවුවනම් හරි...
Anonymous
ස්තූතියි
Anonymous
Thanks 4 subtle best of luck
Theekshana
Thank You
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
(Rakitha Ranathunga)Gathsara Umesh
150 වෙනි කඩඉමට හදවතින්මta මගෙන් සුබපැතුම් සහෝ.
දිගටම සබ් කරමු….Anonymous
thanx :)
damith
thanks bro. jaya wewa.....
Lakshitha
කඩයිමට උනුසුම් සුබපැතුම් සහෝ ..ජයෙන් ජයම වේවා ..!!!
Roshan
Tnx bro...Great job...
Kavindu
Thanks bro
nipun
hemlock grove tv series eke sub eka dennako
Anonymous
Tha witch part 2 sinhala sub one
thusitha
tthanks brother ...jaya wewa...
Tharuka
Osthe 2011 film ekat sub eka dendo
Anonymous
Thankx bro...
Advertisement
සුබපැතුම් සහෝ කඩයිමට
ඔරිජිනල් අප්ඩේට් එකත් ආවම දෙමු