කොහොමද?..මේක මගේ දෙවනි උපසිරැසි ගැන්වීම..සති 2ක් 3ක් ගියා මේක ඉවර කරන්න.පටන් ගත්ත දවසේ ඉදන් ගොඩක් වැඩ..අනිත් එක මේකේ සමහර වචන වල තේරුම හොයන්න මාර ගේමක් දුන්නා. මේක සුපිරිම කතාවක් තියන ෆිල්ම් එකක් නිසා කොහොමහරි සබ් එක කරන්න හිතුනා..කොහොමහරි නිදිමරාගෙන රෑ 1 විතර වෙද්දි ඉවර කරා..අඩුපාඩු නම් තියෙන්න…

කොහොමද?..මේක මගේ දෙවනි උපසිරැසි ගැන්වීම..සති 2ක් 3ක් ගියා මේක ඉවර කරන්න.පටන් ගත්ත දවසේ ඉදන් ගොඩක් වැඩ..අනිත් එක මේකේ සමහර වචන වල තේරුම හොයන්න මාර ගේමක් දුන්නා. මේක සුපිරිම කතාවක් තියන ෆිල්ම් එකක් නිසා කොහොමහරි සබ් එක කරන්න හිතුනා..කොහොමහරි නිදිමරාගෙන රෑ 1 විතර වෙද්දි ඉවර කරා..අඩුපාඩු නම් තියෙන්න පුලුවන් එහෙම උනොත් මට සමාවෙන්න..
The Man With The Iron Heart, එහෙම නැත්නම් HHhH කියන මේ චිත්‍රපටිය 1942 දෙවන ලෝක යුධසමයේ වෙච්ච සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තමයි නිර්මානය වෙලා තියෙන්නේ. නාසි SS බලකායේ ඉහල නිලධාරියෙක් වන රයින්හාඩ් හෙයිඩ්‍රික් ගේ ජීවිත කතාවේ කොටසක් කිව්වොත් හරි. මේ චිත්‍රපටිය imdb දර්ශකේ 6.3ක අගයක් පෙන්නුම් කරනවා..ඒ වගේම නලු නිළියන් විදියට Rosamund Pike, Jason clarke, Jack o’conell, Jack reynor වගේ අය රංගනයෙන් දායකත්වය දෙනවා. මේ චිත්‍රපටිය Cedric jimenez ගේ අධ්‍යක්ශනයක්. Anthropoid 2016 බැලුවනම් ඒකෙත් තියෙන්නේ මේ කතාවම තමයි..නමුත් මේ චිත්‍රපටයේ ඊට වඩා ගොඩක් සංකීර්ණ කතාවක් තමයි තියෙන්නේ
කතාව දිහා බැලුවොත්, රයින්හාඩ් හෙයිඩ්‍රික් කියන්නේ ජර්මානු නාවික හමුදාවේ සේවය කරලා කාන්තාවකගේ ප්‍රශ්නයක් නිසා එලියට දාපු කෙනෙක්..ඊට පස්සේ ඔහු බිරිදගේ මාර්ගෙන් හිට්ලර්ගේ පක්ෂෙට එකතුවෙලා නාසි ඔත්තු සේවයේ ප්‍රධානියා විදියට ඇවිත් SS බලකායේ ඉහල නිලධාරියෙක් මට්ටමට එනවා.රයින්හාඩ්ගේ සාරථකත්වයට එකම හේතුව අමානුෂික විදියට මිනී මැරීම තමයි.ඔහු වෙඩි තැබීම් සහ ගෑස් මගින් යුදෙව්වෝ ලක්ෂ 13ක් විතර මරපු කිසිම අනුකම්පාවක් නැති මිනිහෙක්. රයින්හාඩ් ජර්මනියේ කොමියුනිස්ට් ව්‍යාපාරය වගේ නාසී විරෝධි සංකල්ප බොහොම අමානුෂික විදියට නතර කරනවා..රයින්හාඩ් මෙහෙම කරගෙන යද්දි චෙකස්ලෝවැකියාවේ Three Kings සංවිධානය එංගලන්ත රජය එක්ක එකතුවෙලා රයින්හාඩ් මරන්න සැලසුම් කරනවා..ඒ මෙහෙයුමට ජාන් කුබිස් සහ ජෝසප් ගබ්සික් කියන තරුණ සෙබලු දෙන්නා ඇතුලු කණ්ඩායම තමයි යොදවලා ඉන්නේ. මේ දෙන්නා හොදම යාලුවෝ දෙන්නෙක්. මේ මෙහෙයුම කරන්න එයාලා හිතපු තරම් ලේසි වෙන්නේ නෑ මොකද රයින්හාඩ් කියන්නේ බොහිමියාවේ ආරක්ෂක ප්‍රාධානිය..ලොකු බලයක් තියන පුද්ගලයෙක්..ජෝසප්ටයි ජාන්ටයි මේ මෙහෙයුම කරන්න පුලුවන් වේවිද? රයින්හාඩ්ව මරලා ලේසියෙන් පැනලා යන්න පුලුවන් වේවිද? රයින්හාඩ්ගේ ඉරණම කොහොම විසදේවි ද?, කියලා ඔයාලට දැනගන්න පුලුවන් චිත්‍රපටය බලද්දි
මේ චිත්‍රපටයෙන් හිට්ලර්ගේ නාසි වාදයේ තියන කෲර පැතිකඩ දැකගන්න පුලුවන්.කිසිම අනුකම්පාවක් නැතුව මිනීමරන විදිය හොදට පෙන්නලා තියනවා.ලක්ෂ ගනන් මිනිස්සු නිරපරාදේ මියගියේ ඇයි කියලා මේ චිත්‍රපටයේ කතා කරනවා..යුද්ධ කරන්නේ නායකයෝ උනාට දුක්විදින්නේ අහින්සක මිනිස්සු. සමහර දර්ශන දකිද්දි එහෙම හිතෙනවා..මේක කම්මැලි නැතුව බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක්. සමහර දර්ශන සහ දෙබස් නිසා 18ට වැඩි අය පමනක් බලන්න කියලා ඉල්ලනවා.
♥♥.බොහොම ස්තුතියි..වැරදි ඇත්නම් කියන්න.♥♥
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.
6,846 downloadsDownload The-Man-With-The-Iron-Heart-2017.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/thilina-sandaruwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිලින සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිලින සඳරුවන්
Subtitles
42 comments
Kantha_DLA
prabodha
Thank u bro sub ekata...
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
පුලුවන්නම් Black Butler 2014 live action ෆිල්ම් එකට සබ් දෙන්න
ජය වේවා!දමිත්
ස්තුතියි තිලින සඳරුවන් සහෝ සබට.
බොහොම මහන්සි වෙලා කරපු උපසිරසියක් බව පේනවා.
ජයෙන් ජය.sandaru maxx
thank you so much brother......
asitha
paata saho mekata sub denakm hitiye...
thanksgihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kalum
Sub akata thanx macho....
Rajitha
Thanks bro......jayawewa......!
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Akalanka
Thnx.......
wiki
Thanks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..
Sasith
තාම බැලූවෙ නැ මචන්. Thanks ssssssssss මචන්
tharu
meke link eka khoenda ganne
Thilina
Yify site eken torrent eka ganna
tharu
issara wage torrent link denne natthe ay khomada yify site eken ganne please explain me
Thilina
Yify ekata gihin film eke nama search karanna..ita passe torrent eka download karanna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dedunu
උපසිරැසියට ගොඩාක් ස්තූතියි.. ජය වේවා!…
Dulanga
Thanks
chinthaka
Thank you very much bro.....
සදෙව් බණ්ඩාර
ස්තූතියි සිංහල උපසිරැසියට.
Nelson
Good work friend, Thanks!
wije
Ela filumak machan thanks.digatama sub kotanta hari.
Ravin
Thanks for the sub
Gihan suminda
thanks
tharangani
thanx
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
blackSnow
පට්ට thanks සහෝ. දිගටම කරන්න ශක්තිය ලැබේවා
Muditha
thanks sandaya....
obata jayaNishan Fernando
Thanx bro
AWNCK
thanks bro.....
smsp senanayake
Thanks
GreatRawana
Thanks macho Keep it up
Chandika Fdo
Ela patta Film ekak treiler ekma supire sub ekta thanks bro
Lakshansilva18
මම බලපු පට්ටම ෆිල්ම් එකක් හැමෝම බලන්න හොද ෆිල්ම් එකක්
Damith Sameera
thanx bro...ptta film ekk
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
dasun
the man with the iron heart movie eke sub eka thiyedha
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Advertisement

කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 -2017 වසරවල දමිළ ඉංග්‍රීසි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.