Watch Trailer

Knight and Day (2010) with Sinhala Subtitles | සමහර විට සමහර දේවල් වෙන්නේ හේතුවක් ඇතිව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මාසෙක විතර විවේකයකට පස්සේ ආපහු ෆිල්ම් එකකුත් අරගෙන මේ පැත්තට ආවා. සබ් කරන එකෙන් විවේක ගත්තේ විවේකයක් නැති නිසා තමයි. මුලින්ම මේක මට දීපු රොයිලි අයියා ඇතුළු බයිස්කෝප් එකේ හැමෝටම ස්තුති කරනවා. ටිකක් පරණ නිසා action වලට කැමති අයනම් මේක බලල ඇති. ඒත් මේක නැවත නැවතත් බලන්න පුළුවන් එකක්. Tom Cruise,…

Knight and Day 2010

ඔන්න මාසෙක විතර විවේකයකට පස්සේ ආපහු ෆිල්ම් එකකුත් අරගෙන මේ පැත්තට ආවා. සබ් කරන එකෙන් විවේක ගත්තේ විවේකයක් නැති නිසා තමයි. මුලින්ම මේක මට දීපු රොයිලි අයියා ඇතුළු බයිස්කෝප් එකේ හැමෝටම ස්තුති කරනවා.  ටිකක් පරණ නිසා action වලට කැමති අයනම් මේක බලල ඇති. ඒත් මේක නැවත නැවතත් බලන්න පුළුවන් එකක්. Tom Cruise, Cameron Diaz කියන සුපිරි ක්‍රියාදාම නළු නිළි දෙපලගේ රංගනයෙන් හැඩවුණු මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය James Mangold ගෙන්. IMDB එකේ ලබාගත්තු අගය 6.3ක්.

මේකේ කතාව පැත්තට ගියොත්, ජූන් කියන්නේ පරණ වාහන හදන තරුණියක්, ඇය තමන්ගේ නංගිගේ කසාදෙට යන්න කලබලෙන් යද්දී ගුවන් තොටුපොළේදී රෝයි කියන කෙනාගේ ඇඟේ හැපෙනවා. ඇය තමන්ට යන්න නියමිත යානයට කලින් එකේ යන්න උත්සාහ කලත් ඒකෙ ඉඩ නැහැ කියල තමයි කියන්නේ. රෝයි නම් ඒකට නගිනවා. ඒත් හදිස්සියේම ඇයටත් යානයේ අසුනක් හිමි වෙනවා. මේ සේරම අහඹු සිද්ධි වගේ පෙනුනත් ඒක එහෙම නෙවෙයි. මේ යානයේ ඇය හැරුනම ඉන්න හැමෝම විශේෂ පිරිසක්. එතනින් එහාට වෙන්නේ මොනවද කියල බාගෙනම බලන්න. එහෙනම් ආයෙත් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

………………………………………………………………….

2010 සැප්තැම්බර් 20 පලවූ ලිපිය – දිනුෂ්ක උදාර (රොකියා)

ඔන්න උණු උණුවෙන්ම අලුත්ම අලුත්, සුපිරි චිත්‍රපටයක් ගෙනාවා. මෙම වසරේ ජූනි 23 වැනිදා ලොව පුරා තරගතවීම ආරම්භකළ මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නෙ Mission: Impossible චිත්‍රපටි මාලාව, Minority Report, The Last Samurai යන චිත්‍රපට තුළින් අප අතර ජනප්‍රිය වූ සුපිරි ක්‍රියාදාම නළුවෙකු වන “Tom Cruise” සහ විශේෂයෙන්ම Charlie’s Angels චිත්‍රපටි මාලාව සහ Gangs of New Yorkය චිත්‍රපට තුළින් ලොව පුරා ජනප්‍රිය වූ සුපිරි ක්‍රියාදාම නිළි “Cameron Diaz” විසිනි. ඔබට මතක ඇති මොවුන් දෙදෙනා 2001 වර්ෂයේදි තිරගත වුණු Vanilla Sky චිත්‍රපටය තුළිනුත් සුපිරි රංගනයක් ලබා දුන්න බව. මේකනම් ඒ චිත්‍රපටියට හාත්පසින්ම වෙනස් කතාවක් රැගත් ටිකක් සිනාවට බර ඇක්ෂන් චිත්‍රපටියක්.

කතාව ගැන කියනවනම්, කතාව ආරම්භ වෙන්නෙ තමාගේ සහෝදරියගේ විවාහ උත්සවයට සහභාගී වීමට ගුවන්තොටුපලට කඩි මුඩියේ දුවන June Havens (Cameron Diaz) ව රහසේ ලුහුබඳින Roy Miller (Tom Cruise) ගේ දර්ශනයකින්. කෙසේ හෝ මොවුන් දෙදෙනාටම එකම ගුවන් යානයක යෑමට අවස්ථාව උදා වෙනවා. නමුත් ගුවන් යානයේ ඇතුළත Roy Miller සහ කණ්ඩායමක් අතර ඇතිවෙන වෙඩි හුවමාරුවකින් June Havens සහ Roy Miller ඉතුරු වෙන්න ගුවන් යානයේ නියමුවන් දෙදෙනා ඇතුළු සියලු දෙනාම මිය යනවා. ඇත්තටම Roy Miller සතුව ඇති බැටරියක් පැහැර ගැනීමට තමයි මේ කණ්ඩායම උත්සාහ කරන්නෙ. ඒ බැටරිය කොතරම් වටිනවද කියලා චිත්‍රපටිය නරඹනකොට තේරෙයි. කොහොමහරි මේ පලහිලවුවට කොහෙවත් ඉන්න June Havens වත් පැටලැවෙනවා, කවදාවත්ම තුවක්කුවක් අල්ලලා නැති June Havens මේකට සම්බන්ධ වුණාම කරන දේවල් වලට නම් හොඳට හිනා වෙන්න පුළුවන්.

කතාව මීට වැඩිය කියන්න යන්නෙ නෑ. මේ සුපිරි නළු නිළි දෙපළගේ රංගනය නම් මේ චිත්‍රපටිය පුරාවටම කැපී පෙනෙනවා. ලේ ටිකක් පිරිසිඳු කර ගන්නත් එක්ක ඔන්න කට්ටිය බාගෙන බලන්න තමයි තියෙන්නෙ.

Knight and Day (2010) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා අදාළ වේ.

14,925 downloadsDownload Knight-and-Day-2010-baiscopelk.zip91 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/දිල්ෂාන්-මධුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

14,925 downloadsDownload Subtitles91 KB

85 comments

  1. Thilina

    ada mama 1st.meka enakan hitiye

  2. චන්දන

    එලම තමා ඔන්න මාත් බාන්න දැම්ම

  3. ashan kandy

    wediya katha na onna damma ban. katahawa ela ne. 350 aulak na ne.. :D..
    350 damma ehenam hode..

  4. chamila

    maxxa film akak ada dala tiyenne......
    Heta Robin Hood hambauna nam poya dawasata nidahase balanna tibuna machan.....
    Roba... macho puluwannam heta sub aka deepanko......

  5. dinu

    thanku wewa meka danma dunnata.

  6. uda

    බෑවෙන්ට දැම්මා ඕං!
    තෑන්ක්ස් හොඳේ!!

  7. chamath

    ela onna saho math banna amma.aith ithn banna patan gatha.ela thanks sahooooooooooooo

  8. Udaya

    ela......

  9. Niluka

    thanks bud

  10. kamal

    niyamai mamath bawenna dammoooo jaya wewa....!!!!!!!!

  11. Air Bender

    නියමා,,,,,,Thaaaankzzzzz

  12. mewi

    බාමි. ස්තුති

  13. ::::Shooter::::

    ටොම් අය්යගෙ නම් ඉතින් ලොවෙත් නෑ....
    එහෙනම් වාසල කොල්ලට ජයවෙවා.....
    ඔන්න අපිත් බෑවා......

  14. dhawala

    මචන් අඩ්මින් කොල්ල copy ඩෙකෙම screen shots ඩම්මොට් හොඩඉ නෙ ඩ
    thanxxx
    dhawala

  15. änthräX

    තවත් අලුත්ම film එකක් :) සිරාවටම හිනාවෙන්න පුලුවන් වැඩ ටිකක් තියනවා.

  16. kathu

    පට්ට පට්ට..!! මෙක එනකම් තමා බලාගෙන හිටියෙ..!! ස්තුති වෙවා..!!!!

  17. shiwantha

    බොහොම ස්තුති මචන්

  18. Jayampathi

    Thanks for the excellent work done

  19. කෙමා

    ස්තූතියි... නියම බයිස්කොප් ටිකක් මේ ට්කේම දුන්නට...

  20. අමල් ප්‍රසාද් සමරවීර

    අම්ම ගායි!! මරැම ඩබලක්නෙ මේකෙ ඉන්නෙ?? ඉක්මනට බලන්න ඕනෙ.. එලටම ඇති නේ??

  21. radi

    ඔන්න දැන්මම download වෙන්න දැන්මා. 350mb එක හොදයිද?

  22. radi

    සිංහල උපසිරැසි කො?

  23. විකියා

    අප්පා...මරු මරු....ඉස්තූතියි සහෝ :)

  24. danushka

    ඔන්න අපි බානවා හොදේ…

  25. h

    නියම දෙන්නෙක්නේ ඉන්නේ.... අනිවා හොඳ ඇති... බොහොම ස්තූතියි රොකියෝ...

  26. Dar[K]

    එල දැන් තමා බාගන්නේ 350mb එකේ තත්වේ [කොලිටිය] හොදයිද?
    එනිවේ තැන්ක්ස් !

  27. Mr.A

    Apiata one PIRANAHA 3

  28. shal

    මම මේක එනකන් බලාගෙන හිටියෙ . තන්කූ වේවා...Thanks very much for sharing these great stuff

  29. සමන් කලුබෝවිල

    ඔන්න මාත් බාන්න දැම්මා ...........!!!!
    thankx

  30. Tharindu

    බොහොමත්ම ස්තුති යි
    සහොදරය... මමත් ලන්ගදිම එල ෆිල්ම් එකක් දෙනව

  31. Nirmal

    thanx.......

  32. kathu

    Download කරලා බලලත් ඉවරයි.. කම්මැලි නැතිව බලන්න පුලුවන්.. Maxxa නම් නෑ..! එත් හොදයි..!!!

  33. sam

    එල එල බාලම බලමු
    තන්කු

  34. prasadty

    thanx thanxxx

  35. පුබුදුවා

    ඔන්න බෑවා.අද බලනවා,මේක නම් ඉතින් සුපිරි ඇති

  36. Uraj Deemantha

    ටොම් අයියගේ එකක් බැලුවෙත් නෑ කාලෙකින්.... :)

  37. Shan

    Banawoooooooo...Thanx sahoo

  38. chamila

    :P bawa....

  39. Viraj

    එල.... බානවා.

  40. rasikaneth

    sinhala sub titile nadddoooo

  41. AL1717

    Meka OUT Wecha Hetiyema Bewa Ane Diyange Pihiten Thama Balanna Beri Una.

    Hetawath Balanna One.
    Thanks Machan

  42. Desaja

    thanks machan.....

  43. මලිත්

    ගින්දර මචන්..... උඹනම් එළම කොල්ලෙක්... :D :D :D

  44. Anonymous

    Maru maru oya type karana ath walata Yoda bala yada Shakthiya labenna onee..

  45. රොබින්හුඩ්

    ඔන්න බලල ඉවර වෙලාම comment 1ක් දැන්ම. කාලෙකින් action + comedy එකක් බැලුවෙ :-) නියමයි සහෝ !

  46. Ramraj

    අප්පේ මේකට කමෙන්ටියක් දාන්න බැරි වෙලා. මේක මම බාලා බැලුවා. නියමයි. සිනහව හා ත්‍රාසය!

  47. Uraj Deemantha

    පට්ට එකේ හොදම එක :D

  48. DilZ

    sub eka witharak ganna baridooooooooooooo

  49. chandima

    maka sinhala sub nadda der..thaz

  50. chauwa

    ela paharak machan meka

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.