ඔයාට ඔයා ගැන තියෙන විස්වාසෙට වඩා මට ඔයාව විස්වාසයි..! මේ අවුරුද්ද ඒ කිව්වේ 2019 දකුණු ඉන්දීය සිනමාවට විශේෂයි එතනිනුත් දමිළ සිනමාව ගත්තම තවත් විශේෂිතයි සාම්ප්‍රදායික මසාලා ඝණයේ චිත්‍රපට වගේම වර්තමානයේ සිද්ද වෙන කාලීන මාතෘකා ගැන කතා කරමින් නිර්මාණයවු විද්‍යාත්මක සහ තාක්ෂණය ගැන කියනා සිනමාපට වගේම අභිර…

ඔයාට ඔයා ගැන තියෙන විස්වාසෙට වඩා මට ඔයාව විස්වාසයි..!
මේ අවුරුද්ද ඒ කිව්වේ 2019 දකුණු ඉන්දීය සිනමාවට විශේෂයි එතනිනුත් දමිළ සිනමාව ගත්තම තවත් විශේෂිතයි සාම්ප්‍රදායික මසාලා ඝණයේ චිත්‍රපට වගේම වර්තමානයේ සිද්ද වෙන කාලීන මාතෘකා ගැන කතා කරමින් නිර්මාණයවු විද්‍යාත්මක සහ තාක්ෂණය ගැන කියනා සිනමාපට වගේම අභිරහස් කතා ගැබ්කරගත් නිර්මාණත් ඒ අතර වෙනවා. මේ සිනමා පටයත් අභිරහස් කතා පාදක කරගෙන තැනු සිනමා නිර්මාණ අතරින් අගතැන්වු විශිෂ්ඨ නිර්මාණයක් බව මම කිව්වොත් ඔබ සියලුදෙනාමත් ඒක පිළිගනිවි.! ඉතින් කෙසේ හෝ මැයි මාසයේ නිකුත් කරන බවට සඳහන් කර තිබු මේ සිනමාපටය ජුනි මාසයේ හත්වෙනදා සිට ශ්‍රීලංකාවේ පවා තිරගත කරන්න පටන් ගත්තා. සති දෙකක් යන්නට පෙර නිරායාසයෙන්ම ධනාත්මක විචාරක මෙන්ම ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ Super-Hit ලේබලයද අලවා ගනනට සමත්වුනා. දමිළ සිනමා රසිකයින් මෙන්ම Thriller,Crime, Mystery සිනමාපට රසිකයින්ද නැරඹීමට පුල පුලා බලා සිටි මේ චිත්‍රපටය දමිළ භාෂාවෙන් මෙන් තෙලඟු භාෂාවෙන්ද නිකුත් කර තිබෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන් දෙක හොබවන දමිළ සිනමා රසිකයින් හොඳින් දන්නා අඳුනනා Action King අර්ජුන් හා විජේ ඇන්තනි යන නළුවන් දෙදෙනා මේ සිනමා නිර්මාණය තුලදි මනා ලෙස තමන්ගේ චරිතයන් අවබෝධ කරගෙන තමන්ච හොබවන චරිතයන්ට උපරිම සාධාරණයක් ඉටුකරමින් ප්‍රශස්ත සහ අද්විතීය රංගනයක නිරත වෙනවා. පොදුවේ ගත්තම සිනමාපටය තුල රංගනයේ යෙදන සියලුම නළු නිලියන් තම තමන්ගේ චරිතයන් මැනැවින් වටහාගෙන අවබෝධයෙන් යුතුව උසස් අන්දමේ රංගනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඇතැම් අවස්තාවලදි මොවුන් ඇත්තටම මේ කරන්නේ රඟපෑමක්ද..? එහෙමත් නැත්තන් සැබෑවක්ද.? යන පැනයන් චිත්‍රපටය නරඹන අතරදි ඔබටත් ඇතිවේවි.ඒ වගේම තමයි Simon K. King නම් සංගීත අධ්‍යක්ෂකවරයාගේ සංගීතය. බොහො දෙනා චිත්‍රපටයේ පසුබිම් සංගීතයේ ඇති තියණු භාවය ගැන පවා අදහස් පලකර තිබීමද විශේෂත්වයක්..!
චිත්‍රපටය සඳහා ලැබුණු විචාරයන්..!

ඉහත රූප සටහන් වලින් පෙන්වා තිබෙන විචාරක අදහස් අනුව පොලිස් නිලධාරියකු හා මිනිමරුවකු වටා ගෙතුනු මේ චිත්‍රපටයේ අන්තර්ගතය කෙසේද යන්න ඔබටත් අනුමාන කර ගන්නට පුළුවන් .! එසේනම් Edge of the seat thriller අත්දැකීම ලබාගන්නට මේ සිනමාපටය ඔබ නැරඹු හා නැරඹිමට අදහස් කරන ගොන්නට ඇතුලත් කරගන්න යැයි කියමින් මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට අවස්ථාව සලසා දුන් අප වෙබ් අඩවියේ සංස්කාරකවරයෙකු වන තිසර සහෝට විශේෂ ස්තුතිය පිරිනමනවා. චිත්‍රපටයේ තවත් කරුණු කීපයක් පහතින් දක්වන්නම්.
මෙම වසරේ 2019 ජුනි මස හත්වෙනිදා තිරගත කිරිමට ආරම්භ කල මේ සිනමා පටයේ අධ්‍යක්ෂණය හා රචනය Andrew Louis විසිනි. අන්තර්ජාලයේ ඇති තොරතුරු අනුව ජපන් කතුවරයකු වන Keigo Higashino ගේ නව කතාවක් වන “Yôgisha X no kenshin” (Devotion of Suspect X ) කෘතිය ඇසුරින් නිර්මාණය වූවක්.! 2008 වසරේ දි ඒ නමින්ම (ඉංග්‍රීසි Suspect X ) ජපන් සිනමා පටයක්ද නිර්මාණය කර තිබෙනවා. Action King Arjun සමඟින් Vijay Antony හා Ashima Narwal ප්‍රධාන චරිතයන් හොබවනවා. එසෙ නම් චිත්‍රපටයේ කතාව ගැන මා සඳහනක් කරන්නට සූදානම් නෑ මේ දක්වා ඇති තොරතුරු ඔබට චිත්‍රපටය බලන්නට ප්‍රමාණවත් යැයි සිතමින් උපසිරැසිය අරගෙන යන ගමන් ඔබගේ ඔය වටිනා අදහස් උදහස් පහතිත් Comment එකක් ලෙසින් සටහන් කර යෑමට කාරුණික වන ලෙසටද ඉල්ලා සිටිමින් අදට මා සමුගන්නවා.
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි..!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි Proper WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
21,421 downloadsDownload Kolaigaran-2019.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
68 comments
Prabodha Madhusankha Hettiarachchi
අමිල
නියමයි,ජයවේවා !
Hemantha De Silva
ස්තුතියි තරිඳු...
සුපිරියක් හොයාගෙන ලෝකු විස්තරයකුත්එක්ක ...EM Nishshanka
Thanks
Chokzi
Elama..
ninini-3
Sub akata thanks.
ඔෂද ධනංජය
thanks sahoo
vas0303
Thanks bro.
chamarar
niyamai bro thanks
gihan perera
මේක දානකන් හිටියේ මචෝ....ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ.....උඹ නම් පට්ට යි ......දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා......
arawindasunimal
Unuwenma dunnata godak sthuthii ....................
Kazunft
Thnx bro
Lalani Maduwanthi
Tharindu malli denne hamadaama super films ,,,,thank you,,,godaak pin
0Nadun Shalitha
Thankas sho sub ekt
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් වටිනා සේවය වෙනුවෙන් .
saman97
thanks so much
Brothers435
Thank bro
ශසිත් සඳරුවන්
තරිඳු අයියාගෙන් තවත් සුපිරියක් වගේ...
සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු අා....
ජය!Aac3
හම්මේ ඒක.. නියමයි සහෝ... එලම ගොඩාරියක් ස්තූති සබ් එකට... ජය වේවා !!!
nihalpujitha
THanks bro oba karana සේවයට
sumith431
supuriyakne meka thankss subata !!!! oyala nattan kawada mewa balannada apiiii sinhala sub ekka
damith_janaranjana
Thanks bro
Dinesh Buddika
Thanks wewa...............................
Asanke
Thanks for sub
wajira
Thanks for sub
thilz
thank u so much
prasakr
බොහෝමත්ම ස්තූතියි උපසිරැසියට සුපිරි වැඩක් ඔබට ජය
darshana100
thanks yalu budusarana
Kavishna
thnx bro
ssandaru111
pls torrnt file eka dennako..baiscop dana film wla tornt file gnna widiya dnna knk kynna..www.1337x.to meke ewa hariyanawad?
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
හරි යනවා.
santhusha319
thanks bro!!!!!!
N_R
Thank You.
Kapila4499
thanks for sub
Chaturange20
Thanks bro..puluwannam oke original Japanies movie ekata hari Perfect Number kiyana Koriean remake ekata hari sub dennako..Please bro..
Ayesh Prashan
Thank You
Shehan putha
Thanks bro
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dammika89
Thanx bro...idiriyatath me wage dewal karanna
Nilush Angana
Sub ekata thanx
Lasantharathnasirirox
තරිඳු කොල්ලො නියමයිනේ..බොහෝමත්ම ස්තුතියි.ඔබට ජය !!
nihalpujitha
පට්ට ශො එක මම බැලුවා සබ් එකට බොහොම ස්තූතියි තව දිගටම සබ් දෙමු
Nuwan_sri
Thanks
harshani11112
ස්තුති සහො
තෙරැවන්සරණයිRanidu
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Arjun+Vijay සුසංයෝගය සුපිරියි
ජය වේවා!!!Ara N Madhu
Bohoma sthuthi Tharindu....
cccccccccc
supiri bro bs
akila2015
උපසිරැසියට ස්තූතියි ....
Kanchaka
Thanks bro
rangika Kariyawasam
සහෝ.නියම ෆිලුම .ෆට්ටම තැන්කු .ජය
Akilan
දෙපරක් බැලුවා ස්තුතියි බයිස්කෝප් ......සහ
M.T.R තරිදු රුක්ශාන්...nish47
Thanks bro
Advertisement
![Kolaigaran (2019) Sinhala Subtitles | මිනිමරුවා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/kolaigaran-2019.jpg)

Sthuthi sahooo sub ekata...