Watch Trailer

Lego DC Comics Super Heroes: The Flash (2018) with Sinhala Subtitles | ගුරුවරයාගේ පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

අවුරුද්දකට විතර පස්සේ ඇවිල්ලා ඉල්ලගත්තු සබ් එකත් මාසයක් විතර පරක්කු වෙච්ච එක ගැන ඉස්සෙල්ලාම සමාව ඉල්ලන්න ඕන. ඒ වගේමයි ලිපිය ගැනත්. රසවත් ලිපියක් එවන්න කිව්වත් වැඩිය කතාකාරයෙක් නොවෙන මම කොහොම ලියාගන්නද? ඒක නිසා වැඩි කතා නැතුව චිත්‍රපටිය ගැන බැලුවොත් මේ අවුරුද්දේ පෙබරවාරී 13 වෙනිදා පිටවෙච්ච IMDB අගය…

අවුරුද්දකට විතර පස්සේ ඇවිල්ලා ඉල්ලගත්තු සබ් එකත් මාසයක් විතර පරක්කු වෙච්ච එක ගැන ඉස්සෙල්ලාම සමාව ඉල්ලන්න ඕන. ඒ වගේමයි ලිපිය ගැනත්. රසවත් ලිපියක් එවන්න කිව්වත් වැඩිය කතාකාරයෙක් නොවෙන මම කොහොම ලියාගන්නද? ඒක නිසා වැඩි කතා නැතුව චිත්‍රපටිය ගැන බැලුවොත් මේ අවුරුද්දේ පෙබරවාරී 13 වෙනිදා පිටවෙච්ච IMDB අගය 6.5ක් ගත්තු Lego DC Comics Super Heroes The Flash ෆිල්ම් එක ගැන තමයි මම මේ කියන්නේ.කිසි කම්මැලි කමක් නැතුව පැය 1යි විනාඩි 18ක් නාස්ති කරන්න පුළුවන්.

ඉතින් ආයේ කියන්න ඕන නෑනේ DC එකේ ඇනිමේශන් ගැන. Marvel එකට හැරෙන්නවත් බෑ වගේ ඒකත් එක්කනම්. ඒ වගේම Lego ෆිල්ම් එකක්. කොහොමත් Lego ෆිල්ම් එකක් බලනවා කියන්නේ වෙනම ආතල් එකක්.ලොකු පොඩි කාටත් රසවිඳින්න පුළුවන් චිත්‍රපටියක් මේක. කතාව ගැන කියනවානම් පටන් ගන්නේ මෙට්‍රොපොලිස් වලට සිද්දවෙන ජෝකර්ගේ පහරදීමකින්. යුක්තියේ ලීගය තමයි හැමදාම වගේ මේක නවත්තන්න එන්නේ, බැට්මෑන්, සුපර්මෑන්, වොන්ඩර්වුමන්, ප්ලාස්ටික් මෑන්, ෆයර්ස්ටෝම්, සයිබෝග් වගේම කණ්ඩායමේ අළුත්ම සාමාජිකයා ඇටම් පවා එනවා සටනට. ඒත් ෆ්ලෑශ්ට වෙනදා වගේම එදත් පරක්කු වෙනවා. ජෝකර්ගේ මෙහෙයුම [තරමක් දුරට]සාර්තක වෙනවා. ඒත් ෆ්ලෑශ් ඇවිත් ජෝකර් පරද්දවලා ඔක්කෝම යථා තත්වයට ගන්නවා. ඔන්න ඔතනදී තමයි කතාවේ ප්‍රදාන සතුරා කරලියට එන්නේ. ඊට පස්සේ වෙන්නේ ඉතින් ෆ්ලෑශ් කලබලේ නිසාම කරදරේක වැටෙනවා. බොරු වැරදි වලට පැටලිලා ලීග් එකෙනුත් අයින් කරනවා. තමන්ගේ බලයත් නැතිවෙනවා.කිසිම දෙයක් කරකියා ගන්න බැරුව හිටපු බැරී ලීග් එකේ කෙනෙක්ගේම උදව්වෙන් යනවා නැතිවෙච්ච බලය ආපහු ගන්න බලාගෙන.

මෙයාට උදව් කරන්නේ Doctor Fate. දන්නවා ඇතිනේ මිනිහා ගැන. අර රත්තරන් පාට හෙල්මට් එක දාගෙන ඉන්න හාදයා. Constantine ටීවී සීරිස් එක වගේම Smallville කතාමාලාවලදිත් අපිට මෙයාව දකින්න ලැබුනා. Marvel ලගේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වගේ DC වල මැජික් සම්බන්දයෙන් බලගතුම කෙනා තමයි ඒ. එයාගේ වගේම එයාගේ ගෝලයා, සටානාගෙත් උදව්වෙන් ස්පීඩ්ෆෝස් එකට යන්න බැරීට පුළුවන් වෙයිද? ස්පීඩ්ෆෝර්ස් එකෙන් කරදරයක් නැතිව බැරීට ආපහු බලය ගන්න පුළුවන් වෙයිද? වැටිච්ච කරදර වලින් ගොඩ එන්න පුළුවන් වෙයිද? ලීග් එකට පුළුවන් වේවිද ආපහු සැරයක් ලෝකය බේරගන්න? ඔයාලත් බලලාම හොයාගන්න.

Sorority Slaughterhouse (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි බ්ලුරේ පිටපත් සඳහා අදාළ වේ.

2,580 downloadsDownload Lego-DC-Comics-Super-Heroes-The-Flash-2018.zip48 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු ආදිත්‍ය” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016/10/28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,580 downloadsDownload Subtitles48 KB

19 comments

  1. Chamod_Sasitha

    Ela ela saho
    Thankx aa

  2. darktenu

    me film ekanam fttma thx fro sub rawindu bro

  3. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  4. thanula D

    ගොඩක් ස්තූතියි සහෝදරයා උපසිරැසියට.ජයවේවා.......

  5. AsithaDilruwan

    ela ela thanks saho

  6. raviz

    Thank you...........

  7. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    කොමික් නම් අනිවා බලනවා....

  8. Udara Damith Dissanayaka

    කාලෙකින් ලෙගෝ එකක් බලන්නේ
    නියමයි

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. nilupul0221

    ela thankyou

  11. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
    ජයෙන් ජය.

  14. podda

    thanks bro!!!

  15. asa raja

    sub ekata thank you bro

  16. aks

    thanks...

  17. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
    ජය වේවා!

  18. Hirusha

    thanks....
    LEGO DC Comics Super Heroes Aquaman ekatat sub ekak denawada

  19. Dewadithya

    Thanks for Sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.