Watch Trailer

Nancy (2018) with Sinhala Subtitles | රැවටීමක්? [සිංහල උපසිරසි සමඟ]

නැන්සි… නැන්සි ෆ්‍රීමන් කියන්නෙ ජීවිතයේ නිශ්චිත අරමුණක් නැති තරුණියක්. ඇය ජීවත් වන්නෙ තම රෝගි මවත් සමඟ. සිය වැඩ කටයුතු ගැන මවගේ ඇනුම් බැනුම් වලට නිතරම ලක්වන ඇය ගෙවන්නෙ ඒකාකාරි ජීවිතයක්. නමුත් හදිසියේම රෝගි තත්ත්වය උත්සන්න වූ නැන්සිගේ මව මිය යනවා. නමුත් නැන්සිට ඒ ගැන දුකක් ඇති බවක් පෙනෙන්නෙ නෑ. එක්…

නැන්සි… නැන්සි ෆ්‍රීමන් කියන්නෙ ජීවිතයේ නිශ්චිත අරමුණක් නැති තරුණියක්. ඇය ජීවත් වන්නෙ තම රෝගි මවත් සමඟ. සිය වැඩ කටයුතු ගැන මවගේ ඇනුම් බැනුම් වලට නිතරම ලක්වන ඇය ගෙවන්නෙ ඒකාකාරි ජීවිතයක්. නමුත් හදිසියේම රෝගි තත්ත්වය උත්සන්න වූ නැන්සිගේ මව මිය යනවා. නමුත් නැන්සිට ඒ ගැන දුකක් ඇති බවක් පෙනෙන්නෙ නෑ.

එක් දිනක් නැන්සි රූපවාහිනියේ ප්‍රවෘත්තියක් දකිනවා. ඒ මීට අවුරුදු 30 කට කලින් අතුරුදහන් වූ බෘක් නම් තම දියණිය ගැන හෝඩුවාවක් හොයන ලින්ච් නම් මව්පිය යුවළක් ගැන. බටහිර රටවල පුද්ගලයෙක් අතුරුදහන් වුවහොත්, ඔහු හෝ ඇය මිය ගොස් නැති බව සළකා, යම් කාලයකදී Age progression හෙවත් මේ කාලයේදී අතුරුදහන් වූ පුද්ගලයාගේ පෙනුම මේ යැයි නිර්ණය කල ඡාරූපයක් මාධ්‍යයට නිකුත් කරනවා. ඉතින් නැන්සි මේ ඡායාරූපය දකිනවා. එය දකින නැන්සිට දෙනෙත් අදහගන්න බැරිවෙනවා. මොකද ඡායාරූපයේ සිටින තරුණිය සහ නැන්සිගෙ මුහුණු සමාන නිසා. එක් වරම යමක් මතක් වූ නැන්සි සිය සහතික ඇතුළත් ලිපිගොනුව පරීක්ෂා කර තම උප්පැන්න සහතිකය සොයනවා. එහි උප්පැන්නයක් නැහැ!

ඉතින් නැන්සි හිතාගන්නවා, තමන්ගෙ මව තමන්ට සළකපු විදියෙන් තමන්ව මීට අවුරුදු 30 කට කළින් පැහැරගෙන හදාගන්න ඇති කියලා. ඒ නිසා ඇය ලින්ච් පවුල දුරකථනයෙන් අමතා, තමන් ඔවුන්ගෙ මීට අවුරුදු 30 කට පෙර අතුරුදහන් වූ දුව බව පවසනවා. ඉන් කම්පනයට පත් ලින්ච් යුවලට වහාම ඇය දකින්නට උවමනා වෙනවා. නැන්සි එහි යනවා. නමුත් නැන්සි හිතන විදියට වැඩ කටයුතු සිද්ධ වන්නේ නෑ. ඇයට DNA පරීක්ෂාවකට ලක් වන්නට සිදු වෙනවා. ඒත් එහි ප්‍රතිඵල ලැබෙන්නෙ දින කිහිපයකින්. නැන්සි දන්නවා තමන් කරන්නෙ රැවටීමක් බව. ඉතින් ලින්ච් යුවල නැන්සිව විශ්වාස කරයිද? DNA ප්‍රතිඵල පැමිණි වහාම තමන් බොරුකාරියක් වන බව නැන්සි දන්නවා. ඉතින් ඇය කුමක් කරයිද?

2018 ජුනි 8 වැනිදා නිකුත් වුන මේ චිත්‍රපටිය, වැටෙන්නේ Drama/Thriller ගණයට. පැය 1 විනාඩි 27 ක් දිවෙන මෙහි IMDb අගය 6.2/10 වන අතර Rotten Tomatoes අගය 87% ක්. ගූගල් පරිශීලකයන් 71% කැමැත්ත ලබගෙන, සම්මාන 9 කට නිර්දේශ වී 2 ක් ජයග්‍රහණය කර තිබෙනවා. ඒ Sitges – Catalonian International Film Festival 2018 හි හොඳම නිලිය ලෙස Andrea Riseborough සහ Sundance Film Festival 2018 හි Waldo Salt Screenwriting සම්මානය Christina Choe දිනාගෙන තිබෙනවා.

විශේෂයෙන් යමක් කිව යුතුයි, මෙම චිත්‍රපටිය, “කථාවක සාම්ප්‍රදායික වීරකම් නොමැති“ ප්‍රධාන චරිතයක් වටා ගෙතෙන කථාවක්. එමෙන්ම එදිනෙදා ජීවිතයේ සිදු විය හැකි සිදුවීමක් අළලා ගෙතුණු කථාවක්. ඉතින් කථාව බලල ඔයාලගෙ අදහසුත් දක්වන්න කියලා ආදරයෙන් ඉල්ලනවා වගේම බයිස්කෝප් අඩවියටත් ස්තූතියි. හැමෝටම ජය….!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.

1,823 downloadsDownload Nancy.2018.Baiscopelk.com_.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,823 downloadsDownload Subtitles27 KB

19 comments

  1. Hashan M. Priyadarshana

    Thank you machan sub ekata....
    Jaya wewa!

  2. Hemantha De Silva

    ස්තුතියි හිරන්ත....

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....

  4. DILEKA

    Thanks for the sub.

  5. Kulanjana Maduranga

    subata thanks

  6. Tharaka

    Thanks,,,,,,,,,,,,,,,,,,,,,

  7. Sandunprabath1230

    බොහොම ස්තූතියි සහෝ

  8. බොබී

    වෙනස් කතාවක් වගේ්. අනිවා බලනවා. ‌බොහොම තුති සහෝ.

  9. AsithaDilruwan

    ela saho thanks

  10. Bandara76

    ස්තුතියි හිරන්ත සහෝ, වෙනස් කතාවක්

  11. harshani11112

    ස්තුති යාලුවා
    බලලා විස්තර කියන්නම්
    තෙරැවන්සරණයි

  12. NuwanK

    Thank u bro...

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Bandaramudiyansi

    මගේ අදහස නම් .නියම කතාවක්.බොහොම ස්තුතියි .සබ් එක Great

  15. sampath n perera

    thanks

  16. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  17. Thusitha Sampath

    A Scanner Darkly me film ekatath sub karannako

  18. indika75

    thanks..

  19. Peksha

    Thanks for the sub

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.