Watch Trailer

October (2018) with Sinhala Subtitles | සමන්පිච්ච මල් අතරින් ජීවිතය සොයා යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

වරුන්ට ආස නැද්ද? එපා කරපු නළුවෙක්ද? එහෙනම් බලන්නෙපා. බැලුවොත් ඌ ගැන ආදරේ හිතෙයි. බල බල ඉද්දි ඈනුමක් ගියාද? එහෙමම වහලා දාන්න. බලන්නෙපා. ඔයාට මේක විඳින්න බැරි වෙයි ඔයා කියයි, ” අපෝ මේ මොකක්ද” “මෙලෝ රහක් නෑනේ” ඒත් මේක නෙමේද ජීවිතය? මේක නෙමේද සිනමාව? රීල් පටියකට පුලුවන් නම් පපුව ගැඹුරටම ගිහින් තමන්ගෙ අ…

වරුන්ට ආස නැද්ද?
එපා කරපු නළුවෙක්ද?
එහෙනම් බලන්නෙපා.
බැලුවොත් ඌ ගැන ආදරේ හිතෙයි.

බල බල ඉද්දි ඈනුමක් ගියාද?
එහෙමම වහලා දාන්න. බලන්නෙපා.
ඔයාට මේක විඳින්න බැරි වෙයි
ඔයා කියයි, ” අපෝ මේ මොකක්ද”
“මෙලෝ රහක් නෑනේ”

ඒත් මේක නෙමේද ජීවිතය?
මේක නෙමේද සිනමාව?
රීල් පටියකට පුලුවන් නම් පපුව ගැඹුරටම ගිහින්
තමන්ගෙ අණසක පතුරුවන්න,
ඊටත් එහා සිනමාවක් තියෙන්න පුලුවන්ද?

කොන්දේසි විරහිතව බලන්න ගන්න.
අරගෙන පරිස්සමට ඉඹින්න.
ඒ සමන්පිච්ච මල් සුවඳින් පපුව පුරෝගන්න.

කාගෙත් හිත් හොරාගත්තු Piku (2015), Pink (2016) චිත්‍රපටි මතකද? අමතක වෙන්න විදිහක් නෑ. ඒ සිනමාපට අරන් ආපු Shoojit Sircar මහත්තයගෙ අලුත්ම වැඩේ තමා මේ ඔක්තෝම්බරය. කියන්න වුවමනා නෑ මේ සලරුවත් උඩ කියපු ඒවට කීයටවත් දෙවනි වෙන්නෙ නැති බව. Shoojit මහත්තයා ඔක්තෝම්බරය එක්ක මේ සැරේ එකතු කරගත්තේ කවුරුත් නොහිතන සමහරු අකමැති වරුන් ධවාන් කොලුවා සහ ප්‍රධාන නිළිය වශයෙන් කාටවත් දැකලා හුරුවක්වත් නැති බනීටා සන්ධු කියන දැරිවි. වරුන් ගැන විශේෂයෙන් දෙයක් කියනව නම් තවමත් එයා දායක වෙච්ච කිසිම චිත්‍රපටියක් මූල්‍යමය වශයෙන් අසාර්ථක වෙලා නෑ. ඔක්කොම සල්ලි හොයන මැෂින් වගේ වුණා. හැබැයි ඔක්තෝම්බර් චිත්‍රපටිය, මූල්‍යමය අතින් මහ ලොකු ලාභයක් නම් අත් කරගත්තෙ නෑ. එව්වා ඒ විදියට උනාට ඔක්තෝම්බර් පස්ස හැරිල බැලුවේ වරුන්ට ලොකුම ලොකු රසික ප්‍රජාවක් බිහි කරලයි. මෙච්චරකල් වරුන්ට බැන බැන එයාගෙ චිත්‍රපටි බලපු අය ඉන්නව නම් අදින් පස්සෙ ඒ අදහස් වෙනස් වෙනවට සැකයක් නෑ. ඒ වගේම මේකේ ඉන්න අලුත් දැරිවි ගැන කියනව නම් ආධුනිකයි කියලා හිතන්නවත් බැරි වෙන්න තමන්ගෙ වැඩේ ගානට මිම්මට ඉෂ්ට කරල ඇති. බොරුද බලන්නකෝ.

ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.7ක් වගේ ලොකු අගයක් වාර්තා කරන්න ඔක්තෝම්බර් සමත් වෙලා තියෙනවා, ජන්ද 6200+ ප්‍රමාණයකින්. එදා මෙදාතුර හොඳම ඉන්දියානු සිනමාපට අතර 164 වෙනි ස්ථානය රැකගෙන ඉන්නත් කාගෙත් ආදරේ නොඅඩුව දිනාගත්තු මේ අගනා සලරුව සමත් වෙලා තියෙනවා. එහෙනම් මේ එළඹෙන්නේ ශ්‍රී ලාංකික බොලිවුඩ් රසිකයන්ට හොඳම සිනමාවක රහ බලන්න ලැබෙන ස්වර්ණමය අවස්ථාවක්. ඉදිරි පැය දෙක හොඳම පැය දෙකක් වෙනවා සත්තයි!

ෆිල්ම් එක ගැන උඩ හැදින්වීම මයුර කොල්ලගෙන්. මම, මේ අවුරුද්දට කරන එකහමාරවෙනි ෆිල්ම් එක තමා මේක. අවුරුද්දකට ෆිල්ම් එකාහමාරක්ම. වාව්. හොඳ ප්‍රගතියක්. ඒ වගේම මේක තවත් වාර්තාවක්. මොකද අදාළ කාලයට වඩා මාස එකාමරකට කලින් සබ් එකක් දෙන එකම කෙනා මම වෙනවා. ඔක්තෝබර් දෙන්න ඕනේ ෆිල්ම් එකක් අගෝස්තු මාසේ දෙන නිසා. (ෆිල්ම් එකේ නම ඔක්තෝබර් නිසා) කලට වෙලාවට ඔක්තෝබර්පේ මාසෙම තමා ෆිල්ම් එක දෙන්න හිතං උන්නේ, ඒත් අපේ උන්දලට හදිස්සිය නේ, ඒ නිසා තමයි කලින්ම මේක දෙන්නේ මේ. ඒ වගේම මේ ෆිල්ම් එක මට හම්බුණේ ප්‍රේක්ෂක ඡන්දයෙන්. සබ් නොකරන තරමේ කෙනෙක් වෙලත් තවමත් මාව මතකයේ තියං ඉන්න එක ගැන මම එයාලට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සමාවත් ඉල්ලනවා මෙච්චර ඉක්මණින්ම සබ් එක දෙන්න වුන එකට. ආයෙත් සබ් එකකින් හම්බෙමු කියන්නත් බයයි, මොකද මෙච්චර ස්පීඩ් සබ් කරද්දී ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය දරාගැනීමේ හැකියාව සීමිත නිසා.  එහෙනම් යන්නම්. ජය වේවා!!

October (2018) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ.

 

22,142 downloadsDownload October-2018.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Asiri-New-e1501058867134.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-07-25
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

22,142 downloadsDownload Subtitles40 KB

97 comments

  1. #ChalinduDeshan (kinaa)

    අනා හේවගෙ ඔක්තෝම්බරේ ජූලි වලම දීලනේ...

  2. Lalani Maduwanthi

    Godaak thaks malliyo

  3. Bandaramudiyansi

    අම්මො මේ මල්ලිගෙ හින්දි එකක් බලන්න අසාවෙන් උන්නේ...... අර මයුර මල්ලි එක්ක කරල දාපු එක නම් මාර ලස්සනයි ස්ටොරි එක.. අනිවාර්යයෙන් ගන්න ස්තුතියි මල්ලි❤

  4. Achi

    තැන්ක්ස් බ්‍රෝ

  5. nadunj

    thanks

  6. snak

    thamnks macho jayawewa

  7. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සබ් එකට…….!

  8. MadhuBandara

    Thank You...

  9. NipunSachinda

    thank you sub ekata

  10. Sanjeewa2010

    thnxxxxxxxxxxxx

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට. කොහෙද ඉතිං අපිට අයියලා මතක තිබ්බට අයියලට අපිව මතක නෑනේ. ඉදලා හිටලා හරි සබක් අරන් එන්න අපිට. පරණම සාජිකයෝ ටික ඉදලා හිටලා හරි ඇවිත් ගියොත් තමා අපිටත් සතුටු. බුදුසරණයි..ජය වේවා!

  12. Krishan NiShalya

    බොහොම ස්තූති සබ් එකට..
    මේ ෆිලුම එනකන් මඟ බලන් ඉදලා අමතකම වෙලා තියෙද්දි ලබාදුන්නට..

    තවත් හොඳ ෆිල්ම් වලට සබ් එක්ක් අයෙ හම්බෙමු ..

    Good Luck ,Bro

  13. ශසිත් සඳරුවන්

    මයුරයා කලින්ම බුකියේ ලිපියක් දාලා නග්ගලා ගත්ත නිසා අද ලැබුණා. නැත්නම් නොවැම්බර් තමයි මේක ගන්න වෙන්නේ. :P ඡන්දෙකුත් තියලා මේක බාරදුන්න නිසා ෆිලුම ගැන ලොකු බලාපොරොත්තුවක් තියන් හිටියේ. බලමුකෝ. කියන විදිහට නම් ඒකට සාධාරණයක් කරලා වගේ. සබට තුති ආසිරි භායි.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  14. nethshen

    Thank u.....!!

  15. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  16. Mendis

    tnks saho sub ekt

  17. Madhura prasad

    තැන්කු බ්‍රෝ සබ් එකට.බලමුකො ඒක කොහොමෙයි කියලා

  18. madushangamage

    thanke

  19. Milind@

    Thanks saho...

  20. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්

  21. Virajudara

    Bokkenma thaks aaa

  22. MR

    ඒනකල් බලන් හිටියේ
    සබ් 1ට බොහොම ස්තූතියි... _/\_

  23. Kulanjana Maduranga

    niayamai…aniwa bamak...HEWA sahoge subak nm isupiri thama.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. Sajiya99

    Thanks sub ekata

  25. Ayesh Prashan

    Thank You

  26. Kanchaka

    Thanks bro

  27. dnpriyashantha

    sthuthi saho..oyage sub ekak nam aye suoirima thama..onna mmath banawa

  28. supershiwa

    (y)

  29. Tharaka Nuwan Dilhara

    සන්තෝසේ බෑ..
    වේලි වේලි තිබුනා මෙච්චර දවස්...
    බොහොම ස්තුතියි...
    තව්ව එකහමාරක් දෙකක් දෙමු 2020 වෙන්න කලින්.
    ජයෙන් ජය..!!

  30. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය

  31. nuwan1988

    Jasmin කියල ඉංග්‍රීසි උපසිරැසියෙ තියනම් ඒක සිංහලට එනකොට තමයි සමන්පිච්ච වෙන්න ඇත්තෙ, කාලෙකින් දාපු උපසිරැසියෙ අගය කියනව වෙනුවට ඒකෙ දොාස් කියන එක පුරැද්දක් කරගන්න එපා, ඒකෙ බලන්න තිබ්බෙ ඔච්චරමද? අපහාසයට නොව උපහාසයට පමනි. Jasmin=සමන්පිච්ච

  32. Dhinusi

    Sub ekatata sthuthiyi bro.

  33. Prabodha Madhusankha Hettiarachchi

    Godak sththui bro sub ekata. Jaya wewa..

  34. Rsa diz

    thanks bro

  35. sooriyapatabadige

    Sub ekata thanks..........(Loveshhuda 2016 ) film ekata sub dennako plese......................

  36. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  37. Kovidu

    බොහොමත්ම ස්තූතියි සහෝ සබ් එකට, ජය වේවා.........!!!!

  38. Nirosh C

    ස්තුතියි හේවා සහෝ.ජයවේවා!

  39. sampath n perera

    බොහොමත්ම ස්තූතියි
    ජය වේවා………!!

  40. Sachith Perera

    thanks bro. sub eka enakam balan hitiye

  41. gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....මේක දානකන් තමයි හිටියේ මචෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....

  42. danithniwanthaka

    thanks bro. jaya wewa...!!!

  43. N_R

    Thanks.

  44. sampathabesundara

    thanks brov

  45. sumedasiva

    Thanx bro

  46. Kavishal Rasintha

    බොහොම ස්තූතියි අයියේ සබ් එකට......

  47. kular

    Samanpichcha newei sepalika neda? kathawa nm kiyala wadak na,wishitai,wenas,meken passe varun gana loku pahadimak athi una,anthima wenakalma kuthuhalayen balanna puluwan,sub ekata sthuthi

  48. Prabhasoft

    Thanks Bro .... good Luck......

  49. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  50. Dhinusi

    සුපිරි ම පිල්ම් එකක්. Thaks mc..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.