Watch Trailer

Rain Man (1988) | සහෝදරකමයි වටින්නේ.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ ! ඔන්න අදත් මං ඔයාලට නියම චිත්‍රපටයක් ගෙනාවා. මේක 1988 වර්ෂයේ තිරගත වුණ අති සාර්ථක චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන චරිතයන් සඳහා රංගනයෙන් දායක වන්නේ හොලිවුඩ්වල සිටි අති දක්ෂ නළුවෙකු වන Dustin Hoffman හා දැනටත් ජනප්‍රිය නළු Tom Cruise වෙයි. අයියා-මලෝ චරිතයට තමයි මේ දෙන්නා Rain Man චිත්‍රප…

Rain man 1988

ආයුබෝවන් යාළුවනේ ! ඔන්න අදත් මං ඔයාලට නියම චිත්‍රපටයක් ගෙනාවා. මේක 1988 වර්ෂයේ තිරගත වුණ අති සාර්ථක චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන චරිතයන් සඳහා රංගනයෙන් දායක වන්නේ හොලිවුඩ්වල සිටි අති දක්ෂ නළුවෙකු වන Dustin Hoffman හා දැනටත් ජනප්‍රිය නළු Tom Cruise වෙයි. අයියා-මලෝ චරිතයට තමයි මේ දෙන්නා Rain Man චිත්‍රපටයේ පෙනී ඉන්නේ. IMDb දර්ශකයේ 8/10 ක අගයක් මේකට හිමිවෙලා තියෙනවා. Dustin Hoffman පෙනී ඉන්න චරිතයට Kim Peek නම් සත්‍ය චරිතයක් පාදක කරගෙන තියෙන්නේ.

ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන 4 ක් මේ චිත්‍රපටය දිනා ගත්තා: හොඳම නළුවා (Dustin Hoffman), හොඳම අධ්‍යක්ෂක (Barry Levinson), හොඳම තිර රචනය සහ හොඳම රූ අදියුරු. $ මිලියන 25 ක වියදමක් දරා නිපදවූ මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් ආදායම $ මිලියන 355 ක් විතර ලැබුවා. දැන් මේකේ යන කතාව ටිකක් බලමු.

චාලි බැබිට් (Tom Cruise) ලැම්බොගිනි රථ 4 ක් ආනයනය කරනවා ඇමෙරිකාවේ විකුණන්න. දැනටමත් ගැණුම්කරුවෝ ඒවා මිලදී ගන්න මූලික ගෙවීමක් කරලයි තියෙන්නේ. ඒත් වරායේදී පරිසර සංරක්ෂණ අධිකාරිය ලැම්බොගිනි ටික රඳවා ගන්නවා ඒවායේ දුම් පිටවීම නිසි ප්‍රමිතියට නැති නිසා. ගැණුම්කරුවෝ ඉක්මණින් වාහන ටික ඇරන් දෙන්න කියලා චාලිට බලපෑම් කරනවා. මේ වාහන ටික පිටින් ගෙන්වන්න චාලි ණය මුදලකුත් ඇරන් තියෙනවා. ඒ ණය මුදලත් ගෙවීමේ බර චාලි පිට පැටවිලා තියෙන්නේ.

ඔය අතරේ චාලිගේ පියා හදිසියේ මිය යනවා. චාලි පියාගෙන් ඈත් වෙලා ඉන්න පටන් ගත්තේ කුඩා කාලේ ඉඳන්ම. මොකද දෙන්නා අතර ඇතිවුණ පොඩි විරසකයක් නිසා (චාලි ඇවිත් අහංකාර චරිතයක් බවත් මතක තියා ගන්න). ඉතින් ඔන්න දැන් චාලිට පොටක් පෑදුණා ණය බරින් බේරෙන්න. හේතුව තාත්තගේ සියළු දේපළ දැන් චාලිට ලැබෙන නිසා. චාලි හිතුවේ එහෙම. ඒත් චාලිගේ පියා අවසන් කැමැත්තෙන් චාලිට පවරලා තිබුණේ තම මෝටර් රථය හා හොඳින් බලාගත්ත රෝස පඳුරක්. චාලිගේ පියා සතුව තිබූ ඩොලර් මිලියන 3 ක බූදලය පවරා තිබුණේ වෙනත් භාරකාරයෙකුට. පියාගේ විනිසුරුවරයාගෙන් චාලි අහනවා කවුද ඒ භාරකරු කියලා. ඒත් චාලිගේ පියා විනිසුරුවරයාට කියලා තිබ්බේ ඒක හෙළි නොකරන ලෙසටයි. චාලි හොයාගන්නවා ඒක පවරලා තියෙන්නේ මානසික රෝහලකට කියලා. චාලි රෝහලට යනවා මේ ගැන කතා කරන්නට. චාලිට එහෙදී හමුවෙනවා රේමන්ඩ් (Dustin Hoffman) කියලා මානසික ආබාධයකට ලක්වුණ කෙනෙක්ව. චාලි ඇරන් ආපු පියාගේ කාරය ගැන රේමන්ඩ් අතීත විස්තරයක් කියනවා. චාලි අහනවා රේමන්ඩ්ගේ පියා කවුද කියලා. රේමන්ඩ් කියනවා ඒ සැන්ෆෝඩ් බැබිට් කියලා. මවගේ නම ඇහුවම කියනවා එලෙනර් බැබිට් කියලා. ඒ දෙන්නම චාලිගේ දෙමව්පියන්. චාලි පුදුම වෙනවා මේ ගැන. රෝහලේ වෛද්‍යවරයාගෙන් මේ කවුද කියලා චාලි ඇහුවම වෛද්‍යවරයා කියනවා රේමන්ඩ් චාලිගේ සහෝදරයා බව. ඒත් චාලි දන්නෑ තමන්ට සහෝදරයෙක් හිටිය බව. මොකද රේමන්ඩ්ව රෝහලට ගෙනෙද්දී චාලිගේ වයස අවුරුදු 3 යි. චාලිගේ පියා රේමන්ඩ් වෙනුවෙන් රෝහල භාරයේ ඩොලර් මිලියන 3 පවරලා. දැන් චාලිට සහෝදරයගෙන් වැඩක් නෑ, චාලි බලන්නේ සල්ලි ටික තමන්ගේ කරගන්න විදියක් ගැනයි. චාලි හොර රහසේම රේමන්ඩ්ව රෝහලෙන් එළියට ඇරන් යනවා. චාලි වෛද්‍යවරයාට දන්වනවා තමන්ට සල්ලි දෙනකන් රේමන්ඩ්ව තමන් ළඟ තියා ගන්න බව. ඉතින් චාලි රේමන්ඩ්වත් ඇරන් යන කතාව තමා ඊට පස්සේ චිත්‍රපටයේ යන්නේ.

රේමන්ඩ් නිසා චාලි ලෝක අමාරුවේ වැටෙන අවස්ථා ගොඩක් මේකේ තියෙනවා. විශේෂයෙන්ම රේමන්ඩ් ඇවිත් දින චර්යාවකට අනුව වැඩ කරන කෙනෙක්. දින චරයාවේ යමක් කරන්න බැරි වුණොත් රේමන් පොඩි ළමයෙක් වගෙයි හැසිරෙන්නේ. ඒ නිසා මේකේ හරිම විනෝදජනක සිද්ධි තියෙනවා. ඒ වගේම රේමන්ඩ්ට අසාමාන්‍ය බුද්ධියක් තියෙනවා. රේමන්ඩ්ට පුළුවන් පරිගණයකට වගේ වේගයෙන් ගණනය කිරීම් කරන්න. නමුත් මේක හරි සංවේදී චිත්‍රපටයක්. ඇත්තෙන්ම රේමන්ඩ් ඇවිත් චාලිට ගොඩක් ආදරය කරන කෙනෙක්. ගැටළුව එයා මානසික ව්‍යාධියෙක් නිසා ඒක නිරූපණය නොවෙන එකයි. එක අවස්ථාවකදී චාලි මේ බව දැනගන්නවා. ඒ වගේම චාලිට රේමන්ඩ්ගෙන් කරදරයක් වෙයිවත් කියලා තමයි චාලිගේ (ඒ වගේම රේමන්ඩ්ගේත්) පියා රේමන්ඩ්ව කුඩා කාලයේදීම රෝහලට දාලා තියෙන්නේ කියන්නත් චාලි දැනගන්නවා. චාලිට මේ කිසිවක් මතක නෑ, මොකද චාලි එතකොට හුඟක් පොඩියි. නමුත් රෙමන්ඩ්ව රෝහලට ඇරන් ගිය අවස්ථාව රේමන්ඩ්ට මතකයි. හේතුව රේමන්ඩ්ට අසාමාන්‍ය මතක ශක්තියක් තියෙන නිසා. සීත සෘතුවේ දවසක රේමන්ඩ්ව ඇරන් යද්දී චාලි ගෙදර ජනේලය ලඟ ඉඳන් බලාන රෙමන්ඩ්ට අත වනලා “සුභ ගමන් රේන්මෑන්, සුභ ගමන්” කීව බව රේමන්ඩ් කියනවා. රේන්මෑන් (Rain Man) නම හැදිලා තියෙන්නේ රේමන්ඩ් කියන එකෙන් බව චාලි දැනගන්නවා. චාලිට පොඩි මතකයක් තිබ්බා චාලි කුඩා කාලයේ භය වෙද්දී එයාව සනසවන්න රේන්මෑන් කියලා කෙනෙක් ඇවිත් එයාට ගීත ගැයුව බව. ඒ රේන්මෑන් කියන්නේ රේමන්ඩ් බව චාලි දැන ගන්නවා. මෙන්න මෙතනින් පස්සේ තමයි මුරණ්ඩු චාලි වෙනස් වෙන්න පටන් ගන්නේ. ඒ නිසයි මං කීවේ මේක හරි සංවේදී චිත්‍රපටයක් කියලා.

ඉතින් ඊට පස්සේ වෙන දේවල් චිත්‍රපටය බලලාම දැනගන්නකෝ. කතාව වැඩියෙන් කීවමත් රසයක් නෑනේ. හැබැයි දැන් ඔයාලට අවබෝධ වෙනවා ඇති චාලි ඊට පස්සේ නම් මුදල් ගැන තිබ්බ අදහස අත්හරියි කියන එක. ඔව්, ඒත් පසුව චාලි වෙනත් දෙයක් වෙනුවෙන් රෝහල් වෛද්‍යවරයා එක්ක සටන් කරනවා. ඇත්තටම ඒකට තමයි සහෝදරකම කියන්නේ.

මේ වගේ drama වර්ගයේ චිත්‍රපටයක් නොබලා ඉන්න එපා. මොකද මේ වගේ චිත්‍රපට නිතර දකින්නට නැති නිසා. හොඳයි, දැන් ඉතින් යන්න වෙලාවත් ඇවිත්. ඊළඟ උපසිරැසියෙන් ළඟදීම හමුවෙමු. ඔබට සදා ජය!!!

Rain Man (1988) on IMDb

 

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විරාජ් කොඩිතුවක්කු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

50 comments

  1. නලින් පෙරේරා

    මඟ ඇරුන නියම කථාවක් නේ ‍ගෙනත් තියෙන්නේ..

    ස්තුතියි විරාජ් සහෝ. ඇත්තටම බැලිය යුතුම කථාවක් මෙක නම්

    ජය වේවා!

    1. kasun

      thanks saba hamadatama denna...............

  2. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. සඳුන් ආර් විමලවීර

    නියමයි...සහෝ...
    පරණ උනත් සුපිරි කතාවක්...
    ඩස්ටින් හොෆ්මන්,ටොම් කෘස් ඉන්නවා කියන්නේ ඉතින් පට්ට එකක්.......
    මම නම් කලින් බැලුවා........
    පොඩි දෙයක් කියන්නම් තරහ වෙන්නනම් එපා.
    ලිපිය පල කරද්දී spoilers දාන්න එපා....ඒකෙන් කතාවේ රසයට හානි වෙනවා..
    කොහොම උනත් නියම වැඩක්.........

  4. Sisira Hegoda

    සබ් ඒකට තුති

  5. ශාන් විමුක්ති [විමා]

    ෂාහ්! නියමයි
    මෙන්න ගන්නවා සහෝ
    දිගටම මේ වගේ හොද ෆිල්ම් වලට උපසිරසි අරන් එන්න
    අපිනම් අනිවා බලව :)

    1. ශාන් විමුක්ති [විමා]

      කිවුවත් වගේ විරාජ් සහෝ
      කතාවේ සංෂිප්තය කුතුහලය ඇතිවෙන විදියට දැම්මනම් හරිම අගෙයි
      වැඩියෙන් කතාව කියද්දී ෆිල්ම් එකම කියවෙනවා සමහර වෙලාවට :(

  6. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    කතාව නම් බලලා තියෙනවා සහෝ.
    කස්ටිය කිව්වා වගේ ලිපියේ නම් කරුණු ගොඩක් වැඩිපුර දාලා.

    ඒත් කතාව බලපු නිසා නම් මගේ කුතුහලයට පලුද්දක් වුනේ නෑ.

    ආයු -බෝ -වේවා !!!

  7. අසිත

    මෙන්න මොලේ තියෙන කොල්ලෝ.මෙන්න නියම ෆිල්ම්.ජය වේවා!

  8. sanjeewa

    thanks

  9. කේ.යූ.ජී. උදාර

    කාලයක් තිස්සෙ ඇහේ ඇනි ඇනි තිබුණු ‍ෆිලුමක්නෙ දීල තියෙන්නෙ............
    ඔන්න එහෙනම් මාත් බාගන්නවා. ඉස්සරහටත් මේ වගේ වටින නිර්මාණවලට සිංහල දෙමු.
    මේ වැඩේට බොහොම ස්තූතියි විරාජ්..........

    1. අසිත

      මෙන්න නියම ෆිල්ම්.මේ වගේ ඒවාට එපාය සබ් දෙන්න.2014 දීත් කොච්චර හොද ෆිල්ම් ආවද.ඇයි ගොඩක් දෙනා තෝරලා බේරලා සබ් කරන්නේ නැත්තේ.නැත්තම් අයි IMDB TOP 250 න් කරපු නැති ෆිල්ම් එකක් හොයල සබ් කරන්නේ නැත්තේ.අපරාදේ ඔයාලගේ වටිනා කාලය කව්රුත් අසාවෙන් බලන හොද ෆිල්ම් එකක් කරන්න යොදවන්නේ නැත්තේ.ඒක ලොකු පිනක්.කෙනෙක්ට පිනවීමට දායක වෙනවා කියන එක.මම දන්නවා දැන් මට බනින්න නම් ඕන තරඟ අය ඉදිවී.මම ලගකදී ඉදල baiscope එකේ දැක්ක දෙයක් තමා ඔහේ දෙන්නන් වාලේ සබ් කරනවා.අඩු තරමේ හොද ෆිල්ම් එකක bluray ආවම update කරන්නේවත් නෑ.අපිට බලන් ඉන්න බෑ මොකද අපිට තියෙන්නේ මේක විතරක් නිසා.මේක පවත්වා ගෙන යන ඉහල අයගේ අවදානය මේ වෙත යොමු වේවා!

  10. thisal

    අනිවා බානවා මෙච්චර රෙට් තියෙන එකක් කොමද අත්අරින්නෙ

  11. Kulanjana Maduranga

    niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. gayan

    meka denakam godak kal balan hitiyaa thx saho

  13. prabhath

    me thiyenne thanks mewge digatama denna

  14. Dega

    සබට පිං සහෝ

  15. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. Nandana

    Thank U Viraj.

  17. Yenu

    Thank you....oyage lipiya dakkama kohomath me film 1 balanna hithenawa..............

  18. yeshu

    tnx

  19. pradeep

    hoda film ekak theme music ekath hamathanama yana ekak meke.
    Bicentennial Man 1999 movie ekata sub danna puluwanda saho.thanks

    1. Viraj Kodituwakku

      mama balannam saho, comment ekata godak stuti!

  20. සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි සහෝ...
    මේවගේ ලස්සන film ගැන දැනුවත් කරනවට වගේම සිංහල උපසිරසි ලබා දෙනවටත් ගොඩක් පින්... :)

  21. kanchana

    sthuty... meka lassana kathawak wage

  22. harshana

    well done bro

    me wage film thamai denna one ,80,90 films thamai best
    thank you onna bawa.

  23. රොයිලි

    බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. indika

    thnq :)

  25. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  26. oshan

    mewge film ekak balanna yomukarapu ekata godakma sthuthiy,..Mekanam adena film ekak..me wage supiri films thawath denna..sub ekatath godak thanxx..Wish u all da best baiscope

  27. Tharindu

    Thank you very much saho...:)

  28. nidi

    thanks Viraj, godak thanks me wage sanwedi film ekakata subs dunnata. jaya wewa.

  29. isuru dimantha

    thankz wewa

  30. sk

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  31. “චූටී මල්ලි”

    හොදා වගේ නෙහ්
    එල
    සබට තුති
    ඔබට ජය...........

  32. Wasantha

    lipiye kiyala tiyenawa wage me widiye drama film ekak nam rasawidinna labenne kalaturakin tama. e taramatama hoda film ekak. sub ekata bohoma pin!

  33. sameera

    thanks machan

  34. අසිත

    බොහොම පින් සහෝ.
    ජය වේවා!!

  35. Menu

    බොහොම ස්තුතියි !!

  36. LSM HUSKAA

    බොහොම ස්තුතියි !!!!!!!!!!!!!!

  37. ricadodamien

    Thank u viraj brother & baiscope team for the sub, all the best to baiscope team..........

  38. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  39. Pasan

    Thx sahoo..

  40. sasanka sathyajith

    Thanks for The Sub

  41. Anonymous

    Godak sthuthi.. Jaya wewa!

  42. Anonymous

    Subtitle eka nane

    1. Ravindu Heshan - Admin

      Dan ganna plwan

    2. thennakoon

      subtitle eka diwnload karanna be

  43. Devindu Nethmina

    meke subtitle eka ganna bane mokada karanne

  44. Dilanka

    Sub eka download karanna ba bro..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.