Watch Trailer

Renegades (2017) sinhala subtitles | බොස්නියානු වැව් පතුලේ රන් කොල්ලය [සිංහල උපසිරසි සමඟ]

යුද්ධ.. යුද්ධ කියලා කියන්නේ ලෝකයේ ආරම්භයේ පටන්ම ගෝත්‍ර සමාජයන්හි සිට ශිෂ්ටාචාර බිහි වූ සමයේත් එතැන් සිට අද දක්වාත් නොනවත්වාම ලෝකය තුළ සිදුවෙමින් පවතින සිද්ධි සමුදායක්. යුද්ධ ගැන කතා කරද්දී සකල ලෝකවාසි ජනයාගේ මතකයේ රැදෙන ප්‍රධාන යුද්ධ කීපයක් ඇතිව තිබෙනවා. ඒ අතරින් පළවැනි ලෝක සංග්‍රාමය සහ දෙවැනි ලෝක…

යුද්ධ.. යුද්ධ කියලා කියන්නේ ලෝකයේ ආරම්භයේ පටන්ම ගෝත්‍ර සමාජයන්හි සිට ශිෂ්ටාචාර බිහි වූ සමයේත් එතැන් සිට අද දක්වාත් නොනවත්වාම ලෝකය තුළ සිදුවෙමින් පවතින සිද්ධි සමුදායක්. යුද්ධ ගැන කතා කරද්දී සකල ලෝකවාසි ජනයාගේ මතකයේ රැදෙන ප්‍රධාන යුද්ධ කීපයක් ඇතිව තිබෙනවා. ඒ අතරින් පළවැනි ලෝක සංග්‍රාමය සහ දෙවැනි ලෝක සංග්‍රාමය විශේෂයි. දෙවැනි ලෝක යුද්ධය, ජර්මනිය හා මිත්‍ර පාක්ෂික රාජ්‍ය අතර ඇති වූ මෙම යුද්ධය දැනට ලොව බිහිසුනුම යුද්දය ලෙස සැලකෙනවා. ඊට අමතරව ලෝකය පුරාම කලාපිය වශයෙන් තවත් යුධ ගණනාවක්ම ඇතිව තිබෙනවා.

ඒ අතර ගල්ෆ් යුද්ධය, ඊශ්‍රායලය සහ මැදපෙරදිග අතර ඇති වූ දින සයේ යුධය, බොස්නියා යුද්ධය එලෙස ඇති වූ යුද්ධ කීපයක්. ඉතින් බොස්නියානු යුද්දය ගැන විමසා බැලීමක් කළොත් 1992 අප්‍රියෙල් 6වැනි දින බොස්නියානු යුද්ධය ආරම්භ වන්නේ සීමාමායිම් පිළිබද ගැටළුවක් මුල් කරගනිමින්. යුද්දය ආරම්භ වීමට සුළු කලකට පෙර RENEGADE නමින් හමුදා ඛණ්ඩයක් බොස්නියාව තුළ නිර්මාණය වී තිබෙනවා. එම පිරිස සරයේවෝ නගරය ආක්‍රමණය කිරීමත් සමග තමයි යුධය ආරම්භ වෙන්නේ.එලෙස ආරම්භ වූ යුද්ධය 1995 දෙසැම්බර් 14 දක්වා පුරා වසර තුනකට අධික කාලයක් පවතිනවා. යුද්ධය අවසන් කිරීමේ අරමුණින් අන්තර්ජාතික ප්‍රජාව විසින් NATO සංවිධානයද එම කලාපයේ ස්ථානගත කරවනු ලැබ සිටියා.

RENEGADES සිනමාපටය තිරගත වීම ආරම්භ කරන්නේ 2017 ජනවාරි 20වැනි දින ජර්මනියෙන්.ඩොලර් මිලියන 77.5ක බරපැන දරා නිපදවූ සිනමාපටය ඩොලර් 626,148ක මුදලක් උපයාගැනීමට සමත්ව තිබෙනවා. J.K SIMMONS, SULLIVEN STAPLETON, SYLVIA HOEKS, CHARLIE BEWLEY යන අය ප්‍රධාන රංගනයෙන් දායක වන අතර අධ්‍යක්ෂණය STEVEN QUALEගේ අතින් සිදුව තිබෙනවා. IMDB දර්ශකයේ 5.4ක අගයක් ලබා ගැනීමටද මෙම සිනමාපටය සමත්ව තිබෙනවා.

සිනමාපටය ආරම්භයෙදි දක්නට ලැබෙනවා නාසිවරුන් විසින් යුගෝස්ලෝවියාවට අයත් ග්‍රාවෝ ගම්මානය යටත් කරගෙන එහි වැසියන් මරා දමන ආකාරය. එමෙන්ම ඔවුන් කොල්ල කෑ විශාල රත්‍රන් තොගයක් එම ගම්මානයේ තැන්පත් කරමින් සිටියදී වේල්ල පුපුරා ගොස් සමස්ත ගම්මානයම ජලයෙන් යටව සැගව යන ආකාරය.ඉතින් එවකට යුගෝස්ලෝවියාව නමින් හැදින්වූ ප්‍රදේශය තමයි පසු කලකදී බොස්නියාව වෙන්නේ. බොස්නියානු සටන පැවැත්වෙන සමයක තමයි NATO සාම සාධක හමුදාවට අයත් සෙබළුන් පිරිසක් ප්‍රාදේශීය තරුණියක් හා එක්ව ජලයෙන් යටව සැගවී ගොස් කාලයාගේ අවෑමෙන් ලොවට අමතක වී ගිය මේ රත්‍රන් තොගය සොයා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරන්නේ. ඉතින් මේ මෙහෙයුම කරගෙන යාමේදී ඔවුන්ට විවිධ බාධා එල්ල වෙනවා. විශාලම බාධකයක් වෙන්නේ බොස්නියානු හමුදාව.

එහෙමනම් අපි බලමු මේ රන් සොයා බොස්නියානු වැව් පතුලේ සිදු කරන මෙහෙයුම කිනම් අයුරකින් විසදේවිද කියා..එහෙනම් යළිත් උපසිරසියකින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය.!

 

Bridge of Spies (2015)Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.

22,301 downloadsDownload Renegades-2017.zip41 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

22,301 downloadsDownload Subtitles41 KB

93 comments

  1. Thilan Durage

    Thank you...

  2. Panther

    Thank brother sub aka dnkan balagena hitiye

  3. AsithaDilruwan

    elama saho thanks

  4. Lakshitha

    BR එකෙන්ම බලමු . Thanks......
    "Bad moms christmas" movie එකෙ සබ් එකත් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්.......

  5. kuma.lk

    Thanks machan

  6. SandMan

    Thnx broo..

  7. upulcmiller

    නියමයි සුභ පැතුමි.

  8. Thilesh De Silva

    Thank you for the subtitle bro..

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  10. lahiru sadaruvan

    thank you so much maduka aiye... supergirl S03E12 ekatath ikmnata sub denna

  11. macrocomlk

    Thanks Machan Sub ekata...Jaya wewa...!!

  12. mayura_lanka

    thanks saho niyamai

  13. thanula D

    තෑන්ක්ස් මචං සබ් එකට.ජයවේවා......

  14. Udaya

    thank you machan. good job

  15. Ravindu Rukshan

    thx

  16. aks

    thanks...

  17. C.R.Jayalath

    NIyamai Nilupul Aiye Jaya Wewa!!!

  18. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    පුලුවන්නම් Godzilla: Planet of the Monsters (2017) සබ් දෙන්න
    ජය වේවා!

  19. Leoathuwa

    Supper ....!!

  20. sahansudeera

    Thank you

  21. Pushpa Kumara

    Thanks sub ekata,,,

  22. maduranga

    enakan balagena hitapu ekak , BR eka danakan innawa .

  23. Udara Damith Dissanayaka

    niයි
    මරු
    trailrr එක බැලුවා
    Strike. Back එකේ ඩේමියන් කාරයත් ඉන්නවනේ
    මරු

  24. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මධුක සහෝ.
    ජයෙන් ජය.

  25. kasunkavinda

    supirii thanks for the sub

  26. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. shenal

    thanks bro

  28. Nc

    ස්තුතියි සහෝදරයා

  29. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  30. UK_Fernando

    Thanks bro

  31. Harsha shameera

    Tks bro

  32. malith

    Ela ela

  33. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  34. DhanushkaAASL

    Thanks

  35. sasaa

    broo.. me movie eka scl ekaka pennanna hodaida.... mama thama baluwe n.. aul siddi ahema thiyenawada

  36. Ravi Perera

    Ela saho...supergirl ep 12 th puluwan ikmnta denna bro....

  37. Nadiya1997

    Aiye gun shy (2017) film eke sub dennako

  38. Harshanvo

    fatta brooo

  39. sam1973

    thanks

  40. janith123

    thanx

  41. Sajithlakshan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  42. amilagihan12

    meka patta ... thnxx bro

  43. wajira

    THANKS BRO.....PATTAAAA...../

  44. asanka0715770798

    super

  45. Ishakuruppu

    Thank You....

  46. Rashmika dumidu

    Thank you bro

  47. kolitha

    Thanks

  48. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට ස්තුතියි...

  49. Thusitha Sampath

    Thanks.

  50. subodha4u

    eala filmuwa

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.