Watch Trailer

Saawariya (2007) With Sinhala Subtitles | ඔහු එනතුරු… [සිංහල උපසිරසි සමඟ]

සිහින වල මේ නගරය. ඔයාට මේ නගරෙ ලෝකෙ තියෙන කිසිම සිතියමකින් හොයා ගන්න ලැබෙන්නෙ නෑ. මොකද ඒක මගේ සිහින වල විතරක් තියෙන නිසා. මගේ නගරෙ තියෙන හොඳම බාර් එක තමයි RK බාර්. බිස්නස් හොඳ වෙනකොට මෙහෙ ඇවිල්ල හොඳ ඉංග්‍රීසි බීමක් බොනවා. මම ගුලාබ් ජී. මන් වගේ ගෑනියෙක් ඔයගොල්ලො කොහේවත් දැකල නැතුව ඇති. බොරු ආදර කතා…

Saawariya-(2007)

සිහින වල මේ නගරය. ඔයාට මේ නගරෙ ලෝකෙ තියෙන කිසිම සිතියමකින් හොයා ගන්න ලැබෙන්නෙ නෑ. මොකද ඒක මගේ සිහින වල විතරක් තියෙන නිසා. මගේ නගරෙ තියෙන හොඳම බාර් එක තමයි RK බාර්. බිස්නස් හොඳ වෙනකොට මෙහෙ ඇවිල්ල හොඳ ඉංග්‍රීසි බීමක් බොනවා. මම ගුලාබ් ජී. මන් වගේ ගෑනියෙක් ඔයගොල්ලො කොහේවත් දැකල නැතුව ඇති. බොරු ආදර කතා විකුණනව. ඒත් ඇත්ත ආදර කතා අහනවා. මම දැන් ඔයාලට කියන්න යන කතාව, සාමාන්‍ය මිනිහෙක්ගෙ නෙවෙයි. සුරංගනාවකගෙ කතාවක්. ඉරිච්ච පරන ඩෙනිම්, අතේ ගිටාර් එක. rock-star සුරංගනාවෙක්. ඒත් මට එයාව මුලින්ම හම්බ උනේ මෙහෙදි. මේ බාර් එකේදි. හැමදාම වගේ එදා රෑත් මම අන්තිම කෙනා උනා. කවුද මේ අරක්කු හියෙන බාර් එකට ඇවිල්ල කිරි ඉල්ලන කෙනා? මම මෙහෙ ප්‍රදාන ගායකයා. හෙට මගෙ වැඩසටහන. ඒ නිසා පුරුදු වෙනවා. ඒත් මෙහෙ නැලවිලි ගීත යන්නෙ නෑ. සිංදු ඇඟ නෙවෙයි ආත්මය වෙනස් කරන්නයි ඕනෙ. ආත්මය? කවදාවත් පේන්නෙ නැති දේ. හරියට මේ ගිනිකූරු වගේ. ඒවෑයෙ ගින්දර තියෙනවා. ඒත් පත්තු කරනකන් පේන්නෙ නෑ. නැත්නම් අරක්කු වගේ. මත් බව තියෙනවා. ඒත් පේන්නෙ නෑ. ඒ තමයි මගේ Saawariya.

එහෙනම් බලමුද එයාගේ කතාව?

Saawariya ඒ කියන්නේ “මගේ ආදරය” කියන තේරුම. Fyodor Dostoevsky ගේ කෙටි කතාවක් වන “White Nights” ඇසුරෙන් නිපදවල තියෙන මේ  චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sanjay Leela Bhansali විසින්. මෙහි අගය 5.4 ක් වෙනවා. රංගනයෙන් දායක වෙන්නේ Ranbir Kapoor, Sonam Kapoor, (මේ දෙන්නගේ පලවෙනි චිත්‍රපටිය තමය මේ) Salman Khan, Rani Mukerji සහ Zohra Sehgal. සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Monty Sharma විසින්. මෙහි සංගීත නිර්මාණය වෙනුවෙන් Sanjay Leela Bhansali සහ Monty Sharma අවුරුදු දෙකහාමාරක් පමණ ගත කලාලු. ගීත ගායනයෙන් Shail Hada, Shaan, Kunal Ganjawala, Shreya Ghoshal, Parthiv Gohil, Alka Yagnik යන අය දායක වෙනවා.

බන්සාලිගේ හුගක් චිත්‍රපටි වගේ මේ චිත්‍රපටිය ඉවර වෙන්නෙත් ටිකක් විතර ශෝකාන්තයකින්. මේ ලස්සන චිත්‍රපටිය බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් ආයෙ හමු වෙමු. ඕන් අපි ගියා.

ඒස්වාහ් පොඃ!

Saawariya (2007) on IMDb

 

 

3,103 downloadsDownload Saawariya-2007.zip51 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles

3,103 downloadsDownload Subtitles51 KB

18 comments

  1. Mayura

    Jaya wewa. Thanku wewa.

  2. prasha

    tnx

  3. pasindu

    super..bbbbbbbbbbbbbb
    thanks.................

  4. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝදරිය
    සුපිරි ෆිලුම
    ලස්සන ආදර කතාවක්
    ලොකු අඩුවක් ඔයා පිරෙව්වේ
    එලස්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!!

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. Suu

    Lassana kathawak
    thank u :) :)

  7. Withanage Priyantha Dayakeerthi

    ඔබ කරපු උපසිරසියක් නම්, බලන්නට ආසා හිතෙන එකක් වෙන්නට ඇති අනිවාර්යයෙන්ම. ස්තුතියි!

  8. kasun

    thanks

  9. ප්‍රේමකුමාර

    දහරා යමක් දුන්නොත් මුතු දහරාවක් ම තමයි. උපසිරැසි ලොව කාන්තා ලකුණ මුතු දහරා.ජයවේවා ! හැබැයි ආය ඒස්වා පොහ් කියා නොලියනවානම් අප කැමැතියි. එවන් විකාර කුමට ඔබවන් කාන්තා රුවනකට.

  10. Sadu..

    බොහොම තුති ආච්චි අම්මේ.
    ලස්සන ෆිලුමක්නේ ගෙනැත් තියෙන්නේ.අනිවාරෙන් බලන්න ඕනේ.
    බුදු සරණයි!!!

  11. Kulanjana Maduranga

    niayamai…kalekata kalin balapu lassana filumak...thanks DAHARA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Tharaka Nuwan DIlhara

    තවමත් බලා නැති සහ බලන්නට බැරිවීම ගැන කනගාටු වන ෆිල්ම් එකක්
    අදම අරගෙන බලනවා..
    බොහොම ස්තුතියි උපසිරසියට
    ජයෙන් ජය!!!

  13. fireballmovies

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය.සාවරියා ලැවරියා වගේ බා ගන්න. එන්න මගේ fireballmovies පිටුවට.

  14. රොයිලි

    බොහොම ස්තූතියි දහරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. ravindu

    Sub ekata thanks

  16. nishan kuma

    ela a
    thanks

  17. Anonymous

    සබ් එක download උනාට extract වෙන්නෑ.erorr එකක් එන්නෙ මගෙ විතරද

    1. Ravindu Heshan - Admin

      Dan Wada

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.