ආයූබෝවන් හැමෝටම ඔන්න එහෙනම් මේ වසරේ නිකුත් උන තවත් අළුත්ම චිත්‍රපටයක් මම අරගෙන ආවා. මේක ඊයේ (26) තමයි ඇමසෝන් ප්‍රයිම් ඔස්සේ නිළ වශයෙන් නිකුත් උනේ. සුපිරි නළු සිල්වෙස්ටර් ස්ටැලෝන්ව තවත් ඇමරිකානු සුපිරි වීරයකු විදියට ඔයාලට මේ සලරුවෙන් දැකගන්න පුළුවන්. වැඩිපුර කතාව කියන්නේ නැතුව චිත්‍රපටයේ අන්තර්ගතය ම…

ආයූබෝවන් හැමෝටම ඔන්න එහෙනම් මේ වසරේ නිකුත් උන තවත් අළුත්ම චිත්‍රපටයක් මම අරගෙන ආවා. මේක ඊයේ (26) තමයි ඇමසෝන් ප්‍රයිම් ඔස්සේ නිළ වශයෙන් නිකුත් උනේ. සුපිරි නළු සිල්වෙස්ටර් ස්ටැලෝන්ව තවත් ඇමරිකානු සුපිරි වීරයකු විදියට ඔයාලට මේ සලරුවෙන් දැකගන්න පුළුවන්. වැඩිපුර කතාව කියන්නේ නැතුව චිත්‍රපටයේ අන්තර්ගතය මම ඔයාලට පොඩ්ඩක් විස්තර කරන්නම්. ශුද්ධ වූ බයිබලයට අනුව සමාරිටන් එහෙමත් නැත්තම් යහපත් සමරිතානුවා කියලා හඳුන්වන්නේ පුරාණ ඊශ්‍රායලයේ විසූ විපතකදී තරාතිරම නොබලා අනුන්ගේ පිහිටට පැමිණෙන ශුද්ධ වූ මිනිසෙකු විදියටයි. පසුකාලයෙත් ග්‍රැනිට් නගරයේ මේ වගේම සමරිටන් කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ වගේම ඔහු සුපිරි බලයකින් සන්නද්ධ සැමට උදව් කරන යහපත් මිනිසෙක් බවට ප්‍රසිද්ධියට පත්ව සිටියා. සෑම යහපතකට එරෙහිව නපුරකුත් තියෙනවා කියනවනේ. ඒ වගේම සමරිටන්ටත් දුෂ්ටයෙක් හිටියා ඒ වගේම ඒ වෙන කවුරුත් නෙමෙයි සමරිටන් සමඟ එක කුස උපන් ඔහුගේ නිවුන් සහෝදරයා වෙන නෙමෙසිස්. ඉතිං මේ යහපත අයහපත අතර ඝට්ටනය ග්‍රිනිට් නගරයේ අස්සක් මුල්ලක් නෑරම සිදු උනා. නමුත් දවසක් තීරණාත්මක දවසක් උදා උනා වගේම එදා දෙසොහොයුරන්ගේ ඉරණමත් වෙනස් උනා වගේම ග්‍රිනිට් නගරයේ ඉරණමත් වෙනස් උනා. ඒත් කවදාහරි නපුර විනාශ කරන්න යහපත නැවත එයි කියන බලාපොරොත්තුව කිහිප දෙනෙක්ගේ හිතවල යන්තමින් තිබුනා.
Samaritan කියන චරිතය පාදක කරගෙන තියෙන්නේ 2014දී Renzo Podesta විසින් Mythos Comics වෙනුවෙන් රචිත Samaritan කියන කොමික් චරිතය ඇසුරිනුයි. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Julius Avery විසින්. ඒ වගේම චිත්‍රපටය සම නිශ්පාදනයෙන් දායක වෙන්නේ Metro-Goldwyn-Mayer සහ සිල්වෙස්ටර් ස්ටැලෝන්ට අයත් Balboa Productions යන සමාගම් විසින්. ඉතිං මේ වෙද්දි IMDb හි 6.0ක අගයක් සහ 84%ක ගූගල් මනාප ලබාගන්න මේ සිනමාපටය සමත් වෙලා තියෙනවා. Action\ Drama\ Fantacy කාණ්ඩයන්ට අයත් මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ සුප්‍රසිද්ධ නළු Sylvester Stallone විසින්. ජෝන් රැම්බෝ සහ රොකී බල්බෝවා ලෙස අමරණීය චරිත මැවූ ඔහු හොලිවුඩයෙ පතාක යෝධයෙක් ලෙස හදුන්වන්න පුළුවන්. මෙහි සෙසු නළු නිළියන් ලෙස ළමා නළු Javon Walton සෑම් ලෙසත්, Pilou Asbæk සයිරස් ලෙසත්, Sophia Tatum සිල් ලෙසත්, Dascha Polanco ටිෆනි ලෙසත් මෙහි රංගනයෙන් එක් වෙනවා. එහෙනම් ඔයාලත් උපසිරසිය අරගෙන අදහසක් දක්වන්න කියලා ඉල්ලනවා. මට මේ චිත්‍රපටය ගැන දැනුවත් කරලා උපසිරසිගන්වන්න අවසර දුන්න චාමර සම්පත් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. තවත් උපසිරසියකින් නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
18,978 downloadsDownload Samaritan-2022.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
35 comments
Anonymous
Anonymous
Honour society sub එක දාන්නකො bro..
Anonymous
patta
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Bandara
Thanks Lot Uran
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Naveen
උපසිරසියට තුති
Sumudu
Sub එකට බොහොම ස්තූතියි යූරාන්....
House of Gucci (2021) movie එකටත් පුළුවන් නම් sub එකක් හදල දෙන්න...Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Chaminda
Thanks bro sub 1ta ❤️❤️❤️❤️
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. බලන්න හිටපු එකක්.
ජයවේවා!Pasindu Madumal
සබට තුති වේවා සහෝ ❤️
Anonymous
Thanks Brother
Thevindu
sub ekata thanks Nope ekketh sub denna puluwanm
Buddhi
Thanks
Anonymous
Day shift sub plz
Redrux
Thnkz bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Anonymous
Thanks for sub
Nishan
Thanx bro
Mr B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Bobby
thank you guys
V.P
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Mathew sheron
Thank you bro
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
Thank you
Roshan
Thx bro...Great job...
Shednas96
ගොඩක් THANKS මේ SUB එකට... පුළුවන් නම් ELVIS 2022 MOVIE එකටත් SUB එක දෙන්නකො..
Malith samarawickrama
Thanks saho sub ekata.
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravindu sasanka
thanx cagor
Anonymous
1080p SUB,,,,,,??????
nilanka1212
thanks....
Advertisement
honor society sinhala sub dannako bro...