Watch Trailer

Malang (2020) Sinhala Subtitles | වියුරු වූ ප්‍රේමවන්තයාගේ පළිගැනීම..! [සිංහල උපසිරැසි සමඟ] (50)

අද ඔයාලගේ කැලන්ඩරයේ විශේෂ දවසක් නොවුණට අද මගේ කැලැන්ඩරයට මේ දවස විශේෂ එකක්. ඒ මොකද බයිස්කෝප් වෙබ් අඩවියත් සමඟ ආ ගමනේ 50 වෙනි උපසිරැසියයි අද මං අරගෙන ආවේ. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. නොකියත් බෑ හැබැයි මේවා. ඒක නිසා මේක කියවන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් කෙලින්ම උපසිරැසිය අරන් මාරුවෙන්න පුළුවන්. කි…

අද ඔයාලගේ කැලන්ඩරයේ විශේෂ දවසක් නොවුණට අද මගේ කැලැන්ඩරයට මේ දවස විශේෂ එකක්. ඒ මොකද බයිස්කෝප් වෙබ් අඩවියත් සමඟ ආ ගමනේ 50 වෙනි උපසිරැසියයි අද මං අරගෙන ආවේ. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. නොකියත් බෑ හැබැයි මේවා. ඒක නිසා මේක කියවන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් කෙලින්ම උපසිරැසිය අරන් මාරුවෙන්න පුළුවන්. කිසිම තරහක් නෑ ඒකට. 2017 නොවැම්බර් මස 12 වෙනි දින තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම වන Pineapple Express (2008) චිත්‍රපටය සයිට් එකේ පළ වුණේ. ඒ සුන්දර අතීතය ගැන වුනු දේවල් ගැන ටිකක් අපි බලමු.

චිත්‍රපට, මිනිසුන්ගේ හුදෙක් විනෝදාස්වාදය සඳහා කරන මේ අත් දැකීම විදගන්න, මං සෙට් වෙන්නේ අපේ තාත්තා අපේ ගෙදරට මුලින්ම DVD ප්ලේයර් එකක් ගෙනාව දවසේ. බොරු කියන්න ඕනේ නෑ මට අද වගේ මතකයි ඒකෙන් මං බලපු පළවෙනිම ෆිල්ම් එක තමයි. Mr.Bean කලෙක්ශන් එක. ටිකක් හිනාත් යනවනේ. මොනවා කරන්නද ඒ දවස්වල අපේ තාත්තා මිස්ටර් බීන්ගේ ඩයි හාඩ් ෆෑන් කෙනෙක්. අදටත් එහෙමයි. ඩීවීඩී තැටිවලින් බලපු ෆිල්ම් ප්‍රමාණය කිව්වොත් ගෙදර මහලොකු පෙට්ටියක් පිරෙන්න සීඩී තිබුණා. මායි අයියලා දෙන්නයි තරගෙට සීඩී ගෙනැල්ලා බැලුවේ. ඔහොම ෆිල්ම් බල බල ඉන්නකොට, මට සිංහල උපසිරැසි නැති ෆිල්ම් වගයක් සෙට්වෙනවා. සමහර ඒවා බැලුවට හරි තේරුමක් ගන්න බැරි වුණා. උපසිරැසි නැති නිසා. ඒ දවසෙම මං තීරණේ කළා අපි හැමෝම වගේ හැමදෙයක්ම හොයාගන්න යන ගූගල්ව හම්බවෙන්න. ගිහින් සර්ච් කළා ඩවුන්ලෝඩ් සිංහල සබ් කියල. කියන්න සතුටුයි එදා වගේම අදටත් ගූගල් එකේ සිංහල සබ් කියල විතරක් ගැහුවත් රිසල්ට් එකේ උඩින්ම තියෙන්නේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය. නිකමට ගිහින් බැලුවා මොනවද තියෙන්නේ කියල. අම්බෝ පිස්සු වැටුණා දැක්ක දේවල් එක්ක. සීඩී වලත් නැති ෆිල්ම් සයිට් එකේ තිබුණා. සයිට් එකෙන්ම තමයි ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න හැටිත් සිංහල උපසිරැසිය එකතු කරගන්න හැටිත් දැගගත්තේ. ඔහොම යද්දී, සයිට් එකේ එක ටැබ් එකක් තිබුණා, ඔබත් අප හා සමඟ එක්වන්න කියල. නිකමට ගිහින් බැලුවා. සිංහල උපසිරැසි කරන ආකාරය හා ඒවාට අදාළ නීති රීති රැසක් මං දැක්කා. ජොලියටත් එක්ක හිතුනා මේල් එකක් දාලා ෆිල්ම් එකක් කරන්න ගන්න. දාපු මේල් එකට මට රිප්ලයි එකක් ආවා, ඒ සිසිල ප්‍රසාද් අයියගෙන් කරලා එවන්න කියල. කොහොමහරි සති දෙකක්ද කොහෙද ගත්තා සබ් එක කරන්න. ඊටත් වැඩිද දන්නේ මතක නෑ හරියටම. මං සබ් එක කරලා යැව්ව දවස පස්සේ දවසේ ෆිල්ම් එක දාලා තිබුණා. බයිස්කෝප් එකේ යාලුවෝ දාන කමෙන්ට් දැකලා හරිම සතුටු හිතුනා. සතියක් යන්න කලින් තව සබ් එකක් කරන්න ඉල්ලුවා. ඒකත් කරන් යද්දී මෙන්න මේක හිතට ඇල්ලුවා. ඒත් ටිකෙන් ටික ඒලෙවල් විබාගේ ලියන අවුරුද්ද කිට්ටු වුණා. ඒක නිසා ලැප් එක අල්ලන්නවත් හම්බවුණේ නෑ.ඒ අවුරුදු ටිකේ ටිකක් මග නැවතුනාට, ආයෙම පටන් ගත්තා වැඩේට බහින්න. මේ වෙද්දී මං කරලා තියෙන සබ් ටික.

ඉංග්‍රීසි චිත්‍රපට – 9
හින්දි චිත්‍රපට -10
දෙමළ චිත්‍රපට – 2
තෙළිඟු චිත්‍රපට – 2
කන්නඩ චිත්‍රපට – 1
විවිධ ටෙලි කතාමාලාවන් වල එපිසෝඩ් (ඉංග්‍රීසි & හින්දි) – 25

ඔන්න ඔහොම තමයි මගේ පුංචි 50 හැදුනේ. ඔය සබ් ටික කර කර ඉන්නකොට. 2018දී මේල් එකක් ආවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ මිතුරු හමුවට සහභාගි වෙන්න කියල. මටත් හිතුනා කවුද මේ බයිස්කෝප් අය දැනගන්න. ඉතින් මාත් ගියා. එදා ගොඩක් අයව අදුරගත්තා. ගොඩක් අයව දැක්කා. හසන්ත අයියව, රොයිලි අයියව, ලෝගන් අයියව…ඔය වගේ සයිට් එකේ වැඩ ගොඩකට වගකීම් දරන් ඉන්න කිහිපදෙනෙක්ම. එදා දවසේ අපි ගොඩක් විනෝද වුණා. ඉතින් ඔන්න ඔහොම තමයි මං බයිස්කෝප් පවුලත් එක්ක සම්බන්ධ වෙන්නේ. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ කපිතාන්වරු/ඇඩ්මින්වරු වන රොයිලි අයියා, හසන්ත අයියා, සිසිල අයියා, ශාන් විමුක්ති අයියා, අසංක අයියා (ලෝගන්), ආසිරි අයියා, චාමර අයියා, තිසර නියෝ අයියා, ජෙරමි වැලස්කා හෙවත් සමන් අයියා, ප්‍රනීත් චින්තක අයියා, සමීර චතුරංග අයියා, සුධීර අයියා, නිර්මාණී අක්කා, නවෝදනී අක්කා වගේම අනෙකුත් සියලු ඇඩ්මින් වරයෙක්ම මතක් කරනවා, සයීට් එක දියුණු කරන්න දරන මහන්සියට හා අපි වගේ නවක උපසිරැසි කරුවන් දිරිමත් කරලා අපේ අඩුපාඩු පෙන්නලා ඉස්සරහට යන්න මාවතක් හදලා දෙන එකට. විශේෂයෙන්ම සිසිල අයියා & ශාන් අයියා කියන්නේ මගේ තිබුණ වැරදි ගොඩක් නිවැරදි කරන්න උදව් කරපු දෙන්නෙක්. අනිත් එක මගේ අනිත් බයිස්කෝප් සහෝදර සහෝදරියන්ව මතක් කරන්න ඕනේ. හිරාන් මලයා, සොහාන් අයියා, රවිදුවා, තාරක නුවන් අයියා, ඉසුරු අයියා, පීටර් අයියා, කලින්දු අයියා, ශසිත්(සදේ) අයියා, උදය සමන් අයියා, දිල්ශාන් සචින්ත අයියා, කවිශල් මලයා, කවීනු මලයා, නවීන් නිසල් අයියා, මලිත් මදුශාන් අයියා, රකිත අයියා, නුවන්ත දුලාන් අයියා, උදයංග අයියා, මයුර අයියා, ඉසුරු සම්පත් අයියා, තරුඳු රුක්ෂාන් අයියා, චානක ඉදුුනිල් අයියා, දසන් අයියා, චාමිකර අයියා, යුරාන් අයියා, කසුන් ජලිත සහෝදරයා, ඉසුරු ශ්‍රීනාත් අයියා වගේම සහෝදරියන් ටික වන, සොනාලි අක්කා, දහරා අක්කා, හෙළිලි අක්කා, දිලේක අක්කා වත් මතක් කරන ගමන්, නම නොකියවුණු අය ඉන්නවා නම් එයාලවත් මතක් කරනවා. මේ සුන්දර බයිස්කෝප් පවුලත් එක්ක ඉස්සරහටම යන්න ආසාවෙන් මෙතනින් මගේ කතාව නවත්තන්නම්.

පොඩ්ඩක් හිතලා බලන්න ඇක්ශන්, රොමෑන්ස් වගේම ත්‍රිල් එකක් තියෙන චිත්‍රපටයක් මොනවගේ තියේවිද? බලන්නත් ආස හිතෙනවා නෙහ්. එහෙනම් ඒකට හොදම උදාහරණයකට තියෙන්නේ Malang. බොලිවුඩ් සිනමා රසිකයෙක් නම් අනිවාර්යෙන්ම මෝහිත් සූරි ගැන අහලා තියෙන්න ඕනේ. 1981 අප්‍රේල් මස 11 ඉන්දියාවේ මුම්බායිහි මහරාෂ්ට්‍රා වල උපදින ලබන මොහු T-Series ආයතනයේ සහකාර සේවකයෙක් විදියට තමයි මුලින්ම වැඩ කරන්නේ. පළවෙනි වතාවට ඔහු සහකාර අධ්‍යක්ෂක වරයෙක් විදියට තම සිනමා ක්ෂේත්‍රයට පා තබන්නේ 2005 නිකුත් වූ Zeher චිත්‍රපටයෙනි. ඔහු විසින් අධ්‍යක්ෂණය වූ Awarapan චිත්‍රපටය තමයි එයාගේ පළවෙනි සාර්ථක චිත්‍රපටයක් විදියට ගන්න පුළුවන් වුණේ. 2013 දී නිකුත් වූ Aashiqui 2 චිත්‍රපටය මුළු ලෝකය පුරා තිරගත වෙමින්, රසික හිත් දිනාගෙන බ්ලොක්බස්ටර් එකක් වෙන්න හැකියාවක් හම්බවුණා. ආදිත්‍ය රෝයි කපූර් හා ශද්ධා කපූර්ගේ අද්විතිනීය රංගනය හේතුකොට ගෙන, එම චිත්‍රපටය නරඹන ඕනෑම කෙනෙකුගේ නෙතට කඳුලක් උණන ආකරයෙන් සර්ව සම්පූර්ණ සාර්ථක චිත්‍රපටයක් වීමට එයට හැකිවුණි. ශ්‍රද්ධා කපූර්ගේ සැඟවූ කුසලතා දකිමින් ඒවා නියම ආකාරයකට යොදාගත් මෝහිත් සූරී, ශ්‍රද්ධාට භාරතීය හින්දි සිනමාවේ දිගු ගමනක් යෑමට එම සාර්ථක චිත්‍රපටයෙන් මඟ සකසා දුන්නා. එයින් නොනැවතුණු ඔහු තවත් චිත්‍රපටයක් කිරීමට සිතනවා, ඒ ශ්‍රද්ධා කපූර් එක්කම. ඒ තමයි 2014 නිකුත් වූ Ek Villain. රිතේශ් දේශ්මුක්ගේ විශිෂ්ට රංගනයකින් හා සිද්ධාර්ත්ගේ ප්‍රේමණීය රංගනයක එකතුවකින් සැකසුණු මෙම චිත්‍රපටයත් බොක්ස් ඔෆිස් වාර්තා අතරට එක්වීමට හැකි වූවක් වුණා.පහත දැක්වෙන්නේ ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද කෙරෙන චිත්‍රපට කිහිපයක ලැයිස්තුවක්.

මෙලෙස ඔහුගේ සිනමා ජීවන ගමන වෙන්කරුණු අතර, මොහු 2013 දී චිත්‍රපට නිළියක් වන උදිතා ගෝස්වාමි තම ජීවිතයේ භාර්‍යාව ලෙස ඇය සමඟ ගිවිස ගනියි. දැනට ඔවුන් දෙදෙනාට ආදරණීය දුවෙකු හා ආදරණීය පුතෙකුගෙන් යුත් ලස්සන පවුලක් තිබේ. ඔයාලා බලනවා ඇති මොකද මං චිත්‍රපටය ගැන වැඩි විස්තර කිරීමක් ගැන දැනුම් දෙන්නේ නැතුව ඒකේ අධ්‍යක්ෂකවරයා ගැන මුලින්ම කියල තියෙන්නේ කියල. ඔව් ඒක නම් එහෙම තමයි. මේ ලිපිය කියවන කෙනෙක් ඉන්න පුළුවන් කවුද මෝහිත් සූරී කියන්නේ, එයා මොන වගේ චිත්‍රපටද අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කියල නොදන්න. තිරයෙන් පිටුපස වෙන දේවල් අපි දකින්නේ නෑ කියනව වගේ, මේ වගේ ලස්සන චිත්‍රපට අධ්‍යක්ෂණය කරල තියෙන්නේ කවුද ඒවට හවුල් කියන දේවල් දැනගෙන ඉදීම එයාලට කරන ගෞරවයක් වෙන්න පුළුවන්.

අපිට අද කතා කරන්න තියෙන්නේ 2020 පෙබරවාරි 7 වෙනි දින ලොව පුරා සිනමාහල් වල තිරගත වූ Malang ගැන.චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන්නේ, මෝහිත් සුරීගේ බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් වූ Aashiqui 2 හි, ප්‍රධාන චරිතයට රඟපෑ ආදිත්‍ය රෝයි කපූර්. ආදිත්‍යගේ රංගනය ගැන කතා කරන්න දෙයක් නෑ. ආදරවන්තයෙක් කියන චරිතයකට හොදින් පණ පොවන්න පුළුවන් දක්ෂතාවයක් තියෙන නළුවෙක්. ඒවගේම තමයි මෙහි ප්‍රධාන නිළිය විදියට රඟපාන්නේ, දීශා පටානි. හුරතල් පෙනුමක් තියෙන සිනමාවට අලුත් චරිතයක් විදියට ඇයව සළකන්න පුළුවන්. ආදිත්‍ය හා දීශා, යන දෙදෙනා එකට එකතුව රංගනයේ යෙදෙන පළමු චිත්‍රපටය මෙයයි. සුන්දරයෙන්, හැකියාවෙන් දෙදෙනාගෙම එකිනෙකට සමාන වූ සම්බන්ධකම් අපිට චිත්‍රපටය තුළින් බලාගන්න පුළුවන්.

චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරන ලද්දේ 2019 මාර්තු මස 16 වෙනි දිනයි. 2020 ජනවාරි මස 3 වෙනි දින චිත්‍රපටයේ පළමු පෝස්ටරය හා ජනවාරි මස 6 වෙනි දින T-Series හරහා චිත්‍රපටයේ නිල ට්‍රේලරය Malang රසිකයන් සඳහා සමාජයට නිකුත් කළා. ආදරවන්තයින්ගේ දිනයේ නිකුත් වීමට තිබූ නමුදු ප්‍රශ්න කිහිපයක් අදාළ කොට ගෙන සතියක් කලින් එනම් 2020 පෙබරවාරි 7 වෙනි දින ලොව පුරා සිනමාහල් වල තිරගත වුණි. මෙය කලින් තිරගත වීමට හේතුව වූයේ කාර්තික් හා සාරා අලි කාන් යන ඉන්දියාවේ වර්තාමන ප්‍රේමවන්තයින් දෙදෙනාගේ චිත්‍රපටය වූ Love Aj Kal සමඟ කරට කර බොක්ස් ඔෆිස් වාර්තා සටනකට යෙදීම හේතුවෙන්. Malang විතරක් නොව, හන්සල් මෙහෙතාගේ Chalaang හා අනුරාග් බාසුගේ Ludo යන චිත්‍රපට දෙකත් පෙබරවාරි මස 14 වෙනි දින නිකුත් වීමට තිබියදී පසුව කල් දැමුණි.

ට්‍රේලරය ගැන අපි කතා කළොත්, ආදිත්‍ය කපූර් ගැන හිතන් හිටිය අයට දුන්න හොඳ කණේ පාරක් කියල හිතාගන්න පුලුවන්. කවුරුත් හිතන් හිටියේ ආදිත්‍ය ඇක්ෂන් වලට ටැලන්ට් නෑ කියල. මෝහිත් සූරී ඒකත් ආදිත්‍යට දුන්නු චරිතයෙන් එළියට අරගත්තා. විශේෂ කාරණයක් වන්නේ, ට්‍රේලරය තුළ අපිට බලාගන්න පුළුවන් ආදිත්‍යගේ බොඩි එක කොහොමද හදලා තියෙන්නේ කියල. ආදිත්‍යගේ ඒ බොඩි දැක්කම, අපිට හිතාගන්න පුළුවන් ආදිත්‍ය මොනවගේ කැපරීමක් කරලා තියෙනවද කියල චිත්‍රපටය සඳහා දායක වෙන්න. අපිට ට්‍රේලරය තුළින් පෙන්නලා තියෙනවා මේ ආදිත්‍ය හා දීශාට අදාළ චරිත දෙක මොනවගේ එකක්ද කියල. මෙම ආදරවන්තයින් දෙදෙනා තමන්ගේ නිදහසේ, තමන් ආස කරන විදියේ විනෝදකාමී චරිත දෙකක් කියල අපිට ට්‍රේලරය තුළින් පෙන්නන්න හදලා තියෙනවා. තවත් එක් කාරණයක් තමයි ගෝවා බීච් සයිඩ් එකේ රූගත කිරීම. බහුතරයක් දෙනා Malang චිත්‍රපටය ගැන කතා කරපු දෙයක් තමයි දිය යට ආදිත්‍ය හා දීශා දෙදෙනාගේ සිප ගැනීම. දීශා කියනවා, “හරි අමාරු කාර්‍යයයක් වුණා මේ සීන් එක ගන්න. මොකද අපිට පැය 10කට වැඩි කාලයක් දියේ ඉන්න වුණා. මුළු ශූට් එකට පැය 12ක් හෝ 14ක් ගියා. දිය යට ඉදීමත් ඒ හැඟීම් ප්‍රකාශයත් ලොකු අභියෝගයක් වුණා, මමයි ආදියි හොද කෝච් කෙනෙක්ගේ යටතේ පුහුණු වෙලා තමයි මේ දිය යට සීන් එක කැමරාගත කළේ” කියල.


– දීශා පටානි ඇයගේ ඉන්ස්ටග්‍රම් ගිණුම හරහා දැමූ පොස්ට් එක –

Indiaexpress.com හී සම්මුඛ සාකච්ඡාවට එක්වූ මෝහිත් සුරී, ඔහුගේ මෙම චිත්‍රපටයේ සාර්ථකත්වය හා ජීවන ගමනේ විස්තර ටිකක් පැවසූ ආකරය පහත පරිදි වේ.

Malang චිත්‍රපටය මොනවගේ එකක්ද?

“අපි වැඩ කළේ එතරම් සුවපහසු පැත්තක නෙවෙයි. අපි උත්සහා කළේ චිත්‍රපටය තුළ අලුත් දෙයක් කරන්න. ආදිත්‍ය ගොඩ කාලෙකින් ඇක්ෂන් එකකට බැස්සේ. මට මේවගේ දෙයක් කරන්න හිතුනේ දැනට අවුරුදු 6කට කලින් නිකුත් වුණු Ek Villain චිත්‍රපටයත් සමඟ. දීශා මට අලුත් කෙනෙක් වුණු නිසා මේක මට අභියෝගයක් දෙන ඒවගේම විනෝදාස්වාද ලබාගන්න පුළුවන් චිත්‍රපටයක් වුණා.”

ඔයාට කොහොමද මේ සාර්ථකත්වය දැනෙන්නේ? ඔයාට බයක් හිතුනේ නැද්ද ඔයා කලින් නිකුත් කළ ෆිල්ම් දෙක වගේ මේක බොක්ස් ඔෆිස් යාවිද නැද්ද කියල?

මගේ සාර්ථකත්වය විදියට මං දකින්නේ, මගේ දැක්ම හැම කෙනෙක්ම වගේ තේරුම් ගැනීමයි. මං කලින් අවුරුදු කිහිපයේම මොනවහරි දේවල් වලට මුහුණ දුන්නා නම් ඒ මේ සාර්ථකත්වය කියන දේට අදාළ දෙයක්. මං කියන්නේ අභියෝග වලටත් අපි මුහුණදෙන්න ඕනේ. මගේ බොස් මට හැමදාම කිව්වේ, ඔයාට වෙනස් දෙයක් කරන්න ඕනේ නම්, ඔයාට තනියම නැගිටගන්න වෙනවා මොකද ඒක තමයි තියෙන එකම විදිය. වාසනාවට මට හම්බවුණු නළුවනුත් වෙනස්ම දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ආපු අය වගයක්. අපිට තිබුණා Half Girlfriend එකෙන් පස්සේ කෙලින්ම Ek Villain 2 කරන්න. ඒත් මට මුලින්ම Malang එක කරලා වෙනසක් කරන්න ඕනේ වුණා.”

ඇයි ඔයා ඔච්චර ආදර හා ත්‍රාසජනක වලට කැමති? ඔයා අනාගතයෙදී මේ දෙකට අමතර මොකක් හරි කරන්න ඉන්නවද?

“මං හිතන්නේ, මගේ හැම ෆිල්ම් එකකම ආදරය තිබුණා, ඒවා ත්‍රාසජනක ෆිල්ම් වුණත්.ත්‍රාසය හා ආදරය එක්ක හැදුණු ෆිල්ම් එකක අමුතුම හැඟීමක් ඉස්මතු කරන්න පුළුවන්. මමත් ආසයි Biography, Sci-fi, Adventure චිත්‍රපට කරන්න. කවදාවත් ඒවා කරන්න බැහැයි කියන්නෙත් නෑ. මට ඕනේ වුණේ වෙනස්ම දෙයක් කරලා පෙන්නන්න.”

ඔයා මොකද හිතන්නේ, ඔයා කුනාල් කෙම්මුට දුන්න මයිකල් චරිතයට එයා සාධාරණයක් ඉටු කළාද?

“මං කුනාල් එක්ක එකතු වෙලා සිනාමා ගත කළ Kalyug චිත්‍රපටය කියන්නේ, ගොඩක් උනන්දුවෙන් කළ එකක්. පුදුමේ කියන්නේ දැනටමත් අධ්‍යක්ෂකවරු එයාට කතා කරන්නේ එයා ඒ චිත්‍රපටය තුළ කළ දක්ෂ චරිතය නිසා කියල. එයාලා කියන්නේ, කවදාවත් කුනාල්ගෙන් ඒවගේ රගපෑමක් බලාපොරොත්තු වුණේ නෑ කියල. ඇත්තම කිව්වොත්, එයා තමයි, මාත් එක්ක වැඩ කරලා තියෙන හොදම පිරිමි නළුවා. ඒක නිසාම මට හිතුනා එයා තමයි මේ චරිතෙට ගැළපෙන හොදම කෙනා කියල. එයා තාමත් එදා වගේම තරුණයි. ඒත් දැන් එයාට සන්සුන්කමක් හා විශ්වාසනීය බවක් තියෙනවා එයා කරන රඟපෑම ගැන. එයා දන්නවා එයාගේ ශක්තිය එළියට දාන්න ඕනේ වෙලාවල්.”

මේකේ ඉන්න මයිකල් කියන හතුරගේ/විලන්ගේ චරිතයට රගපාන්නේ කුනාල් කෙම්මු. 2005 දී නිකුත් වුණු Kalyug චිත්‍රපටයෙන් ප්‍රධාන නළුවෙක් විදියට තමන්ගේ සිනමා ජීවිතයට ඇතුළු වූ කුනාල්ව, සූරී මේ චිත්‍රපටයෙන් ඔහුව වෙනස්ම ආකාරයේ චරිතයකට වෙනස් කරලා තියෙනවා. ඔයාලට හොඳ උදාහරණයක් දෙන්නම් මං. රිතේශ් දේශ්මුක් කියන්නේ ඉන්දියානු සිනමාවේ ඉන්න අහිංසක විකට සිනමා ශිල්පියෙක්. ඔහු රඟපාපු Housefull 1,2,3,4 සෙට් එකම, Masti ෆිල්ම් සෙට් එකම ගොඩක් හිට් වුණු ෆිල්ම් වුණා. මිනිහා චිත්‍රපටයෙදී ඇඩුවත් අපිට හිනායන විදියට රංගනයේ යෙදෙන්න ඔහුට හැකියාව තිබුණා. ඒත් රිතේශ්ගේ විකටයා කියන චරිතයෙන් ඔබ්බට කෲර දරුණු හතුරෙක් විදියට රගපෑමට ඇති හැකියාව මෝහිත් සුරී ඔහු තුළින් මතු කරලා ගත්තා. ඉතින් ඒවගේ ලොකු වෙනසක් කළ රිතේශ්ට මෙන්ම, Malang චිත්‍රපටයෙන් කුනාල්ට දුන්න චරිතෙන් මෝහිත් වෙනස්ම දෙයක් කරන්න බැලුවා. ඒ, කෲර උම්මත්තක චරිතයකට පණ පොවන්න. කුනාල් ඔහුගේ හැකියාව උපරිමයෙන්ම පෙන්නා තිබෙන ආකරය චිත්‍රපට නැරඹීමෙන් ඔයාලට දැකගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි Aashiqui 2 චිත්‍රපටයේ රාහුල්ගේ යාලුවා විදියට හිටිය ප්‍රවීන රංගන ශිල්පී ශාද් රන්ධවා මේ චිත්‍රපටයෙත් විශේෂ ආරාධිත රංගනයකට එකතු වෙලා තියෙනවා, ඒකත් මේ චිත්‍රපටයේ අද්වේද් කියන චරිතයේ යාලුවා විදියට. භාරතීය හින්දි සිනමාවේ ඉතා වටිනා පුරුකක් වන අනිල් කපූර් මෙම චිත්‍රපටයට දායක වන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි, හීන බොද වූ පොලිස්කාරයෙකුගේ චරිතයකටයි. අනිල් කපූර් සර්ගේ විශිෂ්ට ගණයේ රංගනයක් අපිට මේ චිත්‍රපටය තුළින් බලාගන්න පුළුවන්. වයසට ගියාට ඒ කලාකරුවගේ ඒ ගැම්ම ශක්තිය තාම තියෙනවා. චිත්‍රපටය තුළ විශිෂ්ට රංගනයක් කළේ කවුද කියල ඇහුවොත් අපිට අනිල් කපූර් සර්ව පෙන්නලා දෙන්න පුළුවන්. චිත්‍රපටය, සාර්ථක හා රසික හිත් දිනාගැනීමට හේතුව කියා මං හිතන්නේ අනිල් කපූර් සර්ගේ ඒ අනර්ඝ රංගනය හා චිත්‍රපටයේ ඇති කණට මිහිරි සින්දු ටික කිව්වොත් නිවැරදියි. අනිල් කපූර්ගෙන් කලාතුරකින් දකින්න හම්බවෙන මේ වගේ චරිතයකට ඔහුටම ආවේණික වූ දෙබස් ටිකක් හා ඔහුට ආවේණික වූ හිනාවක් මේකට යොදාගෙන තියෙනවා. මෝහිත් සූරී චිත්‍රපටය තුළින් නළු නිළියන්ගේ උපරිම දක්ෂතා තම චිත්‍රපටය වෙනුවෙන් යොදාගෙන ඇති බව අපිට චිත්‍රපටය පටන්ගැන්මේ සිට බලාගන්න පුළුවන්. අනිල් කපූර් සර්ගේ විශිෂ්ට රංගනය පිළිබද දැක්වූ විචාරයන් කිහිපයක් පහත අයුරින් දැක්විය හැක.

– අනිල් කපූර්ගේ විශිෂ්ට රංගනය පිළිබද දැක්වූ විචාරයන් –

මෝහිති සුරීගේ චිත්‍රපටවල සින්දු ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මොනව හිට් වුණත් නැතත් අනිවාර්යෙන්ම සින්දු ටික නම් හිට් වෙනවා. චිත්‍රපටයේ Title Track රසික සිත් දිනාගැනීම හැකි වුණා. මේ වෙනකොට මේ ට්‍රැක් එක Youtube පරිශීලකයන් මිලියන 68*ක අධික ප්‍රමාණයක් නරඹා තියෙනවා. මේ සින්දුවේ ගායකයා වෙන්නේ වේද් ශර්මා. එයාම තමයි මේක compose කරලා තියෙන්නෙත්. සින්දුවෙන් අපිට බලාගන්න පුළුවන් වුණා, ආදිත්‍යයි දිශායි ලස්සන ගෝවා වෙරළ තීරයේ පාටියකදී හම්බවෙන ආකාරය. වේද් Times of India ට කියල තියෙනවා, මෝහිත් සර්ට ඕනා වුණේ “මේ සින්දුවට ඕනේ චිත්‍රපටයේ ඉන්න ප්‍රධාන චරිතයට හා සමාන කටහඩක්” කියල.

  • Malang චිත්‍රපටයේ බජට් එක වූයේ කෝටි 50*ක මුදලක්. [40 Cr (Production Cost) + 10 Cr (Prints & Publicity)].
  • තිරගත කළ පළමු දවස තුළ කෝටි 6ක් ප්‍රමාණයක් හා පළමු සතිය තුළ කෝටි 25ක් මුදලක් උපයාගන්න හැකියාවක් හම්බවුණා.
  • ලොව පුරා සිනමාහල්වල තිරගත වෙමින් මෙම චිත්‍රපටය ඉන්දියානූ කෝටී 84.50ක මුදලක් සොයාගනිමින් බොක්ස් ඔෆිස් වාර්තා අතරට එක් වූවා.
  • මෙම චිත්‍රපටය නිෂ්පාදනයට දායක වුණු අංකූර් ගාර්ග්, ක්‍රිශාණ් කුමාර්, භූශන් කුමාර් හා ලව් රංජන් කියන නිෂ්පාදකවරුන් ඩිජිටල් හා සැටලයිට් අයිතීන් විකීණීමෙන් කෝටි 20ක් පමණ උපයගෙන තියෙනවා. සැටලයිට් අයිතීන් Sony ආයතනය විසින් ලබාගෙන තිබුණු අතර ඩිජිටල් අයිතීන් Netflix ආයතනය විසින් අරන් තියෙනවා.

ඉතින් මං ඔන්න චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කළා. හිතනවා නොදන්න දේවල් දැනගත්තා කියලා. චිත්‍රපටයේ මොකක්ද වෙන්නේ අන්තිමේට මොකද වෙන්නේ…ඔය කිසිම දෙයක් කියල මේවගේ ලස්සන චිත්‍රපටයක් මං ස්පොයිල් කරන්න යන්නේ නෑ. ඔයාලම අරගෙන බලන්න. මේක මට බාරදුන්න සිසිල අයියට ගොඩක් ස්තූතියි කියනවා. මොකද එයාට බාරව තිබුණ ෆිල්ම් එකක් මගේ 50 වෙනි කඩයිම නිසා එයා මට මේක කිසි අකැමැත්තක් නැතුව දුන්නට ගොඩක් ස්තූතියි කියනවා අයියේ. සිසිල අයියා සයිට් එකට එද්දිත් අත දුන්නා වගේම දැන් මගේ 50වෙනි උපසිරැසියටත් උදව් කළා. බයිස්කෝප් වෙබ් අඩවියේ මගේ සහෝදර සහෝදරියන්ව හා වෙබ් අඩවියේ කපිතාන්වරුන් ආයෙම මතක් කරන ගමන් ලස්සන කතාවක් අරගෙන එන්නම්. 2020 වර්ශයේ නිකුත් වූ ආදරය හා ත්‍රාසය මැදිකොටගත් වර්ණවත් චිත්‍රපටයක් නරඹන්න මං ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්, මේ ඇතිවෙලා තියෙන කොරෝනා වෛරස‍ය, මැඩ පවත්වා ගැනීමට රටම එකට එක්ව, රාජ්‍ය අංශයෙන් දැනුම් දෙන නියෝගයන්ට යටත්ව, සාර්ථකව මෙම වෛරසය හමුවේ මුහුණදෙමු..! බුදුසරණයි..,දෙවිපිහිටයි!

~ Unleash The Madness ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම TRUE WEB /HD පිටපත් සඳහා අදාළ වේ.

69,474 downloadsDownload Malang-2020-Update.zip96 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

69,474 downloadsDownload Subtitles96 KB

149 comments

  1. malithmadhushan45

    ඔන්න මලේ පලවෙනි කමෙන්ටුව මගෙන් සුබම සුබ පැතුම් පසිඳු මලේ 50 වෙනි උපසිරසට. දවස් ගානක ඉඳන් ඇහුවේ කවද්ද 50 ගහන්නේ කියලා. ගොඩක් සතුටුයි. නිකමට හිතුනා මේක වෙන්න ඇති ඔයාගේ 50 කියලා ස්ප්‍රයිස් එකක් කියලා කිවුවනේ ඇහුවම. ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා. මෙහෙම ඉක්මනටම 100 වෙනි කදයිමටත් යමු. එක ළඟ මලයල දෙන්නෙක් 50 කදිම ගහනවා කියන්නේ මාරම සතුටක්. අනිත් කෙනාත් ළඟදීම දෙයි. එහෙනම් තවත් සුහද හමුවකින් අපි සෙට් වෙමු. ජය වේවා මලේ. දැන්ම බලනවා මේක

    1. Shaggie

      ඒ කඩයිම scoob වෙන්නැති කියල හිතනව :-)

  2. Anonymous

    malang film ek danme ndd

  3. උදයංග සම්පත් හතරසිංහ

    බයිස්කෝප් එක්ක සමරන පළමුවැනි කඩයිමට සුබ පතනව මලය. ❤ මාවත් මතක් කරල තියෙනව. ඒ ගැනත් ගොඩක් සතුටුයි වගේම ස්තූතියි.❤ සබ් 50ක් ගැහුවට පස්සෙ ඉතිං යකා ගැහුවත් ඉස්සරහට යන ගමන ලේසියෙන් නතර වෙන්නෙ නෑ. ඒ නිසා කෙටි කාලයකින් ඊලඟ කඩයිමට ඔහොමම යමු.. ජය වේවා! ✌️️️

  4. Udaya Saman

    49 ගහල ටික දවසක් නිසා මාත් බැලුවෙ මේක මොකද තාම 50 දුන්නෙ නැත්තෙ කියලා.ඔන්න ඉතින් මගෙනුත් පළවෙනි කඩඉමට සුභ පතනවා මුළු හදවතින්ම.උදව්වක් ඉල්ලපුවාම හරි සමන් අයියේ කරල දෙන්නම් කියන සයිට් එකේ ඉන්න බොහොම නිහතමානි චරිතයක්. හැමැහින්නම් තාම දැකල නැති වුනාට මාරම බැදීමක් තියෙන පොරක් ඉතින්..(ආ නැද්ද) ඉතින් ඊලග කඩ ඉමත් අපිත් එක්කම ඉක්මනට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ එක හිතින්මයි කොල්ලො.ඒ වගේම අධ්‍යාපන වැඩත් හොදින් කරගන්න ශක්තිය.ධෛර්යය ලැබේවායි පතනවා. උපසිරසියට බොහොම තුති

  5. තාරක නුවන් දිල්හාර

    පළමු කඩඉම වෙනුවෙන් සුභ පැතුම්..
    මාවත් මතක් කරලා තියෙනවට ස්තුතියි..
    ලස්සන චිත්‍රපටියක්...
    සිංදු ටිකට ගොඩක් ආසයි... මෝහිත්ගේ චිත්‍රපටිවල සිංදු කොහොමත් විශේෂයි,
    ඉතිං පනහ ගැහුවා කියන්නේ ආයේ නැවතීමක් නැහැනේ..
    ඉස්සරහදිත් හම්බවෙමු.
    ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියල පතනවා.
    ස්තුතියි උපසිරැසියට..
    ජයෙන් ජය...!!!

  6. Shaggie

    සුබ පැතුම් සහෝ..ඒ වගේම සබ් එකටත් බොහොම ස්තූතියි

  7. #ChalinduDeshan(kinaa)

    congratulations for your 50th.

  8. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සුබ පතනවා 50වෙනි සබ් එකට :) :) ... ඉක්මනටම 100ත් ගහමු බ්‍රෝ..
    ජය වේවා.!

    1. Nadun Jayarathna

      නියමයි බං දිගටම කරන් පලයන් , සුපිරීයට තියෙනව

  9. tharidu16

    50ට සුබ පැතුම් මචො. පිං. ඉතිං අපට මෙහෙම විනෝදය සපයනවාට

  10. Achi

    ආව්ස් ආව්ස් ඒක...ආදරෙයි...මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් සබ් 100 ගහන්න ලැබේවා...
    සබ් එකට බොහොම ස්තුතියි...තව සබ් ගැම්මට කරන්න ශක්තිය දෛර්‍ය ලැබේවා..

  11. හසන්ත වික්‍රමරත්ත

    පළමු කඩඉමට සුබ පැතුම් මල්ලි! මේ වගේ කඩඉම් බොහොමයක් පසු කරන්න වගේම ජිවිතේ කරන කියන සියලු දේ සාර්ථක වෙන්න කියල පතනවා! ජය!!

  12. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි ලිපියක් කරලා තියෙනවා .

  13. sahangayantha

    thanks a lot saho.. congratulation for 50 subtitle.. keep it up

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  15. Bhanuka Priyasad

    Congratulations Bro, Thank you for the sub.

  16. Saranga J. Liyanagama

    Thanks

  17. Anonymous

    suppa broo.. godak suppa sub ekak good job

  18. sanketh

    suppa broo.. godak suppa sub ekak good job

  19. Anonymous

    ස්තුතියි සහෝ...

  20. Shamal manojan

    ලබාදුන්නු මෙම උපසිරැසය සඳහා බෙහෙවින්ම ස්තූතියි

    ඒවගේම බයිස්කෝප් අඩවියෙහි බොලිවුඩ් චිත්‍රපට සඳහා උපසිරැසි ලබාදෙන උපසිරැසිකරුවන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි පසුගියදා අප අතරින් සමුගත් බොලිවුඩයේ සුපිරි නලුවන් දෙදෙනා වන Irrfan Khan හා Rishi Kapoor අනුස්මරණ කරමින් ඔවුන් විසින් අවසානයට රඟපෑ චිත්‍රපට අතරින් මෙතෙක් උපසිරැසි ලබානොදුන් චිත්‍රපට සඳහා උපසිරැසි ලබාදෙන ලෙසයි.

    Irrfan Khan

    Doob: No Bed of Roses - 2017
    The Song of Scorpions - 2017

    Rishi Kapoor

    Mulk - 2018
    Rajma Chawal - 2018
    Jhootha Kahin Ka - 2019

  21. එල්.සී. දමැල්

    50වෙනි උපසිරස වෙනුවෙන් මගෙනුත් ඔන්න උණුසුම් සුභ පැතුම්...
    උපසිරසවල වැඩ වගේම අනිත් වැඩත් සාර්ථකව කරගන්න කාලය ශක්තිය ලැබේවා කියලා පතනවා...
    එහෙමනම් 100න් හමුවෙමු නේද?
    ජය... ✌

  22. Bandara

    මුලු ලිපියම කියෙව්වා..සිතට වැදුන දෙයක් තමයි ‍ෙබලෙිවුඩයේ ප්‍රවීන රංගදරයෙක් වන අනිල් කපූර්ට සර් කියල අමතල තිබුන..ප්‍රවීනයන්ට ගරු කිරීම ඉතා හොද දෙයක්..අපේ වයසත් එක්ක බැලුවහම ඒ අය අපේ සීයලගෙ වයස.ඒ අය ඔයතැනට එන්න සෑහෙන කැප කිරීම් කරන්න ඇති.

  23. නිමල් දිසානායක

    තවත් දිගු කලක්
    රසිකයන් වෙනුවෙන්
    මේ කලාත්මක මෙහෙවරේ යෙදෙන්නට
    රිසිය-දිරිය-විවේකය හා නිදහස
    ඔබට ලැබේවා!

  24. Kantha_DLA

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  25. Helili Hemamali

    පළමු කඩයිමට උණුසුම් සුබ පැතුම් මල්ලි! වැඩ කටයුතු සාර්ථක කරගෙන, ඉදිරි කඩයිම් වලටත් ඉක්මනින් ලඟා වෙන්න ශක්තිය, ධෛර්‍යය ප්‍රාර්ථනා කරනවා.

  26. මයුර

    50ට උණුසුම් සුබ පැතුම් මල්ලි.
    මාවත් මතක් කරාට ස්තුතියි.
    තව මේ වගේ කඩඉම් ගණනාවක් පසු කරන්න ලැබේවා කියලා පතනවා.

  27. PahasaraDv

    Thankz ayye....

  28. R_deshan

    පළමු කඩඉමට සුබපැතුම් සහෝ...දවස් ගානක් තිස්සෙ සයිට් එකට ඇවිත් බලන්නෙ මේකට සබ් දීලද කියල.තැන්කූ කිව්වා සබ් එකට වගේම අගනා ලිපියටයි.

  29. ලහිරු ප්‍රසාද්

    පළවෙනි කඩයිමට හදවතින්ම සුබපතනවා මලේ. ඉදිරියටත් උපසිරැසි කරන්න කාලා වෙලාව ලෙබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජය!

  30. කවිශල් රසින්ත (කවී)

    එහෙනම් පලවෙනි කඩයිම එහෙම නැත්තම් පනස්වෙනි උපසිරසි ගැන්වීමට උණුසුම් සුභ පැතුම්... ඉංග්‍රීසි දෙමල හින්දි ගොඩක් පැතිවලින් සයිට් එකට ලොකු දායකත්වයක් සපයන කෙනෙක් වගේම උදව්වක් ඉල්ලුවොත් අනිවාරෙන් නෑ බෑ නොකියා වැඩේට සෙව් වෙන සහෝදරයෙක්.. මාවත් මතක් කලාට ස්තුතියි ඈ.. සියවෙනි උපසිරසියටත් ඔහොම්ම යමු... මේක දැ නවත්තන්න බෑ... ලේ වලටම බැහලනේ තියෙන්නේ... උපසිරසි ජීවිතේ වගේම පෞද්ගලික ජීවිතේ සියළු කටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම්.. උපසිරසියට තුති... දෙනකල් බලාගෙන හිටියේ.. රීෆෙස් කර කර.. ජය වේවා...!!

  31. ශසිත් සඳරුවන්

    පළමු කඩඉමට සුබපැතුම් මලේ....
    ඉදිරි කඩඉම් වලටත් ඉක්මනින් යන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුහද හමුවෙදි තමයි මුලින්ම අඳුරගන්න ලැබු⁣ණේ. එලකිරි අහිංසක කොල්ලෙක්. :P
    පෞද්ගලික ජීවිතේ වැඩ කටයුතුත් සාර්ථක කරගන්න ලැබේවා කියනවා වගේම මාවත් මතක් කළාට ⁣ස්තූතියි. එහෙනම් මේ සබටත් බොහොම තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ.. ජය!

  32. යුරාන් ධනුක (දනුවා)

    50ට උණුසුම් සුභ පැතුම් මල්ලි !!!
    බොහෝම ස්තුතියි උපසිරසියටත් මාවත් මතක් කරපු එකටත්
    ඉක්මනටම 100* ගහමු
    සියළු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා
    හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    ජය වේවා !!!

  33. දහරා මුතු අමා

    50 ට උණුසුම් සුබ පැතුම් මල්ලි.
    සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලත් ප්‍රාර්තනා කරනවා.
    ඉදිරි කඩයිම් වලට ඉක්මණින් යන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලත් ප්‍රාර්තනා කරනවා.
    එ වගේම මාවත් මතක් කලාට ස්තූතියි.

  34. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    පලවෙනි උපසිරැසි අර්ධ ශතකයට උණුසුම් සුභ පැතුම් මල්ලි.! බයිස්කෝප් පවුලෙන් අඳුනගන්න ලැබුන තවත් සාමාජිකයෙක් බාල සහෝදරයෙක් විදියට අඳුුන්වන්න පුලුවන් අනුන් ගේ සිනමා රසවින්දනය වෙනුවෙන් කැපවෙන ඔබගේ ඉදිරිකටයුතු සාර්ථකම වේවා.!

  35. Rakitha Ranathunga

    50 ට සුභපැතුම් මචන්...
    හොඳ චිත්‍රපට විචාරකයෙක් වගේම හොඳ මිත්‍රයෙක්...
    ඉක්මනින් 100 වෙනි කඩයිමටත් යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න් කියලා ප්‍රාර්ථනා කරනවා..

  36. arawindasunimal

    thanks

  37. isuru srinath sjs

    50 වෙනි සිංහල උපසිරැසියට සුබ පතනවා මල්ලි.. තව කඩයිම් ඉස්සරහට එනවා නේ.. ඒවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ... ඒ වගේම බොහොම ස්තුතියි මේ ගෙනාපු සිංහල උපසිරැසියට .. ජය වේවා !!

  38. රොෂාන් ශමීර

    50 වෙනි උපසිරසියට මගේ උණුසුම් සුබ පැතුම්..
    දෙවනි කඩඉමත් සාර්ථකව නිම කරන්නට දිරිය ශක්තිය වාසනාව ලැබේවා.

  39. -චානක ඉඳුනිල්-

    කඩයිමට හදවතින්ම සුභපැතුම් මලේ, කමෙන්ට් කරන්න පරක්කු වුනාට සමාවෙන්න ඕන...බයිසකෝප් පවුලෙන් හමුවුනු තවත් එක් නිහතමානි චරිතයක්, ඉක්මනින්ම මීළඟ කඩයිමටත් යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, බලාගෙන හිටිය ෆිල්ම් එකක්, සබ් එකට වගෙම විස්තරේටත් ස්තූතියී....
    ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා!

  40. Dilee Ranathunga

    Thank u.ane puluwannam Attraction 2 (2020) film ekata sub dennako.eke 1ni film eka beluwa godak lassanai.

  41. Anonymous

    Thnkz

  42. Chandima Prasad

    50 වෙනි කඩයිමට උණුසුම් සුභපැතුම්..සබ් එක දුන්නට වගේම මේ වගේ දීර්ඝ විස්තරයක් එකතු කරලා ලිපියක් දුන්න එකට ගොඩක් ස්තූතියි...ජයවේවා.....

  43. Navodani Thilini Sasanika

    50 වෙනි කඩඉමට හදවතින්ම සුභ පතනවා මල්ලි. මේ වේගෙන්ම ඊළඟ කඩඉමටත් යමු.❤️❤️

  44. Kolitha

    Thanx bro

  45. සොහාන් ජයසූරිය

    එහෙනම් දෙන්නා එකටම 50 ගැහුවා නේද මලේ.. හදවතින්ම සුභ පතනවා වගේම දෙන්නා එක්කම ඉක්මනට 100 ට යමු කියලත් ප්‍රාර්ථනා කරනවා.. ජීවිතේ අනිත් හැම දේමත් සාර්තක වෙලා ඉක්මනට කෙල්ලෙක් සෙට් වේවා කියලත් ප්‍රාර්තනා කරනවා.. ජය වේවා එහෙනම්

  46. issaaa

    tnzz kollo
    congregations................

  47. WA@

    Thanx..
    ජය.

  48. Gihan perera

    නියමයි මචන් නියමයි..... පට්ට මචන්..... හැඳින්වීම.... උණුසුම් සුභ පැතුම් මචං....100 ක් ගහමු ඔහොම්මම.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.... දෙවි පිහිටයි....ජය වේවා.....

  49. oshanda

    සුභ පැතුම් මල්ලියා...50 වෙනි කඩ ඉමට උණුසුම් සුභ පැතුම්... බයිස්කෝප් එකත් එක්ක දිගු ගමනකට දිගාසිරි....

  50. Anonymous

    සුපිරිම ඈ,
    මේ ෆිල්ම් එක මමත් කරන්න උන්නු එකක්..
    බලන්න ආසාවෙන් හිටියේ, එහෙනම් ඔන්න ගන්නවා.
    50 ස වෙනි සබට සුභ පැතුම් මල්ලි.
    100 ත් ඉක්මනට ගහමු.
    ජයවේවා!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.