Watch Trailer

Sing Street (2016) with Sinhala Subtitles | බලාපොරොත්තුවේ සංගීතය… [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකට පස්සේ හරිම ලස්සන කතාවක් අරගෙන එන්නයි මේ සුදානම. මේක බොහොම සරල, ඕන තරම් දැකලා තියන කතාවක්. නමුත් මේක හැමදාම දකින කතාවක් බොහොම අගේට කරපු අවස්ථාවක්. කොටින්ම කියනවා නම් IMDB 8.1 ක අගයක් ලබාගන්න තරම් හොඳ වෙලා තියනවා. රෝටන් ටෝමාටෝ අවඩියේ විචාරක මතයට අනුවත් 97% වගේ බොහොම ඉහල අගයක් ලබාගෙන තියනවා.…

ටික දවසකට පස්සේ හරිම ලස්සන කතාවක් අරගෙන එන්නයි මේ සුදානම. මේක බොහොම සරල, ඕන තරම් දැකලා තියන කතාවක්. නමුත් මේක හැමදාම දකින කතාවක් බොහොම අගේට කරපු අවස්ථාවක්. කොටින්ම කියනවා නම් IMDB 8.1 ක අගයක් ලබාගන්න තරම් හොඳ වෙලා තියනවා. රෝටන් ටෝමාටෝ අවඩියේ විචාරක මතයට අනුවත් 97% වගේ බොහොම ඉහල අගයක් ලබාගෙන තියනවා. සම්මාන කාලය එන එකේ මේක ඒ කාලේ කතා බහට ලක් වෙන්න බොහොම ඉඩ තියන කතාවක්.

මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ John Carney, ඔහු තමයි මිට පෙර Begin Again, Once වගේ සංගීතය අලලා නිර්මාණය වුන කතා අධ්‍යක්ෂණය කරලා තිබ්බෙත්. දෙකම සංගීතය වෙනුවෙන් ඔස්කා පවා යෝජනා වුනා නෙව. මේකත් එහෙම වේවි, මොකෝ මේකේ ප්‍රසිද්ධම පිරිස බොහොම අඩුයි, පොඩි කොලු ගැටව් ටිකක් ඉන්නේ ඒ ඉන්න ටික දෙනා අතිශය විශිෂ්ඨ රංගන ප්‍රතිභාවක් පෙන්නුම් කරනවා.

ඉන්න පිරිස ගැන නම් වශයෙන් කියනවා නම් Ferdia Walsh-Peelo, Aidan Gillen, Maria Doyle Kennedy, Jack Reynor, Lucy Boynton, Mark McKenna හා තාවත් විශාල පිරිසක්. නම් ටික බැලුවහම අපේ ටිටල්ෆින්ගර් ඇත්තාගේ නම දකින්න ඇති නෙව…. ඊට අමතරව අපි හරි හැටි දැකලා තියනවා නම් ඒ ජැක් කොල්ලා තමයි, මිනිහා Transformers: Age of Extinction හිටියා නෙව.

කතාව මෙහෙමයි, කෝනර් කියන්නේ 1980 දශකයේ අයර්ලන්තයේ ජිවත් වෙන තරුණයෙක්… තරුණයෙක් කිව්වට නව යෞවනවියේ පසුවන්නෙක් කියන එක තමයි හරිම කතාව. මෙයාලාගේ ගෙදරටත් ඔය කාලේ වෙනකොට අයර්ලන්තයේ තිබ්බ ආර්ථික ප්‍රශ්නය දැනෙන්නට පටන් අරගෙන, ඉතින් කලින් ගිය ඉහල පෙලේ පාසල වෙනුවට දැන් මෙයාට සිදු වෙනවා නව පාසලක් වෙත යන්න. මේ පාසල ඉදිරියේ ඉන්නවා ලස්සන ගැහැණු ළමයෙක්, මේ කෙල්ලට වැඩ පෙන්වන්න කෝනර් සංගීත කණ්ඩායමක් හදනවා… ඒ ගැන තමයි මේ කතාව… අයත් වෙන්නේ Comedy, Drama, Music කියන කාණ්ඩවලට..

මේකේ බොහොම ලස්සන සින්දු ටිකක් තියනවා… ඒ වගේම බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායම් නම් මම එහෙම්ම ඉංග්‍රීසියෙන් තිබ්බා ඔබටත් හොයා බලන්න ඕන නම් ඒ නමින් සොයා බලන්න හැකි වෙන්න. එහෙනම් තවත් උපසිරසක් එකක් හමුවෙමු යම් දිනක… එතෙක් ඔබට ජය….           

Sing Street (2016) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා වලංගු වේ.

1,461 downloadsDownload Sing-Street-2016.zip112 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,461 downloadsDownload Subtitles112 KB

15 comments

  1. salitha

    ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැ

  2. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  4. EmJay

    thanks brother...

  5. Rashmika

    Thank you so much
    brother…

  6. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Asitha

    ela thanks

  8. Dish

    Niyamai tnx saho

  9. me

    Thanks

  10. Hasi

    patta

  11. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Wasa

    Thanks brother

  13. Isuru Dimantha

    thankz sub ekata

  14. charaka milan wickramasinghe

    thank bro.. jaya!

  15. LSMhuska

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.