Watch Trailer

The Animatrix (2003) Sinhala Subtitles | කෙටි චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරැසි සමඟ]

කොරෝනා වෛරසය නිසා ගෙවල් ඇතුළට ම කොටු වෙලා ඉන්න ඔයාලට මම අළුත් වෙනස්ම විදිහේ කතාවක් අරගෙන ආවා. ටික දවසකට කලින් මම උපැසිරැසි කරන්න චිත්‍රපටියක් හොය හොය ඉන්නකොට මට තිසර අයියායි මේක ගැන කිව්වේ. මම නම් මේක ගැන දැනගෙන හිටියෙත් නැහැ. හැබැයි බැලුවම මටත් ආස හිතුණා. ඉතිං මං මුලින් ම ඔහුට ස්තූති කරනවා වගේම ලි…

කොරෝනා වෛරසය නිසා ගෙවල් ඇතුළට ම කොටු වෙලා ඉන්න ඔයාලට මම අළුත් වෙනස්ම විදිහේ කතාවක් අරගෙන ආවා. ටික දවසකට කලින් මම උපැසිරැසි කරන්න චිත්‍රපටියක් හොය හොය ඉන්නකොට මට තිසර අයියායි මේක ගැන කිව්වේ. මම නම් මේක ගැන දැනගෙන හිටියෙත් නැහැ. හැබැයි බැලුවම මටත් ආස හිතුණා. ඉතිං මං මුලින් ම ඔහුට ස්තූති කරනවා වගේම ලිපිය ලියන්න උදව් කරාටත් ඔයාට ගොඩක් ස්තූතියි.

The Animatrix මේ චිත්‍රපටියේ පසුබිම ගැන කියනවනම් විශ්වයේ පසුබිම විස්තර කරන හා එය නිර්මාණය කිරීමට තුඩු දුන් මිනිසා සහ යන්ත්‍ර අතර මුල් යුද්ධය කෙරෙහි අවධානය යොමු කරන කෙටි චිත්‍රපටවල එකතුවකි. 2003 වසරේ ජූනි 03 වැනිදා තිරගත වීම ඇරඹු මෙම් චිත්‍රපටිය The Matrix Reloaded චිත්‍රපටිය පසුව ආ The Matrix Revolution චිත්‍රපටියට පෙරාතුව නිකුත් වූ එය Matrix චිත්‍රපට ත්‍රිත්වයේ ඌන පූරකයක් ලෙස සැලකිය හැකිය. IMDB අගය 7.4ක අගයක් ලබා ගෙන Rotten Tomatoes හි අගය 89%ක් ගන්න සමත් වෙලා තියෙනවා. ජපාන ත්‍රිමාණ සජීවිකරණයේ ප්‍රවීණයන් විසින් අධ්‍යක්ෂනය කරන ලද මෙම කෙටි චිත්‍රපට සමූහයේ චිත්‍රපට 04ක තිර පිටපත රචනා කරනු ලැබ ඇත්තේ Wachowski සහෝදරවරුන් විසිනි. Matrix චිත්‍රපටයන් හි දැකවෙන ප්‍රබන්ධමය ලෝකය පාදක කර ගනිමින් The Animatrix චිත්‍රපට නිර්මාණය වී ඇත.මිනිත්තු 90ක ධාවන කාලයකින් යුත් ජපාන, ඇමරිකානු සම සම්භවයක් ඇති The Animatrix, Warner Home Video බෙදාහැරීමකි.

හොඳයි දැන් කතාව පැත්තට හැරුනොත්, මෙහි එක් එක් කතා නිරූපණය වන නිසා මම එකින් එක පැහැදිලි කරන්නම්.

FINAL FLIGHT OF THE OSIRIS (ඔසිරිස් හි අවසාන පියාසැරිය)

Sentinal යන්ත්‍ර දැවැන්ත විදුම් යන්ත්‍ර යොදාගනිමින් Zion කරා ළං වීමට පොළොව විඳිමින් සිටින බව මුලින් ම දැන ගත්තේ Osiris යානයේ කණ්ඩායමකි. තමා හඹා එන ප්‍රහාරක යන්ත්‍රවලින් ගැලවෙමින් පලා යන ඔවුහු විනාශ කිරීමට පෙර එම පණිවිඩය අන් අය වෙත යවන්නට සමත් වෙනවා. The Matrix Reloaded චිත්‍රපටිය ඇරඹෙන විට දැක්වෙන අන්දමට Zion හි පිරිස තමන් මුහුණ දී ඇති අර්බුදය පිළිබඳව දැන ගන්නේ Osiris හි මෙම පණිවිඩයත් සමඟය.

THE SECOND RENAISSANCE (දෙවන පුනරුදය)

Matrix චිත්‍රපට මාලාවේ දැක්වෙන කථා පස්‍රබිම සඳහා ඉතිහාසය තුළ ලෝකය නිර්මාණය වූ අයුරු මෙහි දැක්වෙනවා. මිනිසා කෘතිම බුද්දියට උපත දී, යන්ත්‍ර තමන්ගේ වහල්කම් සඳහා යොදා ගන්නවා. තම ආත්මාරක්ෂාව උදෙසා එක් රොබෝ යන්තුයක් මිනිසෙකු මරා දැමීමත් සමඟ යන්ත්‍රවලට එරෙහි ව මහා මර්දනයක් දියත් වේ. එහි ප්‍රතිඵලයක් 01 නමින් නගරයක් පිහිටුවා ගනිමින් යන්ත්‍ර වර්ගයා වෙනම ජාතියක් පිහිටුවා ගැනීමයි. මිනිසුන් සහ යන්ත්‍ර අතර යුද්ධය ඇරඹෙන්නේ මෙතනින්.

PROGRAM (වැඩසටහන)

අවදි වී සිටින Cis නම් යුවතියකට තමාගේ පුහුණු පෙරහුරුවක් තුළ දී අත්දැකීමට සිදු වන සිදුවීමක් තමයි මෙහි නිරූපණය වෙන්නේ. එහිදී පෞද්ගලික ආශාව හා නිවැරැදි කටයුත්ත අතරින් එකක් තෝරා ගැනීමට ඇය දැඩි පීඩනයකට ලක් වන අතර පසුව එය තවත් එක් පරීක්ෂණයක් පමණක් බව ඇය තේරුම් ගන්නවා.

WORLD RECORD (ලෝක වාර්තාව)

Matrix ලෝකයේ සිටිමින් එහි මායා පැවැත්ම පිළිබඳ අවබෝධ කර ගන්නේ සාමාන්‍යයෙන් ඉහළ සංවේදිතාවයක්, සමාජ ඥානයක් සහ ප්‍රශ්න කිරීමේ ස්වභාවයක් දක්වන පුද්ගලයන් පමණි. Matrix ලෝකයෙන් අවදි කරවීමට සුදුසු වන්නේ එබඳු වැටහීමක් ඇති පුද්ගලයෙකු පමණි. නමුත් මෙයට හාත්පසින් ම වෙනස් ක්‍රමවලින් මේ පිළිබඳ අවබෝධ කරගත් ධාවන ශූරයෙකු වන Dan Davis තම උපරිමයන් කරා යෑමට දැඩි අධිෂ්ඨානයකින් යුතුව තීරණය කරන ඔහු උපරිමය යනු නිර්මාණය කරන ලද භෞතික බාධකයක් පමණක් බව තේරුම් ගන්නවා.

BEYOND (ඉක්මවා යන)

Matrix ලෝකය තුළ නිර්මාණයේ දී අඬුලුහුඬුකම් ඉතිරි වූ තැනක් දරුවන් පිරිසකට හමු වේ. භෞතික විද්‍යා නියමයන් හා කාලයේ ඒකමිතික ගලා යෑම එහිදී උල්ලංඝනය වේ. දරුවන්ගේ විනෝදස්තානයක් බවට පත් වන එය අවසානයේ ඒජන්තවරුන්ගේ නිරීක්ෂණයට හසු වේ.

A DETECTIVE STORY (රහස් පරීක්ෂක කතාව)

වෘත්තීයමය ජීවිතයෙන් අසාර්ථකත්වයට පත් වූ පෞද්ගලික රහස් පරීක්ෂකවරයෙකුට හදිසියේ ම පරීක්ෂණයක් භාර වෙනවා. පසුව ඔහු දැනගන්නවා මීට පෙර එම පරීක්ෂණය භාර වූ අය ඉතා අවාසනාවන්ත ඉරණම්වලට ගොදුරු වී ඇති බව. බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දෙමින් පරීක්ෂණයට ඔහු මුහුණ දෙනවා

MATRICULATED (අධ්‍යාපනය)

පොළොව මතුපිට ජීවත් වන මිනිස් කැරලිකරුවන් පිරිසක් උගුල් අටවා මිනිසුන් විනාශ කිරීමට නිර්මාණය කර ඇති රොබෝ යන්ත්‍ර හසු කර ගන්නවා. එසේ හසු කරගත් එම යන්ත්‍ර ඔවුන් විසින් ම නිර්මාණය කරන ලද Matrix ලෝකයකට සම්බන්ධ කර එමඟින් ඔවුන්ට මිනිස් වර්ගයා ගේ යහගුණය ඉගැන්වීම ඔවුන්ගේ අරමුණ. එයින් ඔවුන් බලාපොරොත්තු වනවා ස්වාධීනව කල්පනා කර තීරණ ගැනීමේ හැකියාව ඇති රොබෝවරුන් බිහි කරන්න.

KID’S STORY (ළමා කතාව)

මේ කතාවෙන් කියවෙන්නේ The Matrix Reloaded චිත්‍රපටියේ දී ප්‍රේක්ෂකයා හමුවේ මුල් වරට පෙනී සිටින Kid නම් තරුණයාගේ කථාන්දරයයි. උසස් පාසලක ඉගෙනුම ලබන Kidට Matrix ලෝකයෙන් මිදීමට Neo විසින් ආරධනා කරනවා. ඒ අනුව ඔහු සොයා පැමිණෙන ඒජන්තවරුන් පිරිසකගෙන් ගැලවී පලා යන්න ඔහුට සිද්ද වෙනවා. Neo හමු වන්නට නොහැකි වුවත් ඔහු කිසිඳු බාහිර උපකාරයකින් තොරව Matrix ලෝකයෙන් ගැලවී සැබෑ ලෝකය තුළ නැගිටින්න සමන් වෙනවා. Matrix ඉතිහාසය තුළ මෙබන්දක් කළ පළමු පුද්ගලයාගේ කතාව මේ. මේ වෙනස් ම වෙනස් අපූරු චිත්‍රපටිය නරඹන්න හැමෝටම ආරධනා කරමින් මං අදට නවතිනවා.

මේ Film එක උපැසිරැසි කරන්න මට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් Admin මඩුල්ලට හදපිරි ස්තූතිය පුද කරමින් තවත් ලස්සන කතාවකින් නැවත හමුවෙමු.

දෙවි පිහිටයි!
ස්තූතියි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාල වේ

1,796 downloadsDownload The.Animatrix.2003.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යමීනා ජොහාර් ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-03-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,796 downloadsDownload Subtitles28 KB

15 comments

  1. කවිනු වීරක්කොඩි

    thnkq!

  2. Navodani Thilini Sasanika

    උපසිරසියට ස්තූතියි, තව ලස්සන ඇනිමෙ තියෙනවා පුළුවන්නම් අරන් එන්න. Good Luck sis. ❤❤

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. geeganagamage

    බොහොම ස්තුතියි

  6. usvip

    Thnx for your sub..

  7. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..

  8. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Chandimal

    Thanks for the explanation and the subtitles. Keep up the good work.

  11. Randy Sandalanka

    Supirima short films tikak!!! Psychologycal thriller

  12. Tharindu Dilshan

    sub eka superb........... issarahathath anime walata sub oona ....good luck bro

  13. Anonymous

    Thanks for the subtitles

  14. Dimuthu Praboda

    noice

  15. Anonymous

    thnx bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.