සුබ දවසක්! මම අද ඔයාලට අරගෙන ආවේ ලස්සනම ලස්සන ළමා චිත්‍රපටියක් අරගෙනයි. මේක මගේ පළවෙනි උපසිරැසිය නම් නෙමෙයි. පෞද්ගලික භාවිතයට මම සිංහල උපසිරැසි නිර්මාණය කළත් බයිස්කෝප් සිංහලෙන් සමඟ උපසිරැසියක් බෙදාගන්නා පළමු වතාව තමයි මේක. හරි අපි කතාව දිහාවට හැරෙමු, මේ කතාවේ ප්‍රධාන චරිතය ගිලී කියලා ගැහැණු ළමයෙක්.…

සුබ දවසක්! මම අද ඔයාලට අරගෙන ආවේ ලස්සනම ලස්සන ළමා චිත්‍රපටියක් අරගෙනයි. මේක මගේ පළවෙනි උපසිරැසිය නම් නෙමෙයි. පෞද්ගලික භාවිතයට මම සිංහල උපසිරැසි නිර්මාණය කළත් බයිස්කෝප් සිංහලෙන් සමඟ උපසිරැසියක් බෙදාගන්නා පළමු වතාව තමයි මේක. හරි අපි කතාව දිහාවට හැරෙමු, මේ කතාවේ ප්‍රධාන චරිතය ගිලී කියලා ගැහැණු ළමයෙක්. ඇය ඉන්නේ පුංචි කාලේ ඉඳලම ඇගේ මවගෙන් වෙන්වෙලා. ඇගේ අම්මා ඇයව ළමයි බලාගන්න පවුලකට භාරදීලා දුර බැහැර ප්‍රදේශයක ජිවත්වෙන්න ගිහින්. ඉතින් තමන් කිසිදාක නොදැකපු තමන්ගේ අම්මා ළඟට යන එක තමයි මේ දඟකාරියගේ එකම අරමුණ. ඉතින් ඇය ඒකට කරන දේවල් වගේම තවත් රසවත් සිදුවීම් මාලාවක් වටා ගෙතිලා තියන මේ චිත්‍රපටිය එක හුස්මට නරඹන්න පුළුවන් එකක් බවයි මගේ අදහස.
මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ ඔයාලා හොඳටම දන්න දෙන්නෙක්. ඔයාලට මතක ඇති “The Book Thief (2013)” චිත්‍රපටියේ “ලීසල් මෙමින්ගර්” ව. ඇගේ චරිතයට පණ පොවන Sophie Nélisse තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වෙන ගිලී හොප්කින්ස් ගේ චරිතයට පණපොවන්නේ. ඒ වගේම “Titanic (1997)” චිත්‍රපටියේ “මොලී බ්‍රවුන්ගේ” චරිතයට පණපොවන “Kathy Bates” මේ චිත්‍රපටියේ ට්‍රොටර් මහත්මිය විදිහට රංගනයෙන් දායකවෙනවා.
තව කියන්න දේවල් කිහිපයක් තියනවා. මම කිව්වා මේක මගේ පළමු උපසිරැසි නිර්මාණය නෙමෙයි කියලා. ඒත් අඩුපාඩු නම් කොතෙකුත් ඇති. උපසිරැසිය බාගන්න ගමන් දිරි ගැන්වීමක් විදිහට ඒවා ගැන සඳහනක් කරලා කමෙන්ට් එකකුත් දාන්න කියලා මම ඉල්ලනවා. මේ චිත්‍රපටියේ එක්තැනක විලියම් වර්ඩ්ස්වර්ත් කවියාගේ “Intimations of Immorality” පද්‍ය පන්තියේ කොටසක් තියනවා. ඒ කවියේ තේරුමත් මම සිංහලෙන් සඳහන් කළා. නමුත් කවියේ ඒ ඒ පේළියට යටින් තියන සිංහල තේරුම සමහර තැන්වල වෙනස් ඇති. මම එහෙම කළේ කවියේ පද පේළිවළ අනුපිළිවෙල රකින්න ඕනි නිසා. අර්ථ හානිය අවමවන විදිහට මම ඒක කරන්න පුළුවන් තරම් උත්සාහ කළා. නමුත් ඒ කවියේ තියන ගැඹුරු අර්ථයත් එක්ක මම හිතනවා මම අසාර්ථක වුණා කියලා. ඒ ගැන මම හුඟක් සමාව ඉල්ලනවා. ඒවගේම මම TV Show එකකට සිංහල උපසිරැසි දෙන්න පටන් ගත්තා. ඒ වගේ සමහරක් මේ ලිපිය ලියද්දීත් භාරදීලා ඉවරයි. ප්‍රශ්නේ තියෙන්නේ ඒවායේ ලිපිවල. මම ඉන් පළමු උපසිරැසියේ සඳහන් කරලා ඇති “මේ මගේ පළවෙනි උපසිරැසිය” කියලා. නමුත් ඒ දවස්වල මම හිතුවේ නැහැ මට අමතරව උපසිරැසියක් කරන්න වේවි කියලා. මේ ලිපිය කියෙව්වට පස්සේ අනාගතයේ ලැබෙන කලින් කරපු ඒ උපසිරැසිවල ලිපි කියවද්දී ගැටළු මතුවෙන නිසයි මම ඒ ගැනත් මතක් කළේ. ඒ ටික නම් ළඟදි ලැබෙන එකක් නැහැ. ඉතින් මේ චිත්‍රපටිය ඔයාලා හොඳින් රස විඳීවි කියලා මම හිතනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. එතෙක් ඔයාලට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
The Great Gilly Hopkins (2016) [720p] [YTS.AG]
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,472 downloadsDownload The-Great-Gilly-Hopkins-2016Baiscopelk.com_.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/SavinduSihilal1-e1481406144469.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සවිඳු සිහිලැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සවිඳු සිහිලැල්
Subtitles
12 comments
Web-බුවා
anura
niyamai...jayaweewaaa
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!අසිත
elama saho thanks
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Kasun
බොහෝම ස්තුතියි සහෝ......
Kasun
බොහොම ස්තූතියි සහෝ......
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......sajitha rasanga
ela
Advertisement

පොඩි කාලේ මතක් වෙන්නත් එක්ක පට්ට භාණ්ඩයක්'නේ මේක.
ස්තූතියි ළමයෝ මේ වගේ ඒව්වා අරං එනවට.
ජය පුතා! :)