Watch Trailer

The Grudge 2 (2006) | ශාපලත් නිවස..!! [සිංහල උපසිරැසි සමඟ]

හොල්මන් චිත්‍රපටියක් බලමු ද? හොඳයි එහෙනම් ඔන්න මං ගෙනාව මගේ පස්වැනි උපසිරැසි නිර්මාණයට 2006 වසරේදි නිකුත් වුණු පට්ට පදිරි චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම තමයි Grudge 2. චිත්‍රපටියෙ නම බලද්දි ඔයාලට හිතෙනව ඇති මේක Series එකක් කියලා. ඔව් අපේ සහෝදරයෙක් මේකෙ පළවෙනි චිත්‍රපටිය වෙන Grudge එකේ සිංහල උපසිරැසිය…

The Grudge 2 (2006)

හොල්මන් චිත්‍රපටියක් බලමු ද? හොඳයි එහෙනම් ඔන්න මං ගෙනාව මගේ පස්වැනි උපසිරැසි නිර්මාණයට 2006 වසරේදි නිකුත් වුණු පට්ට පදිරි චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම තමයි Grudge 2. චිත්‍රපටියෙ නම බලද්දි ඔයාලට හිතෙනව ඇති මේක Series එකක් කියලා. ඔව් අපේ සහෝදරයෙක් මේකෙ පළවෙනි චිත්‍රපටිය වෙන Grudge එකේ සිංහල උපසිරැසිය දීල තියෙනවා. ඒක ඔයාලට මෙතනින් බලාගන්න පුළුවන්. පළවෙනි කොටස බලපු කට්ටියත් ඇති. ඒගොල්ලන්ට මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. දෙවෙනි කොටස යන්නෙ ඇත්තටම කිව්වොත් පළවෙනි කොටසත් එක්ක එකතුවෙලා. එහෙම වුණා කියලා මේකෙ පළවෙනි කොටස බලන්නම ඕනෙ නෑ. දෙවෙනි කොටස හොඳටම ඇති තේරුම් ගන්න. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Takashi Shimizu ; ඒ වගේම මේකට ලැබිල තියෙන IMDb අගය 4.9 ක්. වැඩිය කතා කරන්න ඉස්සර වෙලා අපි චිත්‍රපටිය ගැන චුට්ටක් දැනගෙන ඉමු නේද?

අපි Grudge චිත්‍රපටියෙ පළවෙනි කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. මේ ඔක්කොම දේවල් සිද්ධ වෙන්නෙ ජපානෙ තෝකියෝ වල තියෙන පැරණි ගෙදරකින්. මේ ගෙදර මීට ටික දවසකට කලින් භයානක මිනීමැරුමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි ගැහැනියකුයි, දරුවෙකුයි සාහසික ලෙස ඝාතනය වීම. ඒ මිනීමැරීම සිද්ධ කරන්නෙ දරුවගෙ තාත්තා, ඒ කියන්නෙ අර ගැහැනියගෙ සැමියා. ගැහැනියගෙ බෙල්ල මිරිකලා කඩා දමලා, පොලිතින් කවරෙක ඔතලා ඒ ගෙදරම තියෙන අටුවක් අස්සෙ මේ සැමිය හංගනවා. දරුවව මරන්නෙ නාන තටාකෙ ගිල්ලවලා. මෙතනදි හොල්මන් කරන්න පටන් ගන්නෙ මේ කියන ගැහැනිය. ඇයට සිද්ධ වුණු අසාධාරණය නිසා, ඇය හැමෝගෙන්ම ඒකට පළි ගන්නවා. ඒ පළි ගැනීම සිද්ධ කරන්නෙ, මේ ගෙදරට යන එන හැමෝවම ඉතා බිහිසුණු ලෙස මරා දාලා. මරණ විදිහ හිතාගන්නවත් බෑ. මිනිස්සු කියන්නෙ මේ ගෙදරට යන හැමෝටම සාපයක් වදිනව කියලා. මේකට දරුණු ලෙසම බිලි වෙන්නෙ, කැරන් (Sarah Michelle Gellar) කියන ගැහැනිය. ඇය පස්සෙන් අර මැරුණු ගැහැනියගෙ ආත්මය එන්න පටන් ගන්නවා. පළවෙනි කොටස අන්තිමේදි, කැරන් මේ සිද්ධිය දැනගෙන, ගෙදර ගිනි තියන්න පටන් ගන්නවා. ඒත් ඒක ඉවර වෙන පාටක් නෑ.

දැන් තමයි Grudge 2 චිත්‍රපටියෙ දෙවෙනි කොටසට යන්නෙ, මෙතනදි මේ සිද්ධියට එකතු වෙනවා කැරන්ගෙ සහෝදරිය වන ඕබ්‍රි (Amber Tamblyn). ඇයත් මේ සිද්ධිය ගැන හොයා බලන්න පටන් ගන්නවා. චිත්‍රපටිය පටන් ගන්නෙ කිසිම තේරුමක් නැතිව. ඒත්, ඔයාලට අවසානය වෙද්දි, මේ හැම එකක්ම තේරුම් ගන්න පුළුවන්. මෙතනදි, කතා ගොඩක් අපිට බලාගන්න පුළුවන්. ඒත්, ඒවා පටන් ගන්නෙ එකම තැනකින්. ඇත්තටම කවුද මේ මැරුණු ගැහැනිය? ඇය මේකට සම්බන්ධ වෙන හැම කෙනෙක්වම මරන්නෙ තමන්ගෙ පලිය පිරිමහ ගන්නමද? මොකද්ද මේක ඇතුළෙ සැඟවිලා තියෙන රහස?

ඉතුරුටික බලන එක ඔයාට බාරයි. හැබැයි මම එකක් කියන්නම්, මේක රෑට නම් බලන්න එපා, අර ගැහැනියගෙ මූණ දැක්කහම නම් ඕන්නෑ.. :p

The Grudge 2 (2006) on IMDb

 

 

750 MB කොපිය මෙතනින් බාගන්න

F933AA40118AFA77691F57CFF6090EE235BC0E5B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,141 downloadsDownload The.Grudge.2.2006.baiscopelk.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,141 downloadsDownload Subtitles21 KB

33 comments

  1. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  2. Mayura

    patta machan. kiyala wadak na. sub ekata thanx :)

    1. angel

      no thanx!!! :lol: :lol:

  3. ___යස්මික සෞභාග්‍යය___

    තෑන්ක්ස් තෑන්ක් කස්ටියටම.....!!! තාම එක්කෙනයි බාල තියෙන්නෙ... දාපු ගමන්මනේ...

    1. angel

      mea,kastiyama newei!!! kattiyama!! mama hithannenan oya massage daanna kalin sinhala literature improve keregenema dammoth hodai!!! :lol: :lol: :lol:

  4. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා මචෝ පලවෙනි එක බළලා තියේ
    දෙවැනි එකත් බලමු අනිකත් ඉක්මනට දෙන්න පුළුවන්නම් හොදයි

  5. අදිත ප්‍රවීන්

    නියමයි මචන් නියමයි !
    මාර බයිස්කෝප් එකක්නෙ ගෙනත් තියෙන්නෙ .
    දිගටම සබ් දෙන්න . සුභ පැතුම් ! :D

  6. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  7. npdjz

    ela baluwada manda one ekak kiala banawa

  8. jack

    අම්මෝ හොල්මන්...
    ස්තුතියි සහෝ.

    1. ___යස්මික සෞභාග්‍යය___

      ඔව් ඔව් හප්පේ හොල්මන්...:පී

    2. angel

      you r very scared @ ghosts!! i know it very well!!!:lol: :lol:

  9. Danuka ධනූ

    ස්තුතියි සහෝ.

  10. හර්ෂ ලහිරු

    එලකිරි සහො බොහොම ස්තුතියි :P :P ජය

    1. angel

      who are ypu??? from where are you???? ;D

  11. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..................

  12. supun

    Elzzzzzzzzzzzzz machan

  13. Saman Prasad ( Black Panther )

    thanks thanks

  14. නලින්

    ස්තුතියි යෂ්මික සහෝ සිංහල උපසිරසියට!

    ජය වේවා!

  15. Emi

    Thank you

  16. Sanjaya

    Thanks Saho...

  17. රොයිලි

    බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Raj

    නියමයි නියමයි, ඔහොම යං ඔහොම යං , එළකිරි ජයවේවා!

  19. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි මේකේ තුන්වෙනි එකත් දෙන්න, THE GRUDGE - 03 (2009)

  20. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  21. Amuthu

    mechchara kalekata apu horror film wlin wediyenma baya hithena film ekak. reta balanawa thiya hithannawath be. niyamai

  22. P.K

    The ghost in this movie is little weird...I mean scary....Anyway love this movie...Thanx saho..

  23. sneha

    i like horror films very much.they are very scary!! when i'm watching them i feel i also with them and also the gruge had catched me!!! i love this film very much!!! :D

  24. kaushalya

    ela kollo.weldone

  25. Amalka

    සබට තුති කොල්ලෝ දිගටම මේ වගේ හොඳ ඒව දෙන්න

  26. ashan lankanath

    thanks

  27. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  28. sandharu

    Thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.