ආයුබොවන් බයිස්කෝප් සිංහලෙන් යාළුවෝ හැමෝටම.. ඔන්න මං අද අරන් ආවා මේ අවුරුද්දේ ආපු අළුත්ම චිත්‍රපටයකට සිංහල උපසිරසියක්. පහුගිය දවස් කීපයක් ගෙදරටම වෙලා ඉන්න සිද්ධවුනා. ඉතින් ඒ ඉන්න ගමන් චිත්‍රපට කීපයක්ම බැලුවා. ඒ අතරින් බලපු එකක් තමයි මේ. සිංහල උපසිරසියක් හොයාගන්න බැරිවුන නිසා අඩවියෙන් ඉල්ලීමක් කරලා ය…

ආයුබොවන් බයිස්කෝප් සිංහලෙන් යාළුවෝ හැමෝටම..
ඔන්න මං අද අරන් ආවා මේ අවුරුද්දේ ආපු අළුත්ම චිත්‍රපටයකට සිංහල උපසිරසියක්. පහුගිය දවස් කීපයක් ගෙදරටම වෙලා ඉන්න සිද්ධවුනා. ඉතින් ඒ ඉන්න ගමන් චිත්‍රපට කීපයක්ම බැලුවා. ඒ අතරින් බලපු එකක් තමයි මේ. සිංහල උපසිරසියක් හොයාගන්න බැරිවුන නිසා අඩවියෙන් ඉල්ලීමක් කරලා යවපු මේල් එකට විමුක්ති සහෝදරයා උත්තර දුන්නා කරලා එවන්න කියලා. ඉතින් මමත් ඉක්මණටම ඔන්න මේ චිත්‍රපටයට සිංහල උපසිරසිය අරගෙන ආවා.
The Ledge (2022)
මිතුරන් කණ්ඩායම් දෙකක් ඉතාමත් අනතුරුදායක ගල් පර්වතයක් නැගීමට සැරසෙනවා. මෙහිදී කෙලී ඇයගේ හොඳම මිතුරිය අනෙක් කණ්ඩායම අතින් ඝාතනය වනවා දකින අතර ඇය එය කැමරාවට හසුකරගන්නවා. කෙලී, ඇයවත් ඇය සතු මේ සාක්ෂියත් විනාශ කිරීමට ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවන අනෙක් කණ්ඩායමේ මීළඟ ඉලක්කය බවට පත්වෙනවා. ඒකෙන් බේරෙන්න කෙලී තෝරගන්නේ මහා ගල් කුලයි.
චිත්‍රපටයේ කෙලී ලෙස Brittany Ashworth රංගනයෙන් එක්වන අතර Ben Lamb, Louis Boyer, Nathan Welsh, Anaïs Parello සහ David Wayman සෙසු රංගනයෙන් එක්වේ. චිත්‍රපටයේ තිරරචනය Tom Boyle විසින් වන අතර අධ්‍යක්ෂණය Howard J. Ford විසිනි. චිත්‍රපටය සඳහා මේ වන විට IMDb 5.1 ක අගයක් ලැබී ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. පසුගිය දා සම්පූර්ණකල දෙවන කඩඉම වෙනුවෙන් සුබ පැතුම් එකතු කරපු සෑම දෙනාටම මං හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුව දවසක් වේවා…
~ ජය වේවා ~

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,305 downloadsDownload The.Ledge_.2022.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
20 comments
Kushan
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
Thanks jayawewa....!
sanjeewa
ස්තුතියි සහො
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Udara Damith
එල
දිබ්Anonymous
355 sub plz
indika 75
thanks..
Udaya Fdo
Thank you
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Nightmare Alley
Clean
The 355 ........film walata sub dennaPriyantha Dayakeerthi
රොෂාන් සමීර ජයසිංහ සොයුර,
ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි, බලන්න සබ් එක ඩවුන්ලෝඩ් කළා!Lakshansilva18
thanks for sub
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Ruchira
Thanks for the sub!!!!!!
Nishan
Thanx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Dunidu Payagalage
Thank You
Advertisement
Sub akta thanks