මේක කාලෙකින් දකින්න ලැබෙන හරිම අමුතු, ඒ වගේම බොහොම කුතුහලය දනවන බයිස්කෝප්එක්ක, මම මේ චිත්‍ර පටියට අදාල පොතේ සිංහල පරිවරතනය කියවල තිබුනට චිත්‍රපටය බලල තිබුනෙ නැහැ. කොහොම නමුත් අපේ උදා සහෝගේ ලිපිය කියවල ඒකෙනම් චිත්‍රපටය බාගත්ත. මම මේක් බලල ඉවර උනාම මේකට අනිවා උපසිරැස කරනාවා කියල හිතුන, නමුත් මේ පිටපත…

මේක කාලෙකින් දකින්න ලැබෙන හරිම අමුතු, ඒ වගේම බොහොම කුතුහලය දනවන බයිස්කෝප්එක්ක, මම මේ චිත්‍ර පටියට අදාල පොතේ සිංහල පරිවරතනය කියවල තිබුනට චිත්‍රපටය බලල තිබුනෙ නැහැ. කොහොම නමුත් අපේ උදා සහෝගේ ලිපිය කියවල ඒකෙනම් චිත්‍රපටය බාගත්ත. මම මේක් බලල ඉවර උනාම මේකට අනිවා උපසිරැස කරනාවා කියල හිතුන, නමුත් මේ පිටපතට ගැලපෙන ඉංග්‍රීසි උපසිරැසක් හොයාගන්න ටිකක් අමාරු උනා, ඒකත් ගොඩක් වැරදි තිබුන, උපසිරැසක් ඉතින් හෙමින් හෙමින් පේළිය පේළිය චිත්‍රපටය බලන ගමන් පරිවර්තනය කරල තමයි අද ඔයාලට මෙහෙම ලබාදෙන්නෙ. මම තව විස්තර කියන්නෙ නෑ, උදා සහෝ පළ කරපු ලිපිය පහල තියනවා ඒකෙ බයිස්කෝප් එක ගැන හොඳට විස්තර කරල ඇති. උදා සහෝට ඒ වෙනුවෙන් ස්තුති කරන් ගමන් මම කට්ට කාගෙන හරි උපසිරැසට සාධාරණයක් කරල නම් චිත්‍රපටය බලල ඇවිත් කමෙන්ට් එක්ක දාගෙන යන්න අමතක කරන්න එපා. අපේ සතුටඒක කියවන එක තමයි. නැවත චිත්‍රපටයක් එක්ක හමුවෙන තුරු ඔක්කොමට ආයුබෝ වේවා…!
මීට පෙර උදා සොහොයුරා විසින් පළ කළ ලිපිය.
පුනරුප්පත්තිය කියන්නෙ අපටනම් හොඳට හුරු-පුරුදු සංකල්පයක්. ඒ වගේම අද වන විට මේ සංකල්පය විද්‍යාත්මකවත් තහවුරු කළ පිළිගත් මතවාදයක් බවට පත්වී තියෙනවා. නමුත් මේ සංකල්පය බොහොම මතභේදයට තුඩුදුන් කරුණක් බවට පත්ව තිබූ අවධියකුත් තිවුණා. හැබැයි බොදුදහමත් අනෙකුත් භවවාදී සංකල්පයන්හිත් නිජබිම වූ ආසියාකරයේනම් නොවෙයි, භෞතිකවාදී මිම්මෙන් හැමදේම මනින්නට – පහදන්නට උත්සුක වූ බටහිර ලෝකයේ මෙය බොහොම අවඥාවට ලක් වූ අදහසක් බවට පත් වී තිබුණා. සුපුරුදු පරිදි ඔවුන් තමන්ගේ විද්‍යාවෙන් සනාථ නොවූ මෙම සංකල්පය කිසිදු වගවිභාගයකින් තොරවම; කිසිදු විමර්ශනයකින් තොරවම; මුළුමනින්ම ප්‍රතික්ෂේප කළා.
පදනමක් රහිත හුදු මවාගත් අදහසක් ලෙස සලකා පිළිකුලෙන් යුතුව පහර ගසන්නට ඔවුන් පෙළඹුණේ තම ආගමින් පහදා දී තිබූ කිසිදු තොරතුරක් මේ හා නොසැසඳුණු නිසාමත් නොවෙයි, තම මතවාදයන්ගෙන් බැහැර කිසිදු දෙයක් දෙස විවෘත මනසකින් බලන්නට තරම් හැකියාවක් වර්ධනය කර ගන්නට ඔවුනට කිසිදු අනුබලයක් නොලැබීමද මීට හේතුවක් වුණා. නමුත් “සිග්මන් ෆ්‍රොයිඩ්/ එඩ්ගා කේසි” වැනි සුළුතර වූ ගවේෂණාත්මක කුතුහලයෙන් පිරුණු මහා විද්‍යාඥයන් කිහිපදෙනෙකුගේ අප්‍රතිහත ධෛර්යයත්, මහා උත්සාහයත් නිසා මේ සැඟවුණු ගුප්ත සංකල්පය ලොවට ටික ටික හෙළිවෙන්නට පටන්ගත්තා.
මේ අවධියේදී මුළු බටහිර ලෝකයම උඩුයටිකුරු කරන නවකතාවක් ප්‍රකාශයට පත්වුණා, The Reincarnation of Peter Proud නමින්. මෙහි අඩංගු වුණේ තම මරණයෙන් පසු යළි උපත ලද මිනිසෙකු මුහුණදෙන අද්භූත සිදුවීම් පෙළක් වටා ගෙතුණු කතාවකුයි. ‘පීටර් ප්‍රවුඩ් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, ඔහු නිතරම දකින සිහිනය හරිම අද්භූත එකක්. තමන් කිසිදා නොගිය පෙදෙසක, නොදුටු පෙදෙසක පිහිටි නොදන්නා තැනකදී, භයානක අයුරින් ඝාතනයට පත්වෙන මිනිසෙකු පිළිබඳව ඔහු සිහිනයෙන් දකිනවා.’ ඒ සිහිනය දකින හැමවිටකම ඔහු; ඔහුගේ නොවන අද්භූත කටහඬකින් විළාප තබනවා. මේ සිහිනය ඔහුට මහා හිරිහැරයක්, මානසික පීඩාවක් බවට පත්වුණු තැන; ඔහු තීරණය කරනවා මේ සිහිනය පසු පස හඹායන්නට. ඒ මේ හිතට වදදෙන ගැටළුව කෙසේ හෝ විසඳා ගන්නා අරමුණින්. ඔහුගේ අදහස වන්නේ කිසියම් නිතර වදදෙන සිහිනයකින් දකින දෙය ක්‍රියාවට නැංවීමෙන් ඉන් මිදීගත හැකියැයි වන රතු-ඉන්දියානු ගෝත්‍රික විශ්වාසයක් අත්හදා බැලීමයි. කෙසේ හෝ අවසන ඔහු මේ අදහස ක්‍රියාවට නංවනවා. ඒ වගේම තම නපුරු සිහිනයෙන් සදහටම අත්මිදෙනවා. හැබැයි ඒ අපි කිසිකෙනෙක් හිතන විදිහටනම් නෙවෙයි.
මේක 1975 තිරගතවුණු චිත්‍රපටයක්, කතාවත් ඒ ආසන්න අවදියකයි පළවුණේ. IMDB Ratings වල 6.5ක් තියෙනවා. අධ්‍යක්ෂණය J. Lee Thompsonගේ. සුපිරි නළු Michael Sarrazin, Jennifer O’Neill, Margot Kidder ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මෙම නවකතාව අවුරුදු කීපයකට පෙර චන්දන මෙන්ඩිස් මහතා විසින් සිංහලයට පරිවර්තනය කරා “සිහිනයක රැඳි රහසක් නමින්”. යාළුවෙකුගෙන් ඉල්ලාගෙන ඒ පොත කියෙව්වට පස්සේ මට මාරම ආශාවක් තිබුණේ මේකේ චිත්‍රපටියත් බලන්න. තිරගතවුණු කාලෙත් එක්ක සලකනකොට මේක ඉහළ මට්ටමක තියෙන නිර්මාණයක් ලෙස සලකන්න පුලුවනි. මේ නමින්ම තව චිත්‍රපටයක් මේ අවුරුද්දේ නිකුත් වෙන්න තියෙනවා. ආවහම ඒකත් දෙන්නම්කෝ! පරණයි කියලා අහක දාන්න එපා, සිනමා කලාවේ ගවේෂණාත්මක හරඹයන් අඩංගුවෙන්නේ මේ වගේ චිත්‍රපටිවල තමා. තාක්ෂණික ප්‍රයෝග බොහොම අඩු කාලෙක කරපු මේ නිර්මාණය මේ මට්ටමට නිම කරන්න ඔවුන් විඳපු වෙහෙස කොතරම්ද කියන එක ඔබටත් පෙනේවි. ඉතිං ඔබ මේ කතාව කියවා ඇතිනම් මේ පිළිබඳව අමුතුවෙන් හඳුන්වා දියයුතු නැහැ. නමුත් ඔබ කතාව කියවා නැතිනම් මෙය ඔබ අනිවාරයෙන්ම නැරඹිය යුතු බවයි මගේ නිර්දේශය.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
2,527 downloadsDownload 1975-The-Reincarnation-of-Peter-Proud.sinhala.sub_.baiscope.lk_.rar34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/02/12
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
106 comments
chamila
uda
මේක පොතේ කතාවට වඩා සුළු වශයෙන් වෙනස් වුණත් බොහෝ දුරට සමානයි.
මීට කලිනුත් අපේ යාළුවන්ට පුනරුප්පත්ති කතාවක් අඩංගු චිත්‍රපටයක් දීල තිබුණනේ;(The Birth). මම හිතන හැටියට පුනරුප්පතිය ගැන කතාබහට ලක්වුණු ආරම්භක චිත්‍රපටයක් තමා මේක, ඉතිං මේක බලල ඒ සම්බන්ධයෙන් දරපු මුල්ම උත්සාහයක් රසවිඳින්න පුලුවන් වෙයි කියල හිතනවා.රෙක්ස්
මම පොත කියෙව්වා. කියලා වැවක් නෑ:)
රෙක්ස්
පොත කියෙව්ව නිසා ෆිල්ම් ඵක බලද්දී රසය අඩු වෙයිද දන්නෑ.
uda
එහෙම වෙන එකක් නෑ, චිත්‍රපටයත් බොහොම ආකර්ෂණීයයි.
Dhana
ela ela bro
sunanda
සහො බොහොම ස්තුතියි.ඔන්න මාත් බානවා.............
Air Bender
maru maru,,,,maxxxxaaa,,,,Im downloading:)
h
කියල තියෙන විස්තරේ විධියට බලන්න වටිනවා. උදාට බෝම ඉත්තූතියි!
දක්ෂිණ
නියම කතාවක්. හැබැයි මේක 18+ category එකටත් අයිති වෙන්න ඕනේ නේද? XD
Viraj
බොහොම ස්තූතියි.
madusanka
මමත් ඔය කියන පොතනම් බලලා තියනවා. ෆිල්ම් එකත් එවගේම හොද ඇති.
sujja
downloading
ෆා
සිහිනයක රැඳි රහසක් පොත මාත් හරිම ආසාවෙන් කියවපු පොතක්. ඒත් එකේ චිත්‍රපටියකුත් තියෙන බව මම දැනන් හිටියේ නෑ. උදා සහෝදරයට බොහොම ස්තූතියි ඒ ගැන කියලා ෆිල්ම් එකත් අපිට දුන්නට. ඔන්න අද මේක බානවා මයි..
උදය Salinda
බොහොම ස්තුතියි බයිස්කොප් එකට උදා සහෝදරයා..
අමල් ප්‍රසාද් සමරවීර
මගේ අම්මෝ.. දෙකට ගනින්න බෑ වගේ හිටියට මොකෝ, අපේ උදා කොලුවත් නොදන්න දෙයක් නැහැ නොවැ :D !!! එළ එළ.. ෆිල්ම්1ටත් වඩා දෙයක් ලිපියෙන් ඉගෙන ගත්තා!!!
chanaka
Hadda parana ekak neda?
wenama lokekata geniyai ehenam
kathawa kiyeuwma nam bannamai hitha
mokada karanne............banawoooooooo
දනුක බෙන්තරවිතාන
පොත නම් කියවලා තියෙනවා. ඒ වගෙ කතාවක් තිබුනොත් නම් හොදයි. පරණ film එකක් හින්දා බාන්නත් කම්මෑලියි. අනේ මන්ද පොත සිරා හින්දා බානවා.
දනුක බෙන්තරවිතාන
හෑමෝම බානවා බානවා කියලා තිබුනට කෝ කවුරුත් බාන්නෑ. බොරු comments දාලා අපේ සහෝව රවට්ටන්න එපා. seeders 5 ඉන්නේ. මොක උනත් සහෝගේ උත්සහය අගය කිරීමක් වශයෙන් මම නම් අනිවා බානවා.
රොයිලි
@දනුක බෙන්තරවිතාන,
හෙ හේ එහෙමමත් නෙවෙයි සහෝ. බාන අයව බලන්න ඕනා Seeders ලගෙන් නෙවෙයි. Peerers ගානෙන්. Seeders කියන්නෙ බාලා ඉවර වෙච්ච අයනෙ. මමත් තාම බානවා. මටත් Seeders 5 ක් එක්ක Peerers ලා 8 ක් තමා පෙන්වන්නෙ හැබැයි :P :P
විකියා
මමනම් මේක කලින් බලලා තියේ..අනිවා කුතුහලයෙන් යුතුව බලන්න පුලුවන් හොද බයිස්කෝප් එකක්....
radi
mama mea kathawa kathawa kiyawala thiyenawa. e wage film ekath lassanata athi...
thanx.........;.ashan kandy
matanam meka hari yanne na.. yaluwo...
AL1717
Machan mamath Ub a Labapuma Ath dekeemama Lebuwa “සිහිනයක රැඳි රහසක්” Oya Potha Mamath Kiwwa Eken Passe Mamath Film Eka Hoya gena DL Wenna Demma Namuth Seeders la Nethi Nisa maga Hitiya.
Supiri Kathawak Meka..
Thanks machan Mamath Gannawa.
uda
ඇත්තෙන්ම මේක මම ගන්නකොටත් seedersලා 22කට වඩා හිටියේ නෑ. මමනම් හැකි උපරිමයෙන් තවමත් seed කරනවා. තව දවස් කීපයකටනම් වඩා බැරි වෙයි මටත්!
uda
කමෙන්ට් කරන කාටත් ස්තුතියි කියන ගමන් තව මූවීස් ගොඩක් දෙන්න බලාගෙන ඉන්න බවත් :P :P කියන්නම ඕනේ!
Ramraj
බලමු :)
Nirmal
Patta kathawak wage.....
noba inna hitenne naa mee description eka dekkama!!
Gr8 article Uda bro n thanx.......
baalama balamuko!!Deezter
මමත් මේකේ පොත කියෙව්වට ෆිල්ම් එක බලල තිබේ නැහැ තැන්ක්ස්
දනුක බෙන්තරවිතාන
ස්තූතියි රොයිලි සහෝට, ඒක දෑන ගත්ත එක ලොකු දෙයක්. හෑබෑයි 20% විතර බාලා ඉවර වෙනකොට download උනේ නෑහෑ. මොකක්ද දන්නෑ අවුල. කනගාටුවෙන් උනත් film එක බාන එක නවත්තන්න උනා.
රොයිලි
@දනුක බෙන්තරවිතාන,
මම නම් තාම සීඩ් කරනවා සහෝ. ඔයා දිගටම උන්නනම් බෑවෙන්න තිබ්බා. සීඩර්ස් ලා කවුරුත් ඉන්න නැතුව ඇති ඒ වෙලාවෙ. ඔයා බාපු ටික මැකුවෙ නැත්තම් ආපහු බාන්න දාන්න. බෑවිච්ච තැන ඉඳලා බෑවෙන්න ගන්නවා. :P :P
uda
මගේ අද නෙට් අවුලක් තිවුණා. බ්ලොක් කරලා මොකෙද්ද උගුඩුවෙක්.
දැන්නම් හරි ආයිමත් uploading ඕන්න.uda
මගේ අද නෙට් අවුලක් තිවුණා. බ්ලොක් කරලා මොකෙද්ද උගුඩුවෙක්.
දැන්නම් හරි ආයිමත් uploading ඕන්න. I'm Seeding nowHemal
අයියො මම දවස් දෙකක් දාලා තිබ්බා, දසමයක්වත් බෑවිලා නැනෙ . . . . .
sunanda
හේමාල් සහෝ එක නම් වෙන්න බැ.මම දවසින් බාගත්තා.බයිස්කොප් එකෙ ෆිල්ම් ගොඩක් ස්පීඩ් බාන්න පුලුවන් අනිත් සයිට් වලින් බාන ටොරන්ට් වලට වඩා.මොකද බයිස්කොප් එකෙ දෙන ෆිල්ම් ඔක්කොම මම බානවා හැමදාම.මට නම් කවදාවත් ස්පිඩ් එක අවුලක් උනේ නැ.මමත් සිඩ් කරනවා තාම.රොයිලි කිවුවා වගේ තව ටිකක් දාලා බලන්න....................
uda
අපි තවම Seeding. කට්ටිය බාගත්තද? අවුලක්නම් වෙන්න බෑ, හැබැයි! කට්ටිය තවම Seed කරනවානේ. මේක හුඟක් පරණ නිසා බාන අය ටිකක් විතර අඩුයි. මම මේක යවනකොටත් කියලා ඇරියා හැකි ඉක්මනින් දෙන්න කියලා. දැන්නම් ඉතිං බාපු අයත් upload කරන නිසා කචල් එකක් වෙන්න හැටියක් නෑ.
මේක බලපු අය කියන්නකෝ කතාවෙ හොඳ නරක ගැන...Tharindu Chat
මේකෙ Eng Sub එක හොයාගන්න බැරිවෙයිද? Audio එක හොද තත්වෙක නැති හින්දා බලන්න අමාරුයි සබ් නැතිව...
කුම්භකර්ණ
film එක නම් බෑවා. හැබැයි මේක 18+ වෙන්න ඕන නේද?
uda
@ කුම්භකර්ණ: ඔව්, ඉතිං 18+නම් තමා, ඒකනම් දාලා නෑ, කොහොමින් හරි;
මට ඒගැන සඳහන් කරල එවන්නත් අමතකවුණා. කිසියම් අපහසුතාවයක් කාටහරි ඇතිවුණානම් ඒකට සම්පූර්ණ වැරැද්ද මගෙයි. ඒගැන සමාව ඉල්ලනවා.@ Tharindu Chat: මාත් මේකට දන්න තරම් අහුමුළුවල සබ් හෙව්වා. නමුත් මටනම් හරියන එකක් ලැබුණේ නෑ. වෙන භාෂාවන්ගෙන් තියෙන සබ්නම් හම්බවුණා. Eng එකක්නම් ලැබුණේ නෑ. ඒකනම් ටිකක් හොයලා බලන්න තමයි වෙන්නේ!
අනිත් එක Audio එක ඒතරම්ම අවුලක් නෑ, මමත් සබ් නැතුවයි බැලුවේ. අවුලක් නැතිව තිවුණා. Music නම් ටිකක් මෝඩ විදිහටතමා තියෙන්නේ, ඒ වුණත් කතාව රස විඳින්න් ඒකෙන් බාධාවක්නම් ඇතිවුණේ නෑ. මම හිතන්නේ Music නම් ඒ කාලේහැටි තමා ඔය.කුම්භකර්ණ
මම film එක 80% විතර වෙද්දි ටිකක් බැලුවා. අපෝ දැන් 90% film එක නැවතිලා. අනේ කවුරුහරි සීඩ් කරන්නකෝ , pleeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeez
Tharindu Chat
එල එල... මාත් හැමතැනම හෙව්වා.. ඒත් හොයාගන්න බැරිඋනා.. පොත කියවලා තියෙන හින්දා කතාව තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතන්වා...
බොහොම ස්තූතියි සහෝ... :D
Uraj Deemantha
කම්මැලි වගේ මේක බාන්න .... :(
KriSh
මටත් මතකයි සිහිනයක රැඳි රහසක් පොත අාසාෙවන් කිෙව්වා.උදා සහෝ බොහොම ස්තුතියි ෆිල්ම් එකට....
මමත් සිඩ් කරනවා තවම
Pradeep
Nice story.....with a nice movie..... unforgettable....lots of things happening that we want to think a lot .....who is the mankind??....what he knows????? nice film !
Aljibra
potha kiyewwa....
chandana mendis ge sihinayaka redi rahasak
torrent ekak hoyagena download wenna demma.....
biscope ekata ewilla sub thiyenawada kiyalath beluwa....
ai deiyane sub demme neththe....yakoooo,aiyewas
පට්ටම ෆිල්ම් එකක් වගේ බලන්න ඕනේ ජයම වේවා!!!
උදාර
අඩේ පට්ට ෆිල්ම් එකක් නේ මේකේ පොත කියවන්න ඕනේ ජය....!!!
chandana
thnxzz saho maxxaa
quik
thanks
rusuru | රුසිරු
සුපිරි වැඩක් අනිවා බලනවා මේක නම් :)
ositha
maxxama thama bro
dj
පරණ උනත් පට්ට ෆිල්ම්ස් දෙන්නේ බයිස්කෝප් එකෙන් නියමයි හොදේ
Advertisement
රොයිලි අමුතුයි තීරණය ඔබේ බලන්න