Watch Trailer

The Taking of Pelham One Two Three (1974) Sinhala Subtitles | පැල්හැම් උමං දුම්රිය [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම.. අපි හැමෝම චිත්‍රපටි බලන්න කැමතියි. ආසයි. ඒ කැමැත්ත ආසාව එකිනෙකාට වෙනස්. කෙනෙකුට හොඳයි කියන චිත්‍රපටියක් තව කෙනෙකුට හොඳ නැතිවෙනවා. හොඳද නරකද කියලා බලන්න අපිට ඒ චිත්‍රපටිය බලන්නම වෙනවා. පුද්ගලිකව මම, තව කෙනෙක් කිව්වටවත්, රේටින් අඩු වුනත්, වැඩි වුනත් බලලම තමයි…

ආයුබෝවන්… සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම..

අපි හැමෝම චිත්‍රපටි බලන්න කැමතියි. ආසයි. ඒ කැමැත්ත ආසාව එකිනෙකාට වෙනස්. කෙනෙකුට හොඳයි කියන චිත්‍රපටියක් තව කෙනෙකුට හොඳ නැතිවෙනවා. හොඳද නරකද කියලා බලන්න අපිට ඒ චිත්‍රපටිය බලන්නම වෙනවා. පුද්ගලිකව මම, තව කෙනෙක් කිව්වටවත්, රේටින් අඩු වුනත්, වැඩි වුනත් බලලම තමයි තීරණය කරන්නේ ඒක හොඳද නැද්ද කියලා. වැදගත්ම දේ, පැරණි සිනමාව අළුත් සිනමාව කියලා මගේ බේදයක් නැහැ. මම කොයිකත් රස විඳිනවා. හැබැයි 70/80/90 දශකයේ චිත්‍රපටි වලට ටිකක් බර වැඩියි. ඉතින් ඒක නිසාම වෙන්න ඇති මං ටිකක් පරණ චිත්‍රපටි තෝරගන්නේ උපසිරසි හදන්න. ඒකේ මට පොඩි වාසියකුත් තියනවා. මගේ වැඩත් එක්ක කලබලයක් නැතුව මට හිමීට උපසිරසිය හදන්න පුළුවන්.

මම උපසිරසි හදන්න පටන් ගත්ත දවසේ ඉඳන් මේ අඩවියේ මාව දිරිමත් කරන, මගේ උපසිරසි අගයන පුංචි සාමාජික කොටසක් ඉන්නවා. මං බලපු, තාමත් සිංහල උපසිරසි නැති එවැනි චිත්‍රපටි වලට උපසිරසි හදලා මං ඒවා ඒ අයත් එක්ක බෙදාගන්නවා. මං වගේම මේ අඩවියේ මේ වගේ පැරණි සිනමා නිර්මාණ වලට උපසිරසි හදන අය හැමෝමත් එහෙමයි.

පරණයි කියලා අපිට මිම්මක් තියන්න බැහැ හොඳ උසස් නිර්මාණයකට. තාක්ෂනික පැත්තෙන්, ඒ කියන්නේ කළුසුදු, ටෙක්නිකලර්, වෛවර්ණ, පුළුල් තිර විදිහට එක එක අවධි තිබුණත්, හොඳ චිත්‍රපටයක් නම් ඒක කවදාවත් පරණ වෙන්නේ නැහැ. කවදා හරි දවසක නිර්මාණය වෙන සියළුම චිත්‍රපට 3D තාක්ෂනයටත් එහා ගිය තාක්ෂනයකට ආවොත්, අද අපි බලන චිත්‍රපටි පරණයි කියලා අයින් කරන්නේ නැහැනේ. දවසක අපිට පස්සේ එන පරපුරට, අපි අද ආසාවෙන් බලන චිත්‍රපටි, එදාට අපි බලපු චිත්‍රපටි වෙනවා මිසක් පරණයි, සීයලගේ කාලේ ඒවා කියලා අයින් කරන්නේ නැහැ.

ඒ මොන දේටත් වඩා, දවසක… සිංහල උපසිරසි මහගෙදර, බයිස්කෝප් අඩවියේ අපි හොයන ඕනෑම චිත්‍රපටියකට සිංහල සබ් තියේවි. අද වගේම එදාටත් මේ අඩවිය ඉහළින්ම වැජබේවි..

මං වගේම සෑම උපසිරසි නිර්මාණකරුවෙක්වම ඔයාලගේ පුංචිම පුංචි කමෙන්ට් එකකින් දිරිමත් කරන්න. අපේ අඩු පාඩු පෙන්නලා දෙන්න. ඒ වචන වල අගය අපිට කියලා නිම කරන්න බැහැ. අපිට වටින්නේ ඔයාලගේ අදහස්. ඒක තමයි අපේ සතුට.

The Taking of Pelham One Two Three (1974) චිත්‍රපටයේ අවුරුද්ද කොහොම වුනත් චිත්‍රපටයේ නම නම් ඔයාලට හුරු ඇති. ඒ 2009 ආපු චිත්‍රපටය නිසා. මේ චිත්‍රපටයත් සල්ලි වෙනුවෙන් උමං දුම්රියක් පැහැරගන්න කතාවක් රැගත් චිත්‍රපටයක්.

1973 වසරේ Morton Freedgood, ඔහුගේ John Godey යන අන්වර්ථ නාමය යටතේ මේ නමින්ම නවකතාවක් ලියලා තියනවා. ඒ අනුසාරයෙන් Peter Stone විසින් තිර රචනය කර, Gabriel Katzka සහ Edgar J. Scherick ගේ නිෂ්පාදනයෙන් මෙම චිත්‍රපටය Joseph Sargent විසින් අධ්‍යක්ෂණය කර ඇත. චිත්‍රපටය ආරම්භයේදීම අපිට 70 දශකයේ David Shire ගේ මිහිරි සංගීතයක් රසවිඳින්නත් පුළුවන්. චිත්‍රපටයේ රංඟනයෙන් Walter Matthau, Robert Shaw, Martin Balsam සහ Héctor Elizondo ඇතුළු රංඟන ශිල්පීන් රැසක් දායක වෙනවා.


(Mort Künstler නිර්මාණය කල චිත්‍රපටයේ මුල්ම පෝස්ටරය)

1974 ඔක්තෝබර් 02 වන දින මුලින්ම තිරගතවූ The Taking of Pelham One Two Three චිත්‍රපටය විනාඩි 104ක ධාවන කාලයකින් යුක්තය. ඩොලර් මිලියන 3.8ක නිෂ්පාදන පිරිවැයක් ඇති මේ චිත්‍රපටයේ බොක්ස් ඔෆීස් ආදායම ඩොලර් මිලියන 18.7 කි.

එවකට විචාරකයින් කීප දෙනෙක්ම මෙම චිත්‍රපටය 1974 හොඳම චිත්‍රපටය විදිහට නම් කරලා තියනවා. ඊට අමතරව මෙම චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 7.7ක්, Rotten Tomatoes 100% ක අගයක් ලැබී ඇත. Google පරිශීලිකයින්ගෙන් 91%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.

The Taking of Pelham One Two Three, 1998 වසරේදී රූපවාහිනී චිත්‍රපටයක් ලෙස ප්‍රතිනිර්මාණය කල අතර නැවතත් 2009 දී සිනමා නිර්මාණයක් ලෙස ප්‍රතිනිර්මාණය කර ඇත.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,322 downloadsDownload The-Taking-of-Pelham-One-Two-Three-1974.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,322 downloadsDownload Subtitles55 KB

22 comments

  1. Priyantha Dayakeerthi

    රොෂාන් සමීර ජයසිංහ සොයුර,
    ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි, කලින් නරඹලා නම් නැහැ. මෙය දැක්කම මා විසින් මීට පෙර සබ් කළ The Cassandra Crossing (1976) සිනමාපටය මතක් වුණා. එය ඔබ නරඹා නැත්නම් නරඹන්න. එය මා දුටු හොඳම සිනමාපටයක්. ඔබේ ඉහත ලිපිය මා සම්පුර්ණයෙන් කියවූවා. ඔබේ ඒ අදහස් සියල්ලටම මා එකඟ වෙනවා. "දවසක... සිංහල උපසිරසි මහගෙදර අප හොයන ඕනෑම සිනමාපටයකට සබ් තියේවි" ඉහත ඔබේ ඒ කියමන මා ඉතාමත් අගය කරනවා. ස්තුතියි!

  2. Shamal manojan

    උපසිරැසියට බොහෝම බොහෝම ස්තුතියි සහෝ.

    දිගටම මෙවැනි පැරණි චිත්‍රපටම ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

    The Mummy's Revenge - 1975 චිත්‍රපටයටත් හැකිනම් උපසිරැසි ලබා දෙන මෙන් ඉල්ලමි.

    එමෙන්ම Mummy චිත්‍රපට මෙන්ම බයිස්කෝප් අඩවියෙන් මින් පෙර ලබා නොදුන් Dracula චිත්‍රපට වලටද සහෝ කැමති නම් උපසිරැසි ලබා දෙන මෙන් ඉල්ලමි.

    Dracula - 1931
    Dracula's Daughter - 1936
    Son of Dracula - 1943
    Blood of Dracula's Castle - 1969
    Countes Dracula - 1971
    Lake of Dracula - 1971
    Daughter of Dracula - 1972
    Dracula - 1974
    Blood for Dracula - 1974
    In Search of Dracula - 1974
    Old Dracula - 1974
    Evil of Dracula - 1974
    Dracula's Dog - 1977
    Dracula - 1979
    The Vampire Lovers - 1970
    An American Werewolf in London - 1981
    The Lost Boys - 1987
    Vampire' Kiss - 1988
    Dracula: Dead and Loving It - 1995
    Vampire in Brooklyn - 1995

    1. Gayana Thathsara

      මේ collection එක න්ම් ඕනි. තාම dracula movie franchise එක complete වෙලා නෑ...

  3. කවිඳු ජයවර්ධන

    පැත්තෙනුත් හොඳ ලස්සන ෆිලුමක් වගේ..උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ.දිගටම පැරණි ඉංග්‍රීසි චිත්‍රපටි වලට සබ් දෙන්න..ඔබට ජය..!!!

    1. කවිඳු ජයවර්ධන

      *ratings

  4. Nishan Sameera

    Thanks

  5. Nishan Sameera

    Thanks Keep it up....

  6. Anonymous

    සහෝ IMDB top rated 250 ඇතුලේ තියන සබ් නොදීපු ෆිල්ම් වලට සබ් දෙන්න පුලුවන් නම්
    ජය වේවා!!!

  7. Buddhika Lakmal (laKMal)

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  8. indika75

    thanks..

  9. pradeep Piyasiri

    its great job
    thanks for you effort & highly appreciated
    do more & more
    all the best!

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  11. Deshan

    දැන් මේ සයිට් එකේ අලුත් ඒවා වැටෙන්නෙම නැද්ද???Justice League එකට සබ් තවම නෑ
    ඕක වෙන බව දන්න නිසා තමයි අපි නිතරම අලුත් ෆිල්ම් ඉල්ලුවේ

    1. Anonymous

      ඇයි බන් උඹ මෙතන දඟලන්නේ..Site එක දෙන වෙලාවට ඒක දෙයි.උඹට ඔච්චර පරක්කු නම් තව site 4ක සබ් දීල තියෙනවා (ලීක් කොපියට) .ඒවගෙන් බලපන්.පොඩ්ඩක් ඉවසන්න පුරුදු වෙයන් .අනික මේ ෆිල්ම් එකට comment දැම්මා කියල සබ් එක ඉක්මනට හම්බෙන් නෑනෙ .එක්කො fb page එකට ගිහින් massage එකක් දාපන්.නැත්නම් admin massage එකක් දාපන්.නැත්තං call එකක් ගනින්.මෙතන රැඟුවා කියල වැඩක් නෑ බන්..ඉක්මනට Snyder cut ඕනෙනම් අළුත් ෆිල්ම් වලට සබ් දෙන කස්ටියගෙන් ඉල්ලගන්න එකනෙ ඇත්තෙ..මගුල..මෙතන වැලලෙන් නැතුව...

      තොපි අලුත් ඒවට සබ් කරන උන්ව කවදාවත් අගය කරන් නෑ.පරණ ඒවට වැටෙන හොඳ comments උන්ට නැති නිස එපා වෙලා ඇත්තෙ.අනික මෙච්චර පරණ ෆිල්ම් වලට ඉක්මනට සබ් හම්බෙන්නේ comment ටිකයි උනත් අපි උන්ව මදි නොකියන්න අගය කරන හින්ද.comment ටිකක් උනත් අපි උන්ට තව තව ෆිල්ම් කරන්න ඕනෙ full support එක දෙනවා.එහෙම නැතුව " thank you for sub "කියලා විතරක්ම කියන් නැතුව."thank you "කියල විතරක් කියන comments 100කට වඩා අපේ මේ එක comment එකක් ගොඩක් වටිනවා බන්.. සබ පරක්කු උනොත් බනින,පරණ සබ් වලට බනින,සබ් එකේ හොඳ කියන් නැති,වැරදි විතරක් දකින තොපි නිසා තමයි මේ ඔක්කොම..අළුත් ෆිල්ම් විතරක්ම බලන පරණ ෆිල්ම් වල රසයක් දන් නැති ගොන් හැත්ත.

    2. praveen

      තිත්ත ඇත්ත කියල තියෙන සියවසයේ comment එක..

    3. Deshan

      උබ ඔය කියන තරම් කමෙන්ට් කරනවනන් හරි නමෙන් වරෙන්කෝ....මන් නම් දැකලා නෑ පරන ෆිල්ම් වලට කමෙන්ට් කරන Anonymous කෙනෙක්??....බොරු කයිය නොගහා ඉදපන් නිකමෝ

    4. Anonymous

      රිදිල වගේ..ඇත්ත තිත්තයි බන්

    5. ශාමල් මනෝජන්

      බලාගෙනයි. තිත්ත ඇත්ත කියන උන්ට දැන් තැනක් නෑ. උඹව අඟුණකොළපැලැස්සට යවාවි.

  12. Gayana Thathsara

    Thank බ්‍රෝ සබ් එකට. පරණ Classic Movie වලට sub දෙන එක වටිනව. ඒවගේම පුලුවන් නම් පරණ ෆිල්ම් වලට සබ් දෙන කට්ටිය yts හෝ ඒ වගේ download කරගන්න පුලුවන් torrent එකක් තියන copy එකකට ස්බ් එක දෙන්න බලන එක වටිනව. ♥️♥️♥️♥️♥️

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.