Watch Trailer

The Visitor (2007) | තමන්ගෙම ගෙදර කුලියට ඉමුද?

රිචඩ් ජෙන්කින්ස් කියන්නෙ හොඳ නළුවෙක් වුණාට එයා ප්‍රධාන චරිතය කරන චිත්‍රපටියකට මම බලල තියෙන්නෙ මේ චිත්‍රපටිය විතරයි. මේක මෑතකදි හොයාගත්තු එකක්. ඔය IMDb එක පැත්තෙ කරක් ගහද්දි තමයි හම්බ වුණේ. සෙල්ලම් නෑ IMDB 7.8/10 අරගෙන තියෙනවා වගේම ඔස්කාර් සම්මානයක් ඇතුළු සම්මාන 15 කට නිර්දේශ වී සම්මාන 13ක් දිනාගන්න…

රිචඩ් ජෙන්කින්ස් කියන්නෙ හොඳ නළුවෙක් වුණාට එයා ප්‍රධාන චරිතය කරන චිත්‍රපටියකට මම බලල තියෙන්නෙ මේ චිත්‍රපටිය විතරයි. මේක මෑතකදි හොයාගත්තු එකක්. ඔය IMDb එක පැත්තෙ කරක් ගහද්දි තමයි හම්බ වුණේ. සෙල්ලම් නෑ IMDB 7.8/10 අරගෙන තියෙනවා වගේම ඔස්කාර් සම්මානයක් ඇතුළු සම්මාන 15 කට නිර්දේශ වී සම්මාන 13ක් දිනාගන්නට සමත් වූ චිත්‍රපටියක්.

මහාචාර්ය වෝල්ටර් වේල් ඉතාම කාර්ය බහුල බව පෙන්වන ඒත් ඒ තරම් වැඩක් නොකරන ඒකාකාරී ජීවිතයක් ගෙවන පුද්ගලයෙක්. හොඳ සංගීත රසිකයෙක් වෙන ඔහු දක්ෂ පියානෝ වාදන ශිල්පිනියක් වුණ තමන්ගෙ මියගිය බිරිඳ මතක් වෙන්න කියල පියානෝ වාදනය ඉගෙනගන්න උත්සාහ දරනවා. ඒ වුණත් ඒක ඔහුට හරියන දෙයක් නෙවෙයි. කියන දේ මූණටම කියන ඔහුගේ ලක්ෂණය නිසා ඔහු ටිකක් සීරියස්ද කියලත් හිතෙනවා.

වතාවක් සමුළුවකට සහභාගී වෙන්න ඔහු තමාගේ ගම් පලාතට එනවා. ඔහුගේම බද්ධ නිවාසයක් (apartment) ඔහුට තියෙනවා. නමුත් ගෙදර එද්දි ගෙදර කවුද පදිංචි වෙලා ඉන්නව. ඒ සිරියානු ජාතික ටරෙක් කියන තරුණයා සහ ඔහුගේ පෙම්වතිය වෙන සෙනගාල ජාතික සයිනෙබ් නම් තරුණියයි. ඔවුන් අනවසර සංක්‍රමණියන් විධියට ආපු අයයි. ඔවුන්ව රවටා වෝල්ටර්ගේ නිවස ඔවුන්ට දීල තියෙන බව තමයි ඔවුන් කියන්නෙ. අළුත් තැනක් හොයාගන්නකම් ඔවුන්ට තමාගෙ නිවසේම නවාතැන් දෙන්න වෝල්ටර් කැමති වෙනව.

ටික ටික වෝල්ටර් සහ මේ තරුණ යුවල හොඳ යාළුවො බවට පත් වෙනව. වෘත්තීය අප්‍රිකානු බෙර වාදකයෙක් වෙන ටරෙක් වෝල්ටර්ට බෙර වාදනය උගන්වනව. ඒ අතර අනවසර සංක්‍රමණය නිසා ටරෙක්ව අත්අඩංගුවට ගැනීම හින්දා ඔහුව බලන්න එන ඔහුගේ මව සහ වෝල්ටර් අතර කියාගන්න බැරි මොකක්දෝ එකක් ඇතිවෙනව. මේ කීපදෙනාගෙ ජීවිතය කොහොම ගෙවෙයිද? මහාචාර්යවරයා තමාගේ ඒකාකාරී ජීවිතයෙන් මිදෙයිද? ඔහුගේ ජීවිතයට අළුත් එලියක් වැටෙයිද?

මම නම් ගොඩක් ආසාවෙන් බැළුව. ඔයාලත් බාලම බලන්නකෝ.

ලිපිය – හරේ සොහොයුරා

12 comments

  1. සැම්

    මෙන්න දැන්මා බාන්න....ඉතුරු විස්තර බලලා කියන්නම්...ස්තුති හරේ සහො..

  2. Enri

    ම්ම්... ටිකක් කම්මැලියි වගේනේ. බාන ලිස්ට් එකේ අම්බානක තියෙනවා. බලමුකෝ........ :-)

  3. ෂෙලින්ක - කටාර්

    මම අද ටිකක් කලින් වගේ... (3 නරකම නැහැ)
    නැරඹීම අද රෑට....
    නාසි කේස් එක ඊයේ තමයි බලන්ඩ හම්බවුණේ
    සිරාවටම දුක හිතෙනවා බලනකොට...

  4. ෂෙලින්ක - කටාර්

    ඔන්න බෑවා...
    බොහොම ස්තූතියි සහෝ...

  5. Rakhitha

    Dude!

    Your e-mail subscription option is not working
    I get the message "The feed does not have subscriptions by email enabled" from feed burner.

    /Rakhitha

  6. තිස්ස දොඩන්ගොඩ

    මේක නියමම ‍ෆිල්ම් එකක්... හරිම අනුවේදනීයයි... මම බලලා තියනවා... දෙබස් අඩුයි... රූප වලින් කථාව හොඳට ගලාගෙන යනවා... වටිනා චිත්‍රපටියක්...

  7. ඉන්දික

    නාසි කේස් එක මමත් බැලුවේ පෙරේදා ඇත්තටම ‍හොද පිටපතක් මෙකේ ඉන්නේ මිනිස්සුද කියලා හිතුනා

  8. විදුර ඉමේෂ්

    මටනන් හිතට ඈල්ලුවා.ඔන්න බානෝ!!!!!!!!!! :D

  9. buratheno

    මමත් බාන්න දැම්මා.. තැන්කූ වේවා..!!

  10. පොඩි මෑන්

    තැන්කූ....

  11. Uraj Deemantha

    බාන්න නම් දැම්මා.... :D නමුත් බලන්න තමා වෙලාවක් සෙට් වෙන්නේ නැත්තේ .....!!

  12. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||
    | :P |

    :) තුති……. :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.