Watch Trailer

Luck (2022) Sinhala Subtitles | අවාසනාවද වාසනාවකි. [සිංහල උපසිරසි]

ඔන්න ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ ගොඩ දෙනෙක් එනකන් බලාගෙන හිටපු, විශේෂයෙන්ම ඇනිමේෂන් චිත්‍රපට රසිකයෝ මග බලාගෙන හිටපු චිත්‍රපටයක්. පහුගිය අගෝස්තු 05 වෙනිදා Apple TV+ හරහා තමයි චිත්‍රපටය නිකුත් වෙන්නේ. සුප්‍රසිද්ධ Skydance Animation සමාගමේ නිෂ්පාදනයක් ලෙසත් Peggy Holmes ගේ අධ්‍යක්ෂණයක් විදිහටත් තම…

ඔන්න ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ ගොඩ දෙනෙක් එනකන් බලාගෙන හිටපු, විශේෂයෙන්ම ඇනිමේෂන් චිත්‍රපට රසිකයෝ මග බලාගෙන හිටපු චිත්‍රපටයක්. පහුගිය අගෝස්තු 05 වෙනිදා Apple TV+ හරහා තමයි චිත්‍රපටය නිකුත් වෙන්නේ. සුප්‍රසිද්ධ Skydance Animation සමාගමේ නිෂ්පාදනයක් ලෙසත් Peggy Holmes ගේ අධ්‍යක්ෂණයක් විදිහටත් තමයි මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයා අතරට එන්නේ. මේ වෙනකොට චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් ලැබෙමින් තියෙන අතරේ IMDB හි 6.3 ක සහ Rotten Tomatoes හි 47% ප්‍රේක්ෂක මනාපයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. Mission Impossible, Star Wars, Ice Age වගේ චිත්‍රපට වලින් අපි කවුරුත් අඳුරන Simon Pegg ඒවගේම Eva Noblezada, Jane Fonda, Lil Rel Howery, Colin O’Donoghue, John Ratzenberger යන නලු නිලි පිරිස චිත්‍රපටයට තම හඬෙන් දායක වෙලා තියෙනවා.

කතාව ගලාගෙන යන්නේ මේ විදිහට. සෑම් ග්‍රීන්ෆීල්ඩ් කියන්නේ පොඩි කාලේ ඉඳලම තමන්ටම කියලා පවුලක් හම්බවෙයි කියන බලාපොරොත්තුවත් එක්ක ළමා නිවාසයක හැදී වැඩුනු අවාසනාව කියන දේ ඕනවටත් වැඩියෙන් තියෙන ගෑණු ළමයෙක්. ලෝකේ ඉන්න අවාසනාවන්තම ගෑණු ළමයා කිව්වත් වැරැද්දක් නෑ. සෑම් දැන් ළමා නිවාසයෙන් පිට වෙලා ගිහින් තමන්ගේම කියලා ස්වාධීන ජීවිතයක් පටන්ගන්න ඕන නියමිත වයසට ඇවිල්ලා ඉන්නේ. එතකොට එයාට තව දුරටත් ළමා නිවාසයේ ඉන්න නීතිමය අවසරයක් නෑ. ඒත් සෑම් නම් කැමති නෑ ළමා නිවාසේ දාලා යන්න. මොකද එයාට ඉන්නවා හේසල් කියලා යාළුවෙක්. හේසල් සෑම්ට වැඩිය ගොඩක් බාලයි. එයත් සෑම් වගේම තමන්ටම කියල් පවුලක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. ළමා නිවාසෙන් යන්න කලින් සෑම්ට ඕන වෙනවා හේසල්ට වාසනාව අරගෙන එන දෙයක් හොයලා දෙන්න. මොකද එතකොට හේසල්ටත් තමන්ට වුනා වගේ ළමා නිවාසෙන් පිට වෙන වයස එනකන්ම පවුලක් නොලැබී තියෙන එකක් නෑ කියන විශ්වාසයෙන්. ඉතින් කතාව ඔය විදිහට ගලාගෙන යනකොට තමයි සෑම්ට බොබ්ව හම්බවෙන්නේ. ඉතින් මේ බොබ් කවුද කියලා චිත්‍රපටය නරඹලාම දැනගන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මේ සිනමා පටයේ අපේ ජීවිත වලට වැදගත් පණිවිඩ කීපයක්ම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා ඇනිමේෂන් චිත්‍රපට රසිකයෙක් නොවුනත් කමක් නෑ, මේක බලන්න කියලා ආරාධනා කරනවා.

අවසාන වශයෙන්, විවිධ වැඩ කටයුතු නිසා මේක අරගෙන එන්න ප්‍රමාද වුන එකට සමාවෙන්න. ඒ වගේම කියන්න ඕන චිත්‍රපටයේ සමහර තැන්වල විවිධ භාශාවලින් දෙබස් තියෙනවා, ඉතින් මම ඒ දෙබසුත් අර්ථයට හානියක් නොවෙන විදිහට සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනි මේක මගේ දෙවනි සිංහල උපසිරැසිය, ඉතින් ඒ නිසා චිත්‍රපටය නරඹලා ගුණ දොස් සියල්ලම කියලා පහලින් කමෙන්ට් එකකුත් දාන්න කියලා මතක් කරනවා. බයිස්කෝප් අඩවිය වෙනුවෙන් එල්.සී.දමෙල් සොහොයුරා ඇතුලු සියලුම ඇඩ්මින්වරුන්ට ස්තූතියි. එහෙනම් තවත් මේ වගේම රසවත් සිනමා නිර්මාණයකින් මුණගැහෙනකන් පරිස්සමින් ඉන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

16,867 downloadsDownload Luck-2022.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-03-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

16,867 downloadsDownload Subtitles52 KB

20 comments

  1. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    සහෝ. 🤪

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. Anonymous

    Tnx bn sub ekat

  4. Udara Damith

    elaaaaaaaaaaa

  5. sahangayantha

    thanks a lot saho sub ekata

  6. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තුතියි...ජය ❤

  7. swik9

    thank you bro sub ekata Jaya wewa.

  8. indika 75

    thanks..

  9. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Dilshan Karunarathne

      ❤️

  12. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  13. Anonymous

    Thank you

  14. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි ..

  15. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි ..

  16. Pisi

    gemmk sahoo

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  18. ලහිරු priyankara

    ellla

  19. Ravidu

    Good

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.