Watch Trailer

Timeless Love (2019) Sinhala Subtitles | අකාලික ප්‍රේමය [සිංහල උපසිරසි සමඟ]

කතාව මූලිකවම ගෙතෙන්නෙ තරුණ වයසෙ ඉන්න තෝමස් හා මේගන් වටා. මේගන් ලෙස සුරූපී Rachel Skarsten ද, තෝමස් ලෙසින් Brant Daugherty ද එකතු වෙනවා.අධ්‍යක්ෂණය Brian Brough විසින්ද කතාව හා තිර රචනය Brittany Wiscombe විසින් සිදු කරලා තියනවා. ඒ Donovan Barlow විසින් රචනා කරන ලද මුල් පිටපත ඇසුරින්. කතාව පැය 1 කුත්…

කතාව මූලිකවම ගෙතෙන්නෙ තරුණ වයසෙ ඉන්න තෝමස් හා මේගන් වටා. මේගන් ලෙස සුරූපී Rachel Skarsten ද, තෝමස් ලෙසින් Brant Daugherty ද එකතු වෙනවා.අධ්‍යක්ෂණය Brian Brough විසින්ද කතාව හා තිර රචනය Brittany Wiscombe විසින් සිදු කරලා තියනවා. ඒ Donovan Barlow විසින් රචනා කරන ලද මුල් පිටපත ඇසුරින්. කතාව පැය 1 කුත් මිනිත්තු 25ක් පුරාවට Drama, Romance කියන කොටසට අයත් වෙමින් දිව යනවා. 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී සිනමා ලොවෙන් එළියට ආව මේ කතාවේ සංකලනයන් වෙනුවෙන් IMDB 7.0 ක අගයක් ලැබිල තියනවා.

මේගන් රෝහලක කෝමා තත්වයෙන් අවදි වෙනවා. එතකොට ඇය සිහිනයෙන් දැකපු සිය සැමියා සහ දරුවන් දෙදෙනා සැබෑවක් නෙමෙයි කියලා අම්මා, තාත්තා, හැමෝම කියනවා. ඇය ඒවා පිළිගන්න හදනකොට, ඇගේ පළමු රැකියා සම්මුඛ සාකච්ඡාවේදී, ඇයට තෝමස්ව අහම්බෙන් මුණගැසෙනවා – එහෙම නැත්තම් ඒක අනාගතයට වසර ගණනක් දර්ශනය වුණාද?

“මම මේ ඔක්කොම දන්නේ මොකද අපි දෙන්න විවාහ වෙලා හිටියෙ. මං දන්නව ඔයාට කොහොමද දැනෙන්නේ කියල, මං හිටියේ කාර් එකකින් වුණ අනතුරක, ඒ වගේම ඒකෙන් මාව මාස දෙකකට කෝමා වුණා, මං දන්නෙ නෑ කොහොමද හරි ඇයි හරි කියලා, ඒත් මං ඔයාව දැක්කා, ඔයයි මමයි, අපි දෙන්න ලස්සන ජීවිතයක් එකට ගෙවනවා. ඒ වගේම ලස්සන ගෙදරක්, ලස්සන ළමයි දෙන්නෙක්. මං මේක හොදින් පැහැදිලි කරන්නෙ නැතුව ඇති. හැමෝම මට කිව්වෙ මේක හීනයක් විතරයි කියලා. මමත් ඒක විශ්වාස කරගෙන හිටියා, ඔයා මාව අහම්බෙන් මෙතනින් හන්බවෙනකම්, ඒ කියන්නෙ මොකක්හරි තේරුමක් තියෙන්න ඕනි ඒකට. මේ ලියල තියන සටහන්,ඒව මතකයන් විතරයි. ඔයාට පේන්නෙ නැද්ද? බලන්න, දම් පාට, ඒක තමයි ඔයාගෙ ආසම පාට, ඒත් ඔයා හැමෝටම බොරුවට කියන්නෙ ඒ කොළ පාට කියලා, එහෙම වුණත් ඔයාට වැඩිපුරම තියෙන්නෙ දම් පාට ෂර්ටුයි, ටයි පටියි, වෙන කිසිම පාටකට වඩා. තව, පාපන්දු, ඔයා බලන්න කැමති නෑ, ඒකට හේතුව ඔයා හිතන්නේ, බාස්කට්බෝල් සහ බේස්බෝල් ක්‍රීඩා හාස්‍යජනක වෙනව කියල, ඒ වගේම ඒ ගැන සැලකිලිමත් වෙන්නත් ගොඩක් වෙලාවක් යනව කියල. අපේ ගෙදර ඉස්සරහ කෑල්ලෙ ෆොටෝ එකක් එල්ලලා තියනවා, හරියටම අර ධාන්‍ය ගබඩාවෙම ඉදන් ගහපු, තව, ඔයාගෙ නම, ඔයා කැමති නෑ කවුරුත් ඔයාට ටොමී කියනවට,අම්මා ඔයාට කතා කළේ එහෙම නිසා. මම දැනගෙන හිටියා ඔයාට ඇයව මතක් වෙනවා කියලා. තව ඔයාගෙ තාත්තා, මං දැනගෙන හිටියා ඔයාගෙ තාත්තා ප්‍රංශ ලූනු සුප් වලට ආසයි කියල, ඔයාට පේන්නෙ නැද්ද?”

එහෙම නම් ඔබට බාරයි මෙතැන් පටන්.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා  අදාළ වේ.

2,389 downloadsDownload Timeless-Love-2019.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කිත්මිණි හෙට්ටිආරච්චි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-12-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,389 downloadsDownload Subtitles52 KB

10 comments

  1. Geethi

    Thank you.

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. indika75

    thanks..

  4. නිමේෂ් කාවින්ද .

    උපසිරැසියට ස්තූතියි සහෝදරී !

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Nilush Angana

    Sub ekata thanx

  8. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  9. Ruchira

    Thanks for the sub!!!!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.