Watch Trailer

Training Day (2001) With Sinhala Subtitles| තිත්ත ඇත්ත. [සිංහල උපසිරසි සමඟ]

ලොස් ඇන්ජලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ (LAPD) රාජකාරියට තරුණයෙකු යන මුල්ම දවසක්. එහෙව් දවසකම ප්‍රබල LAPD පරික්ෂකවරයෙක් ඔහුට ලබා දීමට යන පැය 24 ක ප්‍රායෝගික පුහුණුවක්. මෙවන් දෙයක් කරන්නේ කුමකටද? මේ තරුණයාම ඊට තෝරා ගත්තේ ඇයි? එහි අවසානය කෙබඳු වේවිද? මේ සුපිරි සලරුවේ ඇති සිද්ධි දාමයේ මේවා ලස්සනට දිග හැර…

Training Day (2001)

ලොස් ඇන්ජලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ (LAPD) රාජකාරියට තරුණයෙකු යන මුල්ම දවසක්. එහෙව් දවසකම ප්‍රබල LAPD පරික්ෂකවරයෙක් ඔහුට ලබා දීමට යන පැය 24 ක ප්‍රායෝගික පුහුණුවක්. මෙවන් දෙයක් කරන්නේ කුමකටද? මේ තරුණයාම ඊට තෝරා ගත්තේ ඇයි? එහි අවසානය කෙබඳු වේවිද? මේ සුපිරි සලරුවේ ඇති සිද්ධි දාමයේ මේවා ලස්සනට දිග හැරලා තියෙනවා. ඒ නිසා මේක බලන්නම වටිනවා. කතාව අපූරුවට ගොතලයි තියෙන්නේ. IMBb දර්ශකයේ 289,750 කගේ ප්‍රේක්ෂක ඡන්දවලින් 7.7/10 ක අගයක් ලබපු Crime Thriller වර්ගයේ සුපිරිම චිත්‍රපටයක්. අයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. Denzel Washington තමා වැඩේට බැහැලා ඉන්නේ. මේ වැඩේ නම් මිනිහා නැවැත්තුවේ 2002 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවාට දෙන සම්මානයත් ඇරගෙනයි. ෆිලුමත් බැලුව එකේ සිංහල සබ් එක නොදී ඉන්නේ කොහොමද. වැඩ පිට වැඩ තියෙද්දිත් Training Day එකට අත ගැහුවෙත් ඒ නිසයි. ඔන්න දැන් කට්ටියටම තියෙන්නේ බාගෙන බලන එකයි.

මාත් බයිස්කෝප් එකට මේ ආවේ මාස හතරකට විතර පස්සෙයි. කාර්යබහුලකම කියන වචනේ මාවත් හොයන් ආවා. ලැබුණ වෙලාවක ෆිලුම් දෙක තුනක් එහෙමත් බැලුවා. ඒවයේ සබ් බාගන්න බයිස්කෝප් එකටත් ආවා. ඒත් කට්ටියටම සබ් එකක් ගේන්න මට වෙලාවක් හදාගන්න බැරිවුණා. ඉඳලා ඉඳලා තමයි මෙන්න සබ් එකක් ගෙනාවේ. ඉතින් මේ සබ් එකට ඉඩ ලබා දුන් රොයිලි සහෝට නැවත නැවතත් ස්තූතියි. ෆිලුම ගැන නම් වැඩිය මං මුකුත් කියන්න යන්නෑ. කුතුහලයෙන් බලනකොටයි ෆිලුම රසවත් වෙන්නේ. හැබැයි මේක බැලුවම අපිට ගොඩක් දේවල් හිතන්න තියෙන බව නම් කියන්න ඕනි. බලාත්මක නීතිය මහජන ආරක්ෂාවට සැබැවින්ම රුකුල් දෙනවද? මේක තමයි Training Day චිත්‍රපටයේ පැය විසි හතරේ සිද්ධිය පුරා දෝංකාර දෙන පැණය. එක්සත් ජනපදයේ නුදුටු පැත්තක් වෙත මෙය ඔබව රැගෙන යනවා නොඅනුමානයි.

මට කියන්න දෙයක් අමතක වුණා. Denzel Washington කියද්දියි මතක් වුණේ. මේකේ සහාය නළුවට ඉන්නේ හොලිවුඩ්වල තවත් වැඩකාරයෙක් වන Ethan Hawke (Brooklyn’s Finest, Sinister, Total Recall, Gattaca). මිනිහත් මේකේ නැවතුණේ 2002 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවන් පස් දෙනා අතරට නිර්දේශ වෙලයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Antoine Fuqua (Shooter, Tear of The Sun, Olympus Has Fallen, The Equalizer) විසින්. Denzel Washington LAPD පරික්ෂකවරයාගේ චරිතයත්, Ethan Hawke ආධුනික පොලිස් නිළධාරියාගේ චරිතයත් කරගෙන යනවා.

එහෙනම් කට්ටියම ෆිලුම බලන්නකෝ. මං ආයෙත් එනවා. පුළුවන් තරම් ඉක්මණට සුපිරි ෆිලුමක් ඇරන් එනවා. බැරිවුණොත් පහුවෙලා හරි සබ් එකක් ඇරන් එනවා. ඔයාලගේ අදහස් මේ පිටුවේ තියලා යන්න අමතක කරන්න එපා. මට ඔයාලගේ කොමෙන්ටුව තමයි වටින්නෙම. එහෙනම් හැමෝටම ජය වේවා !!!

Training Day (2001) on IMDb

 

 

800 MB (720p BRrip) කොපිය මෙතනින් බාගන්න

280B7FA6C93E759A5871E643B4D4426A4EE915D0

1.6 GB (1080p BRrip) කොපිය මෙතනින් බාගන්න

8528B050FAEFA9BC34FB8E5797B37F5DFDDF3306 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,970 downloadsDownload Training-Day-2001baiscopelk.com_.zip184 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/විරාජ්-කොඩිතුවක්කු-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කොඩිතුවක්කු (තෙලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,970 downloadsDownload Subtitles184 KB

31 comments

  1. prasha

    tnx

  2. bandula indrasena

    Rudramadevi.2015 sab denna.

  3. chacha

    thanks bro

  4. තිසල්

    බාලා තිබ්බෙ මචන් එලම ලොක ප්‍රසිද්ද ෆිල්ම් එකක් නෙහ් මෙක තැන්ක්ස්

  5. අසිත

    ela saho........

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    සුපිරි වැඩක්
    සුපිරි ෆිලුමක් කියලා සිතමි
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  8. Kulanjana Maduranga

    niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Jack

    නියමයි මචෝ…
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

  10. oshada

    ela saho api oyath akki hamadama.......

  11. janaka

    thanks lot

  12. bobby

    Thank you Very Much Viraj
    Good Luck

  13. Thiwanka Mahesh Madusanka

    thank you so much bro......................

  14. w A Thilak

    ස්තුතියී............ඉදිරියටම යමූ

  15. රොයිලි

    බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. kasun

    thanks

  17. Kasun Danushka

    baiscope ayyalata puluwannam Me Dana Film wala Adu Quality Thiyena Torrent Link Dennako Plz Loku Deyak

  18. වසන්ත

    සුපිරි සලරුවක්නේ මචං. ගොඩක් පිං. දිගටටම සබ් දෙන්න සහෝ, ජය වේවා!

  19. Nadeeka

    Good Movie. thanks!

  20. prabath

    thanks bro...

  21. amila

    thnks boss

  22. Bandaramudiyansi

    Thank saho supiri mek nm.sab eka ගින්දර

  23. Eranda Malith 2.0

    Sub ekata thanks bn

  24. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  25. Sasindu Chamod

    සුපිරියක් වෙන්න ඕන.පරන එකක් වුනාට සෙට් වෙන්නේ අද.මේ බාන ගමන්.සබට තුති!! ඔබට ජය!!

  26. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  27. sasanka

    thanks for the sub

  28. BIMBISHA INDURUGALLA

    ස්තුතියි උපසිරැසියට තෙලා සහෝ♥️

  29. Anonymous

    Thx machooo

  30. මසියා

    සබ් වැඩ නෑ

  31. Anonymous

    Sub wada nane

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.