බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සිටින සියලූම දෙනාට අරුත්බර දවසක්..!! පුරා දින හතරක වෑයමකින් පසුව මා අද රැගෙන එනුයේ මාගේ 04 වන උපසිරැසි නිර්මාණයයි. මේ මහගු කාර්ය්‍ය හොදින් කිරිම සදහා මාහට සහය දුන් පිරිසත් මේ වෙලාවේදි සිහිපත් කර සිටිමට මා කැමතියි .මගේ් ආදරණිය අම්මා.!! ඒවාගෙම මගේ බාල සොයුරිය නිලුෂා නංගි (චූ…
බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සිටින සියලූම දෙනාට අරුත්බර දවසක්..!! පුරා දින හතරක වෑයමකින් පසුව මා අද රැගෙන එනුයේ මාගේ 04 වන උපසිරැසි නිර්මාණයයි. මේ මහගු කාර්ය්‍ය හොදින් කිරිම සදහා මාහට සහය දුන් පිරිසත් මේ වෙලාවේදි සිහිපත් කර සිටිමට මා කැමතියි .මගේ් ආදරණිය අම්මා.!! ඒවාගෙම මගේ බාල සොයුරිය නිලුෂා නංගි (චූටි දු) සමන් අරුණ කුමාර මල්ලි (විශේෂයි මගේ මේ ලිපි ලියන එකේ අඩුපාඩු පෙන්නලා දීපු නිසා) චාමර කනිෂ්ක මල්ලි වත් මේ මොහොතේ මතක් කර ස්තුතිය පිරි නැමිමට කැමතියි..!! ඔබ සැම සලරුව පිළිබදව දක්වන අදහස් හා ස්තුතින් සියල්ලක්ම ඉහත මා කියු මාගේ සහෘදයින් හටත් ලබාදෙන මෙන් මා ගෞරව පූර්වකව ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. චිත්‍රපටියක් සදහා උපසිරැසියක් නිර්මාණය කරනවා කියන්නේ ගොඩක් ලොකු භාරදූර කටයුත්තක් ඒ සදහා කාලය පමණක් නෙවේ විශාාල කැප කිරිම් අපට කරන්න සිදු වෙනවා.! එතකොටයි ඒ චිත්‍රපටයේ උපසිරැසිවල ගුණාත්මක භාවයක් පවතින්නේ.! අපි දරණ ඒ විශාල වෙහෙස නිසාත්..! එය එලෙසම වේ නම් අපි සලරුව දෙසට අවදානය යොමුකර බලමු…!!
“මේ සිනමා සිත්තම දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ නිර්මාණයවු ක්‍රියාදාම සහ ත්‍රාසය මුසුකර ගත් (Action .Thriller) 2014 වර්ෂයේ පෙබරවාරි මස 21 වෙනිදා තිරගතවු සලරුවක් මෙම සිනමා සිත්තම සදහා අන්තර්ජාල චිත්‍රපට සංචිතයේ අගය ලෙස (IMDb) 10 / 8.4 ක අනුපාත අගයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. කථාව දෙස බැලුවහොත් කුඩා කාලයේදි තම මිතුරකු වු “බාලා “කල උදව්වක් සදහා ප්‍රතිඋපකාර කිරිමට බලාපොරොත්තුව සිට බාලාට එම ප්‍රතිඋපකාරය සිදුකරන “අගස්ථයා“ නම් තරුණයකුට සිදුවන සිදුවීමක් වටා කථාව ගලා යනවා..! අගස්ථයා තවත් මිතුරකු වෙත කිරිමට යන උදව්වක් නිසා ඔහුගේ මුළු ජිවිතයම වෙනස්ම මගකට හැරෙනවා..! ඒ අතරම ඔහුගේ ජිවිතයට පැමිණෙන “නිත්‍යා“ නම් තරුණිය නිසා මොහුගේ ජිවිතය පවා අහිමි වීමට තරම් දේවල් සිදුවෙනවා .. අගස්ථයා කියන්නේ කවුද…? කුඩාකාලයේ බාලා නම් මිතුරා ඔහුට කල උදව්ව මොකද්ද….? නිත්‍යා කවුද….? නිත්‍යා නිසා අගස්ථයා ගේ ජිවිතය නැතිවීමට පවා සිදුවු සිදුවීම මොකද්ද කියලා දැන ගන්නට නම් මේ සිනමා කෘතිය රසවිදින මෙන් ඔබ සැම ගෙන් මා ඉල්ලා සිටිනවා..!! තවද දුරටත් ඉල්ලා සිටිමට කැමතියි ඔබගේ වටිනා අදහස් උදහස් ද පහතින් දක්වා යන ලෙසට.! එසෙනම් ඔබ සැමට ජයෙන් ජයම වේවා..!!
Due to copyright issues, we do not provide any torrent links.
Ugramm (2014) – 1CD – HD – DvDRip
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
9,202 downloadsDownload Ugramm-2014.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/M.T.R.-තරිදු_රුක්ෂාන්_පෙරේරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
17 comments
kavindugayshan
kgm
maru/ supiri wadak
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!Kulanjana Maduranga
niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
සචිත උදාර
බලමු එහෙනම් කන්නඩ ෆිල්ම් එකකුත්, විශේෂයෙන් 2000+ vote එක්ක imdb 8.4 අගය දැක්කම මට ඉන්න බෑ. උපසිරසියට බොහොම ස්තුතියි.
තිසල්
බාලම බලමු තැන්ක්ස් මචන්
aruna udeshantha
ane ayye telingu film walata tikkak wadi barak gannako plss alludu seenu film 1 try kranawda.oyaaya sewaya amilai
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි රුක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandy geo
ela mcn. ela...
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි අයියේ
සුපිරි ෆිලුමක් කියලා සිතමි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !Shehan Madhusanka
thanks for sub
anu krish
link eka ewannko ganna
මොළ කකුලුස්
පට්ටම පට්ටම film එකක් තමයි මේක...සිංහල උපසිරසියට thanks..jaya wewa yaluwa.
Anonymous
කතා කරන්න කලින් සබ් එක යනවනෙ
Anonymous
Rathaarva moove එකේ සබ් එක නැද්ද
Malith Sandeepa
බලපු සුපිරිම ෆිල්ම් එකක්❤
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤
Advertisement
![Ugramm (2014) with Sinhala Subtitles | ‘කෝපය“ සහ පලිගැනීම.. ආදරය කියන්නේ කෝපයට එරෙහිව සටන් කරන දෙයක්. [සිංහල උපසිරැසි සහිතව]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Ugramm-2014.jpg)

supiri filumak wage niyamai [puli 2015] [Bhale Bhale Magadivoy 2015] me film wala hd rip avilla medekatath denna tnx