ඔන්න ඉතින් Don Lee ගෙ තවත් සුපිරියක් අරගෙන එන්න තමයි මේ සූදානම් වෙන්නෙ. Ma Dong Seok එහෙමත් නැත්නම් Don lee කියපුවාම නොදන්න කෙනෙක් නැති තරම්නෙ. මතක ඇතිනෙ Don Lee රසිකයන්ටම උපසිරසි ලබා දුන්න The roundup සීරීස් එක. බලල නැත්තන් ඒකත් බලන්න. The roundup සීරීස් එකේ ඊලග කොටසත් මේ අවුරුද්දෙ මැද දිහා ඔයාලට…

ඔන්න ඉතින් Don Lee ගෙ තවත් සුපිරියක් අරගෙන එන්න තමයි මේ සූදානම් වෙන්නෙ. Ma Dong Seok එහෙමත් නැත්නම් Don lee කියපුවාම නොදන්න කෙනෙක් නැති තරම්නෙ. මතක ඇතිනෙ Don Lee රසිකයන්ටම උපසිරසි ලබා දුන්න The roundup සීරීස් එක. බලල නැත්තන් ඒකත් බලන්න. The roundup සීරීස් එකේ ඊලග කොටසත් මේ අවුරුද්දෙ මැද දිහා ඔයාලට බලාගන්න පුළුවන් වෙයි.. එහෙනම් අපි UNSTOPPABLE චිත්‍රපටිය පැත්තට හැරෙමු..
UNSTOPPABLE චිත්‍රපටය 2018 නොවැම්බර් මස 22 වන දින කොරියාවෙදි ප්‍රදර්ශනය කෙරුනා. Action/ Thriller ඝණයට අයත් මෙම සිනෙමා පටය තිරරචනය හා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Kim Min-ho විසිනුයි. මෙහි ප්‍රධාන නලු නිලියන් ලෙස Ma Dong-seok, Song Ji-hyo, Kim Sung-oh, Kim Min-jae, Park Ji-hwan රංගනයෙන් දායක වනවා. මෙය ඩොලර් මිලියන 12 කට ආසන්න ආදායමක් උපයා ඇති අතර IMDB 6.6 ක අගයක් ලබා ගැනීමටද සමත් වී තිබෙනවා.
කන්ග් ඩොන්ග් චුල්, දරුණු මැරයකු ලෙස ජීවත්ව පසුව තමාගේ හොදම යහලුවා සමග මසුන් වෙළදාමේ නිරතවෙමින්, ඉතා සමකාමී ලෙස ජීවත් වන ව්‍යාපාරිකයෙක්. මොහු ජීවිතය ගොඩ දමාගැනීමේ අරමුනින් විවිධ ව්‍යාපාර වලට අතගැසුවත් ඒ සෑම ව්‍යාපාරයක්ම අසාර්ථක වීම හරහා දැඩි පීඩනයකින් පසුවෙනවා. මේ අතර ඔහුට හමුවන යහලුවකු හරහා තම බිරිදගේද දැඩි අකමැත්ත මත කකුළු ව්‍යාපාරයකට අතගසන්නෙ ජීවිතය ගොඩ දමාගැනීමේ අරමුනින්. දිනක් කන්ග්, තම බිරිද සමග රාජකාරි නිමවා අල්ලාප සල්ලාපයේ යෙදෙමින් තම වාහනයෙන් නිවස කරා පැමිණෙන අතර අනතුරකට මුහුන පානවා. එහිදී කන්ග් හා ඔහුගේ බිරිද අදාල අනතුර සිදුකල කාර් රථයේ පැමිණි
පුද්ගලයින් සමග වචන හුවමාරුවක පැටලෙනවා, ඒ අදාල කාර් රථයේ සිටින්නේ රටේ නමගිය මිනිස් ජවාරම්කරුවකු හා අපරාධකරුවකු බව නොදැනයි.. මේ කිසිත් නොදත් කන්ග් හා ඔහුගේ බිරිද නැවත නිවසට පැමිණෙන අතර සුපුරුදු පරිදි එදිනෙදා වැඩරාජකාරි වල යෙදෙනවා. දිනක් කන්ග් නිවසට පැමිනෙන විට ඔහුගේ බිරිද තම නිවසේ නොමැති බවත් කිසියම් කරදරයක් ඇයට සිදුවී ඇති බවත් නිරීක්ෂණය කරනවා. වහාම කන්ග් මේ පිලිබදව පොලිස් ස්ථානයට පැමිණිලි කලත් දවස් කිහිපයක් ගියත් ඇයව සොයා ගැනීමට පොලීසියට නොහැකි වනවා. මෙයින් දැඩිලෙස මානසික පීඩනයකට ලක්වන කන්ග්, ඔහුගේ මිතුරා සමග තම බිරිදගේ අතුරුදහන් වීමේ අභිරහස සෙවීමට පටන් ගන්නවා.. ඉතින් කන්ග්ට ඔහුගේ බිරිදව සොයා ගැනීමට හැකිවේවිද? කවුද කන්ග් ගේ බිරිදව පැහැරගෙන ගියේ ? ගැහැනුන් පැහැර ගෙන යන මිනිස් ජාවාරම්කරුවන් ගේ අවසාන අරමුන කුමක්ද? මුදල් මල්ලේ අභිරහස කුමක්ද? මේ සියල්ලට උත්තර හොයාගන්න UNSTOPPABLE 2018 බලන්නම වෙනවා.
Don Lee ගේ සුපුරුදු මුෂ්ඨි ප්‍රහාර වලින් සන්නද්ධ වූ UNSTOPPABLE 2018 වරෙක සිනහවද, වරෙක ත්‍රාසයද මැනවින් කැටිකර තිබෙනවා. ඒ වගේම මතක් කරන්නම ඕනෙ, චිත්‍රපටය තුල ටිකක් දරුණු වාග් විලාසක් තියෙන්නෙ.. ඒ නිසා කුඩා ළමුන් නරඹනවා නම් ඒ ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න වෙයි. එහෙනම් තවත් සුපිරි හොල්මන් චිත්‍රපටියකින් නැවත හමුවෙමු. ඒ වගේම Don Lee ගෙ ෆිල්ම් සෙට් එකක්ම ඉස්සරහට උපසිරසි ගන්වා ලබාදෙන්නත් උත්සහ කරනවා. ඔබට සුභ දවසක්..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
10,631 downloadsDownload Unstoppable.2018.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
6 comments
JaniZZ_H
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Tharindu
Thank you.. jaya wewa
Advertisement
supiriiii