බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට සුබ දවසක් වේවා! සුපුරුදු ලෙසින් මම අදත් අඩවියට පැමිණෙන්නේ 2015 වර්ෂයේ තිරගතවු කන්නඩ චිත්‍රපටයක් සමඟින් ඒ වගේම මෙය මගේ දසවන (10 ) උපසිරැසි නිර්මාණය! මෙම චිත්‍රපටිය ක්‍රියාදාම සහ නාට්‍යමය ඝණයට අයිතිවන සලරුවක් වන අතර මගේ තිබෙන කාර්ය්‍ය බහුලත්වන නිසා හිතුවට වඩා වැඩි කාලයක…

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට සුබ දවසක් වේවා! සුපුරුදු ලෙසින් මම අදත් අඩවියට පැමිණෙන්නේ 2015 වර්ෂයේ තිරගතවු කන්නඩ චිත්‍රපටයක් සමඟින් ඒ වගේම මෙය මගේ දසවන (10 ) උපසිරැසි නිර්මාණය! මෙම චිත්‍රපටිය ක්‍රියාදාම සහ නාට්‍යමය ඝණයට අයිතිවන සලරුවක් වන අතර මගේ තිබෙන කාර්ය්‍ය බහුලත්වන නිසා හිතුවට වඩා වැඩි කාලයක් ගතවුනා මේ චිත්‍රපටියේ උපසිරැසි නිර්මාණය කරලා අවසන් කරන්නට තවත් කියනව නම් මෙම සලරුව තුල අලංකාර ගීත කිහිපයක් අඩංගු වෙනවා ඒ ගීත වලටත් උපසිරැසි නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම තමයි මේ චිත්‍රපටය නරඹලා රසවිඳලා ඔබගේ වටිනා අදහස්ද දක්වන මෙන් ඉල්ලා සිටිමින් මා කතාව දෙසට යොමු වනවා.
දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ නිර්මාණයවු 2015 වර්ෂයේ ජුනි මස 12 දින තිරගත වීම ඇරඹු මෙම සලරුව අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ හර්ෂ විසින් වන අතර නිෂ්පාදනය සී.ආර් මනොහර් සහ සී.ආර් ගෝපි විසින් වේ මෙහි රංඟන දායක්ත්වය කන්නඩ සුපිරි නළු ශිව රාජ්කුමාර් සමඟින් කන්නඩ නිළි නබා නටේෂ් යන නළු නිළි යුගලයය වන අතර මෙහි විශේෂත්වය වන්නේ මෙහි එන ‘No Problem” ගීතය ගායනා කරනු ලබන්නේ අප කවුරුත් දන්නා හඳුනන දමිළ සිනමාවේ සුපිරි නළුවකු වන දනුෂ් විසින් ගායනා කිරිමයි! මෙම සලරුව සඳහා IMDb අගය සටහන් වන්නේ 7.5/10 ලෙසිනි.
මෙහි කතාව දෙසට අවදානය යොමු කලහොත් විරාජ් කියලා තරුණයෙකු ජිවත් වෙනවා ඔහුගේ පවුලේ මව පියා සහ නංගි කෙනෙකු සහ මල්ලි කෙනකුද සිටනවා මොහු හනුමාන් දේව බැතිමතෙක් නමුත් ඒ සියලුදෙනා විරාජ් ගේ නියමම අම්මා තාත්තා හෝ සහොදර සහෝදරියෝ නෙවෙයි ඒ බව විරාජ් පවා දන්නා අතර දිනක් ඔවුන්ගේ නිවසේ පැවැත්වු සාදයක් තුලදි සිදුවන සිදුවීමකින් විරාජ්ගේ මුළු ජිවිතයම වෙනස් වෙනවා විරාජ් ගේ දැන් සිටින පියාට එම සිදුවීම නිසා හදෘය ආබාධයක් පවා හට ගන්නා අතර විරාජ්ද බොහොම දුකින් සිටනවා කෙසේ හෝ විරාජ්ගේ දැන් සිටින පියා විරාජ්ගේ සැබෑ දෙමාපියන් කවුරුන්ද යන්න හෙලිකරන අතර විරාජ් ඉන් ඉදිරියට කුමක් සිදු කරයිද? විරාජ් සෑබෑ දෙමාපියන් හට සිදුවුයේ කුමක්ද යන්න දැනගැනීමට නම් චිත්‍රපටය රසවිඳ සිටින ලෙසට මා ඔබ සැමගෙන් ඉල්ලා සිටනවා. ඔබගේ වටිනා අදහස් උදහස්ද දක්වා යන්නයැයි ඉල්ලා සිටිමින් මා අදට නතරවෙනවා ඔබ සැමට හනුමාන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Vajrakaya (2015) – DVDRip – 720p – .mkv
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
3,069 downloadsDownload Vajrakaya-2015.zip118 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
17 comments
CHAMARA
yasitha
supiriyak wage...thanks yaluwa...
dushmantha neelanayana
ela, dan me bana gaman, mass maharaj ravi tejge kick 2 telugu film eke dthrip eka awilla thiyenne, ekata sinhala sub karawada ikmantama, obalata jaya
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ
සුපිරි වැඩක්
පොඩි කොපියක් දුන්නාට ස්තූතියි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ජයෙන් ජයම වේවා !
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!kavindugayashan
2015 BALE BALE MAGADIYOY meka supirima film ekak mekath sub denna tnx
sanka
thanks for sub
Chalana
ela saho ela
Kulanjana Maduranga
niayamai…aniwa bamak thma.thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun Upeksha
ඉදිරියටම යමු…!
ජයවේවා……jagath
thanks
Uddeepa Rozzer
thnkzළ්ළ කොල්ලෝ පට්ට ෆිල්ම් එකක් සබ් නැතුව හිටියේ.ජය...
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
anil
THANK YOU
Sanjaya
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. දැන් වත් මගේ ඉල්ලීම ඉටු කරල දෙනවදෝ? ජය෴෴ :P :P
Rajitha Abeysinghe
Thanks Tharindu bro!
Pramudaya Lal
ස්තූතියි ඒම්.ටී.අාර්
Advertisement

THANKS THARINDU MALLI....