Watch Trailer

Oz the Great and Powerful (2013) | මහා බළගතු ඔස් හී විජ්ජාකාරයා [සිංහල උපසිරැසි සමඟ]

[box]ආයුබෝවන් හැමෝටම. කාලෙකින් පස්සේ මම බොහොම හිනා වෙවී උප සිරැසි දාපු සලරුවක් තමයි මේක. බොහොම සරලයි සුගමයි. සිංහල උප සිරැසි දැමීමෙන් ඒ සරල බවට මම හානි කළා දෝ කියලත් වෙලාවකට හිතෙනවා. ඒ තරම් ම ලස්සන බයිස්කෝප් එකක් තමයි මේක. වෙනදා වගේම විකියා ගේ බල කිරීම උඩ හැකි වේගයෙන් කළ උප සිරැසියක් බවත් කියන්න ම…

Oz the Great and Powerful (2013)ආයුබෝවන් හැමෝටම. කාලෙකින් පස්සේ මම බොහොම හිනා වෙවී උප සිරැසි දාපු සලරුවක් තමයි මේක. බොහොම සරලයි සුගමයි. සිංහල උප සිරැසි දැමීමෙන් ඒ සරල බවට මම හානි කළා දෝ කියලත් වෙලාවකට හිතෙනවා. ඒ තරම් ම ලස්සන බයිස්කෝප් එකක් තමයි මේක. වෙනදා වගේම විකියා ගේ බල කිරීම උඩ හැකි වේගයෙන් කළ උප සිරැසියක් බවත් කියන්න ම ඕනේ. ෆැන්ටසි කියන බයිස්කෝප් වර්ගය ඇත්තේ මිනිසුන්ට කළ නොහැකි එහෙත් කිරීමට පතන දේ සිහිනයක් සඵල කිරීමට බවයි මගේ අදහස. කෙසේ මුත් මේ බයිස්කෝපය එවන් වූ ෆැන්‍ටසියක් වුවත් කුඩා ළමයෙකුට මෙන්ම වැඩිහිටියෙකුටද ජීවිතයට යමක් එක් කළ හැකි පණිවිඩයක් සහිත ෆැන්ටසියක් බව කිව යුතුයි. එසේ නම් අනං මනං කථා නැතිව කථාව සැකෙවින් කියන්නම්.

ඔස්කාර් ඩිග්ස් කියන්නේ එතරම් සදාචාර ගති නොමැති කුඩා සර්කස් වල විජ්ජා පෙන්වන විජ්ජාකාරයෙක්. ඔහු එහිදී මාරුතයකට හසු වී ඔzස් දේශයට පැමිණේ. එම දේශයේ වැසියෝ තම ගැලැවුම් කාර විජ්ජාකරු එහි පැමිණෙන තුරු බලා හිදින පිරිසකි. එහි සිටින මායාකාරියන් තිදෙනෙකු අතරින් නපුරු මායාකාරිය කවුරුදැන් නොදැන එහි වැසියෝ වසති. ඔවුනට අවැසි වන්නේ දේශයට සාමයයි. මේ මායාකාරියන් ගේ බල අරගලයට ඔස්කාර් මැදි වෙන්නේ මුලිකව වස්තු තණ්හාව නිසයි. තම අනාගතය නිවැරදි කරන නියම විජ්ජාකරු යැයි එහි වැසියෝ එඩ්ගාර් ට රැවැටෙති. ඔහුද තමා ඇත්ත විජ්ජාකාරයෙක් කියා එහි වැසියන් රවටා වස්තුව ලබාගැනීමට උත්සහ කරයි. කථාවේ ඉතිරිය නම් ඔන්න නරඹා දැන ගන්න. අපූරු සිනහවක් ඔබ මුවඟ මෙය විසින් ඉතිරි කරන බැව් නම් නිසැකයි.

ඩිස්නි සමාගම සැමදා සිතේ ඉතිරි කරන ඒ අපූරු හැඟුම් මේ බයිස්කෝපයත් ඔබ තුල ඉතිරි කරනු ඇති. ඔබ මේ උප සිරැසි තුලින් සතුටක් ලබන්නේ නම් ඒ බව දැන ගැනීම මට මහත් සතුටකි. නැවත අළුත් උප සිරැසියක් තුළින් හමු වෙන තුරු ආයුබෝවන්.

Oz the Great and Powerful (2013) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න ce81d832d93b2d9f329c1be3a305977c78ba847c 930 MB කොපිය මෙතනින් බාගන්න c072a69997dbb3330ad416d028bbc1e10c5f5eaf 1.3 GB කොපිය මෙතනින් බාගන්න d4c7b65a0a2a33cc39cf21cd76e878ff124b5729 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

11,699 downloadsDownload Oz.the_.Great_.and_.Powerful.2013.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

11,699 downloadsDownload Subtitles315 B

235 comments

  1. pubudu supun

    වාව්, මේ නිලන්ත අයියනේ. ආපහු දකින්න ලැබීමත් සතුටක්. :) සබ් එකට බොහෝම ස්තුතියි නිලන්ත අයියේ.

    1. වා.මු.නිලන්ත පියසිරි

      ප්‍රතිචාරයටත් බොහොම පින් පුබුදු මල්ලී

  2. wow

    wow...maru :D

    1. වා.මු.නිලන්ත පියසිරි

      ස්තුතියි!

  3. tharanga

    පට්ට පට්ට මේක සබ් එනකම් උන්නේ ආව ගමන් දිලානේ ....

    1. වා.මු.නිලන්ත පියසිරි

      ආපු ගමන් දෙන්න පුළුවන් වුනේ නම් විකියා නිසයි. ප්‍රතිචාරයටත් බොහොම පින් තරංග

  4. quik

    thanks

    1. වා.මු.නිලන්ත පියසිරි

      Thanks for the comment.

  5. සමීර කරුණාරත්න

    බොහොම අමුතු බොහොම වෙනස් බොහොම අලංකාර සලරුවක උපසිරැස බොහොම ලස්සන උපසිරැස කරුවෙක් නැවත ගෙන ඇවිදින්...!
    එහෙනම් තුතී ඔබට මේ සිනමා අත්දැකීම විදිමට අප හට කරනා මේ උපකාරයට...!

    1. වා.මු.නිලන්ත පියසිරි

      සමීර, ප්‍රතිචාරයට බොහොම පින්. ඔබගේ උප සිරැසි ගැනත් එසේම තමයි. සිංහල වදන් ගැන ඔබගේ උප සිරැසි වල ඇති වෙනස මම බොහෝම අගයනවා.

    2. සමීර කරුණාරත්න

      බොහොම ස්තුතියි අයියෙ...

  6. Rashmika

    fatta fatta...thanks lot saho!!!

    1. වා.මු.නිලන්ත පියසිරි

      Thank you for the comment.

  7. upali

    ela ela ayye meyka anakm unne

    1. වා.මු.නිලන්ත පියසිරි

      බලාපොරොත්තු ඉටු කිරීමට ලැබීම ගැන සතුටුයි, උපාලි මල්ලී. ප්‍රතිචාරයට පින්.

  8. Ashan ravihansa

    ela ayya patta ma ekkata sub dila godak thankz ude idan mekat sub eka denakam hitiye

    1. වා.මු.නිලන්ත පියසිරි

      අශාන් ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.

  9. isuru

    niyamai ayye sub aka awa gamn dunna akama lokuma deyak

    1. වා.මු.නිලන්ත පියසිරි

      ඒකට නම් පින් දෙන්න ඕනෑ විකියාටයි. මිනිහා තමයි තලා පෙලා වෙලාවට වැඩේ ගන්නේ. ප්‍රතිචාරයට බොහොම පින්.

  10. සමීර කරුණාරත්න

    The Wizard of Oz (1939) සලරුවත් අප වෙත ගෙන ඒමට හැකි නම ඉතාම අගය කොට සලකමු....!

    1. වා.මු.නිලන්ත පියසිරි

      උත්සහයක් දාලා බලමු සමීර.

  11. chami

    thnxxxxxxxxxxxxxxxx

    1. වා.මු.නිලන්ත පියසිරි

      Thank you

  12. shann

    ලොවෙත් නෑ නියමයි අයියා ඔහොම යන්

    1. වා.මු.නිලන්ත පියසිරි

      ප්‍රතිචාරයටත් බොහොම පින් ශාන් මල්ලී

  13. geeth

    maxxa hode akenma

    1. වා.මු.නිලන්ත පියසිරි

      ප්‍රතිචාරයටත් බොහොම පින්

  14. elakiri

    එළකිරි ලොකු අයියේ. මේක නම් අදම බලනවා.. බොහොම පින්

    1. වා.මු.නිලන්ත පියසිරි

      බලන්න බලන්න බලා හොඳ නරකත් කියන්න. ප්‍රතිචාරයටත් බොහොම පින් මල්ලී.

  15. ccnp

    Thanks

    1. වා.මු.නිලන්ත පියසිරි

      Thank you.

  16. ganidu

    තෑන්ක්ස් වේවා!

    1. වා.මු.නිලන්ත පියසිරි

      ප්‍රතිචාරයටත් බොහොම පින්.

    1. වා.මු.නිලන්ත පියසිරි

      සබැඳිය ලොකු උපකාරයක්. ස්තුතියි.

  17. සිංහලයා

    ඉක්මනට දුන්න එක අගය කරනවා එනකම් මග බලන් උන්නු ෆිල්ම් එකක්

    1. වා.මු.නිලන්ත පියසිරි

      ඉක්මනින් දුන් එකට පින් දෙන්න ඕනෑ ඉතිං විකියාට තමයි. මොකද කාගෙන් බේරුණත් බැහැ ඔය විකියාගෙන් බේරෙන්න කියලා සිංදුවකුත් තියෙනවා ද මම දන්නේ නැහැ. ප්‍රතිචාරයටත් බොහොම පින්.

  18. frenando

    අනිවා බලනවා.. :D

    1. වා.මු.නිලන්ත පියසිරි

      බලා හොඳද නරකද කියන්න. ප්‍රතිචාරයට බොහොම පින්.

  19. kalinga

    බොහෝම පින් අයියට බොක්ස් ඔෆිස් හිට් පට්ටම පහරක් සබ් එක්කම ගෙනාව එක ගැන.. ඉස්සර වගේ දිගටම සබ් ඕනේ ඔන්න

    1. වා.මු.නිලන්ත පියසිරි

      කාලිංග මලේ, ඉස්සර වගේ උප සිරැසි දෙන්න ආසයි මල්ලී. ඒත් දන්නවා නොවැ වැඩ රාජකාරි බොහොම අධිකයි. හැකි සෑම වෙලාවක ම උප සිරැසි දෙන්න උත්සහ කරනවා. ඔබගේ ප්‍රතිචාරයට බොහොමත් ම පින්. ඔයා ගේ ප්‍රතිචාර වල හෘදයාංගම බව ඉස්සර වගේම තියෙනවා.

  20. zumo man

    elazz thnxzzz

    1. වා.මු.නිලන්ත පියසිරි

      Thank you for the comment.

  21. Bandula

    thx so much nilanatha ayya :P

    1. වා.මු.නිලන්ත පියසිරි

      You are always welcome malli, Thank you for the comment.

    2. වා.මු.නිලන්ත පියසිරි

      Thank you for the comment.

  22. naleen

    අඩේ සුපිරි ෆිල්ම් එක ආව ගමන් සබ් දෙනවා. නියමයි

    1. වා.මු.නිලන්ත පියසිරි

      සුපිරි එක ආපු ගමන් උප සිරැසි දුන්නේ. විකියා කියලා විජ්ජාකාරයෙක් ඉන්නවා නොවැ, මිනිහා කිව්වා මේක ලඟදීම එනවා කියලා. ප්‍රතිචාරයට බොහොම පින්

  23. අසංක

    නියමයි නියමයි සහෝ

    1. වා.මු.නිලන්ත පියසිරි

      ප්‍රතිචාරයටත් බොහොම පින් අසංක මල්ලී. ජයෙන් ජය වේවා!

  24. h[A]s

    බොහෝ පින්

    1. වා.මු.නිලන්ත පියසිරි

      ප්‍රතිචාරයටත් බොහොම පින්

  25. amilatk

    jayen jaya!!!!

    1. වා.මු.නිලන්ත පියසිරි

      ජයෙන් ජය වේවා!

  26. uda

    චිත්‍රපටියත් උපසිරැසිකරුත් දුටුවාම අදහසක් නොකියාම බෑ...

    අයියා හරියටම හරි අයියේ, සිනමාව කියන්නෙම මිනිස් සිතේ හැංගිලා තියෙන, සැබෑවටම ඉටු කරගත නොහැකි ආශාවන් සන්තර්පණය කර ගන්නට ඉඩ සලසන ලෝකයේ දැනට හොයාගෙන තිබෙන ප්‍රබලතම මාධ්‍යය. සිනමාව කියන්නෙම ෆැන්ටසියක් තමයි.

    නිකමට හිතුවොත් අපට කවදාවත් හමුවෙලා නැති, කවදාවත් හමුවෙන්නෙත් නැති යක්ෂයන්, සුපිරි මිනිසුන්, ඉතිහාස වීරයන්, විකල්ප ග්‍රහලෝක, මායාවිජ්ජාවන් වගේ දේවල් ඇත්තටම අත්විදින්ඩ අපට ඉඩ ලැබෙන එකම ක්‍රමය සිනමාවම පමණයි. පොතක් කියෙව්වත් ඒක හිතෙන් එළියට ගන්ඩ බෑනෙ. හැරි පෝටර් ඔච්චර සාර්ථක වුණේ මෙන්න මේ මනෝවිද්‍යාවත් ඒ තුළ තිබුණ නිසා.

    ඉතින් අයියාගෙන් උපසිරැසියක් ලැබුණා කියන්නේ පස්වණක් ප්‍රීතියෙන් පිනාගියා වගේ තමා. හැකි තරම් ඉක්මනින් බලනවා. මමත් කිය කියාමනෙ හිටියේ ළගදි එකක් ලැබුණෙ නෑ කියලා :P බොහොම තුති අයියේ... ජය!

    පලි:
    සමීර කිව්වා වගේ මේකේ මුල් එකත් දෙන්ඩ බලන්ඩ. ඒකත් මුල්කාලීන සිනමාවේ ඉතාම ඉහළින් අගය කෙරෙන කඩඉමක්. එනිසා අයියාගෙම අතින් ඒකත් ලැබුණානම් තමා වැඩියත්ම හොද ;)

    1. වා.මු.නිලන්ත පියසිරි

      මෙන්න ඉතිං අපේ හෘදයාංගම බහුශ්‍රැතියා ගේ කොමෙන්ටුව. බොහොම පින් මේ ගැන. ඔයා හරි ඔන්න කිය කියා නේ හිටියේ අළුත් එකක් දුන්නේ නැහැ කියලා. බලමු මල්ලී, දැන් සමීරයි ඔයයි දෙන්නෙක් ම පරණ එකේ උප සිරැසි ඉල්ලුවා නොවැ.

  27. lk

    aniwa mamath meyka site ake dankm balagena unne.thx

    1. වා.මු.නිලන්ත පියසිරි

      බාලා විතරක් නොවෙයි, බලලා ත් අපිට ප්‍රතිචාරයක් දක්වන්න. ප්‍රතිචාරයටත් බොහොම පින්.

  28. කැළුම්

    නියමා.................යි අපේ අයියේ..

    දිගටම සබ් දෙන්න බලන්න හොදේ......

    මේ පින් බලයෙන් අමා මහා නිවන් දකිත්වා!!!!!!!!!

    1. වා.මු.නිලන්ත පියසිරි

      බොහොම පින් කැළුම්.

  29. eraNga

    elakiri :D

    1. වා.මු.නිලන්ත පියසිරි

      ස්තුතියි.

  30. mihin ලංකා

    ෆිල්ම් ඇවිත් හැරිලා බලනකොට සබ් දීලා ඔන්න වැඩ. :)
    බාන්න දැම්ම. හෙට බලනව...

    1. වා.මු.නිලන්ත පියසිරි

      දන්නවා නේ බයිස්කෝප් සිංහලෙන් විබ පලේ වැඩ. බොහොම පින් ප්‍රතිචාරයට.

  31. waruna

    gr8 ayya

    1. වා.මු.නිලන්ත පියසිරි

      Thank you මල්ලී.

  32. chamath cafe

    දැන් ටිකකට කලින් බාන්න දැම්මේ.. මෙන්න බොලේ සබ් දීලා පට්ට

    1. වා.මු.නිලන්ත පියසිරි

      දන්නවා නේ බයිස්කොප් විබපලේ වැඩ. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.

  33. yasas

    thx :D lot

    1. වා.මු.නිලන්ත පියසිරි

      You are most welcome.

  34. vee

    බලමි අදම.

    සබ් ගත්තා

    ජය

    1. වා.මු.නිලන්ත පියසිරි

      ප්‍රතිචාරයට බොහොම පින්. බලා සතුටු වන්නේ නම් තවත පින්.

  35. තරිදු දර්ශන

    film eka apu gaman sub dena eka nam super vadak ban,
    nathnam ape hadisiyata balanava,ethakota passe sinhala sub dunnama dukayi.....

    good luck! mekata mahansi una oyaalata jaya wewaaaa!

    1. වා.මු.නිලන්ත පියසිරි

      ප්‍රතිචාරය ට බොහෝ පින් තරිඳු. ඒක නම් ඇත්ත තමයි, සිංහල උප සිරැසි පමා වුනොත් ඉංගිරිසි ඒවත් එක්ක බලන්න හිතෙනවා තමයි. මහන්සිය අගය කිරීම ගැන නැවතත් පින්.

  36. g-a-n-d-u

    නිලන්ත අයියා සබ් දෙන්න ගන්න එක නම් නියමයි.මෙතනින් නතර නොවෝ දිගටම දෙන්න සබ් එකට ස්තූතී

    1. වා.මු.නිලන්ත පියසිරි

      g-a-n-d-u, අගය කිරීම ගැන බොහොම පින්. හැකි අයුරින් උප සිරැසි දීමට අදහස් කරමි.

  37. එරංග

    දැකීමත් සතුටක් අයියා. :) නියමම ෆිල්ම් එකක් ඉදලා ඉදලා ඔය ගෙනත් තියෙන්නේ.

    1. වා.මු.නිලන්ත පියසිරි

      බොහොම ස්තුතියි, එරංග. ප්‍රතිචාරයටත් බොහොම පින්.

  38. උදාර

    ජය වේවා

    සබ් නම් බයිස්කෝප් තමා

    1. වා.මු.නිලන්ත පියසිරි

      ඒක නම් ඇත්ත. උප සිරැසි නම් බයිස්කෝප් සිංහලෙන්.

  39. indika perera

    පට්ට සහෝ ! මමත් ෆිල්ම් එක බාගත්තා විතරයි . බොහොම ස්තුතියි

    1. වා.මු.නිලන්ත පියසිරි

      ප්‍රතිචාරයට බොහොම පින්.

  40. thilanka

    thanks broooooooooooo...........

    1. වා.මු.නිලන්ත පියසිරි

      You are welcome bro..

  41. lakmal

    maxxama man asa film akaak.. :D

    1. වා.මු.නිලන්ත පියසිරි

      ස්තුතියි, ලක්මාල්. කැමැති එකකට උප සිරැසි දීමට හැකි වීම ගැන සතුටු වෙමි.

  42. hh

    ela wadak ohoma yamu

    1. වා.මු.නිලන්ත පියසිරි

      ප්‍රතිචාරයට බොහොම පින්. ඔහොම යමු ඔහොම යමු.

  43. සමිත්

    බාන්න දැම්ම අයියට බොහොම පින්

    1. වා.මු.නිලන්ත පියසිරි

      සමිත් මල්ලි ගේ ප්‍රතිචාරයටත් බොහොම පින්.

  44. jeewantha

    මැක්සා :)

    1. වා.මු.නිලන්ත පියසිරි

      ස්තුතියි, ජීවන්ත.

  45. නීනු

    නියමයි

    1. වා.මු.නිලන්ත පියසිරි

      ස්තුතියි නිනූ.

  46. Amila`

    Thanks baiscope

    1. වා.මු.නිලන්ත පියසිරි

      බයිස්කෝප සිංහලෙන් කවදත් එහෙමයි. ප්‍රතිචාරයට බොහොම පින්.

  47. pathum

    good work

    1. වා.මු.නිලන්ත පියසිරි

      බොහොම ස්තුතියි.

  48. tharaka

    thank u .............

    1. වා.මු.නිලන්ත පියසිරි

      Thank you for the comment.

  49. නලින්

    එළ එළ නිලන්ත අයියා
    පට්ට මුවි එකකට අත තියලා තියෙන්නේ

    ජය වේවා

    1. වා.මු.නිලන්ත පියසිරි

      නලින් මල්ලී, ප්‍රතිචාරයට බොහොම පින්. දන්නවනේ මේවට අත තියන්නේ විකියා හින්දා තමයි නැත්නම් එහෙම වෙන්නේ නැහැ.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.