Watch Trailer

Pretty Baby (1978) Sinhala Subtitles | හුරුබුහුටි ළමයා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් උපසිරසියකුත් අරන් ඔයාල හමුවෙන්න ආවා. මේක වෙනස්ම විදියේ කතාවක්. ඔයාල මේක කොහොම පිළිගනීවිද කියලනම් මට හිතා ගන්න බැහැ. නමුත් මේකේ යමක් තියෙනවා කියල මට හිතුන. මගේ තුන්වන නිර්මාණයයි මේක. IMDb එකේ රේටින් 6.6/10 අරන් තියෙනවා 4,717 අතරින්. කතාව ගැන බිඳක් කියනවනම් 1917 New Orleans වල ති…

ඔන්න යාලුවනේ මම තවත් උපසිරසියකුත් අරන් ඔයාල හමුවෙන්න ආවා. මේක වෙනස්ම විදියේ කතාවක්. ඔයාල මේක කොහොම පිළිගනීවිද කියලනම් මට හිතා ගන්න බැහැ. නමුත් මේකේ යමක් තියෙනවා කියල මට හිතුන.

මගේ තුන්වන නිර්මාණයයි මේක. IMDb එකේ රේටින් 6.6/10 අරන් තියෙනවා 4,717 අතරින්. කතාව ගැන බිඳක් කියනවනම් 1917 New Orleans වල තියෙන ගණිකා නිවාසයක් වටා දිවෙන කතාවක්. Hattie කියන එහි වැඩකරන ඇයට ඉන්නවා වයලට් නමින් දුවක් ඇය වටා තමයි ප්‍රදාන වශයෙන්ම කතාව දිවෙන්නේ. ඇය කුඩාකල පටන්ම එහි තමයි හැදී වැඩෙන්නේ. ඇය සමග තවත් දරුවන් එහි හැදී වැඩෙනවා. ඇත්තටම එවැනි තැනක හැදෙන ළමයි අවාසනාවන්තයි. මෙතැනට එන කාමාතුරයන්ගෙන් ඇයව ඇගේ මව පරිස්සම් කර ගනියිද, නැතිනම් ඇගේ ජීවිතයත් විනාස වේවිද. ඇයටත් ඇගේ මවටත් මෙතැනින් ගැලවී වෙන තැනකට යාමට හැකිවේවිද ?

පිටපතට හානි නොවී රසවිදීම සදහා අසංවර වදන් එලෙසම පරිවර්තනය කර ඇත. මෙලොවේ සිදු වූ, අදටත් සිදුවෙන මතුවටත් සිදුවෙන (ලොවට හොරෙන්) ඇඟ හිරිවැටී යන කතාවක් ඔයාලටත් බලන්න කියල අරාධනා කරන ගමන් අලුත් එකක් සමගින් ඉක්මනිම හමුවෙන්නම්.

සමහර විට මෙවැනි නිර්මානයකට උපසිරැසි දුන්නට මට ගල් මුල් එල්ල වෙන්නත් බැරි නැහැ. මොනා උනත් ඔයාලගේ අදහස් මම සතුටින් බාරගමි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා ආදාළ වේ.

1,628 downloadsDownload Pretty.Baby_.1978.SinhalaSubs.Baiscopelk.zip42 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012-09-11

Subtitles

1,628 downloadsDownload Subtitles42 KB

54 comments

  1. Sanathk

    jayawewa

  2. uda

    ඇයි බන් මෙහෙම ඒවට නේන්නං උපසිරැසි දෙන්න ඕනේ...
    හැමදාම ඇක්ෂන්, ඇඩ්වෙන්චර්, හොරර්, ත්‍රිලර්, කොමඩි දුන්නට මදි, මේ වගේ සමාජය විවරණය කරන ඒවත්, නොපෙනෙන පැතිකඩයන්ට ඉව අල්ලන ඒවත් කොච්චරක්නම් වටිනවද හැබෑට?

    උඹ හිතුව විදිහ ගැන මට සතුටුයි. අනුන් කළ යමක් වෙනත් බසකට පෙරළද්දි, ඒකෙන් අපේ රටේවත්, සංස්කෘතියෙවත් අපිඅපේවත් ශිෂටකමයි/ සභ්‍යත්වයයි ප්‍රදර්ශනය කරගන්ඩ හදනවානම් ඒක වැරදියි. මුල්තැන හිමි විය යුත්තේ ඒ අය කිවූ දේ හැකිතාක් නිවැරදිව සහ එලෙසම(එයමයි එමමයි ලෙස) සකස් කිරීමටයි කියන එකයි මගේනම් අදහස! මොකද මේක අපි කරන දෙයක් නෙමේ, වෙන කෙනෙක් කළ නිර්මාණයක් වෙන්ත් බසකට වර නැගීමක්නෙ, එතකොට එහි මුල් නිර්මාණකරුවන් මතුකරන්ඩ හැදුව අර්ථය එලෙසින්ම මතුකිරීම තමා අපේ වගකීම නැතිවුණොත් අපි ඒ අයට සහ එම නිර්මාණයට කරන්නෙ විශාල අසාධාරනයක් වෙනවා. අපිට ඕනි ඕන් විදිහට කරන්ඩ බෑනෙ ඒ වගේ දේකදි. ඔවුන්ගේ අරමුණු, ඒ ඇතැම් දේවල් යොදාගත්තු හේතු, ඒවැයින් දෙන්න හදාපු අර්ථ, පෙන්වන්න හැදුව සමාජ තත්ත්වයන් මේ කිසිදෙයක් නොසලකා අපි සුදනොයි කියාගන්නවට වඩා, කෝටියක් බැණුම් අහගෙන හරි දේ ලබාදෙන එක තමා මටනම් වැඩිපුර අගේ!

    උඹට බණින්නත් පිරිසක් ඉදී දතකට මැදගෙන, කොච්චර බැණ්නත් පඩේකට ගණන් ගන්ඩෙපා. උඹ දන්නවනම් උඹ කළේ හරි දේයි කියලා, කවුරු මොනව කිව්වත් ඒ ඇහින් බලල මේ ඇහින් මකහන්! මං ඉන්නෙත් ඔය තැනමයි.

    මෙච්චර විස්තර කිව්වෙ, මටත් ඔය බැණුම් එල්ල වෙලා තියෙන නිසයි...
    හරි එහෙමනම් සහෝ, මට නම දුටු හැටියෙම අමුත්තක් හැගුණා, ඇත්තටම මේ වගේ කතා කොච්චර බැලුවත් වටිනවා. මොකද මේවා සැබෑ ලොවට බොරු නොවෙයි. මමත් මේ හා සමාන නමුත් හාත්පසින්ම වෙනස් එකක් ගැන කටයුතු කරාගෙන යනවා. ඉදිරියේදි ඒ ගැන බලමුකො අපි...

    තව තවත් වෙනස් කතා, වැදගත් කතා අඩංගු සිනමාපට අපි වෙන්වෙන් අරන් එන්න ඇවැසි ශක්තිය දහිරිය ලැබේවා. අනිවාර්යයෙන් බලනවා! ජයවේවා!

  3. යසිරු මධුක

    හැමදාම දෙන කතා තේමාවෙන් ඔබ්බට ගොස් වෙනස්ම ආරක චිත්‍රපටියක් ලබාදීමට කටයුතු කිරීම අගය කොට සලකනවා.

    බොහොම ස්තුතියි.

  4. Dina

    මොන ගල් මුල්ද සහෝ... :P .. බොහොම ස්තුතියි..

  5. Sasha

    loketa horen sidda wena me wage amaanushika dewal nirmaana widihata hari eli dakewena eka saadharanai..e nisa gal mul labewi kiyala hithanne naa..kohoma unath bohoma sthuthi

  6. iromi

    na bro mehema dewal dakinna one.. eken me loke gana wena dewal gana tikak hari terum ganiwi .... thnks

  7. tharanga

    Thxxx hoda story akak wagey

  8. ajith

    thanks macho....eththatama wenas kathawak.niyamai digatama kara gena yana....

  9. chamara

    Mey wagey wenas thema ganath katha karana one.hamadama boru film action lokeka inna apita aththa balanna salasiwa pin

  10. vernie

    අමුතු අමුතු film දෙනඑක හොඳයි යාළුවා

  11. wall e

    පට්ට පට්ට බලනවා අනිවා...

  12. kalinga

    මේ වගේ වැදගත් වෙන ලොවේ නිරුවත එලි කරන්න බොරු සරුව පිත්තල ලෝකයෙන් මිදී සත්‍යය දකින්නට ඔබ කල වෑයමට ආචාරය

  13. ccnp

    Thanks :)

  14. chamath cafe

    නියමයි සහෝ කමෙන්ට් අඩුයි මේ වගේ හොද ෆිල්ම්ස් වලට .අපේ කට්ටිය අගනා ෆිල්ම්ස් ගැන දක්වන සැලකිල්ල තමා ඔය...අනික දේ මෙහෙම දෙන්න දෙන්න හොද ඒවාට අපේ කට්ටියත් බලන්න හුරු වේවි..දිගටම හොද ෆිල්ම්ස් වගේම වෙනස් තේමා වලින් ඒවාත් දෙන්න

  15. dj

    ඔන්න පට්ට පට්ට කමෙන්ට් දැම්මේ නැතත් කට්ටිය දැනටම 100 කට ආසන්න ගානක් අරගෙන..

  16. quik

    jaya wewa.tx

  17. f_live

    සෑහෙන්න වටිනා වැඩක්,,,මේ වගේ ලෝකේ සිදුවන දේවල් පෙන්වන එක වටිනවා..

  18. දුකා

    මට හිතෙන්නේ මම ආස කරන ජාතියේ ෆිල්ම් එකක් වගේ කියලා.

    මේ සතිය ඇතුලතම මේ ෆිල්ම් එක බලන්න ඕන.

    බොහෝම ස්තූතියි

  19. උදාර

    තුති සහෝ වැඩේ දිගටම කරන්න

  20. කැළුම්

    වෙනස් තේමා වලින් යුක්ත ෆිල්ම් ගේන අපේ සහෝට ජය වේවා..

  21. chinthaka

    ඈත්තටම උපසිරසි වලට වගේම උපසිරසි වල නියම ගුනාත්මක බාවයෙන් සබ් දුන්නට ගොඩක් ස්තුති...........
    ජය වේවා............

  22. කැලුම් ගූණසේකර

    ලිපිය කියවනකොට මට මතක් වුනේ අමරසිරි පීරිස් මහත්මයා ගේ ළදුනේ සිංදුව. මේ වගේ නිර්මාණයක් උපසිරැසි කරපු එක හොදයි සහෝ. ස්තුතියි

  23. selvaraj

    niyamai malli thawa thawa honda ewa karanna oyalata sakthiya lebewa.................... great work

  24. vee

    සුපිරි ෆිල්ම්ස් නේ දෙන්නේ.... :)

  25. sanju lakshan

    thanks

  26. mudiya / මුදියා

    ඇත්තටම සුපිරි වැඩක් කරල තියෙන්නෙ දිමුතු සහෝ.හැමදාව වෙඩි තියාගන්න ගහගන්න හිනාවෙන ෆිල්ම් බලල විතරක් හරි යන්නෙ නෑ.ඉඳල හිටල මේවත් බලන්න ඕනි.ජයවේවා.බොහෝ...........ම ස්තූතියි...!

  27. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  28. d2dinu

    වෙනස්විම ඉතාම වැදගත්, මේක තමයි විය යුත්තේ. සමහර සහෝදරයන් ඉතාමත් ඕලාරික හින්දි බයිස්කෝප් වලට කාලය නාස්ති කිරීමෙන් ඔහුවත් අන් අයෙක්වත් නිසි ප්‍රයෝජනයක් ලබා ගන්නවද කියල මට හිතෙනවා.පැකිලෙන්න එපා, මේ වෙනසට ගොඩක් අය කැමති වේවි.මම ජය පතනවා.

  29. chamila

    menna mal......

  30. yeshu

    වෙනස් දෙයක් වෙනුවෙන් තුති.....

  31. අමීර

    Thanks...

  32. කේ. යූ. ජී. උදාර

    නියමයි කොල්ලො........
    දිගට ම මේ වැඩේ කරමු.

  33. Anusha

    ohhh ... amuthuma kathawk. sub dammata thankz... Jaya wewa..

  34. කසුන් සමීර

    එල කිරි වැඩක් . ඇත්ත දැයක් කියල බැනුම් ඇහුවට මොකද? ඔයා ඔයාගේ වැඩේ දිගටම කර ගෙන යන්න . ගැලීලියො ගැලලි ලෝකෙ ගෝලාකරයි කිව්වම මිනිස්සු බැන්නා ....එත් අ බැනපු මිනිස්සු ගැන ඉතිහසය කතා කරන්නෑ ... ඉතිහාසය සදහන් කරන්නෙ ඒ බැනුම් වලට ලක් වෙවී හොඩ වැඩක් කරපු ගැලීලියෝ ගැන විතරයි ... ඔබට ජය

  35. maxy (හේවා ලුණුවිලගේ )

    උදා සහෝ කියපු දේට මමත් එකඟයි, ෆිල්ම් එකේ සබ එක ඒ විදියටම තියෙන්න ඕන,
    භාෂාව හොද නැ කියල ඒවා වෙනස් නොකර, එක එක පඟර නැට්ටෝ මොනවා කිවුවත් අපිට මොකද, පට්ටම වැඩක් කරලා තියෙන්නේ,
    ජය වේවා,

  36. me

    Thanks

  37. දුමිඳු

    Thanks.. :)

  38. වා.මු.නිලන්ත පියසිරි

    ඇත්තටම සලරුවකින් වින්දනය වගේ ම ජනයාට පණිවිඩයක් දෙන වැඩේට නම් මම ත් හරිම කැමැතියි. දිමුතු තරංග මලයා ගේ මේ සිංහල අනුවාදය නම් බලන්නම හිතුනා. ඒ නිසා ඔන්න හෙට බාන්න දානවා. මම මේ කල්පනා කළේ ඉංගිරිසි අසැබි වදනට ගැලැපෙන ම සිංහල අසැබි වදන කොහොමද හොයා ගත්තේ කියලා. මොකද වදන් කොසු බලන්න කියලා යෑ නේද? අපොයි ඒවට නම් කට්ටියට කිසි කොසුවක් ඕනේ නැහැ. හැබැයි මම නම් ඉංගිරිසි අසැබි වදන් සිංහලට අනුවදන්නේ නැහැ. ඒ මගේ ශිෂ්ඨ බව පෙන්නවන්න නොවෙයි. ඒ මගේ හිතට එච්චර හරි නැති නිසා. කෙසේ නමුත් වෙනත් අයෙක් එසේ කිරීම වරදක් යැයි කියන්නේ නැහැ. උදාහරණයකට මෙහෙම කියමු. ඔන්න ඔය බයිස්කෝප් එක බලමින් ඉන්න කොට වතුර ටිකක් බොන්න පොඩ්ඩකට pause කළා කියලා. හරියටම නැවැතුනේ අර අසැබි වදන ලඟ. නිකං තාප්පෙක කුණු හරුපයක් ලියලා වගේ පෙනෙනවා නේද? හැබැයි දිමුතු මේක කිසි ආකාරයක ඔයාව අදිරිමත් කිරීමට කියපු දෙයක් නොවේ. වෙනස් දෙයක් කිරීම හැමදාම වෙසෙසි අවධානයක් දිනා ගන්නවාමයි. ඒ අතින් ඔබ ඉතාම අගනා සේවයක් කරලයි තියෙන්නේ. තව තවත් මෙවන් වූ වින්දනයන් අප හට ගෙන ඒමට දිමුතු මළයන්ඩිට දිරිය විරිය සවිය සහ කාලය ලැබේවායි පතනවා. ජයෙන් ජය.

  39. වරුණ

    Thanks Machoooooooooooooooo ..ela

  40. shabri

    සබ්ස් වැඩ නැහ නේ ..

  41. dimuthu තරංග ඉලුක්කුඹුර

    කේ එම් ෆ්ලේයර් ඒකෙ බලන්න

  42. naveen

    sub eka extract wenne nee neee.meke kiyala tiyena dewal kala eth extract wenne nee nee

  43. dimuthu තරංග ඉලුක්කුඹුර

    ෆිල්ම් එක තියෙන පොල්ඩර් එකෙන් එලියට අරන් ගිහින් සබ් ෆයිල් එක එස්ට්රක් කරන්න

  44. Harsha Lahiru

    නියමයි සහෝ ජයවේවා.....

  45. රාම් රාජ්

    ස්තූතිය.මේ වගේ ඒවාත් තියෙන්න ඕනනේ.ඉතිං එක ප්‍රශ්ණයක් නොවේ.නමුත් මම පොඩි දෙයක් කියන්නම්.ලංකාවේ ඉන්නවා බොරු කුහක මිනිස්සු.තමන් වැරදි වැඩ කර කර අනුන්ට ‍දොස් පවරන.ඒකට දේශපාලකයින් ආගමික නායකයින් ආදි සියල් ඇතුලත්.ඉතිං මේ සයිට් එකේ මේ විදියට කුණු හරුප ලෙස එම කණ්ඩායම් විසින් නිර්වචනය කරන දේවල් තිබීම තුල යම් අවදානමක් තියෙනවා නේද.මම පොඩි අදහසක් විතරයි කීවේ.ලංකාව කියන සුන්දර රටට මම ආදරෙයි.නමුත් මේ තරමි කුහක මිනිසුන් වෙන තැනක නැතුව ඇති.මේ සයිට් එකට මම ආදරෙයි එක් නිසා කීවේ.හිත් අමනාප ‍කර නොගන්න.

  46. රොයිලි

    බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. මේ තමයි නිරුවත් දර්ශන වලින් ප්‍රසිද්ධ වෙච්ච Blue Lagoon චිත්‍රපටයේ සිටි Brooke Shields නිළිය අවුරුදු 12 දී නිරුවත් දර්ශනයකට පෙනී සිටපු අවස්ථාව. :P :P

  47. Sanjaya

    Niyamai Aiya.........ela ela
    me wage deyak kalata godak thank

  48. Sudesh

    ane deviyane card daala dwnload kara gaththe den sub extract wen ne....... matamai wenne
    ! C:\Users\.......\Downloads\Compressed\Pretty.Baby_.1978.SinhalaSubs.Baiscopelk.zip: The archive is either in unknown format or damaged
    ada reta man kohomada film 1k blnne

  49. dimuthu තරංග ඉලුක්කුඹුර

    ෆිල්ම් එක තියෙන පොල්ඩර් එකෙන් එලියට අරන් ගිහින් සබ් ෆයිල් එක එස්ට්රක් කරන්න
    උදා; සබ් එක තියෙන තැනින් කට් කරලා අරන් වෙන තැනකට අරන් ගිහින් පේස්ට් කරන්න ( ෆිල්ම් එක තියෙන අහලකවත් නෙමෙයි ) දැන් එක්ස්ට්‍රක් කරලා බලන්න වැඩේ අනිවා වෙයි

  50. W.Chathuranga Rupasingha

    machan meekay case eka oya sub downlord karanne IDM eken wenna athi eken sub down lord karanna epaa case wenne ekay
    wenama down lord karala balanna

    Thank

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.