Watch Trailer

Scorpion [S04 : E01] with Sinhala Subtitles | ලෝක විනාශ අවධානම [සිංහල උපසිරැසි සමඟ]

කතාවට උපසිරැසි කරන්න පටන් ගත්තේ නම් ශෙරින් අක්කා. පස්සේ එයාට බැරිවුනු වැඩේ කාලයක් කරලා නතර කරලා තමයි ආපහු වැඩේට බහින්නේ. ගොඩක් දෙනෙක් බලන කතාවක් වුනත් කතාවට උපසිරැසි කරන්න ගොඩක් දෙනෙකුට අපහසු නිසා වගේම ලාස්ට් ශිප් එකත් ඉවර නිසා තමයි කතාව මට ලැබුනේ. ඒ වුනත් ලාස්ට් ශිප් එක වගේ නම් ඉක්මනින් කතාව දෙන්…

 

කතාවට උපසිරැසි කරන්න පටන් ගත්තේ නම් ශෙරින් අක්කා. පස්සේ එයාට බැරිවුනු වැඩේ කාලයක් කරලා නතර කරලා තමයි ආපහු වැඩේට බහින්නේ. ගොඩක් දෙනෙක් බලන කතාවක් වුනත් කතාවට උපසිරැසි කරන්න ගොඩක් දෙනෙකුට අපහසු නිසා වගේම ලාස්ට් ශිප් එකත් ඉවර නිසා තමයි කතාව මට ලැබුනේ. ඒ වුනත් ලාස්ට් ශිප් එක වගේ නම් ඉක්මනින් කතාව දෙන්න පුළුවන් කමක් නැති බව කල් තියාම කතාව බලන හැමෝටම කියන්න වෙනවා. පෞද්ගලික කටයුතු එක්ක පුළුවන් ආකාරයෙන් තමයි උපසිරැසිය ලබාදීමේ වෙලාව තීරණය කරන්න වෙන්නේ. කොහොම වුනත් ඇති හැකියාව මත පුළුවන් ඉක්මනින්ම උපසිරැසිය ලබා දෙන්න බලන්නම්.

ඉතිං මේ ආරම්භ වෙන්නේ මොළකාරයින්ගේ ගැන්සියේ ත්‍රාසයෙන්, ආදරෙයන්, දැනුමෙන් සහ මිත්‍රත්වයෙන් පිරුණු සිව්වෙනි කතා මාලාව. ඉතිං පසුගිය සමය ගැන මතක් කරගන්න ලඟපාත එපිසෝඩ් එකක් නැති වුනත් අන්තිමට එක ගෙයි මගුල් දෙකක්ම කාලා කතාව නතර වුනු විත්තිය නම් ගොඩක් දෙනෙකුට මතක ඇති. ඉතිං ටෝබි කොහොමින් හරි හැපීව කරකාර බැඳගත්තයින් පස්සේ කොහු අල්මාරියක් ඇතුලේ ඉඳලා වෝල්ටර් පේජ් දෙන්නගේ ඉඟිබිඟියත් කරලියට ආවා. ඇත්තටම දෙන්නව මුලින්ම අහුවුනේ ටෝබි, හැපී සහ කේබ් යන තුන් දෙනාට. ඉතිං කට්ටියටම සතුටුයි. ඒකට හේතුව වුනේ දෙන්නගේ ආදර අන්දරේ කඹ ඇදිල්ලක් එක්ක ගත වුනත් අන්තිමට දෙන්නම දිනපු නිසා.

ඒ විදියට කතාවේ පෞද්ගලික පසුබිම ගත වුනත් හැමදාම වගේ මෙයාලට ජොබ් එකක් සෙට් වෙනවා. ඒ වෙන කාගෙන්වත් නෙමෙයි, මාර්ක් කොලින්ස් ගෙන්. මාර්ක් කොලින්ස් කියන්නේ කවුද කියලා කතාව බලන අය හොඳටම දන්නවා ඇති. හැම කතාවකම වගේ පරම හතුරෙක් ඉන්න නිසා කතා රචකයෝ මේකටත් මාර්ක්ව දාලා තියෙන්නේ ඒ විදියේ චරිතයක් විදියට කිව්වොත් වැරදි නෑ. කලින් වතාවේ නම් කොලින්ස් ඇසිඩ් වලින් උගුලක් අටවලා ටෝබිව මරන්න සූදානම් වුනත් පස්සේ මිනිහා පොලිසියෙන් අල්ලාගෙන හිර කූඩුවේ දානවා. ඉතිං හිර කූඩුවේ ඉඳන් මාර්ක් වෝල්ටර් ට කෝල් එකක් අරගෙන කියන්නේ ආක්ටික් වල භූ කම්පනයක් නිසා අවුරුදු ගානක් තිස්සේ පොලව යට කැකෑරෙන මෙතේන් වායු නිධියක් අයිස් තට්ටුව පැලිලා වායුගෝලයට කාන්දු වෙන්න පටන් අරන් කියලයි. ඉතිං මාර්ක් පිස්සා වුනත් ඌගේ මොලේ හොඳ නිසා කේබ් එක්ක බන්ධනාගාරයට ගිහිල්ලා බලනවා මොකක් මේකේ ඇත්ත නැත්ත කියලා. ඉතිං කිව්වත් වගේ සිද්ධිය ඇත්ත නිසා මෙයාලට මේකට ක්‍රියාමාර්ගයක් ගන්න සිද්ධ වෙනවා. මෙතැනදී මෙයාලට මුහුණ පාන්න වෙන අභියෝගය තමයි, මෙතේන් වායුවේ ලොකු ප්‍රමාණයක් වායු ගෝලයට නිදහස් වෙලා ලෝකයේ කෘමීන් හැරෙන්න අනෙකුත් සත්ව සංහතියම පෘථිවියෙන් අතුගෑවිලා යන්න කලින් මෙතෙන් වායු කාන්දුව කෙටි කාලයක් ඇතුලත වසා දැමීම.

මේ කතාව කොටස් දෙකකට තමයි නිකුත් වෙන්නේ, කතාවේ ඉතුරු කොටස තමයි මෙයාලගේ අභියෝගයේ ඉරණම තීරණය කරන්නේ. ඉතිං කතාවේ මුල්ම කොටස බලලා ඉඳිමු මොන වගේ දෙයක් වේවිද කියලා. ඊලඟ කොටසත් පුළුවන් ඉක්මනින්ම ලබාදිමේ බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.

Scorpion (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

15,416 downloadsDownload Scorpion-S04E01.zip38 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

 PLATINUM MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles

15,416 downloadsDownload Subtitles38 KB

72 comments

  1. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  2. Dhanushka

    Thankssssssssssssssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  3. Ishanka

    Thanks saho

  4. නවින් නිසල්

    සිරා කියන්නේ , මේක පටන් ගත්ත එක නම් ලොකු දෙයක්. :) උපසිරසියට ස්තුතියි.

  5. Buddi

    Thanks...........

  6. Lushan

    Meka denakam Sep28 idala balagena hitiye...
    Ithuru kotas dekath ikmanata denna. pls...

  7. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    මේකට අයෙ සබ් දෙයි කියල හිතුවෙම නැ.
    ලොකු දෙයක් සබ් දුන්න එක....
    දිගටම දෙමු...

  8. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    #ජය වේවා

  9. Kulanjana Maduranga

    niayamai…sub denakm balan hitiye...ela ahhh...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. විදුෂාන් සජිත්

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ. Fear The Walking Dead Season 03 උපසිරසි දෙන්න පුළුවන් නම් ලොකුම ලොකු දෙයක් සහෝ. දන්න කියන කෙනෙක් වත් කරනවානම් එකත් ලොකු පිනක්.. :-) :-)

  11. Oshan M.

    Ela machan!

  12. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති අයියේ°|•|•|•|
    ස්තුතියි නෙමෙයි අයියේ පිං ඔයාට..මේකේ සබ් එක දෙනකම් ඇගිලි ගැන ගැන ඉන්නේ.. සබ් එක නැතුව මේකේ මෙලෝ දෙයක් තේරෙන්නේ නෑනේ. සේරටම වඩා සතුටුයි අයියා මේක බාර ගත්ත එක ගැන.. පරක්කු උනාට කිසිම අවුලක් නෑ අයියේ. කොහොමහරි සීසන් එකටම සබ් දෙන්න. මන් හිතුවෙම කවුරුත් මේක බාරගන්න එකක් නෑ කියලා..සබ් එක කරන්න ලේසිත් නෑ නෑනේ.. ප්‍රණීත් අයියා බාර ගත්තා කියන්නේ අයේ ඉතිං කතා කරන්න දෙයක් නෑ. සුපිරි තමා..ජය වේවා අයියේ..!
    ******************බුදුසරණයි******************

  13. Dhananjya Jagath

    thanx sahoo sub ekata thawa epi 2k awith thiyenne ewatath sub denna ikmanata

  14. Millen winchester

    Thanks mchn figtam karn palyan.

  15. තරුෂ දිනුජය

    දැන්නම් කතාව සුපිරියට බලන්න පුලුවන්.ප්‍රනීත් අයියගෙ සබ් වලට ගහන්න ඉතින් කවුද ඉන්නෙ.නියමයි අයියේ දිගටම කරන් යමු හොදේ....

  16. AWNCK

    Thanks Bro............Superb work.........Priceless

  17. Nirodhauthpala

    Praniya godak busy VennaI yanne mata pena hatiyata ...thx for sub digatama demu denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  18. Chalanka

    tnx.... sub eka enakan agili gana gana hitiye.

  19. shehan

    thanks machan parakku wela hari sub dapan...thanks

  20. Lakshan Fernando

    Thank you

  21. maduranga

    2 - 3 epi walatah sub daamu ikmanatama bro

  22. Chalana

    thx bro...elama

  23. sachin gimhan

    ammoo... deyio balala wage.. enakn iwsagena hitiye.... thanx...

  24. අශාන්

    ඉක්මනටම අනිත් දෙකත් දන්න ගොඩක් අසාවෙන් ඇලන් හිටිය එකක් තම

  25. අශාන්

    sorry sorry බලන් හිටිය

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. amanda

    riverdale tv series eke sub dennoooo

  28. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  29. කවීන් ලහිරු

    සබ් එකට තුති බ්‍රෝ
    02 වෙනි කොටසෙන් නැවත හමු වෙමු

  30. Malindu

    Thanks For Sub

  31. tharuka

    Thada thada bro.elama.jaya wewa!!!!!!

  32. D.Chamara

    එනකම් බලාගෙන හිටියේ සහෝ. උපසිරැසියට බොහෝම ස්තුතියි ජය...!

  33. Chamath Ranaweera

    Thanks sasoo sub ekata! Anith ewath kohoma hari karala denna! Jaya weewa!

  34. Nipun Dilshan

    thnq broh

  35. Pradharaka Maheeshan

    පට්ට සතුටුයි මෙක කවද දෙයිද කියල බලන් හිටියේ....
    ගොඩක් ස්තුතියි මචෝ.....

  36. Bishan

    Thanks Bro

  37. ChithRaka

    පට්ට මචන්

  38. Dasu

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.......

  39. Kawshalya Dushyan

    හෆ්ෆට සිරි..දැනුයි මේක දැක්කේ...සබ දාලනේ...අයියම වැඩේ පටං ගත්ත එක හොදයි.. පරක්කු වුනාට කමක් නෑ.නවත්තන්න නං එවා මගදි.සබට තුති අයියේ...ජය...

  40. Lahiru Rasadun

    ජය වේවා

  41. Amila Kaushalya

    Thanx Bro meka thama mn asama series 1ka plz late karannanam epo suba

  42. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  43. Dhananjya Jagath

    sub ekata thnax legend of tommorrow ekatath sub eka denna ikmanata

  44. akash

    elama kollo thanks ahh... parakkub nokara ilaga ekath damu...

  45. Manoj Maxx

    ela ela

  46. podda

    "maru katharata diya podak" thanks bro!!!
    kohoma hari sub 1 hambu wenawanam athi bro.
    thanks lokka

  47. Udara Damith B/K

    කොහොම උනත් කමක් නෑ
    ටිකක් පරක්කු උනාට කමක් නෑ
    වෝල්ටර් එහෙම මුලින් කියන සින්දුවනම් එල
    අරු ඇවිල්ලා වෝල්ටර් පේජ් ගේ මෙවුව එක කැඩුවොත් නම් තමයි ඉතින්

  48. ඉරේෂ්

    ෆොඩ්ඩක් විතර තද වෙලා ඉටියේ මේකේ සබැ දෙන එක නවත්තල කියල.. .මොකද මේක පට්ටම සීරියස් එකක්. DC MARVEL වලි අතරේ මේ වගේ සීරිස් බලන මිනිස්සු ඕනේ තරම්නේ...
    කොහොම උනත් ආපහු වැඩේ පටන් අරන් කරගෙන යන එකට ස්තුතියි.

    ඒ වගේම මේකේ සබ දෙන්න ස්ථිර කෙනෙක් නෑනේ තවමත්.. Bro, පුලුවන්නම් මේකේ සබැ දෙන්න ස්ථිරවම බාරගන්නකෝ !!!
    කොහොම හරි සබට තැන්ක්ස් !!!

  49. nuwan viraj

    patta thanz saho

  50. Chalana

    thx bokka....ikmanata ithuru ewat denna

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.