ඇමරිකාවේ අධිමානසික බලයන් තියෙන අය වැඩිම ගානක් ඉන්න ටවුමේ සාස්තරකාරයෝ කීප දෙනෙක්ම බලාපොරොත්තු නොවුන විදිහට මැරෙනවා. (සාස්තරකාරයෝ වුනාට වෙන්න යන දේ කියන්නනං මේගොල්ලන්ට බෑ) කොහොමවූනත් මේ ගැන හොයන්න එන ඩීන්ට තරහකාරයෙක් මුනගැහෙනවා. 😀 එයත් ඇවිත් ඉන්නේ මේ සිද්ධිය ගැන හොයන්නමයි. සාස්තරකාරයන්ව මරන්නේ කවුද ක…

ඇමරිකාවේ අධිමානසික බලයන් තියෙන අය වැඩිම ගානක් ඉන්න ටවුමේ සාස්තරකාරයෝ කීප දෙනෙක්ම බලාපොරොත්තු නොවුන විදිහට මැරෙනවා. (සාස්තරකාරයෝ වුනාට වෙන්න යන දේ කියන්නනං මේගොල්ලන්ට බෑ) කොහොමවූනත් මේ ගැන හොයන්න එන ඩීන්ට තරහකාරයෙක් මුනගැහෙනවා. 😀 එයත් ඇවිත් ඉන්නේ මේ සිද්ධිය ගැන හොයන්නමයි.
සාස්තරකාරයන්ව මරන්නේ කවුද කියලත්, තරහකාරයෝ දෙන්නට මොකද වෙන්නේ කියලත් කතාව බලලම දැනගමු.
දැනුමට:
ඇමරිකාවේ නිව්යෝර්ක්වල ඇත්තටම ලිලි ඩේල් කියලා ටවුමක් තියෙනවා. මේ කතාවේ වගේම ඒ ටවුම අධිමානසික හැකියා සහ භූත විද්‍යා වැඩ ගැන ප්‍රසිද්ධයි. ඒ වගේම කතාවේ සදහන්කරන ෆොක්ස් සොහොයුරියන් (මාග්‍රට් සහ කේට්) ඇත්තටම ඒ ටවුමේ ආරම්භකයන් තමයි. ඔවුන්ට තව සොහොයුරියක් ඉදල තියෙනවා ලීයා නමින්. ඔවුන් භූතයන් එක්ක කතා කරන්න පුළුවන් අය හැටියට පෙනී ඉදලා බොහොම සාර්ථක වුනා. නමුත් පසුව මාග්‍රට් පාපොච්චාරණය කලාලු ඔවුන් කලේ බොරුවක් බව. ඒක කල හැටිත් පැහැදිලි කලාලු. එයින් කීර්තිය නැතිවෙලා ටික කාලයක් ඇතුලත් ඔවුන් බොහොම දුගී බවට ඇද වැටිලා මැරුනලු. කොහොම වුනත් ඔවුන්ගේ ටවුම තවමත් භූත විද්‍යා කටයුතු කරගෙන යනවා. ෆොක්ස් සොහොයුරියන්ගේ පාපොච්චාරණය නිසාවත් ඒ කටයුතු ගැන මිනිස්සුන්ගේ විශ්වාසය අඩුවුන බවක්න්නං පේන්නේ නෑ. වැඩි විස්තර කියවන්න මෙතනින්.
——–
අද කතාවේ නම “The Mentalists” : Mentalist කෙනෙක් කියන්නේ මොකෙද්ද කියලා මං කියන්න ඕනේ නෑනේ. The Mentalist ෂෝ එක බලලා තියෙන/බලන අය දන්නවා. 😛
අධ්‍යක්ෂණය : මයික් රෝහ්ල් (Mike Rohl)
ලිව්වේ : බෙන් ඇකර් (Ben Acker) සහ බෙන් බ්ලැකර් (Ben Blacker)
විකාශනය වුනේ : 2011 නොවැම්බර් 4
මීලග කොටසෙන්:
7.08 Season Seven, Time for a Wedding!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න acf2ea7448cf178528b445e390db4c57acc3cc77 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න cb302f7666ba695d85a8851bdcbeb31d394499b0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.4,258 downloadsDownload Supernatural.S07E07.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles
- #Editor's Pick
- #Eric Kripke
- #Jared Padalecki
- #Jensen Ackles
- #Jim Beaver
- #MaxxA
- #MDG
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #subtitle
- #Supernatural
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
25 comments
Tenisha christine
චන්දිම අමරසිංහ
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
සුපිරියි සුභපැතුම්..
දිගටම කරගෙන යමු…
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$oshan
Thank you bro . Anith eka kawadda denne...? Castriel ta mokada une danaganna asai ekai...
Advertisement

great job bro!