Watch Trailer

The Irishman (2019) Sinhala Subtitles | පාතාලයේ සොල්දාදුවා… [සිංහල උපසිරසි සමඟ]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

” රාත්‍රියේ නිසල බව මැද… වැළඳ ගතිමි මා ඔබ… තදින්ම වැළඳ ගතිමි මා ඔබ… මන්ද, මා ආදරය කල බැවින්… ඔබ හට බොහෝ සේ ආදරය කල බැවින්… පොරොන්දු වන්නෙමි මා කිසිඳු දිනෙක…, යන්නට නොදෙමි ඔබ හට… මා හට මතකයි… මැයි මාසයේ ඒ රාත්‍රිය… ඉහල අහසේ තාරකා දීප්තිමත්ව බැබලුන… මා ප්‍රාර්ථනා කලා…, මා අයැද සිටියා…, ඔබේ ඒ […]

” රාත්‍රියේ නිසල බව මැද…
වැළඳ ගතිමි මා ඔබ…
තදින්ම වැළඳ ගතිමි මා ඔබ…
මන්ද, මා ආදරය කල බැවින්…
ඔබ හට බොහෝ සේ ආදරය කල බැවින්…
පොරොන්දු වන්නෙමි මා කිසිඳු දිනෙක…,
යන්නට නොදෙමි ඔබ හට…

මා හට මතකයි…
මැයි මාසයේ ඒ රාත්‍රිය…
ඉහල අහසේ තාරකා දීප්තිමත්ව බැබලුන…
මා ප්‍රාර්ථනා කලා…, මා අයැද සිටියා…,
ඔබේ ඒ මාහැඟි ආදරය නොවෙනස්ව තබා ගැනුමට…
ඉතින්, හිරු උදාවට පෙර…
වැළඳ ගන්න මා යලිත්…,
ඔබේ සියලු වෙර යොදා… “

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Where Is The Friends House (1987) හරි ලස්සන පුංචි හිත්… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

එක්දහස් නවසිය බර ගනන් වල ඇමරිකාවේ පාලු මාවතක් දිගේ ධාවනය වූ ට්‍රක් රථයක්, හිටි හැටියේම එන්ජිමේ අමුතු සද්දයක් එක්කම මහ මග නතර වන්නේ තව දුරටත් ඉදිරියට යෑම සිහිනයක් බවට පත් කරවමින්. කිසිවක් සිතා ගත නොහැකිව සුක්කානම් රෝදය අත හැර රියැදුරු අසුනින් බිමට බසිනු ලබන්නේ වයස විසි ගනන් වල බොහොම ලාමක පෙනුමක් තිබුනු තරුණයෙක්. රියැදුරු රස්සාව කලාට කාර්මික රස්සාව නොදත් මේ කොලුවා අසරණව සිටිනා අයුරු දැක එතැනට පැමිණෙන්නේ ක්ලීන් සූට් ගහපු බොහොම වැදගත් පෙනුම තිබුන මහත්මයෙක්. ක්ලීන් සූට් මහත්මයාගේ හැකියාව නිසාම මොහොතකට පසුව ට්‍රක් රථය ගොරවමින් නැවතත් පණ ගැන්වෙනවා. ඔව්, පාලු මාවත කොණක සිදුවූ ක්ලීන් සූට් මහත්මයාගේත් ළාමක කොලුවාගේත් ඒ අහඹු හමුව ඇමරිකානු ඉතිහාසයයේ වඩාත්ම ආන්දෝලනාත්මක ඝාතනය සිදුකල ඒ සිත් පිත් නොමැති ඝාතකයා බිහි කල බව ඒ ක්ලීන් සූට් මහත්මයාවත් ළාමක කොලුවාත් කිසිඳු දිනෙක දැන නොසිටින්නට ඇත… ඒ වගේම ඒ ළාමක කොලු ගැටයා කවදා හෝ  ඉතාලි – ඇමරිකානු මාෆියා අපරාධ ඉතිහාසයේ සිය නාමය ඉහලින්ම සඳහන් කරනා බව ඇමරිකානු ෆෙඩරල් නියෝජිතයින් කවදා හෝ දැන සිටියානම්…? කතාව ගැන මම මීට වඩා කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ. මොකද මේක නැරැඹීමෙන් මිස කියවීමෙන් රසවිඳිය නොහැකි සුන්දර සිනමා නිර්මාණයක් වන නිසාවෙන්ම.

ඇමරිකානු මාෆියා කල්ලි ඉතිහාසයේ අදුරු අහු මුලු ඉව කරමින් ගවේෂණාත්මක ලේඛක “Charles Brandt” විසින් සත්‍ය සිදුවීම් අලලා රචිත “I Heard You Paint Houses” කෘතිය ඇසුරින් මාෆියා සිනමා සිත්තම් කළාවේ හොලිවුඩ් මැවුම් කරුවා වූ Martin Scorsese විසින් නිර්මාණය කළ මේ විශිෂ්ට සිනමා සිත්තම, සිනමාවේ මාෆියා රජුන් වූ Robert De Niro, Joe Pesci, Al Pacino තිදෙනාවම එකම තිරයක් මතට ගෙන ආ දැවැන්ත සිනමා පටයක් බවට පසුගිය වසරේදී පත් වනවා. 2014 වසරේදී මුල්ම වතාවට Martin Scorsese විසින් Robert De Niro, Joe Pesci, Al Pacino තිදෙනාවම එක් කර ගනිමින් සිය මීලග සිනමා පටය නිර්මාණය කරනා බව නිවේදනය කල දා පටන් ලොව පුරා ප්‍රේක්ෂකයින් ඇගිලි ගනිමින් බලා සිටියේ මේ විශිෂ්ට සිනමා සිත්තම තිරගත වන දිනය උදා වන තුරාවටය. මාෆියා සිනමා කළාව ලොවට හඳුන්වාදුන් මේ පෙරළිකාරයින්ගේ අවසන් මාෆියා සිනමා සිත්තම බවට බොහෝදුරට මේ සිනමා සිත්තම පත් වේවි.

IMDb දර්ශකයේ 7.9 ක් වගේම Rotten Tomatoes දර්ශකයේ 96%ක් ලබා ගත් ලොවපුරා සිනමා සම්මාන උළෙලවල් නියෝජනය කරමින් නිර්දේශවීම් 310ක් හා සම්මාන 67ක් දිනාගත් මේ සිනමා සිත්තම රසනොවිඳි දෑසක් කුමට…? පසුගිය වසරේ පැවති ප්‍රධානතම සිනමා සම්මාන උළෙලවල් වූ ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම සිනමා පටය ඇතුලු සම්මාන 10කටත් ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේදී හොඳම සිනමා පටය ඇතුලු අම්මාන 5කටත් නිර්දේශ උන මේ සිනමා සිත්තම ගැන කියන්න මම තවත් වචන නාස්ති කරන්න ඕනෙ නෑනෙ. මොකද සම්මාන ලිස්ට් එක තව සෑහෙන්නම දිගයි. ෆිල්ම් එක පුරාවටම කෙනඩි ඝාතනය, කියුබානු බේ ඔෆ් පිග්ස් ප්‍රහාරය, නික්සන්ගේ වෝටර්ගේට් සිදුවීම වගේම අතීත සිදුවීම් සහ විශේෂ අවස්ථාවන් බොහෝමයක් ගැන කියවෙනවා. ඒ ගැන විස්තර දැනගෙන ඉන්න එක ෆිල්ම් එකේ රසය වැඩියෙන් විඳ ගන්න උපකාරී වෙන නිසාවෙන්ම අදාල තැන් වලදී ටයිම් ලයින් එහාට මෙහාට කරලා ඒ ගැන පොඩි විස්තරයක් දාල ඇති. කවුරු හරි කෙනෙක් අපෝ පැය 3.30ක්නේ කියලා අත ඇරල දැම්ම නං, මේ නිවාඩු කාලෙ ආපහු බලන්න ගන්න මේක තමයි හොඳම වෙලාව. මොකද මේ සිනමා සිත්තම එක තැනක ඉදගෙන බොහොම නිවී සැනසිල්ලේ රසවිඳින්න ඕනෙ ජාතියේ එකක්.

තවම ෆිල්ම් එක බලන්න හිතුනෙ නැත්තං ෆිල්ම් එකේ ට්‍රේල බලලම ඉන්න. වාසනාවන්තයෝ නරඹත්වා…!

තවත් සම්මානනීය වූ විශිෂ්ට ජර්මානු සිනමා සිත්තමක උපසිරැසියත් සමඟින් නැවත හමුවෙමු…!
ඔබට ජය….!
ප.ලි
සබ් කරන්න මග ඇරුන අලුත්, පරන, භාෂා බේදයක් නැතුව හොද ෆිල්ම් එහෙම තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්…. එහෙමත් නැත්තං [email protected] ඊමේල් ලිපිනය හරහා මාව දැනුවත් කරන්න.
ස්තූතියි…!

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

15,787 downloadsDownload The-Irishman-2019.zip283 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Rank: Gold
Ratings
Reviews
0
Subtitles
55
Downloads
245.9K
Readers' rating
No reviews yet

Write a review of හසිත මධුෂාන් →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

15,787 downloadsDownload Subtitles283 KB

100 comments

  1. maikee

    තැන්ක්ස් බං සබට.

    Reply
  2. Anonymous

    තෑන්ක්ස් සබ් එකට, මොකෝ පරක්කු උනේ?

    Reply
    1. හසිත මධුෂාන්

      මුලින්ම ප්‍රමාදය ගැන සමාවෙන්න....,
      සබ් එක හදන එක සෑහෙන්නම අමාරු කටයුත්තක් උනා. ලයින් 3500ක්, භාෂාව කැඩුණු ඉතාලි - ඇමරිකානු මාෆියා වචන වලින් පිරිලා, හැම තැනකම පොලිටිකල් හිස්ට්‍රි එකත් එක්ක කතාව ලින්ක් වෙනවා, ඒ මදිවට ඉඩියම්ස්. සරලවම කිව්වොත් තවත් ෆිල්ම් 7,8කටම සබ් හදන්න පුලුවන් තරමේ කාලයක් මේ සබ් එකට වැය කරන්න සිද්ධ උනා.
      ඒ වගේම තිබුණු හදිස්සියට ඔෆීෂියල් සබ් එක රිලීස් වෙන්න කලින් ආපු සෑහෙන අඩු පාඩු තිබුනු කොපියකටයි සබ් එක හැදුවේ. පස්සෙ ඔෆීෂියල් සබ් එක ආවාම ලයින් එක ගානේ ආයිමත්ම ටයිම් ලයින් වෙනස් කර කර හැම දෙයක්ම මුල ඉදලාම හදන්න සිද්ධ උනා.
      ඒ වගේම පහුගිය මාස ගානෙම නොහිතපු විදියට රැකියා ජීවිතේ වගේම පෞද්ගලික ජීවිතේත්
      සෑහෙන්නම කාර්යබහුල උනා. සබ් එකේ තිබුන අතිශය සංකීර්ණ බව නිසාම උදව් උදව්වට කෙනෙක් ඉදිරිපත් උනෙත් නෑ.
      මේවා කිව්වේ නිදහසට කරුණු විදියට එහෙම නෙමෙයි, ඔය කිලෝබයිට් ගානක ෆයිල් එක හදන්න කාපු පරිප්පුව තවම දිරව ගන්න අමාරු නිසයි. කවුරු හරි කෙනෙක් මේ ප්‍රමාදය නිසා අපහසුතාවයට පත් උනා ඒ ගැන අතිශයින්ම කණගාටුවට පත් වෙනවා...
      පරක්කුවෙලා දුන්නු නිසා ලයින් 3500යේ ෆිල්ම් එකේ ඔෆීෂියල් සබ් එකටම කිසිම අඩු පාඩුවක් නැතුවම සබ් එක කරලා ඇති. ලංකාවේ වගේම ඇමරිකාවේත් පාතාලයයි දේශපාලනයයි දෙකක්
      නොවී එකක්ම වෙන නිසා, මේ ෆිල්ම් එකේ ස්ටෝරියත් හැම තැනකින්ම ඒ රටේ ඒ කාලයේ පොලිටිකල් හිස්ට්‍රි එකත් එක්කම සම්බන්ධයි. කාට හරි කෙනෙක්ට කලින් බලද්දි ස්ටෝරිය මගදි තේරෙන්නෙ නැතිව ගියා නම් බෝරින් උනා නම් ආයිමත් මේ සබ් එකත් එක්කම සිල්ම් එක රසවිඳින්න ගන්න. ඒ අදාල හැම තැනකදීම ස්ටෝරිය තේරුම් ගන්න අදාල පොලිටිකල් හිස්ට්‍රියට අදාල දේවල් දාල ඇති.
      ඒ වගේම ඉවසීමෙන් බලා ඉදපු ඇඩ්මින් මණ්ඩලේ විමා,චාමර, හසන්ත ඇතුලු හැමෝටම ස්තූතියි...!
      මේ ටික ලිපියේ ලියන්න බැරි උනා ඒ නිසයි කමෙන්ට් එකක් විදියට හරි පස්සෙ එල්ලුවේ...

      Reply
  3. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි කාතාවක් මේකත්....
    දිගටම සබ් කරමු....

    Reply
  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :)
    පුළුවන් නම් මේවටත් සබ් දෙන්න..
    * K-Pax (2001)
    * Primal Fear (1996)
    * 702 Dixit (2016) Marathi
    :) :) :) :) :)

    Reply
    1. හසිත මධුෂාන්

      702 Dixit එක නම් මම බලල නෑ සහෝ. අනිත් දෙකම සුපිරිම ෆිල්ම් දෙකක්. හුග දෙනෙක් සෑහෙන වතාවක් සබ් ඉල්ලලා තිබුනා. මමත් කවදා හරි ඔය දෙකට සබ් එකක් හදන්න ආසාවෙන් ඉන්නෙ. අනිවාර්යයෙන්ම දෙන්නම්...

      Reply
    2. Hashan M. Priyadarshana

      බොහොම ස්තුතියි reply එකට.. 702 Dixits එක marathi film එකක් මමත් බලල නම් නෑ අද හෝ හෙට download කරන්න කියල ඉන්නෙ fb එකේ දැක්ක 702 Dixits film එක ගැන post එකක් සුපිරි thriller එකක් කියල තිබ්බා ඒකයි පුළුවන් සබ් එක දෙන්න කියල ඉල්ලීමක් කරේ :)
      මේ සබ් දීලා තියන Irishman film එකත් line 3000ක විතර එකක් කියල දැක්ක comments කියවද්දි මං තාම download කරේ නම් නෑ.. ඒ කැපවීමට බොහොම ස්තුතියි හසිත මධුෂාන් සහෝ :)

      Reply
  5. Mama

    Thanks me mage ewa supiri wage WWE the main event 2020 Netflix movie ekata sub dennko supiriyata thx please denna kataharikiyanna

    Reply
    1. හසිත මධුෂාන්

      රේටින් නම් ටිකක් අඩුයි වගේ නේද සහෝ...? මම බලලනම් නෑ. බලලම කියන්නම් කොහොමද කියලා...

      Reply
  6. malithmadhushan45

    බොහොම ස්තුතියි හසිත අයියේ සෙල්ලම් සබ් එකක් නෙවෙයි line 3000 පනිනවා මෙකේ කරපු කැපකිරිමට ගොඩක් ස්තුතියි අයියේ

    Reply
    1. හසිත මධුෂාන්

      හැමදාම කමෙන්ට් එකක් දාල යන්න නතර වෙනවට ස්තූතියි...!

      Reply
    2. හසිත මධුෂාන්

      Godfellas එකට සබ් කලාට පස්සේ ආයේ පන තියෙන තුරාවට ස්කෝර්සියෝගෙ මාෆියා ෆිල්ම් එකකට නං සබ් කරන්නෙ නෑ කියලයි හිතං හිටියේ...

      Reply
    3. Anonymous

      Sub ekata bohoma sthuthi saho...

      Reply
  7. Anonymous

    ආසාවෙන් බලාසිටිය චිත්‍රපටයකට උපසිරැසි ලබාදුන් ඔබට ස්තුතියි

    Reply
  8. sakindu123

    ආසාවෙන් බලාසිටිය චිත්‍රපටයකට උපසිරැසි ලබාදුන් ඔබට ස්තුතියි

    Reply
  9. Deex

    Asawen Balanna Hitapu Ekak.Thanks.

    Puluwannan Casino 1995.
    The Deer Hunter 1978.
    Ewathath Sub Denna.

    Reply
    1. හසිත මධුෂාන්

      Casino සබ් මම දන්න කාලෙ ඉදලාම එකිනෙකා අතරේ මාරු වෙනවා. නමුත් සබ් එකේ තියෙන අතිශය සංකීර්ණත්වය නිසාම තවම කවුරුවත් හදල නෑ. ඒ වගේම හුඟ දෙනෙක් සෑහෙන වතාවක් ඉල්ලපු එකක්. ස්කෝර්සියෝගෙ Godfellas සහ The Irishman දෙකට සබ් හදන්න ගිහිල්ලා අම්බානක මට්ටු වෙලා ඉන්න මට තනියම Casino එකත් කරන්න අමාරුයි. හැබැයි පෞද්ගලිකවම මමත් කරන්න ආසාවෙන් ඉන්න සබ් එකක්. තව කෙනෙක්වත් එකතු කරගෙන කරන්න උත්සාහ කරන්නම්.
      The Deer Hunter තවම බාලා බලන්න බැරි උන ලග තියන් ඉන්න එකක්. අද හෙටම බලලා කියන්නම් කොහොමද කියලා...

      Reply
  10. Hemantha De Silva

    ස්තුතියි හසිත....
    පැය තුන හමාරක ෆිල්ම් එකක් කියන්නෙ ලොකු මහන්සියක් බවට සැකයක් නෑ...
    ජයවේවා...
    ස්තුතියි බයිස්කෝප්...

    Reply
  11. hdcreation

    සුපිරි... ඔබගේ goodfellas sub එක වගෙම සුපිරි....ජයවෛ්වා....

    Reply
  12. Anonymous

    thank you very much bro...

    Reply
  13. Shamal manojan

    බොහොම ස්තූතියි........

    Request........

    Cats - 2019

    Reply
    1. Shamal manojan

      and

      Silence - 2016

      Reply
    2. හසිත මධුෂාන්

      Silence ස්කෝර්සියෝගෙ කලින් ෆිල්ම් එක... තවම බලන්න බැරි උනා. මම් බලලම කියන්නම් කොහොමද කියලා... මේක නම් සබ් එකක හදන්නම වටින එකක්...

      Reply
    3. හසිත මධුෂාන්

      සහෝ බැලුවද...? ෆිල්ම් එක හොඳයිද...? Imdb 2.7/10

      Reply
  14. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි reply එකට.. 702 Dixits එක marathi film එකක් මමත් බලල නම් නෑ අද හෝ හෙට download කරන්න කියල ඉන්නෙ fb එකේ දැක්ක 702 Dixits film එක ගැන post එකක් සුපිරි thriller එකක් කියල තිබ්බා ඒකයි පුළුවන් සබ් එක දෙන්න කියල ඉල්ලීමක් කරේ :)
    මේ සබ් දීලා තියන Irishman film එකත් line 3000ක විතර එකක් කියල දැක්ක comments කියවද්දි මං තාම download කරේ නම් නෑ.. ඒ කැපවීමට බොහොම ස්තුතියි හසිත මධුෂාන් සහෝ :)

    Reply
  15. Anonymous

    Tnq bro

    Reply
  16. Chathuranga10001

    Thank you... sub ekata

    ''The Villagers 2018'' eke sub dennko...Meka South Korean Mystery /Thriller movie ekak..
    plzzzzzzzzzz mekata sub dennkoo..

    Reply
    1. හසිත මධුෂාන්

      ටිකක් වෙනස් විදියේ ෆිල්ම් එකක් නේද? මම බලලම කියන්නම් කොහොමද කියලා...

      Reply
    2. Chathuranga10001

      Ok..Thank you.

      Reply
  17. Tharindu07

    Thanks Machoooo.....!!! Jayavewa....!!~!!

    Reply
  18. indika75

    thanks..

    Reply
  19. upul

    ella supiri puluwannan ( 10000 BC) karala denna 2008 fill eka supiriyak karata padu na balanna hodai nan sub eka denna thanks

    Reply
    1. හසිත මධුෂාන්

      මේ ෆිල්ම් එකට සබ් එකක් බයිස්කෝප් එකේම කලින් දීල තියෙනවනෙ සහෝ...

      Reply
  20. rangaprabuddha

    My name is sara(2020) film ekata puluwannam sub ekak karla denna.thanks.....

    Reply
    1. හසිත මධුෂාන්

      රියල් ලයිෆ් ස්ටෝරියක් නේද...? මටත් නං බලන්න මග ඇරුනු එකක්, දෙවෙනි ලෝක යුද්ධ කාලෙ ෆිල්ම් එකක්වත් මග අරින්නෙ නං නෑ... බලලම කියන්නං සහෝ කොහොමද කියලා...

      Reply
  21. palithadesilva

    thank you

    Reply
  22. akalankagayan

    Thnx ..............

    Reply
  23. Hemal

    Pissu hadenawa 3h30min Movie ekakata Sub kala ekama.
    Thank you very much for this.

    Reply
  24. Pitcher bro

    thanks bn.pattama film ekak

    Reply
  25. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  26. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  27. aruna

    thank you

    Reply
  28. Udaya Saman

    මීට පෙර ලබා දුන්න හරි ලස්සන පුංචි සිත්, ඉරාන සිනමා සිත්තම මා රස වින්දෙමි. එවැනි චිත්‍රපට උපසිරසි ලබා නොදුන් තව බොහෝ ඇත.හැකිනම් ඒවාටද උපසිරසි ලබා දෙන්න.මේ උපසිරසියටත් බොහොම තුති.ඒ වගේම මේකත් අනිවා බලනවා. ඔබගේ සිනමා උපසිරසි කිසිවක් මා අත හරින්නේ නැත. ඔබගේ උපසිරසි සියලු සිනමා මා රස විදනා ඔබගේ රසිකයෙක්මි. ජය..

    Reply
    1. හසිත මධුෂාන්

      බොහොමත්ම ස්තූතියි සහෝ හැමදාම කමෙන්ට් එකක් දාල යන්න නතර වෙනවට...

      Reply
  29. Anonymous

    Thanks Puluwan nam Instant Family 2018 film ekata suba dennako

    Reply
    1. හසිත මධුෂාන්

      හොඳ ෆිල්ම්එකක් වගේ නේද සහෝ? මම බලලම කියන්නං කොහොමද කියලා...

      Reply
  30. අසිත ප්‍රමෝත්

    ස්තූතියි සහෝදරයා

    Reply
  31. විමා

    මේ වෙච්ච මහන්සියට තකහනියෙම ඇවිල්ල ස්තුතියි නොකිව්වොත් පට්ට ආත්මාර්ථකාමියෙක්.
    සබ් එකට බොහොම ස්තුතියි සහෝ
    ඔයාගේ සබ් එකත් එක්ක බලන්න ඕන නිසාම මාස ගානක් තිස්සේ ෆිල්ම් එකට අතවත් තිබ්බෙ නැහැ.
    අද බලනවා.

    Reply
    1. හසිත මධුෂාන්

      ඉවසීමෙන් බලා හිටියාට බොහොම ස්තූතියි...!

      Reply
  32. sathya

    I'm waiting 3 months for the sub. finally thank you machan

    Reply
    1. හසිත මධුෂාන්

      Thanks for waiting so long and hopefully this will worth for it...

      Reply
  33. Shaggie

    සබට බොහොම ස්තූතියි සහෝ..බයිස්කෝප් එකෙන් මේක එලියට එනකන් අත තිබ්බෙ නෑ ෆිලුමට..නැවතත් ස්තූතියි

    Reply
    1. හසිත මධුෂාන්

      ඉවසීමෙන් බලා හිටියාට බොහොම ස්තූතියි...!

      Reply
  34. suranuwan

    thanks ...

    Reply
  35. Kavinu

    බොහොම ස්තූතියි හසිත අයියේ උපසිරැසියට!
    දැන් තමයි බලන්න හදන්නේ...
    ලයින් 3000කට එහා ෆිලුමකට සබක් කොටන එකම මොන තරම් කට්ටක්ද?!
    බොහොම ස්තූතියි ඒ කැපකිරීමට... කාලයක් තිස්සේ බලන්න උවමනාවෙන් හිටියත් එහෙම්මම අමතක වෙලා ගිය චිත්‍රපටියක්!
    දැන් ඉතිං තේරෙන සිංහලෙන්ම බලන්න පුලුවන් නොවැ!
    හැමදාම යුරෝපියන් පැත්තටම බරවෙන එකේ, වෙනසකටත් එක්ක Kireedam (1989) චිත්‍රපටයටත් උපසිරැසි ගන්වන්න කියලා ඉල්ලනවා
    ජය වේවා!!!!

    Reply
    1. හසිත මධුෂාන්

      මම බලලනම් නෑ සහෝ. දමිල සිනමාව බැලෙනවා ටිකක් අඩුයි. ඒ නිසා වෙන්න ඇති. කොහොම උනත් මම බලලම කියන්නම් සහෝ... බොහොම ස්තූතියි කමෙන්ට් එකක් දාන්න නතර වෙලා ගියාට...

      Reply
  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    Reply
  37. SUMEDHA81@

    Mission kashmir , Waqt , Deewar hindi movies walata sinhala subs dennako..Please....Thank you for your service.

    Reply
    1. හසිත මධුෂාන්

      මම බලලනම් නෑ සහෝ. බොලිවුඩ් සිනමාව බැලෙනවා ටිකක් අඩුයි. ඒ නිසා වෙන්න ඇති. කොහොම උනත් මම බලලම කියන්නම් සහෝ... බොහොම ස්තූතියි කමෙන්ට් එකක් දාන්න නතර වෙලා ගියාට...

      Reply
  38. isuru srinath sjs

    මේ වෙච්ච මහන්සියට නම් ඔයාට ගොඩක් ස්තුතියි .. පැය 3.30ක ෆිල්ම් එකකට සබ් කරනවා කියන්නෙ ලෙහෙසි පහසු දෙයක් නම් නෙමෙයි.. ඉතින් බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා !!

    Reply
  39. Bandara

    සම්භාව්‍ය සිනමා රසිකයින් වෙනුවෙන් හසිත කරනා අපමණ වෙහෙසට සමූහයේ උත්තමාචාරය..... එමෙන්ම Body of Evidence (1993) ඔබ එනතුරු බලා සිටී....

    Reply
    1. හසිත මධුෂාන්

      මට මේ ගැන කියලා කලින් මේල් එකක් දාල තිබුනෙත් ඔයාමද...?
      අද තමයි ෆිල්ම් එක බලන්න වෙලාවක් ලැබුනේ. හැමෝටම බලන්න සබ් එකක් කරන්න වටිනම එකක්. පුලුවන් තරම් ඉක්මනටම දෙන්නම්... ස්තූතියි හොඳ ෆිල්ම් එකක් මග ඇරෙන්න නොදී මතක් කලාට...

      Reply
  40. රුක්ෂාන්

    පට්ට බොක්ක
    තැන්ක්ස් අහ්
    වැඩේ සුපිරි

    Reply
  41. ravindu rukshan

    thx

    Reply
  42. kumaradasa

    film eka tawama gatta na, a unata lipiya kiyawauwa bohoma stuthtie aoi wanuan karana kapawemata.

    Reply
  43. kumaradasa

    hari lassana punchi hith film eka banawa dan.bohoma stuthie a film eka sub ekath kapaweeman api wanuwan hadala dunnata.

    Reply
  44. Anonymous

    thank you bro

    Reply
  45. LB Roshan

    Thanks for sub

    Reply
  46. Anonymous

    thanks bro...!!!

    Reply
  47. Pramukmili

    thanxxx bro..............

    Reply
  48. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  49. jayNP

    Thank you.. Keep it up good work.. :)

    Reply
  50. saranjala

    thank you macho

    Reply

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.