පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා අන්තිමේදී ආයෙමත් සැරයක් කිම් දන්ට යො සෝව බේරගන්න පුළුවන් වෙනවා. ඒ අවස්ථාවෙදි කිම් දන් සුරදූතයෙක් කියලා යොං සෝ දැනගත්තත්, පසුව කිම් දන් දැණ ගන්නවා කලින් දවසේ සිදු වුණු දේවල් ගැන මතකය යොං සෝට නැති වෙලා කියලා. ඒ වගේම යොං සෝගේ මතකය නැති වෙන්න හේතුව ප්‍රධාන සුරදූත හූ ක…

පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා අන්තිමේදී ආයෙමත් සැරයක් කිම් දන්ට යො සෝව බේරගන්න පුළුවන් වෙනවා. ඒ අවස්ථාවෙදි කිම් දන් සුරදූතයෙක් කියලා යොං සෝ දැනගත්තත්, පසුව කිම් දන් දැණ ගන්නවා කලින් දවසේ සිදු වුණු දේවල් ගැන මතකය යොං සෝට නැති වෙලා කියලා. ඒ වගේම යොං සෝගේ මතකය නැති වෙන්න හේතුව ප්‍රධාන සුරදූත හූ කියලත් පසුව ඔහු හොයාගන්නවා. යොං සෝව මරන්න උත්සාහ කරපු පුද්ගලයාව අල්ලාගන්න කිම් දන් සමත් වුණත්, ඔහු සමත් වෙනවා ඒ තමන් නෙවෙයි කියලා කිම් දන්ට ඒත්තු ගන්වන්න. ඒත් අන්තිමට ඔහු රූ නා එක්ක කතා කරනවා දකින්න ලැබෙන නිසා කිම් දන් දැනගන්නවා ඒ ඔහුමයි කියලා. ඒ නිසා කිම් දන් තීරණය කරනවා කෙලින්ම රූ නාට යොං සෝගෙන් ඈත් වෙලා ඉන්න කියලා අණතුරු අඟවන්න. ඒ අතරේ යොං සෝට තේරුම් යනවා මෙතන තමන් නොදන්න දෙයක් සිද්ද වෙනවා කියලා. ඒ නිසා කිම් දන්ට රහසින් ඒ මොකක්ද කියලා හොයාගන්න ඇය තීරණය කරනවා. අවසානයේදී එදා සිදු වුණු සිදුවීම වගේම කිම් දන් කියන්නෙ සුරදූතයෙක් කියලාත් ඇයට මතක් වෙනවා…
අද කතාංගයෙන් කිම් දන් තමන් ඇත්තටම කවුද කියලා යොං සෝට ඇත්ත නොකිව්ව එක ඇය කොහොම සිතාවිද? අවසානයේදී කලින් ජීවිතයේ සෙන්ග් වූ වෙලා හිටියේ ඔහුම තමයි කියලා, කිම් දන් ඇයට කියාවිද? කිම් දන්ට භාර වුණු මෙහෙයුම මොකක්ද කියලා යොං සෝ දැනගනීවිද? රූ නාගේ සහ චෝයි අධ්‍යක්ෂතුමියගේ අපරාධ වලට දඬුවම් දෙන්න ක්‍රමයක් සොයා ගන්න යොං සෝට හැකි වේවිද? මනුෂ්‍යයෙක් සමග ආදරයෙන් බැඳුන නිසා කිම් දන්ට විඳින්න වෙන දඬුවම යොං සෝ දැනගනීවිද කියන දේවල් දැක ගන්න පුළුවන් වේවි…
ඉතිං මේ කතා මාලාවේ අද කතාංගය රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සහ korea4dl.කොම් වෙබ් අඩවියේ [360p,540p,720p,1080p]NEXT, [720p,1080p]WEB-DL, [HDTV.H264,HDTV.H265]720p/1080p පිටපත් සඳහා අදාල වේ
2,305 downloadsDownload Angels-Last-Mission-Love-E23-E24.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලූෂ සමරසේකර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-08-20
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලූෂ සමරසේකර
Subtitles
6 comments
Hashan M. Priyadarshana
Ehprangana
Thanks bro
Ranga sri
Thank you...
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rawidu
බොහොම ස්තුතියි සබ් එකට
Advertisement
![Angel’s Last Mission: Love AKA Dan, Hanaui Sarang [E23-E24] Sinhala Subtitles | ආදරයට දඬුවම කුමක්ද? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/kkkkk2.jpg)



බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!