Watch Trailer

AFRICA (2013) [E01] with Sinhala Subtitles | අප්‍රිකාව…. වනගත මහද්වීපය [සිංහල උපසිරසි සමඟ]

අප්‍රිකාව….. වනගත මහද්වීපය…… ග්‍රහලොව මත වඩාත්ම විවිධත්වයක් ඇති ස්ථානය…. කාන්තාර, තෘණභූමි හා වනාන්තර වගේම සුවිශේෂ අප්‍රිකානු වනජීවීන්, සුන්දර, විස්මයජනක, දුලභ මෙන්ම සංවේදී දසුන් ඇතුලත් මෙය, 2013 වසරේ දී BBC නාළිකාවේ විකාශය කරන ලද කොටස් 6 කින් යුත් කෙටි වාර්තා වැඩසටහනකි. මෙම වැඩසටහන IMDB දර්ශකයේ 9.2…

Africa (TV-MiS-2013)-3

අප්‍රිකාව….. වනගත මහද්වීපය…… ග්‍රහලොව මත වඩාත්ම විවිධත්වයක් ඇති ස්ථානය…. කාන්තාර, තෘණභූමි හා වනාන්තර වගේම සුවිශේෂ අප්‍රිකානු වනජීවීන්, සුන්දර, විස්මයජනක, දුලභ මෙන්ම සංවේදී දසුන් ඇතුලත් මෙය, 2013 වසරේ දී BBC නාළිකාවේ විකාශය කරන ලද කොටස් 6 කින් යුත් කෙටි වාර්තා වැඩසටහනකි. මෙම වැඩසටහන IMDB දර්ශකයේ 9.2/10 අගයක් ලබා ගෙන ඇති අතර ඇමෙරිකා, චීන හා ප්‍රංශ නාළිකාවල විකාශය කර තිබෙනවා. මෙම අප්‍රිකා වැඩසටහන වසර 4 ක් පුරා රූගත කර ඇති අතර සෑම කොටසක් අවසානයේ ම eye to eye නමින් විනාඩි 10 ක පමණ රූගත කිරීමේ අත්දැකීම් පිළිබඳ විස්තරයක් ඇතුලත් කර තිබෙනවා. තව මගේ පරිවර්තනය ගැන කිවුවොත් දෝෂ අඩුපාඩු ඇති… කරුණාකර ඒවා නොසළකා හරින්න.

ඉතින් සොබාදහම පිළිබඳ වාර්තා වැඩසටහන් නැරඹීමට කැමති අය සඳහා එක් එක් කොටස ගැන කෙටි හැඳින්වීමක් මෙන්න…….

01. කලහාරි (Kalahari) 

නිරිතදිග අප්‍රිකාවේ වනජිවීන් සහ භූදර්ශන පිළිබඳ. ප්‍රථම වරට ස්ටාර්ලයිට් කැමරා භාවිත කරමින් කළු රයිනෝවන්ගේ හැසිරීම් නිරික්ෂණය කිරීම, කාන්තාර ජිරාෆ් ඇතුළු සුවිශේෂ සතුන්ගේ චර්යාවන්, නැමීබියාවේ අද්භූත වෘත්ත, භූගත පොසිල ජලය රැඳි අති විශාල මකරාගේ සුසුම් ගුහාව ආදී දෑ පිළිබඳ.

Eye to eye – කළු රයිනෝවන් සහ ජිරාෆ් සටන රූගත කළ අවස්ථාව.

02. සැවනා (Savannah) 

නැගෙනහිර අප්‍රිකාවේ විශාල තෘණභූමි, යමහල්, රුවෙන්සෝරි ග්ලැසියර් කඳු මුදුන්, ලවණ විල්, මහා පැළුම් නිම්නය, විල්ඩබීස්ට් සතුන්ගේ සංක්‍රමණය, ඇම්බොසලි තැන්නේ අලි, කඳුකර ගෝරිල්ලන් සහ මෙම කටුක පරිසර තත්ත්වයන් තුළ ජීවීන් තම ජීවිතය රැක ගැනීමට දරණ උත්සාහයන් ආදී දෑ පිළිබඳ.

Eye to eye – ඉඩෝරය නිසා මිය යමින් සිටින අපි පැටවෙකු රූගත කළ අවස්ථාව සහ රුවෙන්සෝරි කඳු මුදුනට ගිය ගමන.

03. කොන්ගො (Congo)

අප්‍රිකාවේ මැද….සමක‍ය ආසන්නයේ අප්‍රිකානු කොන්ගො ද්‍රෝණියේ සාරවත් වැසි වනාන්තර තුළ සිදුවන පැලෑටි අතර ආලෝකය සඳහා වන තරඟය, මීපැණි සොයන චිම්පන්සීන්, පිකතාටි කුරුල්ලන්, අලි ගම්මානය සහ කොන්ගො වනය සයුර හමුවන තැන ආදී දෑ පිළිබඳ.

Eye to eye – කොන්ගෝවේ රූගත කිරීම්වල දුෂ්කරතාවයන් පිළිබඳ.

04. කේප් (Cape) 

එකිනෙකට වෙනස් වූ දියවැල් දෙකක බලයට මැදිවුණු දක්ෂිණ අප්‍රිකාව, මාබු කඳුවැටියේ සමනළුන්, අප්‍රිකානු පෙන්ගුවින්, ග්‍රේට් වයිට් මෝරුන්, කොළ කැස්බෑවන් සහ springbok නර්ථනය ආදී දෑ පිළිබඳ.

Eye to eye – නැගෙනහිර අප්‍රිකාවේ කොමරෝස් දූපත් හි කොළ කැස්බෑවන්ගේ පළමු මිනිත්තු කිහිපය රූගත කළ අවස්ථාව.

05. සහරා (Sahara) 

ලොව විශාලතම කාන්තාරය…ග්‍රැවි සීබ්‍රාවන්, නග්න මොලි මීයන්, සහරාව හරහා යුරෝපය දක්වා සංක්‍රමණය වන වටු කුරුල්ලන්, කාන්තාර කිඹුලන්, ගමන් කරන පුනරුත්පත්ථි පැලෑටි, හරිත යුගයෙන් ආ සත්ත්ව කැටයම් සහ ගිනිගහන මධ්‍යහ්නයේ කෑම සොයන රිදී කුහුඹුවන්, ගී ගයන වැලි කඳු ආදීය පිළිබඳ.

Eye to eye – මාස 18 තිස්සේ ටියුනිසීයාවේ චලන වැලි කඳු රූගත කළ ආකාරය සහ ඊජිප්තුවේ රිදී කුහුඹුවන් රූගත කිරීම.

06. අප්‍රිකාවේ අනාගතය (The Future) 

හොර දඩයම් කිරීම, දේශගුණ වෙනස්වීම, අප්‍රිකා ජනගහන වර්ධනය ආදී කරුණු නිසා අප්‍රිකානු වනජීවයට ඇති බලපෑම්, කළු රයිනෝවන්, කඳුකර ගෝරිල්ලන් වැනි සතුන් රැක ගැනීම සඳහා පරිසරවේදීන් හා විද්‍යාඥයින් දරණ උත්සාහය, මසායි ගෝත්‍රකයින් සමඟ එක් වී සිංහයින් ආරක්ෂා කිරීම, කොල කැස්බෑ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආදී දෑ පිළිබඳ.

Eye to eye – එල්විස් නැමැති රයිනෝ සහ අන්ධ රයිනෝ පැටවාගේ කථාව රූගත කළ අවස්ථාව සහ David Attenborough මහතාගේ හා රයිනෝ පැටවාගේ සුහද සාකච්ඡාව

දුර්ලභ වන සතුන්….
අවසාන වන වෙරළවල්….
අඳුරු වන රහස්…….
සැහැසිකම……
සුන්දරත්වය….
ප්‍රතාපය….
නොදුටු දසුන්…
නොකියු කතන්දර….
අප්‍රිකාව………

ඔන්න දැන් ඉතින් කට්ටියටම පුළුවන් David Attenborough සමඟින් අප්‍රිකාවේ සංචාරය කරන්න……..

AFRICA (2013) on IMDb

 

 

600 MB (2.94 GB) කොපිය මෙතනින් බාගන්න

9BC5EEC06F619286F9B0D65E994556ACFC22D7D9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

980 downloadsDownload AFRICA-2013E01.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                          All Episodes                     Next Episode >>

Subtitles

980 downloadsDownload Subtitles24 KB

25 comments

  1. Yenu

    ඔබට හුගක් පින්,මෙවැනි වාර්තාමය වැඩසටහන් බයිස්කෝප් අඩවියේ ඉතාම අඩුවෙන් තමයි ලබා දෙන්නේ....මමනම් කැමතිම මේ වර්ගයේ වැඩසටහන් වලට...තව තවත් මේ වගේ වැඩසටහන් දෙන්න ලැබේවා........

    1. DM

      720p da 1080p download link nedda

  2. dedunu

    මමනම් කැමතිම මේ වර්ගයේ වැඩසටහන් වලට…
    තව තවත් මේ වගේ වැඩසටහන් දෙන්න ලැබේවා……..
    ස්තුතියි...

  3. chamath225

    Thanks for sub

  4. Dimuthu

    Thank you!

  5. තිසර නියෝ

    කොස්මොස් ඒක කරලා ලොකු කාලෙකින් සජීවී ආපහු වැඩ පටන් අරන් වගේ..
    මේකනම බලන්න වටිනා එකක් වගේ..
    ඔන්න බාන්න දානව...
    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. rumesh nilantha

    thank you me wage wadagath dewal baiscope ekata danawata

  7. DulangaSugeeth

    ettatama baiscope eke me wage ewa godak aduwen yanne, digatama me wage ewa karamu saho

  8. Asanka

    ela thank you.

  9. Kulanjana Maduranga

    niayamai…thanks SAJEVI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. uda

    සජීවී, හරිම අපූරුයි මේ කටයුත්ත.

    සොබාදහම කියන්නේ කොහොමටත් රස ගුලාවක්.
    ඇටෙන්බරෝ වගේ අය ඒ රසය සජීවීවම විඳලා අපටත් විඳගන්න සලස්සනවා. ඒ වුණත් අපේ වගේ රටවල හුඟ දෙනෙකුට මගහැරිලා යන ඒ රසය යළි සිහි කර දෙන්න දරපු මේ සජීවී උත්සහය බොහොම අගය කරනවා.

    දිගටම මෙහෙව් ඒවා කරන්න... ජය!

  11. Samith

    කාලෙකට පස්සේ සුපිරි sub එකක් අරගෙන ඇවිල්ල තියෙන්නේ....
    දිගටම මේවැනි කතාංග වලට සබ් දෙන්න උබට ශක්තිය ලැබේවා!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සජීවී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. නලින් පෙරේරා

    ස්තූතියි වේවා සජීවී සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  14. Dulanga

    මමනම් කැමතිම මේ වර්ගයේ වැඩසටහන් වලට…
    තව තවත් මේ වගේ වැඩසටහන් දෙන්න ලැබේවා

  15. gayan

    niyamai..menna mewa dennako nitharama.hodama thereemak.thank you.

  16. majeewa

    download karanna bene pz hellp me

  17. charith

    කාලයක ඉඳන් බලාපොරොත්තුවෙන් හිටිය එකක්.
    Thanks

  18. කේ.යූ.ජී. උදාර

    මේකට සබ් දුන්නු එක හුඟක් වටිනවා............. මගේ ලඟ සීරිස් එකම තියෙනවා. ඔන්න එහෙනම් සබ මාත් ගත්තා. බොහොම ස්තූතියි සජීවි.

  19. Indika_Priyadarsahana

    බොහොම ස්තූතියි... !!!

  20. Nishon Jey

    දිගටම මේවැනි කතාංග වලට සබ් දෙන්න උබට ශක්තිය ලැබේවා! :)

  21. අබා

    බොහොම ස්තුතියි උපසිරසියට.....!

  22. Waruna Kamalawansha

    නියමයි..... සුපිරිම එකක් සිංහලෙන් ගෙනත්.. බොහෝම ස්තූතියි

  23. sisira

    ආසාවෙන් බැලුවා..ඔබට බොහොම පින්...තවත් bbc වැඩසටහන් වලට sub ලබාදෙන්න

  24. DM

    720p da thiyenne 1080p download link nedda

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.