පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි නාලිකාව තුලයි. මේකෙන් කතාබහ කරන්නේ පෞරාණික ගගනගාමී තර්කයන්, අතීත මිනිසුන් සහ පිටසක්වලයන් අතර සිදුවුණු සබඳතා, හඳුනානොගත් පියාසර වස්තු, විවිධ රජයන් මගින් ගෙනියන කුමන්ත්‍රණකාරී ක්‍රියා…

පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි නාලිකාව තුලයි. මේකෙන් කතාබහ කරන්නේ පෞරාණික ගගනගාමී තර්කයන්, අතීත මිනිසුන් සහ පිටසක්වලයන් අතර සිදුවුණු සබඳතා, හඳුනානොගත් පියාසර වස්තු, විවිධ රජයන් මගින් ගෙනියන කුමන්ත්‍රණකාරී ක්‍රියා සහ විවිධ රටවල් වල ඉතිහාසය ගැන සහ විවිධ මාතෘකා ගැනයි. ඒ වගේම මේ කතා මාලාව ආරම්භ වුනු 2009 මාර්තු 8 වෙනිදා සිට මේ දක්වාම කතාසමයන් 17 ක් සහ කොටස් 200 කින් සමන්විත වෙන ආකාරයට නිර්මාණය කර තිබෙනවා.මේ කතා මාලාව පාදක වී තිබෙන්නේ Erich von Däniken සහ Zecharia Sitchin වැනි ප්‍රධාන ගත්කතුවරු කීප දෙනෙක්ගේ ලියවිලි පාදක කරගෙනයි.ඒ වගේම මේ වැඩසටහන් මාලාවේ නිෂ්පාදකයා විදිහට Giorgio Tsoukalos කටයුතු කරනවා වගේම විධායක නිෂ්පාදකයා Kevin Burns විදිහට කටයුතු කරනවා.නිෂ්පාදන දායකත්වය ලබා දී ඇති සමාගම ලෙස සැලකෙන්නේ Prometheus Entertainment ආයතනය වෙන අතර බෙදාහැරිම සිදු කරන්නේ A&E Network ආයතනයයි.ඒ වගේම ලේඛකයෙක් වෙන David Childress ඇතුළු බොහෝ පිරිසක් මේ වැඩසටහන් මාලාව පුරාවටම ගවේෂණ සහ පර්යේෂණ සිදුකරමින් අතීතයේ අපේ මුතුන්මිත්තන් අතරට පිටසක්වලයන් පැමිණෙමින් ඔවුන්ට දැනුම ලබාදුන් බවත් මානව ශිෂ්ටාචාරය පිහිටුවා ගැනීම සඳහා උපකාර කෙරූ බවට තම මතවාදයන් ඉදිරිපත් කරනවා.කතා මාලාවේ පසුබිම් කථිකයා විදිහට Robert Clotworthy කටයුතු කරන අතර කතා මාලාව සඳහා ලැබී ඇති IMDb අගය 7.2/10ක් ලෙස පෙන්වා තිබෙනවා. ඒ වගේම මෙවර 10 වෙනි කතාමාලාව තුල කොටස් 10 ක් අඩංගු වෙනවා.
යහපත සහ නපුර.ආලෝකය සහ අන්ධකාරය දෙවියන් සහ සාතන්. ලොව වටා ඇති සෑම සංස්කෘතියකට්ම පාහේ පෘථිවියේ ක්‍රියාත්මක වන ප්‍රතිවිරුද්ධ හෝ අඳුරු බලවේග පිළිබඳ කතන්දර තිබෙනවා – මේවා අද්භූත බලවේග වගේම පරසක්වල බලවේග ස්වභාවයෙන් පවතිනවා.ඇත්තටම මෙහෙම බලවේග පවතින්න පුලුවන්ද? එහෙම නම් අඳුරු බලවේග වල සැබෑ ස්වභාවය කුමක්ද?ඉතාහාසය මුළුල්ලේම අන්ධකාරයේ නියෝජිතයන් එක්ක ගිවිසුම් ගැසූ පුද්ගලයින් සිටිය බවට චෝදනා කරන පුද්ගලයින් ඉන්නවා.රුසියානු රජ පවුලේ ඉතාම සමීපතමයෙක් මෙන්ම උමතු පූජකයා ලෙසින් හැඳින්වූ රස්පුටින් සිතුවේ තමන් පරසක්වල රාජ්‍යයක් වෙනුවෙන් සේවය කල සම්බන්ධකයක් ලෙසයි.අවසානයේදී රුසියානු රජ කුමරෙකු විසින් මොහුව ඝාතනය කිරීමෙන් පසුව රුසියානු රජ පවුලේද අවසානය සිදුවුනා.ඒ වගේම මොහුගේ අභාවයත් සමඟම රුසියානු රජ පවුලේ අභාවයද සිදුවෙන බව ඔහු විසින්ම පැවසූ අනාවැකිය සත්‍යක් බවට පත්වුනා.නාසි හමුදාවේ රහසිගත ඒකකය පවසා තිබුනේ පෞරාණික සංකේත හරහා අන්ධකාර බලවේග සම්බන්ධ කරගැනීමට හැකියි කියලයි.ඒ වගේම ඔවුන් මේ සඳහා අනනර්බේ නමින් රහසිගත ඒකකයක් පිහිටුවමින් ගුප්ත විද්‍යාව සහ නොයෙක් පුරාවෘත්ත පිළිබඳව සොයා බලා තිබෙනවා.ඒ වගේම සුප්‍රසිද්ධ ගුප්ත විද්‍යාඥ ඇලිස්ටේයා ක්‍රවුලි අඳුරු මායාවන් භාවිතා කරමින් අමනුෂ්‍යය ආත්ම කැඳවූ බව ප්‍රකාශ කර තිබෙනවා වගේම ඔහු දෙවෙනි ලෝක යුද්ධ කාලය තුලදී වින්ස්ටන් චර්චිල්ගේ උපදේශකයෙකු ලෙසද කටයුතු කරමින් විවිධ ගුප්ත ක්‍රම හරහා යුද්ධය දිනවීමට කටයුතු කල බව කියවෙනවා.මේ මිනිසුන් සමඟ සබඳතා පිහිටුවාගත් සත්වයින් ඇත්තෙන්ම අමනුෂ්‍යය ආත්මද නැත්තං පිටසක්වලයන්ද?ඒ වගේම අන්ධකාරයේ සහ ආලෝකයේ බලවේග අතර සිදුවෙන විශ්වීය යුද්ධයක ඉත්තන් ලෙස මිනිසුන්ව යෝදාගන්නවා වෙන්න පුලුවන්ද? Ancient Aliens S10e04 කොටසෙන් කතාබහ කෙරෙන්නේ අමනුෂ්‍යයින් ලෙස අපි හඳුන්වන පිරිස ඇත්තෙන්ම පිටසක්වලයන් වෙන්න පුළුවන් කියලයි ඒ වගේම ඉතිහාසය මුළුල්ලේම ඔවුන්ව සම්බන්ධ කරගත් පුද්ගලයින් ගැන මෙන්ම ඒ ගැන කෙරූ පර්යේෂණ ගැනත් මේ කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.
986 downloadsDownload Ancient-Aliens-S10-E04.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
5 comments
Supun Kaushalya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
prasad
SAHO BLACKLIST EKATA SUB DENNA PULUWANDA .STHUTHIYI
Nirosha Nirosha
බයිස්කොප් එකටයි රුවන් සහෝ ටයි ගෝඩාක් ස්තූතියි.අපි ගොඩක් කල් බලන් හිටියා රුවන් සහෝ සබ් දෙනකල්.ගොඩාක් ස්තූතියි,දිගටම මෙ සීරිස් එකට සබ් දෙන්න.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



තෑන්ක්ස් සබ් එකට