Watch Trailer

Ancient Aliens [S10 : E10] Sinhala Subtitles | තහනම් කලාප [සිංහල උපසිරැසි සමග]

පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි නාලිකාව තුලයි. මේකෙන් කතාබහ කරන්නේ පෞරාණික ගගනගාමී තර්කයන්, අතීත මිනිසුන් සහ පිටසක්වලයන් අතර සිදුවුණු සබඳතා, හඳුනානොගත් පියාසර වස්තු, විවිධ රජයන් මගින් ගෙනියන කුමන්ත්‍රණකාරී ක්‍රියා…

පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි නාලිකාව තුලයි. මේකෙන් කතාබහ කරන්නේ පෞරාණික ගගනගාමී තර්කයන්, අතීත මිනිසුන් සහ පිටසක්වලයන් අතර සිදුවුණු සබඳතා, හඳුනානොගත් පියාසර වස්තු, විවිධ රජයන් මගින් ගෙනියන කුමන්ත්‍රණකාරී ක්‍රියා සහ විවිධ රටවල් වල ඉතිහාසය ගැන සහ විවිධ මාතෘකා ගැනයි. ඒ වගේම මේ කතා මාලාව ආරම්භ වුනු 2009 මාර්තු 8 වෙනිදා සිට මේ දක්වාම කතාසමයන් 17 ක් සහ කොටස් 200 කින් සමන්විත වෙන ආකාරයට නිර්මාණය කර තිබෙනවා.මේ කතා මාලාව පාදක වී තිබෙන්නේ Erich von Däniken සහ Zecharia Sitchin වැනි ප්‍රධාන ගත්කතුවරු කීප දෙනෙක්ගේ ලියවිලි පාදක කරගෙනයි.ඒ වගේම මේ වැඩසටහන් මාලාවේ නිෂ්පාදකයා විදිහට Giorgio Tsoukalos කටයුතු කරනවා වගේම විධායක නිෂ්පාදකයා Kevin Burns විදිහට කටයුතු කරනවා.නිෂ්පාදන දායකත්වය ලබා දී ඇති සමාගම ලෙස සැලකෙන්නේ Prometheus Entertainment ආයතනය වෙන අතර බෙදාහැරිම සිදු කරන්නේ A&E Network ආයතනයයි.ඒ වගේම ලේඛකයෙක් වෙන David Childress ඇතුළු බොහෝ පිරිසක් මේ වැඩසටහන් මාලාව පුරාවටම ගවේෂණ සහ පර්යේෂණ සිදුකරමින් අතීතයේ අපේ මුතුන්මිත්තන් අතරට පිටසක්වලයන් පැමිණෙමින් ඔවුන්ට දැනුම ලබාදුන් බවත් මානව ශිෂ්ටාචාරය පිහිටුවා ගැනීම සඳහා උපකාර කෙරූ බවට තම මතවාදයන් ඉදිරිපත් කරනවා.කතා මාලාවේ පසුබිම් කථිකයා විදිහට Robert Clotworthy කටයුතු කරන අතර කතා මාලාව සඳහා ලැබී ඇති IMDb අගය 7.2/10ක් ලෙස පෙන්වා තිබෙනවා. ඒ වගේම මෙවර 10 වෙනි කතාමාලාව තුල කොටස් 10 ක් අඩංගු වෙනවා.

මහා යුද්ධ, අස්ථාවරත්වය සහ ප්‍රවේශ විය නොහැකි වීම හේතුවෙන් – ගවේෂණය සඳහා සීමා රහිත විශේෂිත කලාප ලෝකය පුරාම පවතිනවා. ඉරාකය ටිබෙටය සහ ග්වාතමාලා යන රටවල් මේවාට විශාල උදාහරණ විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඇත්තටම මේ ස්ථාන ලෝකයේ ඇති වටිනාම පුරාවිද්‍යාත්මක ස්මාරක සහ නටබුන් පිහිටා තිබෙනවා වගේම ඒවා මානව ඉතිහාසය පුරාවටම ඉතාම වැදගත් කාර්යභාරයක් කල ශිෂ්ටාචාර වලට අයත් ඒවායි. ගවේෂණයක් සිදුනොකිරිම හේතුවෙන් ඒවා තුල යටපත් වී ඇති විශාල දැනුම සම්භාරයක්ද පවතිනවා. ඒ වගේම මේ පිවිසීමට නොහැකි තහනම් කලාප වල බොහෝවිට අවුල් සහගත සහ මානව වර්ගයාගේ සම්භවය සහ ඉතිහාසය විස්තර කරන පැරණි කෞතුක වස්තු සහ කිසිවකට සමාන කිරීමට නොහැකි වර්ගයේ වාර්තා විනාශ වී යෑමට ඉඩ හැර තිබෙනවාඋදාහරණයක් ලෙස මෑත කාලයේදී ඉරාකය සිරියාව ඇෆ්ගනිස්ථානය වැනි බොහෝ ප්‍රදේශ වල පවතින යුද්ධ සහ දැඩි මුලධර්මවාදී මත හේතුවෙන් අපේ ඉතිහාසයට විශාල වැදගත්කමක් ඇති කෞතුක වස්තු සහ පුරාවස්තු හිතාමතාම විනාශ කර තිබෙනවා. ඒ වගේම මේ යුද්ධ මුවාවෙන් සිදුවෙන විශාල පුරාවස්තු මංකොල්ලය හේතුවෙන් මිසරය පුරා ඇති කෞතුකාගාර සහ කැණීම් ස්ථාන කීප වතාවක්ම මංකොල්ලකෑම් වලට භාජනය වී තිබෙන අතර විශාල පුරාවස්තු ගණනාවක් අස්තානගතවී පවතිනවා. ඒ වගේම චීනය විසින් ටිබෙටය ආක්‍රමණය කිරීමෙන් පසුව සිදුවූ මහා විනාශකාරී ක්‍රියාවලියේදී ටිබෙටයේ පැවති වසර දහස් ගණනක් පැරණි දැනුම සහිත ලියවිලි පොතපත ක්‍රමානුකූල සැලැස්මක අනුව විනාශ කර දමා තිබෙනවා ඒ වගේම මෙවැනි සිද්ධි මධ්‍යම ඇමරිකානු රටවලත් සිදුවී තිබෙනවා. මොකද ඔබ එක් සංස්කෘතියක් ආක්‍රමණය කරන විටදී ඔවුන්ගේ මතවාදය යටපත් කිරීමට නම් ඔවුන්ගේ දැනුම සහිත පොතපත විනාශ කල යුතුයි කියන සංකල්පය තදින්ම මුල් බැසගෙන තිබෙන නිසා වියහැකියි. නමුත් මේ සියල්ලම කිසියම් නිර්මාණයක් වෙන්න පුලුවන්ද? පෞරාණික ගගනගාමී මතධරයන් පවසන්නේ මේ ස්ථාන වල විශිෂ්ඨ ඓතිහාසික වස්තූන් හා තොරතුරු වැළලී තිබෙන්න පුළුවන් බවත් පැරණි දැනුම හා තාක්‍ෂණය වගේම සමහරවිට අපේ පිටසක්වල අතීතය පිලිබඳ සත්‍ය වැළලී තිබෙන්නට පුළුවන් බවයි. මේ අවුල් වියවුල් සහ සටන් ඇති කරන්නේ තොරතුරු වසන් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන නිසාද මේ වසන් කිරීම් වලට මැදිහත් වෙන්නේ පිටසක්වල ජීවින්ද?

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.

902 downloadsDownload Ancient-Aliens-S10-E10.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

902 downloadsDownload Subtitles39 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. Kavishka

    ගොඩක් වටිනවා ❤

    බොහොම ස්තුතියි

  4. Nirosha Nirosha

    ගොඩාක් ස්තූතියි,දිගටම මෙ සීරිස් එකට සබ් දෙන්න.

  5. Anonymous

    meka digtma dennna godak kal blan hitiya enkm

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.