Watch Trailer

Chicago PD [S04 : E07 & E08 ] with Sinhala Subtitles | පොලිස් රාජ්‍යය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD 4 වැනි කතාමාලාවේ 7 වැනි සහ 8 වැනි කොටස. ඉතිං සෑහෙන කට්ටක් කාල වෙනදට වඩා මේ පාරවත් පොඩ්ඩක් කලින් උපසිරැසිය ලබාදෙන්න උත්සහ කළා. ඒත් ඉතිං වෙනද වගේම ප්‍රමාද වුණා. ඒ වගේම කියන්න ඕනෙ මෙය මේ වසරේ Chicago PD 4 වැනි කතාමාලාවේ විකාශය වූ අවසන් කොටස ලෙස තමයි ප්‍රකාශ වෙලා […

Chicago P.D.S04

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD 4 වැනි කතාමාලාවේ 7 වැනි සහ 8 වැනි කොටස. ඉතිං සෑහෙන කට්ටක් කාල වෙනදට වඩා මේ පාරවත් පොඩ්ඩක් කලින් උපසිරැසිය ලබාදෙන්න උත්සහ කළා. ඒත් ඉතිං වෙනද වගේම ප්‍රමාද වුණා. ඒ වගේම කියන්න ඕනෙ මෙය මේ වසරේ Chicago PD 4 වැනි කතාමාලාවේ විකාශය වූ අවසන් කොටස ලෙස තමයි ප්‍රකාශ වෙලා තිබෙන්නේ. නමුත් ඔවුන් කලින් සදහන් කර තිබුණේ 23 වැනි බදාදා 9 වැනි කොටසින් මෙහි විකාශය මේ වසරට නිමකරනව කියලයි. ඒත් ඉතිං හදිසියේම ඔවුන් නොවැම්බර් මාසේ 2වැනිදා කතාව විකාශය කළේ නැහැ. එ වගේම නොවම්බර් මස 16 වැනිදා 07 වැනි සහ 08 වැනි කොටස් දෙකම එක විට විකාශය කර මේ වසරට කතාව නිමාකර හිබුණා. ඉතිං ඒ නිසා කියන්න ඕනෙ මෙහි Line 1500 කටත් වටා තිබුණා උපසිරැසි ගන්වන්න. ඒ වගේම ඉංග්‍රිසි උපසිරැසියක් නිකුත්වෙලා තිබුණෙත් සිකුරාදා උදෑසන. ඉතිං මගෙ රැකියාවේ කාර්යය බහුලත්වයත් එක්ක මේ වෙලාවටවත් දෙන්න ලැබුණ එකට මම සතුටු වෙනව. ඒ වගේම කියන්න ඕනෙ දැනට සදහන් කරල තියෙන විදිහට Chicago PD 4 වැනි කතාමාලාව කොටස් 22 කින් සමන්විතයි. ඒ වගේම ඉතිං දැනටමත් කොටස් 8 ක් විකාශය කරල තිබෙනවා. ඉතිං නැවත මෙහි 9 වැනි කොටස 2017 ජනවාරි මස 4 වැනිදා විකාශය වන බවයි දැනට ප්‍රකාශ කොට තිබෙන්නේ. ඒ වගේම කියන්න ඕනෙ NBC නාලිකාව කතාව සෑහෙන දවසක් ඇදගෙන යයි වෙගේ කියල තමයි දැනට Chicago PD 4 වැනි කතාමාලාවේ කාලසටහන බලපුහමනම් කියන්න තියෙන්නේ. මොකද ඔවුන් සදහන් කරන විදිහට මෙහි අවසන කොටස විකාශය වීමට දැනට නියමිතව තිබෙන්නේ 2017 මැයි මස 17 වැනිදායි. 7 වැනි කොටස. කතාව පැත්තට හැරුනොත් ඉතිං අද 7 වෙනි කොටසේ දකින්න වෙන්නෙ මිනීමැරුමක් තමයි. Intelligence කණ්ඩායමට ලැබෙනවා ස්ත්‍රී දූෂණ නඩුවක සාක්ෂි කරුවෙකු වූ පුද්ගලයෙකු වෙඩි තබා මරා දමා තිබෙන පරීක්ෂණයක් විසදන්න. ඉතිං කණ්ඩායම සිතනවා මෙය නඩුවේ විත්ති කරුගේ පාර්ශවයෙන් සිදුකල මිනීමැරුමක් බව. ඒත් ඉතිං මෙහි විත්තිය පාර්ශ්වය ලෙස පෙනී සිටින්නේ ඉතා ධනවත් පවුලක්. ඒ වගේම පරීක්ෂණ කරගෙන යන විට මෙය ඉතාමත් හොදින් සැළසුම් කර සිදුකළ මිනීමැරුමක් ලෙස පෙන්නෙන්න තියනවා. එහෙනම් ඉතිං වෙනද වගේම කණ්ඩායම මෙය විසදන්න ආකාරය මේ කොටස නරඹලාම බලන්න කියල ආරාධනා කරනවා. 8 වැනි කොටස.

8 වැනි කොටස ලෙස අද විකාශය වෙන්නේ පොලිස් ඝාතනයක්. ඒ කිවුවෙ මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙක්ව වෙඩි තබා ඝාතනය කරනු ලබනවා. ඒ වගේම මෙය ස්නයිපර් ප්‍රහාරයක්. ඉතිං කණ්ඩායම ඒ ගැන පරීක්ෂණ පවත්වමින් සිටියදී තවත් පොලිස් නිලධාරිනියක්ව එලෙසෙම වෙඩිතබා ඝාතනය කරනු ලබනවා. එ වගේම එම සිද්ධිය නිසා බ’ජස් ගේ නව හවුල්කරු පොලිස් සේවයෙන් ද ඉවත් වෙනවා. ඉතිං අද 8 වැනි කොටස වන්නේ පොලිස් ඝාතකයෙක් සොයාගැනීම ගැනයි. ඒ වගේම මෙම පරීක්ෂණය අවසන් වන්නේ ප්‍රාණ ඇපකාර සිද්ධියකින්.  ඒ වගේම 9 වැනි කොටසේ සිට ඇන්ටෝනියෝ කණ්ඩායමේ දකින්න නැති වේවි. ඒ ඔහුට වෙනත් ඒකකයකට උසස් වීමක් ලැබෙන නිසා. ඒ වගේම 9 වැනි කොටසේ ඉදන්

Intelligence කණ්ඩායම තුළ අළුත් අයෙක් හිදීවි. ඒ කණ්ඩායම තුළට පැමිණීමට බලාගෙන සිටි අයෙක්. කියන්න ඕනෙ නැහැ. කවුද කියල දන්නව කියල හිතනව.එහෙනම් වෙනද වගේම කතාව නරඹන්න කියල ආරාධනා කරනවා. එහෙනම් Quantico කතාමාලාවෙන් හමුවෙමු.

සුබ දවසක්……..!

Chicago P.D. on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා ආදාළ වේ.

508 downloadsDownload Chicago.PD_.S04E07E08.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                        All Episodes                        Next Episode >> 

 

Subtitles

508 downloadsDownload Subtitles62 KB

7 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Rajitha

    Thanks machan......jayawewa.....!

  4. Bobby

    බොහෝම ස්තුතියි රසිත සබ් එකට.

  5. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  6. ජගත්

    Thanks !

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.