ඔන්න එහෙමනම් DOOM PATROL පළමු කතාමාලාවේ අටවැනි කොටස ගෙනාවා. පළවැනි කොටසට උපසිරැසිය කළාට පස්සේ ඔන්න අද තමයි මම ආයේ මේ කතාමාලාව වෙනුවෙන් උපසිරසියක් කළේ. ඉතින් මෙතනින් මෙම කතාමාලාව වෙනුවෙන් මගේ වැඩ කොටස අහවර වෙනවා. හොදා එහෙනම් අපි බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා. මිස්ටර් නෝබඩියා අපේ චීෆ් ලොක්කව අරගෙන ගිය…

ඔන්න එහෙමනම් DOOM PATROL පළමු කතාමාලාවේ අටවැනි කොටස ගෙනාවා. පළවැනි කොටසට උපසිරැසිය කළාට පස්සේ ඔන්න අද තමයි මම ආයේ මේ කතාමාලාව වෙනුවෙන් උපසිරසියක් කළේ. ඉතින් මෙතනින් මෙම කතාමාලාව වෙනුවෙන් මගේ වැඩ කොටස අහවර වෙනවා. හොදා එහෙනම් අපි බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා.
මිස්ටර් නෝබඩියා අපේ චීෆ් ලොක්කව අරගෙන ගියා ගියාමයි තාමත් කණ්ඩායමට මේකා ඉන්න තැනක් හොයාගන්න උනෙම නෑ. කොහෙන් කියලා හොයාගන්නද අප්පා ඉතින් චීෆ්ව හොයන්න ගිහින් කට්ටියට වෙච්ච අලකලංචි ටිකත් දකින්න ඇති නෙව. ඉතින් කලින් කොටසේ මතක ඇතිනේ ජේන් සහ ක්ලිෆ් අතර ඇතිවෙච්ච හුටපටයක් නිසා ජේන් කෙල්ලත් යන්න ගියා. ඔන්න අද ඒ යන්න ගිය ජේන් කෙල්ල ආයෙම කෝල් එකක් දෙනවා. හැබැයි වෙනදා වගේ නෙවේ බොහොම ලතාවකට සුමිහිරි වදනින් තමා කතාව. බලාගෙන ගියාම ඒ ඇවිල්ලා ජේන්ගෙ ආදරයට බර පෞරුෂත්වය වෙච්ච කැරන්. ඉතින් මේ කැරන් කෙලීගෙ එකම හීනෙ වෙලා තියෙන්නෙ ඩග් කියලා කෙනෙක් එක්ක ආදරෙන් ඉන්න එක.
ඉතින් ක්ලිෆ් සහ රීටා යනවා ජේන්ව එහෙමත් නැත්නම් මේ කැරන්ව හොයාගෙන ඔය අතරේ අපේ නෙගටිව් මෑන් ඒ කියන්නෙ කැප්ටන් ට්‍රේනර් සහ වික් ඒ කියන්නෙ සයිබෝග් කොලුවා කේක් එහෙක තිබ්බ ඇඩ්‍රස් එකක් පස්සෙන් යනවා චීෆ් ලොක්කා ගැන හෝඩුවාවක් හොයාගන්න. ගිහිල්ලා බැලින්නම් මහා අද්භූත දිහාවකට තමයි යන්නෙ. කොටින්ම කියනවා එක්තරා පොඩි විදියක්, මාවතක් එහෙමත් නැත්නම් පාරක් තියෙනවා තනියම හිතන්න කතා කරන්න සහ දුර විස්ථාපනය වීමේ හැකියාව තියෙන. කොටින්ම කිව්වොත් පණ තියෙන පාරක් ඈ.
ඉතින් එහෙමනම් අද මොකද වෙන්නෙ කියලා මීට වඩා මම කිසිමදෙයක් කියන්නට යන්නෙ නෑ. ඔයාලටම කතාව බලන්න කියලා ආරාධනා කරමින් මම සමුගන්නවා. ලබන සතියේ තවත් උපසිරසියකින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,336 downloadsDownload Doom-Patrol-S01-E08.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
27 comments
Shansenarathne
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයthanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!
100
Sub eakata thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!තරිදු ප්‍රබෝධ
maru
devil_11
Thx brother
Shehan putha
thanks sahooo...jaya wewa !
Ran KE Almainz
Sub ekt thank q
sineth devapriya
Tq br
madhawa_max
thank u bro
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
දිගටම සබ් දෙමු...
සුපිරි කතාවක් මේකත්...Mr.pamz
Thanks bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
D.Chamara
bohoma sthuthi sahooo.
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Stranger
thanks
Thilankadissanayake
thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Amila Mudalige
Sub ekata Thanks
Kala karu12
Thanks sub ekata.
MAALnath
Thanks .................good luck ......................
nipuna adikari
thnx
chinthaka.max4
thankx machan
Advertisement
![Doom Patrol [S01: E08] Sinhala Subtitles | නොනිමි සාදය හා ජේන්ගෙ මගුල! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Doom-Patrol-S01-1.0.jpg)


Tnx