Watch Trailer

Doom Patrol [S01: E09] Sinhala Subtitles | මනස්ගාත ලෝකය..! [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසෙදි මතක ඇතිනෙ ඩැනි මාවත නේද? ඩැනි මාවත හොයන් යන සයිබෝර්ග් සහා ලැරිදෙන්නට හම්බවෙන්නෙ මහ අමුතු දෙයක්. පන තියන පාරක් කිව්වොත් හරි. මේ පාර යැපෙන්නෙ මිනිස්සුන්ගෙ සතුටින්, හැබැයි කට්ටියක් මේ අයව හොයාගෙන එන නිසා එතන තිබුන සතුට නැතිවෙලා ගිහින්. ඒත් ඒකෙ ජීවත්වෙන අය උපරිම උත්සහ කරනවා පාර ආරක්ෂා කරග…

කලින් කොටසෙදි මතක ඇතිනෙ ඩැනි මාවත නේද? ඩැනි මාවත හොයන් යන සයිබෝර්ග් සහා ලැරිදෙන්නට හම්බවෙන්නෙ මහ අමුතු දෙයක්. පන තියන පාරක් කිව්වොත් හරි. මේ පාර යැපෙන්නෙ මිනිස්සුන්ගෙ සතුටින්, හැබැයි කට්ටියක් මේ අයව හොයාගෙන එන නිසා එතන තිබුන සතුට නැතිවෙලා ගිහින්. ඒත් ඒකෙ ජීවත්වෙන අය උපරිම උත්සහ කරනවා පාර ආරක්ෂා කරගන්න. ඔය කලබගෑනියට තමා සයිබෝර්ග් සහා ලැරි අහුවෙන්නෙ. මේ දෙන්නා යන්නෙ චීෆ්ගෙන් ලැබුන හෝඩුවාවක් පස්සෙ. මතකනෙ කේක් ගෙඩියෙ තිබුන සිතියම. දෙන්නා මේ පාර හොයන් යන්නෙ චීෆ් ගැන මොනාහරි දැනගන්න ලැබෙයිද කියලා බලන්න. ඒත් මෙයාලට වෙන්නෙ ඩැනී මාවත ආරක්ෂා කරන්න. ඒක ගානට කට්ටිය එකතුවෙලා කරනවා. ඒ වගේම චීෆ් ගැන හෝඩුවාවක් ඩැනිගෙන් හම්බවෙනවා.

ඔය අතරෙ මතක ඇති ක්ලිෆ්ගෙ ඇගට මීයෙක් රිංගලා ඊට කලින් සතියෙ මිනිහා නටපු නාඩගම. ඔය නිසා ජේන් තරහා වෙලා ගියත් මතක ඇතිනෙ. එහෙම ජේන් පිටවෙලා ගියාට පස්සෙ ජේන් මනස්ගාත ලෝකෙට ගිහින් මතුපිට ලෝකෙට කැරන්ව මතුවෙනවා. කැරන් කියන්න යම් ආකාරයක රොමෑන්ටික් වගේම ෆැන්ටසියක ජීවත් වෙන කෙනෙක්. ඉතිං මෙයා මෙයාගෙ පරණ පෙම්වතා හොයන් යනවා. ඒ තමා ඩගි. කැරන් ඩගී එක්ක දහස් වතාවක් විතර එකතුවෙලා ආපහු වෙන්වෙලා තියෙනවලු. කොහොමත් ඩගි ආයෙමත් කැරන්ගෙ මායාවට අහුවෙනවා. හැබැයි මෙයාගෙ පවුලෙ අය මේකට කැමති නෑ. කොහොම නමුත් ඒ අයවත් කැරන්ගෙ මායාවට යටත් වෙනවා. ජේන්ව හොයන් ආව ක්ලිෆ් සහා රීටා දෙන්නගෙන් මායාවට අහු නොවි බේරෙන්නෙ ක්ලිෆ් විතරයි. ඔය නිසාම අනික් අයගෙ බන්දනෙත් නැතිවෙලා යනවා. ඒත් එක්කම කැරන්ව මනස්ගාත ලෝකෙට ඇදන් ගියා මතක ඇති. එහෙම ගියාම මතුපිට ලෝකෙට කවුරු හරි එන්න ඕනනෙ. ඒ සාමාන්‍යයෙන් ජේන්. ඒත් අපි දැක්ක විදිහට ජේන් ගල්වෙලා වගේ හිටියෙ. ඒ කියන්නෙ මතුපිටට කවුරුත් ඇවිත් නැහැ. මොකද ජේන් ආපහු එන එක ප්‍රතික්ෂ්ප කරනවා. වෙන අය එන්නෙත් නැහැ. මොකද ජේන් තමයි මූලිකයා, ඒ කියන්නෙ ජේන් තමා සාමාන්‍යයෙන් මතුපිට ජීවත් වෙන කෙනා මෙයාට කිසිම බලයක් නැහැ. අපි කතාවෙ සදහන් වෙන “The Underground” කියන නමට තමයි “මනස්ගාත ලෝකෙ” කියන නම පාවිච්චි කලේ, “යටිබිම” හෝ “අන්ඩර්ග්‍රවුන්ඩ්” කියලා සිංග්ලිෂ් වලින් දාන එක කැත නිසා. ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා “මනස්ගාත ලෝකෙ” කියන හරියටම ගැලපෙන බව අද තේරෙයි.

තවත් කියන එක තේරුමක් නැහැ, ඔයාලම බලාගන්නකො මනස්ගාත ලෝකෙ කොහොම එකක්ද කියලා අද එහෙනම්. මම යන්නම්.

හැමෝටම ලබන්නා වූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,040 downloadsDownload Doom-Patrol-S01-E09.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,040 downloadsDownload Subtitles24 KB

27 comments

  1. dhanuka95

    ස්තූතියි සහෝ....ජය වේවා

  2. Supun_boy

    අද වේලාසන.. ස්තුතියි

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    සුභ අලුත් අවුරුද්දක් වේවා !

  4. denizshulz

    thanks bro

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. devil_11

    Thx broh

  7. 100

    Sub eakata thank

  8. Ishara_sw

    එසේම වේවා! තවත් සබ් දිගටම කරගෙන යන්න වාසනාව ශක්තිය ද්‍යිර්‍ය ලැබේවා !##❤️

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  10. Kanchana

    Thanxsaho

  11. Ayesh Prashan

    Thank You

  12. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා....!

  13. YasasPerera

    thanks bro..

  14. sineth devapriya

    Suba aluth awuruddak wewa br. Tq tq

  15. D.Chamara

    bohoma sthuthi sahooo..

  16. Kulanjana Maduranga

    subata thanks

  17. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  18. Praveen

    E 10 oniiiiiiiiii

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Stranger

    thanks

  21. dx12

    thanks bro

  22. Thilankadissanayake

    thanks

  23. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!

  24. Shehan putha

    Thanks bro !

  25. Amila Mudalige

    Sub ekata Thanks

  26. MAALnath

    Thanks ...................good luck ......................

  27. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.