Fallout [S02 E04] Sinhala Subtitles ආයුබෝවන් අද හත් වැනි කොටසට. ඉතිං කොටස් අටකින් සමන්විත මේ කතා මාලාවෙ හත් වෙනි කොටසට අදාළ උප සිරැසිය අද නිකුත් කරනවා. මේකෙ අට වෙනි හෙවත් මේ කතාමාලාවෙ අවසන් කොටසත් ඊයේ නිකුත් උනා. ඒකත් හැක්කි ඉක්මණට දෙන්න හිතා ගෙන ඉන්නවා. ඉතිං මේ අතිශය දිගු කතාංග වල මේ කොටස වෙනකොට ඔ…
Fallout Sinhala Subtitles
ආයුබෝවන් අද හත් වැනි කොටසට. ඉතිං කොටස් අටකින් සමන්විත මේ කතා මාලාවෙ හත් වෙනි කොටසට අදාළ උප සිරැසිය අද නිකුත් කරනවා. මේකෙ අට වෙනි හෙවත් මේ කතාමාලාවෙ අවසන් කොටසත් ඊයේ නිකුත් උනා. ඒකත් හැක්කි ඉක්මණට දෙන්න හිතා ගෙන ඉන්නවා.
ඉතිං මේ අතිශය දිගු කතාංග වල මේ කොටස වෙනකොට ඔබ බොහෝ ගැටළු නිරාකරනය කර ගෙන ඇති. හොවාර්ඩ් කූපර් එහෙම නැත්තම් අපි දකින අවතාරය කොතරම් මානුෂික හැඟීම් පිරි පුද්ගලයෙක්ද යන්න මේ වෙද්දි පේනවා. මේ දක්වා ඔහු ගැන එතරම් ප්‍රසන්න හැඟීමක් නොතිබුනත්මිනිසෙක් ලෙස සිටිද්දි ඔහු නිරන්තරයෙන්ම උත්සාහ කලේ ලෝකය විනාශයකින් බේර ගන්න.
සිය බිරිඳ විසින් නිපදවන ලද අධි තාක්ෂණික උපකරණය විනාශකාරී බලගතු රොබර්ට් හවුස් වෙත යාම වැලැක්වීමට ඔහු දැඩි උත්සාහයක් ගන්නවා/ ඒත් අවසානයේ බිරිය හා දියණිය අහිමිව ඔහු අවතාරයක් බවට පත් වෙනවා. ඔහු මේ ලාස් වේගාස් වෙත යන්නේ විශේෂ සුරක්ෂිතා ගාරයක අනාගතය වෙනුවෙන් රක්ෂිත කර ක්‍රයෝ පොඩ් උපකරණයක නිද්‍රා ගන්වා සිටිනවා යැයි කියන තම බිරිය හා දියණිය සොයා ගන්න. ඉතිං ඒ සඳහා ඔහු ඕනෙම කැප කිරීමක් හෝ ගණුදෙනුවක් කරන්න කැමතියි. ඒ ගණුදෙනුව ඔහු හෑන්ක් සමග කරන්නේ ලිසී ඔහුට බාර දීමෙනුයි. පියා සහ දියණිය එකට මුණ ගැහෙද්දී කූපර් ආපසු ලොකු කරදරයක වැටෙනවා. ඒකෙන් ගොඩ එයිද?

මේ සියල්ල හත් වැන්නෙන් බලමු
අට වැන්නෙන් නැවත හමු වෙමු
ආයුබෝවන්
Fallout,Fallout S02 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි PSA WEB පිටපත් සඳහා අදාළ වේ.
693 downloadsDownload Fallout-2025-S02E07.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles
4 comments
Nishan Sameera
Buddhika laKMal
ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට
SACHINTHA
සිංහල උපසිරැසියට ස්තුතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුSahan Gayantha
thanks a lot Bandula brother sub ekata
Advertisement



Thank you