Watch Trailer

Gallipoli [S01 : E05] Sinhala Subtitles | කඩාවැටීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ පළමුවන ලෝක යුද්ධයේදී ඔටොමන් අධිරාජ්‍යයට විරුද්ධව බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා රුසියාව එකතු වෙලා කරපු සටනේ වැදගත් සන්ධිස්ථානයක් වන පෙනින්සියුලාවේ ගැලිපොලි සටන ගැන නිර්මාණය වූ රූපවාහිණි කතා මාලාවේ 05 වෙනි කොටසට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb ඇගයුම් අගය 7.8/10ක් ලබා ගන්න සමත් වෙලා තියෙන ම…

ඔන්න යාළුවනේ පළමුවන ලෝක යුද්ධයේදී ඔටොමන් අධිරාජ්‍යයට විරුද්ධව බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා රුසියාව එකතු වෙලා කරපු සටනේ වැදගත් සන්ධිස්ථානයක් වන පෙනින්සියුලාවේ ගැලිපොලි සටන ගැන නිර්මාණය වූ රූපවාහිණි කතා මාලාවේ 05 වෙනි කොටසට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා.

IMDb ඇගයුම් අගය 7.8/10ක් ලබා ගන්න සමත් වෙලා තියෙන මේ කොටස විනාඩි 41ක් පුරා දිව යනවා. ඒ වගේම මේ කොටස විකාශනය උනේ 2015 මාර්තු 02 වෙනිදා . මෙහි Kodi Smit-McPhee විසින් Tolly Johnson ගේ චරිතයත්, Harry Greenwood විසින්ස Bevan Johnson ගේ චරිතයත්, Sam Parsonson විසින් Dave Kelin ගේ චරිතයක්, Tom Budge විසින් Cliff Sutton ගේ චරිතයත්, James Callis විසින් Ellis Asmead-Bartlett ගේ චරිතයත්, John Bach විසින් Sir Ian Hamilton චරිතයත් රඟ දක්වනු ලබනවා.

කතාව ගැනත් ටිකක් කියනවනම් මේ 05 වෙනි කොටස පදනම් වෙලා තියෙන්නේ 1915 අගෝස්තු මාසයේදී ජෙනරල් හැමිල්ටන් ගැලිපොලි අර්ධද්වීපය හරහා දැවැන්ත ප්‍රහාරයක් දියත් කිරීම මුල් කරගෙනයි. යුධ පෙරමුණු 05 ක භටයන් 100,000 ක් මෙම සටන සඳහා සහභාගී වෙනවා.

ඉතිං යාළුවනේ. කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නෑ.මේ සටනේ ප්‍රතිඵලය දැනගන්නනම් ඔයාලට මේ කොටස බලන්න වෙනවා. එහෙනම් 06 වෙනි කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජය ‍වේවා.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,324 downloadsDownload Gallipoli-S01-E05.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,324 downloadsDownload Subtitles20 KB

3 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.