Gen V Sinhala Subtitles හතරවෙනි කොටස ඉවරවුණේ කට්ටියවම අමාරුවේ දාලානේ. එල්මයිරා කියන්නේ සෙල්ලම් තැනක් නෙවෙයිනේ. ඉතින් මේ කොටස පටන් ගන්නේම ඒ බලාපොරොත්තු සුන් වුණ තැන ඉඳන්. යාලුවො දෙන්නගෙ සටන නවත්තන්න කරන ප්ලෑන් එක වරදිනවා විතරක් නෙවෙයි, මේ ගොල්ලො නිසා අර තරම් දුක් විදින්න සිද්ද වුන කේට් ඩන්ලැප් අන්ති…

Gen V Sinhala Subtitles හතරවෙනි කොටස ඉවරවුණේ කට්ටියවම අමාරුවේ දාලානේ. එල්මයිරා කියන්නේ සෙල්ලම් තැනක් නෙවෙයිනේ. ඉතින් මේ කොටස පටන් ගන්නේම ඒ බලාපොරොත්තු සුන් වුණ තැන ඉඳන්. යාලුවො දෙන්නගෙ සටන නවත්තන්න කරන ප්ලෑන් එක වරදිනවා විතරක් නෙවෙයි, මේ ගොල්ලො නිසා අර තරම් දුක් විදින්න සිද්ද වුන කේට් ඩන්ලැප් අන්තිමේදි එල්මයිරා එකේ හිරකාරියක් බවට පත්වෙනවා. කොහොම වුනත්, තමන්ට උදව් කරපු කේට් ව ආපහු ගේන්න මාරි තීරණය කරනවා. ඒත් ඒක ලේසි ගමනක් නම් නෙවෙයි. මොකද ගිය පාර කට්ටිය එල්මයිරා එකෙන් පැනපු නිසා දැන් ඒකෙ ආරක්ෂාව වැඩි කරලයි තියෙන්නේ. කොහොම වුණත්, මේකෙදි අපිට දැනගන්න ලැබෙනවා සුපිරි වීරයන්ගෙ (Supe ලගෙ) බලයන් තමන් ඉන්න තත්ත්වෙට වඩා තව ගොඩක් වැඩි දියුණු කරන්න පුලුවන් කියලා. සයිෆර් මාරි ලව්වා කරන්න හදන්නෙ ඕක තමයි. මොකද ලේ පාලනය කරන්න පුලුවන් කියන එක තරම් බයානක
බලයක් වෙන කොහෙවත් නැති නිසා. (මතකනේ, වැරදිලා ගිහින් අර ඊලෝන් කියන එළුවව පිපිරුණ හැටි). මේ කොටස ඉවර වෙද්දී මාරි තමන්ගේ බලය ගැන හොයාගන්න දෙයින්, අන්තිමේ ඒක පාවිච්චි කරන්නෙ මොකකටද කියලා දැක්කහම ඔයාලගේ ඔළුවත් විකාර වෙයි, ඒක නම් සහතිකයි.  එහෙනම් දැන් වැඩිය කතා නැතුව මේකත් බලලම ඉමු. Subtitle එක ගැන (අඩුපාඩු, වැරදි හරි කමක් නෑ) පහලින් Comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම සමුගන්නවා. අපි ඊළග කොටසින් හමුවෙමු. ජය වේවා. Name: Sades (Walker)

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,479 downloadsDownload Gen-V-S02E05.zip25 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Sades (Walker)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-08-09

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles by

Sades (Walker)

Subtitles

1,479 downloadsDownload Subtitles25 KB

8 comments

  1. Asanga Basooriya

    Bohoma Sthuthii...

  2. Dimuthu

    Thank you bro ithuru tikat ikmnata denawad saho

  3. Buddhika laKMal

    ස්තූතියි මචෝ සබ් එකට

  4. Sahan Gayantha

    thanks a lot Sades saho sub ekata

  5. Nisanka Kularathne

    sub akata thankz kollo

  6. SACHINTHA

    සිංහල උපසිරැසියට ගොඩාක්ම ස්තුතියි
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  7. Anonymous

    Thanks <3

  8. arjuna

    thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.