Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles එළඹුනු 2026 වසරේ ආරම්භක බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් උනු, Mappa Studio වෙතින් අරන් එන Hell’s Paradise Season 2 හි 2 සහ 3 කොටස් වල සිංහල උපසිරැසි එක්කයි ඔබ මේ එකතු වෙන්නෙ. Season 2 හි ආරම්භක උපසිරැසිය අපේ සඳක මලීෂ සහෝදරයා අරන් ආවා. මෙත…

Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles
එළඹුනු 2026 වසරේ ආරම්භක බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් උනු, Mappa Studio වෙතින් අරන් එන Hell’s Paradise Season 2 හි 2 සහ 3 කොටස් වල සිංහල උපසිරැසි එක්කයි ඔබ මේ එකතු වෙන්නෙ. Season 2 හි ආරම්භක උපසිරැසිය අපේ සඳක මලීෂ සහෝදරයා අරන් ආවා. මෙතැන් පටන් මේ උපසිරැසි මාලාවත් මම අරන් ඒවි. මෙතක් තිබුනු style එකට මෙතැන් පටන් උපසිරැසි සමහරවිට තියෙන එකක් නැති වේවි, හැබැයි කතාවේ හරයට වෙනසක් නොකර හැකි උපරිමයෙන් වැඩේ වේවි. සිද්ධ වුනු ප්‍රමාදය නිසා සතියකට එක බැගින් නිකුත් වුනු කොටස් දෙක, තවත් ප්‍රමාද නොකර එකපාරම උපසිරැසි දෙකම මේ විදිහට අරන් ආවා.
මිහිපිට නිරයක් නමුත් පාරාදීසයක් බඳු වුනු, අමරණීයත්වයේ අමෘතය ඇතැයි සැලකෙන දූපතට ගිය පිරිසෙන් කිහිප දෙනයි මේ වෙද්දි ජීවතුන් අතර ඉන්නෙ. ඒ කට්ටියත් කණ්ඩායම් දෙකකට බෙදිලයි ඉන්නෙ. ඒ වගේම තවත් අලුත් පිරිසක් මේ දූපතට පිටත් වෙන්න නියෝග ලබන විදිහ අපිට දැකගන්න ලැබුනා. ඒ අතරේ දකින දකින කෙනා එක්ක සටන් කරන ගරන්නෝ ගබිමරුගේ මතකය නැති වෙලයි තියෙන්නෙ. එක එක සටන් නිසා එක එක තැන් වලදි එක එක්කෙනා මේ දූපතේ කණ්ඩායම් වලට එකතු වෙනවා.
මේ වගේ තව එකතු වුනු අය කවුද? සටන් අතරෙ ගබිමරුට මතකය ආපහු ඒවිද? ඒ එක්කම මේ රාක්ෂයො නිර්මාණය උනේ කොහොමද? නිර්මාණය කළේ කවුද? දූපතේ තියෙන විශේෂත්වය මොකක්ද? අමරණීයත්වයේ අමෘතයක් ඇත්තටම තියෙනවද? නරඹන්න එහෙනම් මේ කොටස් දෙකම. මීළඟ කොටස් වලින් මුණ ගැහෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name: Reality and Illusion (Episode 2)
Immutability and Change (Episode 3)
Released Date: 2026.01.18 (Episode 2)
2026.01.25 (Episode 3)
IMDB Rating: 8.5 (Episode 2) (at 2026.01.30)
8.4 (Episode 3) (at 2026.01.30)
Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
825 downloadsDownload hells-paradise-S02-E02E03.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #Chiyaki Kabayashi
- #Editor's Pick
- #Hell's Paradise: Jigokuraku Sinhala sub
- #Hell's Paradise: Jigokuraku Sinhala subtitles
- #Marisa Duran
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #You Decide
- #Yuji Kaku
- #Yumiri Hanamori
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
0 comments
No comments yet.
Advertisement
![Hell’s Paradise: Jigokuraku [S02 : E02 & E03] Sinhala Subtitles | මිනිසුන්, රකුසන් සහ දෙවිවරු [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/01/Hells-Paradise-Banner.jpeg)


