Watch Trailer

His & Hers [S01: E01] Sinhala Subtitles | මරණ පරීක්ෂණය [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් අලුත් නෙට්ෆ්ලික්ස් කතාමාලාවකින් ඔයාලව හමුවෙන්න ආවා. මේක නෙට්ෆිලික්ස් වලින් නිකුත් උනේ ජනවාරි 6 වෙනිදා. එපිසෝඩ් හයකින් සමන්විත මේ කතාමාලාව Crime / Thriller ගනයට තමයි අයිති වෙන්නේ. ඔයාලා කවුරුත් දන්න මාර්වල් විශ්වයේ ඉන්න පනිශර් මහත්තයයි, තෝර් රැග්නරොක් චිත්‍රපටයේ හිටපු වොල්කරී ජෝඩුව තමයි…

ඔන්න එහෙනම් අලුත් නෙට්ෆ්ලික්ස් කතාමාලාවකින් ඔයාලව හමුවෙන්න ආවා. මේක නෙට්ෆිලික්ස් වලින් නිකුත් උනේ ජනවාරි 6 වෙනිදා. එපිසෝඩ් හයකින් සමන්විත මේ කතාමාලාව Crime / Thriller ගනයට තමයි අයිති වෙන්නේ. ඔයාලා කවුරුත් දන්න මාර්වල් විශ්වයේ ඉන්න පනිශර් මහත්තයයි, තෝර් රැග්නරොක් චිත්‍රපටයේ හිටපු වොල්කරී ජෝඩුව තමයි මේකේ ප්‍රධාන චරිත දෙක වෙන්නේ.

පළවෙනි කතාවේ සාරංශයක් විදිහට ගෙනාවොත්,​මේ එපිසෝඩ් එකෙන් කතාවේ ප්‍රධාන චරිත දෙක වන ඇනා (Anna) සහ ජැක් (Jack) ව අපිට අඳුන්වලා දෙනවා. ​ඇනා කියන්නේ දක්ෂ ප්‍රවෘත්ති නිවේදිකාවක්. පෞද්ගලික ප්‍රශ්නයක් නිසා අවුරුද්දක් විතර රස්සාවෙන් ඈත් වෙලා ඉඳලා ආපහු එනකොට, එයාගේ තැන වෙන කෙනෙක් අරගෙන. ඉතින් තමන්ගේ රස්සාව බේරගන්න එයා තීරණය කරනවා ඩලෝනෙගා (Dahlonega) වල කැලේක තිබිලා හම්බවුනු අභිරහස් මිනීමැරුමක් ගැන වාර්තා කරන්න යන්න.

ජැක් කියන්නේ මේ මිනීමැරුම ගැන හොයන පොලිස් ඩිටෙක්ටිව්. එයා උත්සාහ කරන්නේ මේ මිනීමැරුම ගැන විස්තර මාධ්‍යවලින් පුළුවන් තරම් හංගගෙන පරීක්ෂණ කරන්න. ඇනා එතනට ගියාම තමයි අපිට දැනගන්න ලැබෙන්නේ ඇනා සහ ජැක් අතර අතීතයේ ලොකු සම්බන්ධයක් තිබිලා තියෙනවා කියලා.

මේ මිනීමැරුම නිසා එයාලා ආයේ මුණගැහෙනවා වගේම, රස්සාව සහ පෞද්ගලික ජීවිතය අතර ලොකු ගැටුමක් ඇති වෙනවා. තමන්ගේ රස්සාව බේරගන්න ඇනා ඕනම දෙයක් කරන්න ලෑස්තියි, ඒකෙන් ජැක්ගේ පරීක්ෂණේට බාධාවක් වුනත් එයාට වැඩක් නෑ.

කවුද මේ මැරිලා ඉන්නේ? ඇනා තමන්ගේ වාසිය වෙනුවෙන් ජැක්ව පාවිච්චි කරයිද? කුතුහලය පිරුණු ආරම්භයක් මේ එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන්.

ඉක්මනටම ඊළඟ එපියෙන් හමුවෙමු.

*-* ජය ශ්‍රී *-*

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.

1,337 downloadsDownload His.and_.Hers_.2026-S01-E01.zip23 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

All BT1Next BT1

 

 

Subtitles

1,337 downloadsDownload Subtitles23 KB

8 comments

  1. dineth

    supiri baiscope thank u

  2. Saliya

    Thanks Brother

  3. Buddhika laKMal

    ස්තූතියි සහෝ මේකට සබ් දෙන්න පටං ගත්තට

  4. Sahan Gayantha

    thanks a lot Yasiru saho sub ekata

  5. SACHINTHA

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    2 වෙනි කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  6. Asanga Basooriya

    sub ekata bohoma sthuthi..

  7. Viraj

    Thanks

  8. Anonymous

    Thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.