Watch Trailer

Homeland 🇺🇸 [6×12 – America First] with Sinhala Subtitle | ඩාර් කිව්වා හරි එතකොට? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ගෙනාවා මේ අදියරේ අවසාන කොටස. මමත් මේ ලිපිය ලියන්නේ කතාව විකාශය වෙන්න කලින්මයි. වෙනදටනම් සබ් එක දාල ඉවර වෙලා තමා පොඩි පහේ ලිපියක් ලියල දාන්නේ. මෙදාපාර ඉතින් කලින්ම ලිව්වා. සුපිරිම විදියට කොටස ඉවරයක් වෙලා ඇති. තව අදියර දෙකකින්, ඒ කියන්නෙ 8 වෙනි අදියරෙන් හෝම්ලෑන්ඩ් ඉවරයක් කරන්න යනවලු. ඒ අදියර වෙ…

Homeland S6-3

මෙන්න ගෙනාවා මේ අදියරේ අවසාන කොටස. මමත් මේ ලිපිය ලියන්නේ කතාව විකාශය වෙන්න කලින්මයි. වෙනදටනම් සබ් එක දාල ඉවර වෙලා තමා පොඩි පහේ ලිපියක් ලියල දාන්නේ. මෙදාපාර ඉතින් කලින්ම ලිව්වා. සුපිරිම විදියට කොටස ඉවරයක් වෙලා ඇති. තව අදියර දෙකකින්, ඒ කියන්නෙ 8 වෙනි අදියරෙන් හෝම්ලෑන්ඩ් ඉවරයක් කරන්න යනවලු. ඒ අදියර වෙතට පිවිසුමක් මේ කොටසෙන් ලැබෙයි කියලා තමා නිෂ්පාදකවරු කියලා තියෙන්නේ. බලමුකො ඉතින් නේ…

හෝම්ලෑන්ඩ් එකට ලංකාවෙන් ඉන්නෙ බොහොම අඩු බයිස්කෝප් රසිකයෝ සංඛ්‍යාවක් කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. සැප්තැම්බර් නැතුව මෙදාපාර කතාව ජනවාරි වලට ආව වෙලාවෙ මම හිතුවේ ඔක්කොම ටික විකාශය වුණාට පස්සෙ හෙමින් සීරුවේම දෙනවා කියලා. ඒත් කසිප්පු හින්දි කිං හෙවත් ශාරුක් ආසිරි ඛාන් මට ඒකට ඉඩ දුන්නෙම නෑ. සමහර දවසක උපසිරැසියත් මට එව්වේ එතුමම තමා, ඉතින් එතුමට ස්තූතිවන්ත වෙන්න ඕනා. සඳුදා කොහොම වෙතත් අඟහරුවාදා රෑ වගේ මම උපසිරැසිය ලබාදුන්නා. අන්තිම ටිකේ සෝදුපත් බලල දුන්න නිර්මාණිටත් ස්තූතියි. මේ වෙද්දි (ඉරිදා හවස 5.15 වෙනකොට) පහුගිය කොටස් 11 වෙනුවෙන් වැඩිම දිරිගැන්වීම් කරපු අය ගැන පොඩ්ඩක් මතක් කරනවනම්…

කොටස් 11 ටම කමෙන්ට් කළා – harsha, Kulanjana Maduranga, Sajeevi, ආසිරි ප්‍රියන්ත, නිරෝෂ් කියන සහෝලා පස්දෙනා.

කොටස් 10 කට කමෙන්ට් කළා – buddi, piyumal sanjeewa, Rajitha කියන සහෝලා තුන්දෙනා.

කොටස් 9 කට කමෙන්ට් කළා – Sudheera Kasun සහෝදරයා.

ඔය තමා මුල්ම ස්ථාන තුන දිනා ගන්නා ජයග්‍රාහකයන්. මගේ උණුසුම් ස්තූතිය ඔය කට්ටියටම පිරිනමනවා. ඊලඟ ස්ථාන ගැන කියනවනම්,…

indika කොටස් 8 කටද,

Rasindu V. Perera කොටස් 7 කටද,

Jeewantha, Keshan Wasala, lakshan, නිර්මාණි විජේසිංහ කොටස් 6 කටද,

Hemal හා විමා කොටස් 5 බැගින්ද,

Dasun, ms, Soori, Udara Damith B/K කොටස් 3 කටද,

Kasun Widusha, kawinda gayashan, me, punsara, සමරවීර, සුපුන් බුද්ධික කොටස් 2 කටද,

අවසාන වශයෙන් Ano, Ara, Chamara, chameera, chanaka, Dhanuka Kumara, Dinuka, G.Umesh, gayan, Gibbs, hesh, kasun, Kavinda Athukorala, Krishan, Lahiru W, Lakmal, lasa, Laxe, malsha, Monarawila, Nalintha Liyanarachchi nera, Oshan M., pasan sid, praneeth madu, Pubudu, Raveen, ruchira sineth, Sadu.., sami, senura, shine, Sisila Prasad, Sudheera, sumeth nandana, USJ, Viraj, Yohan Fernando, උදාර දිල්ශාන්, කවීන් ලහිරු, දිල්ශාන් සචින්ත, රයන් ද සිල්වා, සුරේෂ් ජයතිලක, හර්ෂණ එක් කොටසකද වශයෙන් මාව දිරිමත් කරල තියෙනවා.

ඒ හැමෝටම බොහොමත් ස්තූතියි. ඔය කමෙන්ට් දාපු අය නිසා තමා තාමත් මේ වැඩේ බැරි බැරි ගාතේ හරි ඇදගෙන යන්නේ. එහෙනම් ආපහු හමුවෙමු. ඊළඟට මම ගේන රූපවාහිනී කතා මාලාව තමා GOT එක. අන්න ඒක එක්ක අපි ආපහු හමුවෙමු. ජයම වේවා෴෴429

Homeland (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV (AVS) පිටපත් සඳහා අදාළ වේ.

652 downloadsDownload Homeland-06x12-America-First.-Sinhala.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1

Subtitles

652 downloadsDownload Subtitles27 KB

63 comments

  1. Sudheera Kasun

    එල එල බ්‍රෝ සබ් එකට... සබ් එකට උදව් කරපු හැමෝටමත් පින්...!
    Keep it up friends....

  2. Mudith Madusanka

    thnk sub denavta,
    ennakn maga balage hitiye dwn karala

  3. harsha

    අවුරුදු තෑගිත් අරගෙනම ඇවිත් තියෙන්නේ බොහෝම ස්තූතියි තෑග්ගට. 'ඩාර් කිවුවා හරි'? ඒ කියන්නේ සුපුරුදු පරිදි මේපාරත් අපි ෆේල්? මෙච්චර අපූරු කතාවකට ප්‍රේක්ශකයින් අඩු ඇයි කියලා මටත් හිතා ගන්න අමාරුයි. නමුත් මම නම් මේ කතාව උපරීම ලෙසට රස වින්ඳා. බොහෝම ස්තුතියි රොයිලි අපි වෙනුවෙන් වෙන මහන්සියට. කොහොමටත් වැඩි විවේකයක් ගන්න ලැබෙන්නේ නෑ GOT සමඟ අපි මුන ගැහෙනවානේ. එහෙමනම් ස්තූතියි ජයවේවා

  4. Dasun

    බොහෝම ස්තුතිහි උපසිරසියට.............
    ඊලග සීසන් එකෙන් හමුවෙමු......

    උදව් කරපු සෑම දෙනාටම ගොඩක් පින් !!!!!!!!!

  5. Dayarathne P R W S

    Goda goda, nice work

  6. Lahiru W

    එදිනෙදා ජීවිතයේ කටයුතු අතරතුර අප වෙනුවෙන් සිංහල උපසිරැසියක් කර ලබා දෙන ඔබ සැම අප අගය කල යුතුය. හැමෝම ඉතාමත් කාර්යබහුලය. උපසිරැසි කිරීමට ඔබ කාලය සොයා ගන්නේ ඉතා අසීරුවෙන් බව අපි දනිමු. ඔබ Homeland Episode එකක් දෙන තුරු අප ඉතා ඕනෑකමින් බලා සිටියෙමු. ස්තූතියි ඔබගේ උපසිරැසි සියල්ලටම. තවද Homeland බැලීමට මා යොමු කල ආසිරි ප්‍රියන්ත අයියාටත් මා ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

  7. chamila

    thanks bro..& happy new year !!

  8. buddi

    Thanks Machan..........

  9. Hemal

    wenada wagema digatama sub dunna ekata sthuthi wantha wenawa :D
    7 weni ekedi ayeth set wemu itin ;)
    thx for everything royly ayya
    awasanayata nam mage kamaththak na me para :/

  10. හර්ෂණ

    ඇත්තම කිව්වොත් කොමන්ට් කොට කොට ඉන්න වෙලාවක් නැහැ දෙයියෝ සබ ආව දැක්කම තත්පරයක් බෑ වෙනකොට සබ ඒ තත්පරේ ෆයිල් එක ඕපන් කරගෙන ප්ලේ කරගෙන ඉන්නේ. ඒ නිසයි කමෙන්ට් නැති උනේ. හැබැයි මේක ඉක්මනනින් ඉවර වෙන එක නම් අපරාදේ :(

  11. IsH

    Thanx Roili ayye.. thama season 05 inne.. oyata godak loku pinak apita mehema sub karala denwata

  12. Udara Damith B/K

    මන් තාම දෙවෙනි සීසන් එක බලන්නේ
    එකයි මුල ඒවාට දාලා
    නතර උනේ
    පස්සේ බලනකොට දාන්ඩම හිටියා
    කමක් නෑනේ
    මගේ නමත් මේ දාල තියෙන්නේ

  13. උදාර දිල්ශාන්

    සින්හල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ...
    GOT එකෙන් ආයේ හමු වෙමු ඈ
    Comment කරපු අය අතරේ මාවත් මතක් කලාට ස්තූතියි හොදේ....

    රොයිලි අයියේ ඇයි දන්නෑ marvel iron fist සබ් නැත්තේ… ඇඩ්මින් සහෝ කෙනෙක් තරහ නැතුව පොඩ්ඩක් ඒක ගැන බලන්න හොදේ…

  14. Laxe

    Thnaks BRoo.... Api wenuwen wena MAHAnsiyata.... Mama balapu HODAma tv series thamay HOMEALND, GOT, Last Ship, Prison Break eken dekakatama sub deepu BRO oyata godak THANKs. digatama sub denna. GOT ekata set wennam.

  15. රයන් ද සිල්වා

    සබ් එකට තුති රොයිලි අයියේ
    වෙනසකටත් එක්ක comment කරපු අයවත් ඔය මතක් කොරලා තියෙන්නේ
    එහෙනම් සින්හාසන කෙලියෙන් නැවත හමු වෙමු
    #ජය වේවා

  16. නිර්මාණි විජේසිංහ

    මොකක්ද ඒ උනේ. මම ආය බලන්නෙ නෑ නෑ නෑමයි....සබට තුති අයියෙ. මාවත් මතක් කරාටත් තුති. ආය නම් හිත හදාගෙන බලන්න අමාරුයි අප්පා..

    1. tharidu

      ඔව් අප්පා . රෙද්ද. පීටර් කුයින් මැරුණ එකනම් මාර දුකයි

    2. Sajiw

      so sad ,,,,,,, peter

  17. Kulanjana Maduranga

    niayamai…thanks ROYLI saho..api wenuwen kana kattata....wade atharinna epa saho...digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      really appreciate your works..thanks for giving us all of this…

  18. tharidu

    බොහොම ස්තුතීයි මහන්සියට. ඊයේ තමයි ඔක්කම ඩවුන්ලොඩ් කරලා බැලුවේ. මේ දවස්වල අවුරුදුනේ ඉතිං.
    මහින්ද මහත්තයටත් දෙන්න ඇත්තේ මේ වගේ සයිබර් ගේමක්ද කියලා වෙලාවකට හිතෙන්නේ මට විතරද?
    අනිවා game of thrones එනකං මග බලනවා

  19. විමා

    මම මහ කැත මිනිහෙක්.
    එපි පහකටයි කමන්ට් දාල තියෙන්නේ
    මම මේකේ බිග් පෑන් කෙනෙක් විදියට හේවල මාව සලකන්නේ නැති එකට මම අද එකඟයි
    සබට තුති, හිත අප්සට්

  20. Nalintha Liyanarachchi

    මේ වෙන මහන්සියට ගොඩක් ස්තුතියි !
    දැන් නම් Homeland එකට addict වෙලා වගේ.

  21. indika

    දැන් තමයි අයියා සබ ගන්නේ ...
    ස්තුති ..
    GOT අරගෙන එනකම් බලන් ඉන්නවෝ...

  22. Hacker 49

    Thanks

  23. Keshan Wasala

    මොකද්ද ඒ උනේ :O ෂිට් අපරාදේ :( කතාවේ ආසම චරිතයක්.
    බොහොම ස්තුතියි රොයිලි අයියේ වෙනද වගේම මේ සීසන් එකත් අපි බලන ටික දෙනාට අරන් අවා එකට..ඊලග එකෙන් අවසන් වෙන නිසා ඊලග සීසන් එක මිට වඩා සුපිරි වෙයි.
    ඒ වගේම ලබන්නා වූ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා !! කියලා ප්‍රර්ථනා කරනවා අපේ බයිස්කෝප් සයිට් එකේ සියලු දෙනාටම...
    ජය වේවා ! රොයිලි අයියේ ...

  24. pubuduna

    Jayen Jayama wewa saho.. Comment ekadanne Balala iwara wela.. Peter maruna ekanan godak dukai.. Series eke suppiri caractor eka.. Ehenan Suba Aluth awuruddak wewaa.. Season 7 eken set wemu

  25. මොහොට්ටි

    ගොඩක් ස්තුතියි රොයිලි. ඔයා සබ් කරපු බහෝ දේවල් මම බැලුවා .වැඩිහරියක් හොඳම නිර්මාණ.නමුත් මම කොමෙන්ට් කරේ හරිම අඩුවෙන්.ආරම්බක අවදියේ මෙන් හොඳ නිර්මාණ දැන් දෙනවා අඩුයි .අලුතින් සබ් දෙන බොහෝ අය ඉතාමත්ම තරුණ අය බව පේනවා.ඒ යුගය පහුකරපු නිසා අප වැනි අයට ඒවා රස විදින්න බැහ.නමුත් සතියකට දෙකක් වත් හොඳ යැයි හිතෙන ෆිල්ම් බලනවා.අයර්ලන්ත නිදහස් සටන ගැන හදපු සම්මානලාභී සිනමාපටයක් තමයි The wind that shakes the barley.ඔබට පුළුවන් කමක් තිබෙනවා නම් ඒකට සබ් දෙන්න.

  26. shine

    thank you saho....jayen jaya

  27. chameera

    Bohoma sthuthi obta..............

  28. Dhanuka Kumara

    Kauru kohoma kiwvath..meka supirima tv series 1ka..thanks ikamanata sub dunnata

  29. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.

    ජය වේවා !!!

  30. Jeewantha

    රොයිලි සහෝදරයට බොහොම ස්තුතියි. මම ඉස්සෙරලාම සබ් එකක් මේ සයිට් එකෙන් අරන් බැලුවේ රොයිලිගේ එකක්. ඒකෙන් පස්සේ පිස්සෙක් වගේ රොයිලි කරපු හැම එකක්ම වගේ ෆිල්ම් ද TV Series ද කියලා නැතුව බැලුවා. රොයිලි කරන හැම එකක්ම මගේ choice එකට හරියටම හරියනවා. මම කමෙන්ට් කලේ නම් බොහොම අඩුවෙන්. කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව තමන්ගේ වටිනා කාලය අපේ රසවින්දනය වෙනුවෙන් වැය කරන එකට උපහාරයක් වශයෙන්වත් කමෙන්ට් එකක් වත් දාපු නැති එකට මම ලැජ්ජාවෙනවා. "මොහොට්ටි" පහල කියලා තිබුණා වගේ දැන් මේ සයිට් එකේ දාන බොහොමයක් TV සීරීස් බලන වයස අපි පහු කරලා. රොයිලි වගේ කිහිප දෙනයි දැන් අපිට බලන්න පුළුවන් Film එකක් හරි TV Series එකක හරි සබ් දෙන්නේ.

    ඔබට ජය!!!

  31. Sajiw

    Tnx lot broo...superb tv series,,,,,,,thank you very much!!!!!!

  32. Chamara

    Season 06 iwarayidoooo ???

  33. නිරෝෂ්

    ස්තුතියි රොයිලි සහෝ.ඊලඟ සීසන් එකත් ඔබෙන්ම බලාපොරොත්තු වෙනවා වගේම ගේම් ඔෆ් ත්‍රෝන්ස් එනතුරුත් මග බලාගෙන ඉන්නෙ. ජයෙන් ජය !

  34. ආසිරි ප්‍රියන්ත

    වැඩක් නෑ අප්පා, එන සීසන් කරන්න කියලා නම් මම කියන්නේ නෑ.
    මොකටද?
    මේ සීසන් එක පුරාවටම අබ්බගාතයෙක් කළා, ඊට පස්සේ නිකම්ම මරලා දැම්මා.
    කතාව දේශපාලනික පැත්තට ගොඩක් ගිහින්.
    අනික අවසන් එපියේ ඔයිට් වඩා කතාව ගැන විස්තරයක් බලාපොරොත්තු උනා.
    ලිපියනම් පට්ට.
    තවත් නම් කමෙන්ට් දාන්නේ නෑ. කවුරු වෙනුවෙන් දාන්නද?
    ඊළඟ සීසන් එකට සබ එක එපා. එච්චරයි.
    ජය වේවා!!

  35. ms

    Season 7 oneeee,Good luck

  36. darshi

    thanks

  37. Erik Darmadasa

    සියලු උපසිරැසි සදහා ඔබට ස්තුති

  38. Lasa

    royly.. hamadama comment karanna bariunata samawenna ona.

    eth hamadama sub eka nam baluwa., thank u.. wada karana athare sub denawata bohoma sthuthiy..

  39. Sajeevi

    Thanks for sub.
    Oyage supiri lipiyaka apiwath mathak kalata thanks.
    homeland sub nam royly sahogenma thama ona.

  40. kusal

    නියමයි සහෝ,සබට ස්තුතියි

  41. Sam fisher

    13 reason why i put this comment (කා‍ෙච්චර ඉල්ලුවත් ම‍ෙවට සබ් නා‍ෙලැබ්ම)

    1.the wire
    2.how i met you'r mother
    3.the sopranos
    4.rick and morty
    5.fullmetal alchemist brotherhood
    6.one punch man
    7.house of cards
    8.death note
    9.arrested development
    10.archer
    11.six feet under
    12.mad men

    එවග්‍ෙම රා‍ෙයිලි අයිය්‍ෙ අප්‍ෙ රට්‍ෙ එව්වන්ට ම්‍ෙවග්‍ෙ සුපිරි show 1ක සුපිරි බව වැටහ්‍ෙන්නැ(පටන්ගත්ත ව‍ෙල්‍ෙ ඉදන් අඩන්නැති නිසා,එකම shots 10කින් විතර ප‍ෙන්නන් නැති නිසා.නයි නෑ.ලද බා‍ෙලද අම්මන්ඩ්ල නැ)තව තිය්‍ෙනව ලියල අත කඩා ගන්න‍ෙ ම‍ොකටද.westworld,fargo,true detective වග්‍ෙ පට්ට show බලල තියන ගාන දෑක්කම දුකයි.when i type this homeland 572 download(ම‍ෙටික තමා no.13)

    1. lahiru

      sira kathava bro..man the wire bluray copy eka bagena inne kawadahari sub denakan..gb 45

  42. IsH

    tHANX Royli Ayye...

  43. gamage

    Silicon Valley TV Series එකට Sub හදන්න පුලුවන් නම් ගොඩක් දෙනෙක්ට අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න ලැබේවි, අලුත් දේවල් කරන්න ආසාව ඇති වේවි. Thanks.

  44. Eranjan Dayarathna

    Thanks

  45. harsha

    thanks machan.

  46. Gibbs

    Thanks...

  47. sameera

    බොහොම ස්තුතියි රොයිලි අයියා...පොඩ්ඩක් පරක්කු උනාට කොමෙන්ට් එකක් දාන්න..

  48. Heshan

    Thanks.

  49. mihirangara

    KOOOOO 7

  50. roshke

    7 plx

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.