Watch Trailer

I Am Not Okay with This [S01 : E07] Sinhala Subtitles | අනාගතය අඳුරු වේවිද.. ආලෝකමත් වේවිද…! [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් අපේ බයිස්කෝප් අඩවියේ එකොලස්වෙනි සංවත්සරය වෙනුවෙන් අපි කට්ටිය එකතු වෙලා ගෙනාපු පට්ටම සිරීස් එකක අවසානයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මුලින්ම මම මතක් කරන්න ඕන මා එක්ක මේ වැඩේට සෙට් වුන මලිත් වීරමුණි, කසුන් ජාලිත සහ හිරාන් එරන්ද සහෝදරයන්ව. ඒ වගේම ඇඩ්මින් මණ්ඩලයටත් ස්තූතිවන්ත වෙනවා අපිට මේක කරන්…

ඔන්න එහෙනම් අපේ බයිස්කෝප් අඩවියේ එකොලස්වෙනි සංවත්සරය වෙනුවෙන් අපි කට්ටිය එකතු වෙලා ගෙනාපු පට්ටම සිරීස් එකක අවසානයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මුලින්ම මම මතක් කරන්න ඕන මා එක්ක මේ වැඩේට සෙට් වුන මලිත් වීරමුණි, කසුන් ජාලිත සහ හිරාන් එරන්ද සහෝදරයන්ව. ඒ වගේම ඇඩ්මින් මණ්ඩලයටත් ස්තූතිවන්ත වෙනවා අපිට මේක කරන්න ඉඩ ප්‍රස්ථාව ලබාදීපු එක ගැන. ඒනම් වැඩි කතා ඕන නෑ එක දිගට කොටස් ටික ලැබුනනේ. ඔක්කම වගේ මතකත් ඇතිනේ.. පොඩියට කලින් කොටස ගැන මම මතක් කරන්නම්.

කලින් කොටසෙදි සිඩ් දැනගන්නවා එයාගේ තාත්තටත් එයාට වගේම බලයක් තිබිලා තියෙනවා කියලා, හමුදාවට ගියාට පස්සෙ තමා ඔහුට ඒක ලැබිලා තියෙන්නේ. කොහෙන් ලැබුනද කියන්න නම් තාම අපිට තොරතුරු මදි. කෝමහරි ජාන වලින් ඊට පස්සේ සිඩ්ටත් ඒ බලය ලැබිලා තියෙනවා. ඒ බලය දරාගන්න බැරුව තනිකම නිසා තමයි සිඩ්ගේ තාත්තා සිය දිවි නසාගෙන තියෙන්නේ.. ඒ අතරේ සිඩ්ගේ ඩයරිය නැති වෙනවා මතක ඇති. ඒ ඩයරියේ නැති මගුලක් නෑනේ. සිඩ්ගේ හැම රහසක්ම ඒකේ තියෙනවා. ඒ නිසා ඒ ඩයරිය ඉස්සරහට ලොකු දෙයක් කරාවි.

අද කොටස ගැන කියන්න නම් මම යන්නෙ නෑ, මේ කතා සමයේ හොදම එපිය තමා මට නම් මේ කොටස. සිඩ්ගේ බලය සීමාවන් ඉක්මවා ගිහින් ලොකූ දෙයක් කරනවා. ඒක ඉස්සරහට ලොකු දෙයක් වේවි, ඒ වගේම මේ එපියේ අවසාන දර්ශනය බැලුවට පස්සේ ඊළග සීසන් එක එනකල් ඇඟිලි ගැන ගැන ඉදීවි ඔයාල හැමෝම, කුතුහලය උඩම තියලා තමා අපිව අතාරින්නේ. අනිවාරෙන් දෙවනි සීසන් එකක් ඒවි. දිනයක් නම් තාම නෑ, හැබයි ආපු ගමන් අපි උපසිරසි අරගෙන එන්නම්. ඒනම් ජය වේවා.. රස විදින්නකෝ මේ ලස්සන කතාව. බයිස්කෝප් අඩවියට ජය…!!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,173 downloadsDownload I-Am-Not-Okay-with-This-S01-E07.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

4,173 downloadsDownload Subtitles16 KB

24 comments

  1. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  3. Suranjan

    Thanks jayawewa.....!

  4. Naveen Rangana

    Thanks for Subtitle..........
    Jayawewa...........!!!!!!!!!!!

  5. Hashan M. Priyadarshana

    මේ කතාවට සබ් දීපු හැමෝටම බොහොම ස්තුතියි :) :)
    ජය වේවා.!

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි.castlevania season 2,3 උපසිරැසි දෙනවනම් නියමයි.
    ජය වේවා!

  7. sachin a.

    Thanks for subtitles...!!! Elama....!!!

  8. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  9. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….
    සුපිරි වැඩක්....
    The Protector Season 3 එකටත් මේ වගේම අරන් එමු....

    1. කවිශල් රසින්ත (කවී)

      බොහොම ඉක්මනින් ලැබේවි සහෝදරයා ❤️

  10. Anonymous

    Thank You

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති මලයා උපසිරසට...වැඩේනම් එකෙන්ම පට්ට. හතර දෙනාටම බොහොම ස්තූති. මේ වගේ එන එන සීරිස් ඔක්කොම නැතත් හොදම ටික හරි කට්ටිය එකතු වෙලා කරනවානම් පට්ට. පුලුවන්නම් Watchman එකටත් උපසිරස අරන් එන්න..ජය වේවා..බුදුසරණයි...!

  12. indika75

    thanks..

  13. sumithj

    thanks

  14. McMillanStyles

    Thanks bro sub valata

  15. Dewadithya

    Thanks for sub!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Dilshan

    Sub eka link karala ne episode 06 idan 07 wena page ekata enna

  18. Shaggie

    Thnks mchn

  19. Shaggie

    Ragnarok ekth puluwnnan karmu kiyla illnwa mchn

  20. suranuwan

    thanks.......

  21. MAALNATH

    Thanks ..............good luck ...............

  22. Asinda

    Season 2 link wen nane bn

  23. Sameera

    කතා මාලාවට සිංහල උපසිරැසිය ලබාදුන් සියලු දෙනාටම බොහොම ස්තූතියි ❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.